සජිත්ගේ රැලියේ ගුටිබැට හුවමාරුවක් මාධ්‍යවේදීන්ටත් බාධා
මාතර ඌරුබොක්ක ප්‍රදේශයේ ඊයේ (23) සන්ධ්‍යාවේ විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේ සහභාගිත්වයෙන් විරෝධතා පා ගමනක් සහ රැලියක් පැවැත්වුණු අතර එහිදී විරෝධතාවයට පැමිණි පිරිස කල්හාකරිව ගුටිබැට හුවමාරු කරගත් හ.
එම පිරිස් එම රැලිය ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන්ගේ කැමරා උපකරණ වලටද හානි සිදු කල අතර ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුලු නිළදාරීන් මෙම ගැටුම සමතයකට පත් කරනු පිණිස දෙදෙනෙකු පොලිස් භාරයට ගෙන ඇත
ඉහල යන බඩුමිලට විරෝධතාවය දක්වනු පිණිස මෙම විරෝධතා පෙළපාලිය හා ජනතා උද්ෂෝෂණය සංවිධානය කර තිබිණි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.