Logo
2021 මැයි මස 18 වැනි අඟහරුවාදා

කාලි අම්මා නරක් වී අල්ලා දෙවියන් හොඳ වුණ නිරාගමික දෙබිඞ්ඩෝ

ඉසුරු ප්‍රසංග


 මේ වනාහී එකම පුද්ගලයෙකු විසින් අඳින ලද කාටූන් දෙකකි. 
 පළමු කාටූනයෙන් මුස්ලිම් ජනයාගේ සංස්කෘතිය අයිතියට ගරු කළ යුතු යැයි වැදි බණ කියන මේ කාටූන්කාරයා දෙවන කාටූනයෙන් සිංහලයාගේ සංස්කෘතික උරුමයන්ට, දැනුමට සරදම් කරයි. 
 ඔහු පළමු කාටූනයෙන් කියන වැල් බයිලාව සිය දෙවන කාටූනයෙන්ම උල්ලංඝණය කර හමාරය. මේ සටහනේ අරමුණ පැණියේ හෝ මිනී වළ දැමීමේ හොඳ නරක පිළිබඳ තර්ක කිරීම නොව නිරාගමික දෙබිඞ්ඩන්ගේ බොරුව පෙන්වා දීමය. 
 මේ දෙබිඞ්ඩන්ට අනුව ජාතිය මුස්ලිම් නම් විද්‍යාව, තාක්ෂණය, නූතනත්වය අදාළ නැත. සංස්කෘතිය ඊට වඩා වැදගත්ය. සංස්කෘතික අයිතියේ නාමයෙන් ඔවුන්ගේ ඕනෑම අන්තවාදී ආගමික විශ්වාසයකට ඉඩදී එහි විනාශකාරී ප්‍රතිඵල රටේ අනිත් ජනයාද ඉවසා දරාගත යුතුය. 
 හැබැයි ජාතිය සිංහල නම් සංස්කෘතිකය, ආගමික අයිතිය, විශ්වාස ආදී මේ කිසිවක් අදාළ නැත. විද්‍යාවේ පොල්ලෙන් ගසා ඔවුන් ඒ සියල්ල සුන්නද්ධූලි කරගත යුතුය. පන්සල් යාම වැනි පිළිවෙත් පවා නතර කොට විද්‍යාවෙන් දෙන ඕනෑම ගිනිගෙඩියක් සතුටින් බාරගත යුතුය. 
 ජාතිය මුස්ලිම් නම් නිරාගමික රැඩිකල් තර්ක කිසිවක් අදාළ නැත. ආගම සියල්ලට වඩා මාරය. විද්‍යාව කැලේය. දෙදාස් පන්සීය, ගෝත්‍රිකත්වය, මිත්‍යාව වැනි විප්ලවීය රැඩිකල් කතා මුස්ලිම් අන්තවාදයට වලංගු නැත. නිරාගමික දෙබිඞ්ඩන් ජාතිවාදී නානලාගේ ඉල්ලීම් ඉදිරියේ කාටත් වඩා ගෝත්‍රිකය. 
 ජාතිය සිංහල නම් පමණක් දෙබිඞ්ඩන් මාර නිරාගමිකය. රැඩිකල්ය. කිසිවෙකුට අබමල් රේණුවක හානියක් නොකරන සිංහලයාගේ ආගමික චාරිත්‍රවල සිට මහා වැව් දාගැබ් ගොඩ නැගූ දැනුම දක්වා වූ සියල්ල පට්ට ගෝත්‍රිකය. නොදියුණුය. අශිෂ්ටය. විද්‍යාව පමණක් මාරය.
 මුස්ලිම් ජනයාගේ සංස්කෘතික අයිතියට ගරු කරන්න යැයි කියන දෙබිඞ්ඩෝ සිංහල සංස්කෘතියට ගරු කරන්නැයි කිසිදා කිසි තැනක කියන්නේ නැත.  
 සිංහලයාගේ සංස්කෘතිය සුන්නද්ධූලි කිරීමට යෝජනා කරන රැඩිකල් දෙබිඞ්ඩෝ කිසිදා මුස්ලිම් සංස්කෘතිය සුන්නද්ධූලි කිරීමට කරදර වන්නේ නැත. 
 සැබෑ නිරාගමිකත්වයක් මොවුන්ට තිබේ නම් කාලි අම්මාට මෙන්ම අල්ලා දෙවියන්ටද එක සේ එරෙහි විය යුතුය. පැණියට මෙන්ම මිනී වළ දැමීමටද විරුද්ධ විය යුතුය. එහෙත් කාලි අම්මාට පමණක් විරුද්ධ වන මේ දෙබිඞ්ඩෝ අල්ලාගේ විශ්වාස වෙනුවෙන් රෙදි නැතිව පෙනී සිටිති. 
 අන් ජාතීන්ගේ සංස්කෘතික අයිතියට ගරු කිරීම ගැන දෙබිඞ්ඩන්ගෙන් උගත යුතු පාඩමක් මේ රටේ කිසිවෙකුට නැත. දෙබිඞ්ඩන් විසින් ආරක්ෂා කරනු ලබන මුස්ලිම් අන්තවාදීන් ඒ පාඩම උගත්තේ නම් ලෝකය මීට වඩා බොහෝ සුන්දර තැනක් වනු ඇත. 
 ආගම්වාදය, ජාතිවාදය, ගෝත්‍රවාදය, විද්‍යාව හෝ අවිද්‍යාව ගැන මෙරට ඊනියා රැඩිකල් දෙබිඞ්ඩන්ට කිසිදු ප්‍රශ්නයක් නැත. ඔවුන්ට ඇති එකම අසනීපය බුර බුරා හැලෙන සිංහල බෞද්ධ වෛරය පමණි.
 වඳවී යන පෙරටුගාමී මතවාද කරින් ගත් මේ කාටූන්කාරයාට පැණිය නරක් වී මිනී වළ දැමීම හොඳ වන්නේ ඒ නිසාය. කාලි අම්මා නරක් වී අල්ලා දෙවියන් හොඳ වන්නේ ඒ නිසාය. ඊනියා රැඩිකල් නිරාගමිකත්වයේ බොරුව සරලව පෙන්වා දීම ගැන අප ඔහුට ස්තුති කළ යුතුය. 





Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'