සතුන්ට ස්ථාන මාරු
පින්නවල සත්වෝද්‍යානය සංචාරක ආකර්ෂණයට ලක් නොවීමට හේතුව කුමක්දැයි කෘෂිකර්ම, වනජීවි හා වන සම්පත් සංරක්ෂණ ඇමැති මහින්ද අමරවීර විසින් වන සම්පත් සංරක්ෂණ අමාත්‍යාංශයේ නිලධාරින් ගෙන් කල විමසීමකදී ඔවුන් පැවසුවේ පින්නවල සත්වෝද්‍යානයේ විදේශීය සතුන් නොමැතිවීම එයට හේතුවී ඇති බවයි .ඒ අනුව දෙහිවල ජාතික සත්වෝද්‍යානයේ සිටින අතිරික්ත විදේශීය සතුන් පින්නවල නව සත්වෝද්‍යානයට රැගෙන යාමට තීරණය කර ඇත .
සත්වෝද්‍යානවල සතුන්ට ආහාර ලබා දීම සම්බන්ධයෙන් පසුගියදා ගැටලුකාරී තත්වයක් ඇතිවූ අතර එහිදී ආරම්භ කල දායකත්ව කැපකරු වැඩපිලිවලට මේ වනවිට විශාල පිරිසක් දායකත්වය සපයා ඇති බව එහිදී හෙළි විය .එමෙන්ම සතුන් සඳහා අවශ්‍ය ආහාර වගා කිරීමේ අක්කර 20ක ගොවිපොළක් රිදියගම ප්‍රදේශයේ අලුතින් ආරම්භ කිරීමට එම දෙපාර්තමේන්තුව කටයුතුකර ඇත
Copyright © 2014-2022 Helabima. All rights Reserved.