අම්පාරේ කොටි ත්රස්තවාදී ප්රහාරයක් ගැන බියක් .... 7 ක් අඩංගුවට
කොටි කපන වෝ' යැයි විලාප නගමින් අම්පාර නවගිරියාව කැලයේ සිට කෑ ගසා ගම්වාසීන් බියට පත්කර මහත් කල බැගෑනියක් ඇති කළ හත් දෙනකු බක්කිඇල්ල පොලීසිය විසින් අඩංගුවට ගෙන ඇත
එම විලාපය ඇසුණු විදුලි වැට ආරක්ෂා කරමින් සිටි සිවිල් ආරක්ෂක සහ වනජීවී නිලධාරින් එය බක්කිඇල්ල පොලීසියටත් භීතියට පත් ගම වැසියන් එය 119 සේවයටත් දැනුම් දී ඇති අතර අම්පාර සහ අරන්තලාව පොලිස් විශේෂ කාර්ය බළකාය සහ යුධ හමුදා භට පිරිසක් පැමිණ පොලීසිය හා එක්ව සෝදිසි මෙහෙයුමක් සිදු කර අදාළ පුද්ගලයින් අඩංගුවට ගෙන ඇත
සැක කරුවන් ට අයත් යයි පැවසෙන යතුරු පැදියක් පාපැදි තුනක් සහ ත්රිවිලරයක් ද පොලිස් භාරයට ගෙන ඇත .
Copyright © 2014-2022 Helabima. All rights Reserved.