Helabima

රුවන්වැලි සෑයේ කල් පවතින තීන්ත ආලේප නොකර අවුරුදු පතා හුණු ගෑමේ වාසිය කාටද?

ආර්. එම්. ඒ. රාජගුරු


බෞද්ධයන්ගේ වන්දනාමානයට ලක්වන සුවිශේෂී ස්ථානය වන රුවන්වැලිසෑයේ කල්පවත්නා තීන්ත ආලේප කිරීමට යම් කොට්ඨාසයක් ඉදිරිපත් වීමත් රුවන්වැලිසෑ භාරකාරීත්වය හා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එයට විරුද්ධ වීමත්  මෑතකාලයේදී සමාජමාධ්‍ය තුල කතාබහට ලක්වු කරුනක් විය. ඇතැමුන් ගේ අදහස වුයේ පින්තාරු වියදම ගසා කමේ අරමුණින් මෙට සිදු කරන බවයි .  මෙම මතබේදයට තුඩුදුන් කරුණෙහි ඇත්ත නැත්ත පිලිබදව සොයාබැලීම මෙමගින් බලාපොරොත්තු වෙමි.

බෞද්ධයන් විසින් බුදුන් වහන්සේ ජීවමාන කාලයේ සිටම බුදුන් වහන්සේ වන්දනාමාන කිරීමට නොයෙකුත් දෑ භාවිතා කරනලදි.ඒ අතරින් ස්තූපයට හිමිවන්නේ සුවිශේෂී ස්ථානයකි.මුල්කාලයේදී කුඩා ස්තුප ඉදිවු අතර පසුකාලීනව රුවන්වැලිසෑය,ජේතවනය වැනි සුවිසල් ස්තූප ඉදිකිරීම් දක්නට ලැබේ.ලක්දෙරණේ ඉදිවු පලමු ස්තූපය වන්නේ තපස්සුභල්ලුක වෙලෙන්දන් විසින් බුදුන්ගේ කේශ ධාතු තැම්පත්කරමින් තිරියායේ ඉදිකල ගිරිහඩුසෑයයි.මෙය ඉදිවුයේ අහබු ලෙසකින් කිවහොත් එය සාධාරණය. මොවුන් තිරියායට පැමින ගිමන් නිවීම සදහා ඔවුන්ගේ බඩු භාහිරාදිය පසෙකින් තබු අතර පසුව ආපසු යාමට සැරසුනද එම බඩු අතර තිබුන බුදුන්ගේ කේශ ධාතු ඔවුන්ට ලබාගැනීමට නොහැකිසේ නොසෙල්වී තිබුන බැවින් ඔවුන් දෙදෙනා මෙමෙ කේශ ධාතු මෙමෙ ස්ථානයයේම තැම්පත් කලයුතු යැයි සිතා ගඩොල් සොයාගෙන විත් එම කේශ ධාතු මැදිකොට කුඩා සතූපයක් ඉදිකලබව සදහන්වේ මෙය බුදුන් ජීවමානකල ලංකාවේ ඉදිවු ප්‍රථම ස්තූපය ලෙසද සැලකේ.
           
කුඩා ස්තූප ඇතුලත සම්පූර්ණයෙන්ම ගඩොල් හෝ පස්දමා පුරවා ඇතිබවක්  ගරාවැටුන හා නිදන් හොරුන්ගේ ග්‍රහණයට හසුවූ ස්තූප අවශේෂ පිරික්සීමේදී අපට දැකගත හැකිය .මෙම කුඩා ස්තූප ලෙසම මහා සුවිසල් ස්තූප ද ඇතුලත ගල් ,ගඩොල් හෝ පස් දමා පුරවා ඇතැයි බොහෝ දෙනා සිතීම ඔවුන්ගේ දැනුමට අනුව සාධාරණය. නමුත් එය සැබවින්ම එසේ නොවන බව මම කීවහොත් ඔබ එයට එකගවනවාද? ඇතෙමෙකුට නොයෙකුත් තර්ක ගොඩනැගීමට හැකිය . නමුත් පුරාවිද්‍යාත්මක සාධක හා ථූපවංශය,මහාවංශය ,දාගැබ්   බැදීමේ පුරාණය හා මංජු ශ්‍රී වාස්තුවිද්‍යාව වැනි වංශ කථා අනුව බලනකල මෙම සුවිසල් ස්තූප ගර්භය ඇතුලත හිස් අවකාශයක් ඇතිබව ඔප්පුකල හැකිය .කෙසේ වුවද මේ පිලිබදව කරුනු සොයන්නෙකුට ස්තූප නිර්මාණය පිලිබදවත්,එහි අංග පිලිබදවත් දැනීමක් ලබාගැනීම වැදගත්වේ.

