වැරදීමකින් එකවර කොවිඩ් එන්නත් දෙකක් ශරීර ගත වූ සිසුවෙකු රෝහලට
ගලහා දෙල්තොට කරගස්කඩ ජාතික පාසලේ 10 ශේණියේ ඉගැනුම ලබන තම දරුවාට කොරෝනා මර්ධන ෆයිසර් එන්නත එකම අවස්ථාවේදී දෙවතාක් ලබා දුන් බව සිසුවාගේ පියා විසින් ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය ට පැමිණිලි කර ඇත දරුවාගේ පන්තිභාර ගුරුවරයා ද තම් සිසුවාට එසේ එන්නත් දෙකක් විද ඇතැයි පැමිණිලි කර තිබේ .කාඩ්පත ලිවීම හා බෙහෙත් විදීම එකම ස්ථානයක සිදුකොට ඇති අතර මුලින්ම ලිවීමට දී වාඩි වූ පසු එන්නත විද අනතුරුව කාඩ්පත නැවත දෙන තුරු එහි රැඳී සියදී ඩ එන්නතක් විද තිබේ . එන්නත ලබාදුන් නිලධාරීනින් කතාබහක යෙදී සිටිමින් එය සිදු කල බව දරුවා පවසයි . පසුව අනෙකුත් දරුවන් ගෙන් කල විමසීමකදී ඔවුන්ට එක එන්නතක් පමණක් විද්ද බව පැවසීම සමග දරුවා කලබල වී පංති භාර ගුරුවරයාට දන්වා ඇත ගලහ සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයෙන් දරුවාගේ පියා සහ ගුරුවරයා කල විමසීමෙන් අනතුරුව සිසුවා රෝහල්ගත කර ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.