Helabima

  බිලිදාට වස පෙවුවා යැයි මවට එල්ල වූ චෝදනාවෙන් මව නිදහස් 





පසුගිය 15 වනදා තෙලිජ්ජවිල ඇල්ගිරිය කන්දහේන ප්‍රදේශයේ නිවසක දරුවකු හඬන ශබ්දය ඇසී  අසල්වාසීන් පැමිණ සිදු කළ සෝදිසි කිරීමේදී  මාස 9ක් වයසැති බිළිඳකු මුඛයෙන් සෙම දමමින් බිම ඇඳ වැටී සිටිනු දැක ඇත දරුවා මරණයට පත්ව සිට ඇති අතර ලිපියක් ලියා තබා  දරුවාගේ 22 හැවිරිදි මව නිවසින් පලා ගොස් සිටි බව එහිදී අනාවරණය වී ඇත 

 දරුවාට මව වස පොවා ඝාතනය කර ඇති බව පොලිසිය සක කල අතර නමුත් සිදුකල පශ්චාත් මරණ පරීක්ෂණයෙන්  ශ්වසන මාර්ගයේ ආහාර සිරවීම නිසා දරුවා මියගිය බව අනාවරණය වී ඇත 

ශ්වසන මාර්ගයේ සහ ගල නාලයේ සිදුරු දෙකක්  සහිතව මෙම දරුවා උපත ලබා ඇති අතර දරුවා ඉපදී සතියකින් සහ  මාස තුනකින්ද ශල්‍යකර්මවලට භාජනය කර ඇත .දරුවාට කවා නිදි කරවා මව ස්නානය සදහා ගොස් ඇති අතර ස්නානය කර පැමිණි අවස්ථාවේ  සෙම වමනය කරමින් දරුවා මරණයට පත්ව සිටිනු දැක දරුවාගේ මරණයට තමන් වග කිව යුතු යැයි සැමියා චෝදනා කරයි යැයි  බියපත්ව පලාගොස් ඇත .. අයගේ වැඩිමල් දරුවා    තම බිලිදු සහෝදරයා  වැටි සිටිනු දැක බියපත්ව කල කෑ ගැසීමෙන් අසල්වාසීන් පැමිණ ඇත 

 


 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us