Helabima

විධායක ජනාධිපති පුටුවේ ඉන්නේ පිස්සෙක්





නිල් වික්‍රමසිංහ ඔහුගේ පාලන කාලයේදී රාජපක්ෂ කල්ලිය ආරක්ෂා කළේ මහ බැංකු හොරකමෙන් බේරීමට බව ජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක පවසයි.

මන්ත්‍රිවරයා මෙසේද පැවසුවේය.

“ඔබලා බලයට ආවම දූෂිතයන්ට දඬුවම් දෙනවද. මීට කලින් ආව අයත් ඔහොම කිව්වා. නමුත් කියපු විදිහට කළේ නැහැ කියලා ජනතාව අපෙන් අහනවා. දූෂිතයකුට දඬුවම් දියහැකි වන්නේ අදූෂිත දේශපාලන බලවේගයකට පමණයි. ඒක පරම සත්‍යයක් බව අමතක නොකළ යුතුයි. එක් දූෂිතයකු තව දූෂිතයකු ආරක්ෂා කිරීම යනු එම දූෂිතයාට අපේක්ෂිත ඇප ලබා ගැනීමයි.

යහපාලන ආණ්ඩු කාලයේ දඬුවම් දීමේ බලයක් මට තිබුණා කියලා පසුගිය දවසක ජොන්ස්ටන් ඇමැතිතුමා පාර්ලිමේන්තුවේදී හයියෙන් කෑගහලා කිව්වා. එහෙම බලයක් එදා මට තිබුණා නම් පාර්ලිමේන්තුවේ ඉස්සරහ පේළියෙ අද ඔය කවුරුවත් නැහැ කියලා මම ඊට පිළිතුරු දුන්නා. එහෙම කියන්න පුළුවන් අදූෂිත ව්‍යාපාරයකට හෝ අදූෂිත පුද්ගලයකුට පමණයි. එහෙම නැති නම් පහුවැනිදා ඇතුළට යන්න වෙනවා. ඒක රාජිත, සජිත් නැතිනම් කිරිඇල්ල හරි කිව්වොත් පහුවැනිදට නඩු පිට නඩු වැටෙනවා.

අපේ රටේ දූෂණය කියන්නෙ පොලිසියෙ නිලධාරියකු, ග්‍රාමසේවක නිලධාරියකු නෙමෙයි. දූෂණය රටකට ප්‍රශ්නයක් වෙන්නෙ පාලකයා දූෂිතයකු, හොරකු වුණාමයි. අපේ රටේ පාලකයා හොරෙක්. ඒ වගේම පාලනය හොර කල්ලියකට භාරවෙලා තියෙනවා. අමාත්‍යාංශයේ මහ පුටුවෙ වාඩිවෙන්නෙ අද ගිහිල්ලා කීයක් හොයනවද කියලයි. අපේ රටේ මෙතෙක් බිහිවෙලා තියෙන්නෙ දූෂිත ආණ්ඩු නම් අපි අදූෂිත ආණ්ඩුවක් හදනවා. ඒ වගේම අපේ රටේ මහජන දේපළ හොරාකන සුපිරි චෞර වළල්ල නීතිය හමුවට පමුණුවනවා. විශේෂයෙන් ඔවුන් හොරා කෑ මහජන දේපළ යළි අත්පත් කරගන්නවා.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us