Helabima

මෙරට ජනතාව ගේ මේ විනයක් නැති හැසිරීමට හේතුව විජය රජුගේ ජානද

ආර්. එම්. ඒ. රාජගුරු


Image Credit - erasmusu.com

සිංහලයන් යනු ඇත්තෙන්ම කවුද ?ඔවුන් කෙලෙස ජාතියක්ලෙස ආරම්භ වුවාද ? ඔබ මීට පෙර කවදා හෝ කොතැනක හෝ සිතුවාද ?.  ඔව්  සිංහල ජාතියේ ආරම්භය පිලිබද කතා කරනවිට ඒ හා සම්බන්ධ වන ප්‍රධාන චරිතය විජයරජු . ක්‍රි.පූ 06 වන සියවසේදී ලංකාද්වීපයේ ජනාවාස පිහිටුවාගත් මොහු හා බැදුනු කතා පුවත් ඉතා රසබර යි.අපගේ ඉතිහාසය අඛණ්ඩව ගෙනියාමට මහත් රුකුලක් වන ක්‍රි .ව 05 වන සියවසේදී  මහානාම නම් හිමිනමක් විසින් රචිත මහාවංසය තුල මෙම විජයාවතරණය පිළිබඳව තොරතුරු දක්වා ඇත .මෙම මහාවංසයේ  දැක්වෙන  සුප්පා දේවිය අතර සම්බන්ධය  , සිංහබාහු හා සිංහසීවලී විජය ඇතුලු දරුවන් තිස් දෙදෙනෙකු ලැබීම , විජය කුමරු ඉංදියාවෙන් පිටමන් කිරීම ,ලංකාවට පැමිණි විජය කුවේණියගේ සහය ඇතිව ලංකා රාජ්‍යත්වට පත්වීම,වැනි පුවත් අද්භූත  හා විශ්මය ජනක ස්වරූපයකින්  රචනාකර ඇත.මේ අනුව බලනවිට මහාවංසයේ සදහන් බොහෝ සිද්ධින්  විශ්වාස කිරීමට අපහසු තත්වයක දැකිය හැකිය .සැබවින්ම මෙම මහාවංසයේ සදහන් විජය යනු පුද්ගලයෙක්ද? නැතහොත් විජයග්‍රහනයේ සංකේතයක් ද? යන්න කාහටත් මතබේදයට තුඩුදේ.මේ හේතුවෙන්  විජය කතා පුවතෙහි ඇති තොරතුරු ඒ අයුරින්ම පිළිගැනීම අපහසුය .එහෙත් විජය වෘතාන්තය සම්පූර්ණයෙන්ම ඓතිහාසිකත්වයෙන් තොරවුවක් ලෙස බැහැර කිරීම සුදුසු නොවේ.


මහාවංසයට අනුව පැහැදිලිවන්නේ ඉංදියාවේ වගු රජෙකු හා කලිගු බිසවකට දාව උපදින සුප්පා නම් කුමරිය ලාට නම් ප්‍රදේශයේ කැලෑවකදී හමුවන සිංහයෙකු සමග සහවාසයේ හැසිරුණු බවකි.එහි ප්‍රතිඵලය ලෙස ඔවුන්හට සිංහබාහු නම් පුතෙකුත් සිංහසීවලී නමින් දුවෙකුත් ලැබුණි. මෙලෙස තිරිසන් සත්වයෙකුට හා මනුෂ්‍ය දුවකට දාව දරුවන් දෙදෙනෙකු ලැබීම නූතන විද්‍යාත්මකව පිලිගැනීම කොතෙක්නම් සාධාරණීකරණය කලහැකිද?  කෙසේ වුවත් සිංහභාහු සොළොස් විය සපිරුනු කල තම මව හා නැගෙණිය සමග සිංහයා වාසය කල ගල් ලෙනෙන් පිටවී වගුනුවරට පලා ගිය අතර සිංහයා ඔවන් සොයා පසල් ගම් දන්ව් සිසාරා ඇවිදින්නට විය.අවසානයේ සිංහභාහු කුමාරයා තම හීතලයෙන් තෙවරක්ම විද දරු සෙනෙහසින් ඉදිරියට ආ සිංහයව තමා ඉදිරියේම මරාදමන ලදි.ඉන් අනතුරුව  සිංහභාහු කුමරු නැගෙනිය වු සිංහසීවලී විවාහ කරගන්නා ලදි.මොවුන්ට දාව සොළොස් වරෙක පුතුන් දෙදෙනෙකු බැගින් ලැබුන බවත් සදහන්ය.දෙටු පුත් විජයවු අතර දෙවැන්නා සුමිත්තය.එනම් විජයගේ මව පියා සහෝදරයෝය.අපගේ සිංහල සංස්කෘතියතුල  ලේ ඥාතීත්ව විවාහයට හිමිවන්නේ  තහනම් කිරීමකි. ඒ ජීව විද්‍යාත්මකව ඔවුන්හට ලැබෙන දරුවන්හට නොයෙක් වූ සංකූලතා ආතිවීමට වැඩි ඉඩක් තිබීමයි.මේ කරුණු අනුව අප විජයගෙන් පැවත එනවායැයි කියනවානම් අපගේ පරම්පරාව සහෝදර විවාහයකින් තිරිසන් සතෙකුගේ ජාන වලින් හා පිතෘ ඝාතකයෙකු ගෙන්  පැවත එන බවක් නොවේද?.


