රාජ්‍ය සේවකයන්ගේ වැටුප කප්පාදු කර චක්‍රලේඛයක් නිකුත් කිරීමට සුදානම්
ඉන්ධන හිඟය හේතුවෙන් රාජ්‍ය සේවකයන් නිවසේ සිට රාජකාරි කිරීම සදහා පෙළඹවීම සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් වී ඇති අතර රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් ජේ.ජේ. රත්නසිරි මහතා මේ පිළිඹදව අදහස් දක්වමින් පැවසුවේ නිවසේ සිට රාජකාරි කරන සේවකයන්ගේ වැටුප් කප්පාදු කිරීමට කැමැත්ත පල කරන්නේ නම් ඊට අදාළ චක්‍රලේඛය නිකුත් කිරීමට තමා සුදානම් බවයි
වියදමක් දරා සේවයට පැමිණෙන පිරිසට ගෙවන වැටුපම කිසිදු වියදමක් නොමැතිව නිවසේ සිට රාජකාරි කරන පිරිසටත් ගෙවීම සාධාරණ නොවන බව ඔහු පවසයි
Copyright © 2014-2022 Helabima. All rights Reserved.