මාස දෙකෙන් අස්වැන්න දෙන රාබු වගාව
රාබු ඉක්මනින් ම අස්වැන්න දෙන බෝගයක් නිසා වගාවට ආධුනික අයට වවන්න හොඳ බෝගයක්.
හොදින් අව්ව වැටෙන බිමක අඩි බාගයක් විතර උස අඩියක් විතර පලල පස් වැටියක් නැත්නම් නියරක් වගේ බිම සූදානම් කිරීම තමයි සුදුසුම. පෝච්චි වල උනත් ලේසියෙන් පුළුවන් . නැත්නම් පිහිටි පොලව අඩි බාගයක් වගේ යටට පස් පෙරලලා ගල් ඉවත් කරල සූදානම් කරන්න පුළුවන් . බිම හදද්දී ම කොම්පෝස්ට් හෝ හොදින් වියලි ගොම මිශ්ර කරගන්න .
රාබු ඇට පෙනුමෙන් උලුහාල් වලට සමානයි. හොදින් ඇගිල්ලෙන් අගල් බාගෙක පුංචි වලක් හාරල ඒකට එක බැගින් ඇට දාන්න .ඇට දෙකක් අතර වියතක වගේ පරතරයක් තිබ්බම ප්රමානවත්.වලට බීජය දාලා පස් ඉහන්න.වතුර දාද්දි මෘදුව බින්දු මගින් තෙමෙන සේ යොදන්න.
දවස් තුනෙන් හාට් එකක් ඇඩේ පුංචි කොල දෙකක් එක්ක දුර්වල කදක් සහිත පැලයක් දකින්න පුලුවන් .ඇගිලි වලින් කද වැහෙන්න පස් ලං කරන්න වතුර යොදන්න. පලවෙනි දවසෙ ඉදල වල් අතින් ගලවලා අයින් කරන්න .නැත්නම් රාබු වැහෙන්න වල් එනවා . මේව්ගේ සතියක් විතර පැලේ බලාගන්න කදට පස් ලං කරන්න . දැන් පොහොර චුට්ටක් එක් කරන්න පුළුවන් .යූරිය තියන අය පැලේට ටිකක් ඈතින් ඇට දෙකක් වගේ . ගොම කොම්පෝස්ට් නම් ඒත් පරිස්සමෙන් චුට්ටක් දන්නා.මේ වෙද්දී තව රාබු කොල ඇව්ල්ල ..
මේ සත්කාර කරමින් වතුර පොහොර දමමින් හරියට ම දවස් 40-42 වෙද්දි ඔයාට ලස්සන රාබු අලයක් ගලවන්න පුළුවන් . . කූඩිත්තො වගේ සත්තු රාබු දලු වල බෝ වෙනව උන්ට අලු හෝ ඔයාල පාවිච්චි කරන දෙයක් යොදන්න .උන් හැර ලොකු කොලපාට පනුවොත් රාබු කොල කනව . නිතරම පැලේ බලද්දි ඒ සත්තු ඉන්නවා නම් ඉවත් කරන්නග.
ව දෙයක් හතර දෙනෙක් ඉන්න ගෙදර රාබු හිටවද්දි මුලු ඇට ඔක්කොම එක වර හිටවන්න එපා .අද ඇට 8 ක් නම් ඊලග සතියේ තව ඇට 8ක්.. නැත්නම් රාබු ඔක්කොටම එකපාර වයස පිරුනම ගලවන්න වෙනව .රාබු ඉක්මනින් මෝරන නිසා එකදිගට රාබු කාලා රාබු එපා වෙනව දින 40/42 දි අලුත් නැවුම් රාබු ගලවලා එවෙලෙම අමුවෙන් සලාද හදල බලන්න ඒක පුදුම රසයි . අලුත් රාබු නිකරුණේ උයන්න එපා අමු සලාද ම කන්න ..ඒක ඉතා රසවත් වගේම ගුණවත්.රාබු අල වගේම කොලත් ඔයාට මේ විදියට ලබාගන්න පුලුවන්
Copyright © 2014-2022 Helabima. All rights Reserved.