 ස්තූප අධ්‍යනය කිරීමේදී මහාථූප ලෙස අභයගිරි ස්තූපය හා රුවන්වැලිසෑය පිලිබද අවධානය යොමුකිරීම වැදගත්වේ .මෙයින් අභයගිරි ස්තූපය මෑතකාලීනව ප්‍රතිසංස්කරණ කල බැවින් එහි ඇතුලත කෙසේ තිබුනේද යන්න දෑසින් දැක ගැනීමට හැකිවීමත් ඒ අංග වංශකථා තොරතුරු අනුව මනාව ගැලපුනි.එබැවින් එහි ගර්භය දෙහි ගෙඩියක බෑයක් මෙන් කුටීර තිබුන බවට පැවසේ. කෙසේ වුවද මහාතූපය හෙවත් රුවන්වැලිසෑයේ ගර්භය පිලිබදව සොයාබැලීම්දී වංශකථා වලට අනුව මෙසේය.
 රුවන්වැලිසෑය වැනි මහා සුවිසල් ස්තූපයක් ගිලා නොබැස එහි බර දරා සිටීමට හැකි ලෙස තැනීමට තරම් එකල තිබුන තාක්ෂණය කුමක්ද අමුද්‍රව්‍ය කෙසේ සපයා ගන්නට ඇත්ද මෙලෙස ප්‍රශ්න රාශියක් සදහා පිලිතුරු නිරාකරණය කරගැනීම වැදගත් වන අතර ගර්භය සකසාගැනීමට ප්‍රථමව ශක්තිමත් පාදමක් සකසාගත යුතුය.එමෙන්ම ස්තානය තෝරාගැනීමද ඉතා වැදගත්වේ .මෙලෙස ස්තානය තෝරාගැනීම පිලිබදව මංජු ශ්‍රී වාස්තුවිද්‍යාව පොතෙහි මනාව සදහන් කර ඇත.මහා සෑය ඉදිකිරීමට ස්තානය පිහිටි පොලොව දක්වා රියන් හතක් ගැබුරට හැරීම සිදුකල අතර එහි යටම ස්තරයට ගල් අතුරා ඇතුන් ලවා පාගන ලදි.ඒ ගල් මත ගඩොල් ද,ගඩොල් මත රළු බදාමද ,රළු බදාම මත තිරුවානා ද තට්ටු වශයෙන් දමා ඇතුන් ලවා පාගන ලදි. පසුව ඒ මත සුවද මැටිද ඒ මත සුදු පාෂාණ ද ඒ මත ගල් පතුරුද අතුරා ඒමත රසදිය අලිගැට පේර ලාටු හා පදම් මැටි එක්කර ගල් පතුරු මත අතුරන ලදි.ඒ ගල් පතුරු මත අගල් අටක ඝණකමින් යුතු ලෝකඩපත් අතුරා ආසනියම් හා තලතෙල් මිශ්‍රකර අතුරා අගල් හතරක රිදීපත් තැම්පත් කරමින් ශක්තිමත් අඩිතාලම සකස්කරගත් බව වංශ කතාවන්හීදි සදහන්වේ.විශ්මකර්ම දෙවියන්ගේ උපකාරයෙන් දියබුබුලක හැඩය ස්තූපයට යෝජනා වූ අතර  ශක් දෙවිදුන්ගේ ද උපදෙස්මත  ස්තූපයට අවශ්‍ය අමුද්‍රව්‍ය ස්තූපයට ආසන්න ස්තානවල පහල කරවන අතර රජු මහා ථූපයේ පේෂා තුන ගඩොල් කෝටි දහයක් යොදවා ඉදිකලද රහතන් වහන්සේලා ගේ ප්‍රාර්ථනය අනුව ඒ සියල්ල පොලොවට ගිලාබස්සන අතර එලෙස රජු නැවතත් ගඩොල් කෝටි දහයක් යොදවා පේෂා ඉදිකලද එයද පොලොට ගිලාබස්සන ලදි මේ ආකාරයෙන්ම නව වතාවක් රහතන් වහන්සේලා සියළු පේෂා පොලොවට ගිලාබස්සන ලදි.එනම් රජුට මේ සදහා ගඩොල් කෝටි අනුවක් ගිය බව ථූප වංශයේ සදහන්වේ. සැබවින්ම මෙලෙස ගිලා බැස්ස්වීමට හේතුව නම් වසර 5000 ක් යනතෙක් මෙම ථූපයේ බර දරා සිටීමටත් නොනැසි තිබීමටත් ශක්තිමත් පාදමක් ඉදිකරගැනීමටය.ඉන් අනතුරුව දැනට දැකගත හකි පේෂා ඉදිකරන ලදි .එතැනින් පසුව ඉදිවන්නේ අපි පෙර කතාකල මතබේදයට තුඩුදුන් ගර්භයයි.