විජය කුමරු හා ඔහුගේ සගයින් ඉංදියාව තුලදී මහජනතාව පීඩාවට පත්කරමින් මහජනතාගේ දේපල සොරකම් කරමින් ස්ත්‍රී දූෂණ සිදුකරමින් ව්සමගති ඇතිව හැසිරුනු අතර සිංහභාහු පිය රජුට ඔහු හා ඔහුගේ සගයින් පාලනය කරගැනීමට නොහැකි විය.එහි අවසන් ප්‍රතිඵලය වුයේ විජය කුමරු හා ඔහුගේ පිරිස හිස අඩක් මුඩුකොට නැවක නංවා රටින් පිටුවහල් කිරීමය .සමුදුරේ පාවි ආ විජය කුමරු ඇතුළු පිරිස ප්‍රථමයෙන් සුප්පාරක නම් පටුනට සේන්දු වු අතර පිරිසගේ ක්‍රියා කලාපය නුසුදුසු ව හෙයින් නැවතත් පාවිගොස් තම්බපණ්ණි නම් ස්ථානයට ගොඩබසින ලදි.


විජය කුමරු ඇතුළු  පිරිස පැමිනෙන විට ලංකාද්වීපයෙහි යම් පිරිස් කාණ්ඩ ජීවත් වු බව සදහන් වෙනවා.ඒ යක්ෂ,නාග හා දේව යන කොට්ඨාශ තුන අදහන ජන කොට්ඨාශ තුන්ක් කදු ආශ්‍රිතව එනම් හෙල් ආශ්‍රිතව ජීවත්ව ඇතිබවයි.මෙලෙස ජීවත්වු කොට්ඨාශ තුනට විජය ඇතුළු පිරිස එකවීමෙන් සිව් පිරිසක් විය. මෙම සිව් පිරිස හෙල් ආශ්‍රිතව ජීවත් වු බැවින් සිව් හෙලය පසු කාලීනව සිංහලය වු බවට මතයක් පවතී.තවත් අයෙක්ගේ මතය වන්නේ පෙර විස්තර කල සිංහයෙකගේ ලේ වලින් ආරම්භවන පරම්පරාවක් බැවින් සිංහයාගේ  ලේ සිංහලේ වූ බවකි.


කුවේණිය මෙරට වාසයකල ගෝත්‍රික කාන්තාවකි.විදේශයකින් පැම්ණි නාදුනන තරුණයෙකු වු විජය කුමරුට භාර්යාව වී තම ඥාති වර්ගයාට එරෙහිව ගොස් ලංකා රාජ්‍ය ඔවුන්ගෙන් පැහැර ගැනීමට තරම් ඔහු ඇයව රැවටීමට ලක්කල අතර පසුව තම දරු දෙදෙනාවන ජීවහත්ත හා දිසාල හා කුවේණිය පන්නාදැමීමට තරම් ඔහු කෲර විය.තම වරිග සන්හතියම පාවාදී හදවතින්ම ඇලුම්කල කුවේණිය පන්නදමා රාජාභිෂේක කර ගැනීමට ක්ෂ්ත්‍රීක කුල කාන්තාවක් ඉංදියාවේන් ගෙන්වාගත් මොහු  සිත්තැවුලෙන් අවසාන කාලය ගතකරන ලදි. තමන් තම වරිගෙන් පිටමං කළාට , විජය අතහැර දැමුවාට හෙළ දිවයිනට සහ වරිගයට කුවේණිය සාප නවයක් සිදුකලහ.පහත දැක්වේන්නේ එම සාප නවයයි.


හෙළ දිවයින හතර පැත්තෙන් විනාශ වේවා! හෙළයේ නායකයන් විනාශ වේවා! පිටස්තර ආක්‍රමණිකයන්ට යටත් වේවා! හෙළයාගේ ලේ බැඳීම-අපේකම නැතිවේවා! හෙළ දිවයින දෙකඩ වී මුහුදට බිලිවේවා! බුද්ධිය හීන වූ ජාතියක් බිහිවේවා! අව්, වැසි, සුළං, මුහුදු, ජල විපත් ඇතිවේවා! ලෙඩදුක් සැම කල වහ වහා පැතිරේවා! ඉබාගාතේ යන වල්මත් ජාතියක් බිහිවේවා! මෙවන් වු සාපයන් කිරීමට හේතු වුයේ  විජයගේ ක්‍රියා කලාපයයි  . .
මෙතෙක් වෙලා කතාකල මිනිසෙකු හා තිරිසනෙකු අතර සම්බන්ධයකින්  පැවත එන පරම්පරාවකටත් ,සහෝදරයන් අතර විවාහයකින් පැවත එන පරම්පරාවකිනුත් නැතිනම් විසම ගති ඇති විජය වැනි පුද්ගලයෙකුගෙන් අප  පැවත එනවායැයි කීම අනුව දැන් පිළිඹිබු වන මෙරට ජනයාගේ විනයක් නැති හැසිරීමට  තවදුරටත් කොතෙක්නම් සාධාරණදැයි සිතීම ඔබටම භාර කරම්.







Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us