සපුගස්කන්ද කැලණිතිස්ස යළි නවතී - විදුලිය දිගටම කැපේ
සපුගස්කන්ද සහා කැලණිතිස්ස බලාගාර දෙකේ විදුලි ජනන කටයුතු ඊයේ 18 වනදා නැවත වරක් නතර වී ඇත. ඉන්ධන නොමැතිකම හේතුවෙන් එම බලාගාර වල ජනන කටයුතු මෙසේ නතර වී ඇත. සපුගස්කන්ද බලාගාරය දැවී තෙල් භාවිතයෙන්ද කැලණිතිස්ස බලාගාරය ඩීසල් වලින් ද විදුලි ජනන සිදු කෙරිණි. මෙම බලාගාර දෙක ක්රියා විරහිත කිරීම නිසා ජාතික විදුලි බල පද්ධතියට මෙගා වොට් 100ක පමණ ධාරිතාවක් අහිමි විය.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.