මහාථූපයේ ගර්භය ඉදිකිරීමේදී ගර්භය තුල ධාතු නිධානය සදහා අසූරියන් සමචතුරස්‍රාකාර ගෘහයක් ඉදිකල අතර එහි මධ්‍යයේ උස රියන් 18 ක් වන සත් රුවනින් බෝධියක් ද එහි අතු රියන් 18 බැගින් සතර දිසාවට විහිදුවමින් නිර්මාණ කර ඇති අතර එහි කද රිදියෙන් ද මුල් පබළු වලින්ද කොල රන්පත්වලින්ද නිර්මාණය කරන් ලදි. ඒ අසල ජීවමාන බුදුන්ගේ ශරීරයට සමාන බුද්ධ ප්‍රතිමාවක්ද නීල මාණික්‍යයන්ගෙන් සරසා ඇතිබව ද සදහන්වේ .තවද බිත්ති වටා විචිත්‍ර සිතුවම් කරවා ඉහල වියනක් කරවා සතර කොනෙහි මුතු නව ලක්ෂය බැගින් තැම්පත් කලබවත් ඒසතර දෙවියන් උදෙසා බව සදහන්වේ. ඉන් පසු ධාතු ගර්භයෙහි වැඩ නිමවා බුදුන්ගේ ද්‍රෝණයක් ධාතු නිධානය කල බව සදහන් වේ පසුව ගර්භය වසා දේවතාකොටුව,හතරැස් කොටුව කොත්කැරැල්ල හා කොත නිර්මාණ කරන ලදි. එනම් මෙයින් පැහැදිලි වන්නේ ගර්භය ඇතුලත ධාතු ගර්භය හිස්ව ඇතිබවක් ය.මෙය සනාථකරවනා තවත් කරුනකි භාතිකාභය රජු රහතන් වහන්සේ නමක විසින් අතින් අල්ලන් මහාථූපය ඇතුලට එක්කන් ගිය බවත් එය සියැසින් දැක වන්දනාමාන කලබවත් පසුව රජු මලිගාවේ ඉදිරිපිට මණ්ඩපයක් කරවා එහි මහා ථූපයේ ඇතුලත අනුරුවක් සකසමින් මා ලද අද්දැකීම සැදැහැවත් පුද්ගලයන් හට දැකගැනීමට අවශ්‍යතව සලසා දීමේ කතාවත්‍ ය.
මේ ආකාර කරුනු දෙස අවදානය යොමුකිරීමේදී අපහට සක්සුදත්සේ පිලිගත හැකි කරුනකි මහාතූපය ඇතුලත හිස් අවකාශයක් ඇතිබව. එසේනම් ඊලග ගැටළුව  ථූප ගර්භයේ පිටත හුණු පනක් ආලේප කිරීමත්,තීන්ත ආලේප නොකිරීමත් ය. මෙහි විද්‍යාත්මක කරුනක් ගැබ්ව පවති ඒ ගර්භය ඇතුලත ඇතිවන උෂ්ණත්වය  පිටතට පිටවීම හුණු පිරියම තුලින් සිදුවේ.නමුත් තීන්ත ආලේපයක් මතුපිට සීල් වීමක් සිදුවන අතර ඇතුලත ඇතිවන්නාවු උෂ්ණත්වය පිටකිරීමට නොහැකිව ගර්භය පුපුරායාමට හැකිවීමත් හේතුවෙන් මේසා සුවිසල් අනර්ඝ වවිනා වස්තුවක් රැකගැනීමේ අරමුණෙන් මිසෙක, කිසියම්‍ වු ලාභ පෙරදැරිවකින් යුතුව තීන්ත ආලේපයට විරුද්ධ වීම සිදු කල බව සිතීම තවදුරටත් මහත්වු අඥාණ ගතියකි.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us