Helabima

IMF ගියාට මේ අවුරුද්දේ නම් ණය ලැබෙන්නේ නැහැ





ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය මුදලක් ලබා ගැනීමට මේ වසර අවසන් වන තුරු සිටීමට සිදුවනු ඇතැයි සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවසයි.

එම අරමුදලේ පිරිසක් පැමිණ මාසයක් එකහමාරක් ඇතුළත කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුමක් අත්සන් කළ හැකි බව ද එහෙත් එවැනි ගිවිසුම් සඳහා මුදල් නොලැබෙන බවත් අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල ගිවිසුම අත්සන් කරන තුරු කිසිදු සහනයක් නොලැබෙන බවත් ඒ සඳහා තවත් විශාල වැඩ කොටසක් කළ යුතුව ඇති බවත් රාජ්‍ය ආදායම් වැඩි කර ගැනීම, වියදම් අඩු කර ගැනීම, ණය ප්‍රතිව්‍යුහගතකරණය ආදීය පහසු නැති බවත් ඔහු පැවසුවේය 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us