Logo
2021 අගොස්තු මස 3 වැනි අඟහරුවාදා

ලංකාවේ සැබෑ මිතුරන් කවුද?

මතීෂ චාමර අමරසේකර


චීනය ලංකාවේ සහන කටයුතු වේගවත් කර තිබීම ගැන බීබිසිය පුවතක් වාර්තා කොට තිබේ.

සම්පූර්ණ ලිපිය මෙම දිගුවෙන් කියවිය හැක.

https://www.bbc.com/news/world-asia-57167091

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ චීන තානාපති කර්‍යාලයේ ට්විටර් ගිනුම හරහා එම ලිපිය සම්බන්ධයෙන් පහත සටහන තබා තිබණි.

"බීබීසි ය ලංකාව ගැන ඇත්තටම සැලකිලිමත් වන්නේ නම් එංගලන්තය ඇමරිකාව වැනි බටහිර රටවල් වලට එන්නත් වැඩි

වශයෙන් අපනයනය කරන්නට කියන්නේ නැත්තේ ඇයි ?"

යුද්ධය අවස්ථාවේ උදව් කලේ චීනය සහ රුසියාවයි. දැනටත් මානව හිමිකම් කවුන්සිලේදී ආරක්ෂක කවුන්සීලේදී උදව් කරන්නෙ චීනය සහ රුසියාව. චීනය සහ රුසියාව කිසි දිනක ඉන්දියාව, ඇමරිකාව, බටහිර රටවල් මෙන් ව්‍යවස්තා සංශෝධන ඇතුළු රටේ අභ්‍යන්තර දේවලට අත දමා නැත. මේ අමාරු අවස්ථාවේ වැක්සින් එක පවා දෙන්නෙ මේ රටවල් දෙක පමණි. බටහිර රටවල් වැක්සින් ගොඩ ගහනගෙන හිටියත් නිකමටවත් දෙන්නෙ නැත.

නමුත් ලංකාවේ මිනිස්සු අතර මෝඩ චීන විරෝධයක් ඇති කොට තිබේ. සමස්ත ණය ප්‍රමාණයෙන් 10% ක් වෙන චීන ණය ප්‍රමාණය ණය උගුලක් ලෙස මිනිස්සුන්ට පොවා තිබේ. මේවා පිටුපස සිටින්නේ මෙම රටවල බුද්ධි අංශ සහ ඒවායෙන් යැපෙන බත් බැල දේශපාලන පක්ෂයි. සුද්දා අවුරුදු 200ක් ඉදලා ගිහිින් ඊට පස්සෙ අවුරුදු 72ක්ම ඉංගිරිසි ඉගෙන ගන්න උත්සාහ කරලාත් ඉංගිරිසි ඉගෙන ගන්න බැරි එවුන් දැන් අලුතින් චීන භාෂාව ඉගෙන ගැනීමට සිදුවන බව පවසමින් මෝඩ චූන් එකක් ගනිමින් සිටියි.

නමුත් ලංකාවෙ මිනිසුන් මෝඩයන් ලෙස හැසිරෙද්දි චීනුන්ට විහිළු කරද්දි බටහිර රටවල් වල ළමයි චීන භාෂාව ඉගෙන ගනිමින් සිටී්. මේ ලින්ක් බැලූ විට එංගලන්තයේ කොපමණ විශ්ව විද්‍යාල සංඛ්‍යාවක චීන භාෂාව උගන්වන්නේදැයි පැහැදිලි වනු ඇත.

http://bacsuk.org.uk/chinese-in-uk-universities

අපේ රටේ හොද දෙයක් සිදු වූ විට බීබීසිය කවදාවත් වාර්තා කරන්නෙ නැත. පළවෙනි දෙවැනි රැලි හොදටම පාලනය කලත් කවදාවත් හොදට පාලනය කල රටවල් අතර ලංකාවෙ නම පැවසූවේ නැත. බීබීසිය වාර්තා කරන්නෙ කොවිඩ් තෙල් ගන්න පෝලිමේ ඉන්න, රූ රැජිනියන් රණ්ඩුවෙන වගේ පුවත් පමණි.

උන්ට අනුව ලංකාව යනු ඉන්දියාවෙ පිළිකන්නයි. බටහිර රටවලට කොපමණ ආවැඩුවත් උන් ලංකාවට කරන කෙං ගෙඩියක් නැත. මේ වසංගත අවස්ථාවෙ ඔවුන් හැසිරෙන විදිය එයට හොදම නිදසුනකි.

නොබැදි පිළිවෙතින් ඉවත්ව ඇත්තටම රටට මිතුරු රටවල් සමග සිට ගැනීමේ කාලය දැන් එළඹ ඇත."





Helabima. 2014-2021 All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'