Helabima

මුලතිවු  පොළවෙන් භූමිතෙල් මතුවෙයි 





කන්දසාමී  නම් මුලතිව් පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු ප්‍රදේශයේ පදිංචි අයෙක්  තම ඉඩම සුද්ධ පවිත්‍ර  කරන අවස්ථාවේදී  පොළව යට දමා තිබූ  ප්ලාස්ටික් බැරල් 7 ක් මතුව ඇති අතර ඔහු එය   යුද හමුදාවට දැනුම් දී තිබේ පසුව  යුද හමුදාව   කල සොයාබැලීම් වලින් වලදමා තිබූ භූමිතෙල් ලීටර් 715 ක්සොයාගෙන ඇත . එම භූමිතෙල් මෑතකදී වල දැමු ඒවා නොවන බවත් යුදසමයේදී කොටි ත්‍රස්ත සංවිධානය විසින් සැගවූ ඒවා බවත් පසුව හෙළිව ඇත එම බූමිතෙල් තොගය බාවිතයට සුදුසු තත්වයේ පවතින බව පරීක්ෂණ වලින් අනාවරණය වී ඇත .

මෙම ඉඩම යුධ සමයේ අත්හැර ගොස්  2009 වසරේ යළිපදිංචි වූ ඉඩමක් බවත් මෙතෙක්  කිසිදු සංවර්ධනයක් නොකළ බවත් වගාවක් ආරම්භ  කිරීමට  පස්කපන යන්ත්‍රයකින් පොළව සකස් කරන අවස්ථාවේ මේ බැරල්  හමුවූ බවත් ඉඩම්හිමියා පවසයි 
 




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us