Helabima

රටට නව ව්‍යවස්ථාවක්





ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් යනු පරම්පරා ගණනාවක් පවතින නීතියක් බැවින් ඒ සඳහා සියලු දේශපාලන පක්ෂවල, රටේ බහුතර ජනතාවගේ එකඟතාවය හිමිවිය යුතු බවත්, මේ නිසා නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම සියලු දෙනාගේ සහභාගීත්වයෙන් සිදුකරන බව ඔහු පැවසුවේය.

මේ වන විට රටේ ක්‍රියාත්මක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 1978 දී සම්මත කරගත් අතර මේ වනවිට ඊට අඩ සියවසකට ආසන්න කාලයක් ගත වී ඇති බවද ඇමතිවරයා පවසයි. වත්මන් ජනාධිපතිවරයා බලයට පත්වීමේදී, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරන බවට ජනතාවට පොරොන්දුවක් ලබාදුන් බවත්, ඉදිරි කාලය තුළ එම පොරොන්දුව ඉටු කිරීම සඳහා ජනාධිපතිවරයා බලාපොරොත්තු වන බවත් පීරිස් වැඩි දුරටත් පැවසුවේය.

නව ව්‍යවස්ථාවක් කෙටුම්පත කිරීමට අදාළව පත්කර ඇති කමිටුව සිය අවසන් වාර්තාව සකස් කරමින් තිබෙන බවත් ඉදිරි දින කිහිපය තුළදී එය රජයට බාරදීමට නියමිත බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. ඉන් අනතුරුව එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ඇත.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us