Helabima

මුදල් අමාත්‍ය ධුරය රනිල්ට 






අද (25) පෙරවරුවේ  අගමැති රනිල් වික්‍රමසිංහ  මහතා ජනාධිපතිවරයා ඉදිරිපිටදී   මුදල් ඇමැතිවරයා ලෙස දිවුරුම් දීමට නියමිත වේ.වාණිජ මණ්ඩල හා ආර්ථික උපදේශකයන් සමග පෙරේදා (23) පැවැති සාකච්ඡාවකදී  රනිල් වික්‍රමසිංහ මහතා  ප්‍රකාශ  කළේ දිවුරුම්දීමෙන් පසු සිය පළමු රාජකාරිය සහන අයවැයක් කඩිනමින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම බවයි .

ඩොලර් වැඩි වශයෙන් ලංකාවට ගෙන ඒම සඳහා වූ විවිධ ක්‍රමවේද සහ ප්‍රාග්ධන වියදම් අඩු කර එම මුදල් සුභසාධන කටයුතු සඳහා යෙදවීම සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු  වනු ඇත 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us