ඉන්දියානු සමාගම තෙල් දෙන්න බැහැ කියලා
ලංකා විදුලි බල මණ්ඩලයට අවශ්‍ය ඉන්ධන ලබා දෙන්නැයි විදුලි බල අමාත්‍යංශය කළ ඉල්ලීම ඉන්දියානු ලංකා තෙල් සමගම ප්‍රතික්ෂේප කර ඇත. තම සමාගමට ද ණයවර ලිපි නිකුත් කිරීමේ ගැටළු පවතින බැවින් මෙම අවස්ථාවේ එම ඉල්ලීම සලකා බැලිය නොහැකි බවට ඉන්දියානු ලංකා තෙල් සමාගමේ ප්‍රධානීහු විදුලිබල අමාත්‍යංශයට දන්වා තිබේ. ඉන්ධන ණය ලබා ගැනීම සඳහා විදුලි බල ඇමති ගාමිණී ලොකුගේ මහතා සහ ලංවිම සභාපතිවරයා ඇතුළු පිරිසක් ඉන්දියානු ලංකා සමාගමේ ප්‍රධානින් සමඟ සාකච්චා පවත්වා ඇති අතර එම ඉල්ලීම මෙසේ ප්‍රතික්ෂේප වී ඇත.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.