Helabima

මිනිස්සු පෝලිම්වල මැරෙද්දි රනිල් යොගා කරනවා





මිනිස්සු පෝලිම්වල මැරෙද්දි රනිල් කූලර් හයිකර ගෙන යෝගා කරනවා යැයි ජවිපෙ නායක, කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක චෝදනා කරයි.

වැඩි දුරටත් මෙසේ පැවසුවේය. “දැන් ඇති වී තිබෙන්නේ රනිල් වික්‍රමසිංහ අගමැති පුටුවේ වාඩිවෙන විට තිබුණාට වඩා දැඩි ව්‍යසනකාරී තත්ත්වයක්. පෝලිම්වල මිය යන, කුඹුරට ගිහින් ඒ දිහා බලාගෙන හූල්ලන, ඖෂධ නැතිව වේදනා විඳින කිසි කෙනෙක් මේ තත්ත්වයට වගකිව යුත්තන් නොවේ. ඔවුන් මේ තත්ත්වයට පත්වී තිබෙන්නේ මහජන දේපළ හොරකම් කිරීමෙන් හෝ අකාර්යක්ෂමතාවෙන් හෝ වැඩ නොකර සිටීමෙන් නොවේ.

ඒ නිසා මේ තත්ත්වයට පුරවැසියන් කිසිසේත්ම වගකියන්න ඕනෑ නැහැ. මේ තත්ත්වයට වගකියන්න ඕනෑ පසුගිය දශක හතක් තුළ රට පාලනය කළ අය සහ ඔවුන්ට සම්බන්ධ චෞර වළල්ලයි. ඔවුන්ට මේ ප්‍රතිවිපාක කිසිවක් දැනෙන්නේ නැහැ. 21 වැනිදා රනිල් වික්‍රමසිංහ කූලර් හයිකරගෙන යෝගා කළා. ව්‍යායාම කරනකොටත් කූලර් හයිකරගෙන ඉන්නවා නම් කාමරවල ඉන්න කොට කොහොම ඇත්ද? මේ වගේ නායකයන් සියලු අර්බුදවලට මුළුමනින්ම වගකියන්න ඕනෑ.

අපේ රටේ දරුවාගේ සිට වැඩිහිටි මහල්ලා දක්වා මුහුණ දී තිබෙන අර්බුදයේ වගකිවයුත්තන් මේ රටේ පාලකයනුයි. ඔවුන් කිසිසේත්ම මේ අර්බුදයේ ගොදුරු බවට පත්වී නෑ. ගොදුරු බවට පත්වී තිබෙන්නේ මේ සඳහා වගකිව යුතු නැති සාමාන්‍ය පොදු ජනතාවයි.




Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us