අපේ කෙම් ක්රම
1. පුස් වැල් තැලීම
තෙත්කළාපීය පුස්වැල් කැබලි හෝ වියළි කලාපීය කලවැල් කැබලි කුඹුරු යායට දිය සැපයෙන වක්කඩ වල තබා එම යුෂ ජලය සමඟ මිශ්රව ගලා යන ලෙස තබනු ලබයි. මෙම ක්රමය භාවිතා කරනුයේ කෘමීන් මර්දනය සඳහාය
2. හබරල පිති මිශ්ර කිරීම.
හබරල පිති කුඩා පෙති වලට කපා මඩ කිරීමට සූදානම් කුඹුරෙහි තැනින් තැන විසුරුවාලයි. මෙම ක්රමය කුඹුරේ බිං ඌරන් මර්දනය සඳහා යොදා ගැනේ. හබරල පිති කුණුවීමෙන් ඒවායේ යුෂ මඩ සමඟ මිශ්ර වී නියර බැඳීමේදී ඒවා තුලට තුළට කා වැදේ.
මෙම යුෂ බිං ඌරන් ට විෂ සහිතය.
3. ගුරුන්ද අරටුව මිශ්ර ජලය ඉසීම.
ගුරුන්ද ශාකයෙහි අරටු කැබැලි ජලය පිරුණු භාජනයකට දමා දින කිහිපයක් පුරා එසේ තැබීමට සලස්වනු ලබයි. ඉන්පසු එම ජලය කුඹුරට ඉසිනු ලබයි. මෙම ක්රමය කුඹුරේ මැස්සන් මර්දනය සඳහා භාවිතා කෙරේ.
4. මී ඇට කුඩු ඉසීම.
මී ඇට සිඳ තෙල් ලබා ගැනීමෙන් පසු ඉතිරි කුඩු කුඹුරු පුරා ඉසිනු ලබයි. මෙය කුඹුරෙහි ඇති මැස්සන් සහ පණුවන් මර්දනය සඳහා යොදා ගැනේ. මෙම ක්රමය කුඹුරෙහි සිටින විවිධ සත්වයින්ගෙන් සිදු විය හැකි හානි වළක්වාලීමට උපකාරී වන බව විස්වාස කෙරේ.
5. මහ පට්ටා තැලීම.
මහ පට්ටා පොතු අක්කරයට කිලෝ ග්රෑම් 5ක් පමණ වන ලෙසින් ගෙන හොඳින් තලා උදේ වරුවේදී එහි සෑම වක්කඩකටම දමනු ලබයි. මැස්සන් මර්දනය සඳහා යොදාගන්නා ක්රමයකි. ජලයේ මිශ්ර වන මහ පට්ටා පට්ට යුෂවල අමිහිරි සුවඳ , දුගඳ මැස්සන් පලවා හරියි.
6. කැකුණ මද පිලිස්සීම.
කැකුණ මද සහ කොට්ට මද හොඳින් අඹරා කුඹුරේ තැන් තැන් වල පුළුස්සනු ලබයි. මෙය කෘමීන් මර්දනය සඳහා යොදා ගැනේ
7. ඉත්තෑ කොළ ඉස්ම දැමීම.
ඉත්තෑ කොළ සහ වියන් දුබුලු දැලි. හොඳින් මිශ්ර කොට අඹරා කුඹුරට ජලය ගලා එන වක්කඩ මුලට දමනු ලබයි. මේ වී වගාවේ පණු රෝග මර්දනය සඳහා භාවිතා කරනු ලබයි.
Copyright © 2014-2022 Helabima. All rights Reserved.