Helabima

නිවාස අභ්‍යන්තරය හැඩවැඩ කරන ශාක

තිළිණි ජයලත්


නිවාස අලංකරණය කියන්නේ බොහෝ දෙනා ප්‍රිය කරන කරුණක්. මේ සඳහා බොහෝ මිල මුදල් වැය කරන්නත් සමහර අය දෙවරක් සිතන්නේ නැහැ . ගෘහ නිර්මාණ ශිල්පීන්, උද්‍යාන අලංකාර ශිල්පීන් කරලියට එන්නේ මේ සඳහා වන වෘත්තීමය දැනුමත් සමගින්. නමුත් එවැනි දැනුමක් හෝ සහයෝගයක් නැති ඔබටත් පහසුවෙන් වගා කරන්න පුළුවන් ශාක වර්ග අද වන විට බහුලව දකින්නට ලැබෙනවා. පුංචි දැනුමක් සහ කැපකිරීමක් සහිතව කරන එවැනි ශාක වගාවක් තුළින් ඔබේ නිවස අලංකාර වනවා සේම ඔබටත් මානසික තෘප්තියක්ද ලබන්න පුළුවන්.

විශේෂයෙන් ඉතා අඩු ඉඩකඩක හෝ මහල් නිවාසවල ජීවත්වන අයට තමන් අවට පරිසරය හරිත වර්ණය සරසා ගැනීමටත්, වාතයේ ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීමටත් පාවිච්චි කරන්න පුළුවන් . උදාසීන වර්ණයකින් වර්ණ ගන්වා ඇති ඔබේ නිවසට සෞන්දර්යාත්මක බවක් එකතු කරන්නත්, වර්ණවත් නිවසක් තවත් හැඩ ගන්වන්නත් ගෘහ අභ්‍යන්තර අලංකාරන ශාකවලට පුළුවන්. විශාල අවධානයක් අවශ්‍ය නොවන ශාක වර්ග කිහිපයක් ගැන අප මෙහිදී සාකච්ඡා කරනවා. මේ තෝරා ගන්නා ලද ශාක 2021 වර්ෂයේ දී ලෝකය පුරා අතිශය ජනප්‍රිය ශාක වර්ගයි.

1. Bird of Paradise

Bird Of Paradise/ Envato

මෙම ශාකයෙන් නමට ගැළපෙන සේ ම අලංකාර දීප්තිමත් වූ වර්ණවත් කුරුල්ලෙකුගේ හැඩය ඇති ප්‍රමාණයෙන් විශාල මලක් ඇත.මේ මල ලෝකය වඩාත් වර්ණවත්  මල් වලින් එකක් ලෙස සැලකෙයි. දකුණු අප්‍රිකාවට ආවේණික නිවර්තන කලාපීය ශාකයකි . පෝච්චියක සාදන මෙම ශාකය හොඳින් ආලෝකමත් ගෘහස්ථ ප්‍රදේශවල ජනේලයක් අසල තබන්න පුළුවන්. මෙම ශාකය කාර්යබහුල ඔබට වඩාත් සුදුසු වන්නේ අඩු නඩත්තුවක් අවශ්‍ය වන නිසාය. ජලය එකතු කිරීම සතියකට වරක් හෝ පස වියළී ගිය විට කරන්න පුළුවන් 


2. Peperomia Plant

Peperomia - Envato

ඇමරිකාවේ ෆ්ලොරීඩා ප්‍රාන්තයට ආවේණික මෙම  ශාකයෙහි ශක්තිමත් හැන්දක හැඩැති කොළ ඇත. මෙම ගෘහස්ථ ශාකයට මුල් වල, කඳන් වල සහ කොළවල ජලය ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් ඇත. එම නිසා, මෙම ශාකයට ජලය යෙදීම සිදුකරනු ලබන්නේ සතියකට හෝ දෙකකට වරක් පමණි. දීප්තිමත් එහෙත් වක්‍ර ආලෝකය ප්‍රමාණවත් වෙයි. ඔබේ විසිත්ත කාමරය, වැඩ කරන මේසය අලංකාරනයට පාවිච්චි කරන්න පුළුවන් මේ පැළ වටකුරු පිඟන් මැටි බඳුනක පැළ කර ගතහොත් තවත් අලංකාරවත් වේවි.

3. Chinese Evergreen ( Aglaonema commutated)

Aglaonema - Envato

මේ චීන සදාහරිත ශාකයට පම් ෆැරන්හයිට් අංශක 60 ට අඩු ඕනෑම ගෘහස්ථ  තත්වයකට පහසුවෙන් අනුවර්තනය විය හැකියි. විවිධ වර්ණ වල ඉතා ආකර්ෂණීය පත්‍ර වර්ග මේ ශාක විශේෂයේ දකින්න පුළුවන්. මෙම ශාකය අඩු හෝ වක්‍ර හිරු එළියට වැඩි කැමැත්තක් දක්වයි. ජලය යෙදීමේදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කරුණක් තිබෙනවා. ඒ තමයි වරක් ජලය යෙදූ පසු දින කිහිපයක් පස වියලෙන්නට හැර නැවත ජලය යෙදීම. ඒ වගේ ම අධික තෙතමනය නිසා දිලීර ගැටලු සහ මුල් කුණුවීම වගේ ගැටලු මේ ශාකයට ඇතිවිය හැකි නිසා ජලය යෙදීමේදී වඩා ප්‍රවේශම් සහගත් විය යුතුය.

4. Jade Plant ( Crassula ovata)

Jade Plant - Envato

දකුණු අප්‍රිකාවට ආවේණික ඕවල් හැඩැති මාංශමය කොළයක් සහිත මෙම කුඩා ශාකය ඉතා පහසුවෙන් රැක බලා ගන්න පුළුවන්. අඩි තුනත් අඩි හයත් අතර උසකට වර්ධනය වෙන මෙම ශාකය වසරකට වර්ධනය වෙන්නේ අඟල් දෙකක් පමණ වේ. හිරු එළියට අතිශය ප්‍රිය කරන jade ශාකය ඔබේ නිවසේ සාලයේ හෝ දීප්තිමත්ම කාමරයේ තියන්න පුළුවන්. දිනකට පැය හතරේ සිට හය දක්වා කාලයක හිරු එලියක් මේ ශාකයට අවශ්‍ය වේ. ජලය යෙදීමේදී ප්‍රවේශම් විය යුතුය. අධික ලෙස ජලය යෙදීම මුල් කුණුවීමටත් අඩුවෙන් ජලය යෙදීම කොළ වැටීමටත් හේතු වෙනු ඇත. එම නිසා පෝච්චි වල රැඳුණු ජලය හොඳින් වියළුණු පසු ඊළඟ වතාවට ජලය යෙදිය යුතුය. නමුත් දිගු කාලයක් ජලය රහිතව තැබීමෙන් වලකින්න. විස සහිත ශාකයක් ලෙස සැලකෙන ජේඩ් ශාකයෙන් ඔබේ සුරතලා ප්‍රවේශම් කරගන්නත් අමතක කරන්න එපා .

5. Snake Plant ( Sansevieria)

Snake Plant/ Envato

මෙම ශාකයට ඉංග්‍රීසි භාෂාවෙන් mother in law's toungue ( නැන්දම්මාගේ දිව ) යන  අනුවර්තන නාමයෙන් හඳුන්වනවා. දීර්ඝ කාලයක් පවතින දිගු දික්වූ  තියුණු, උල් වූ කොළ එයට හේතු වෙනවා. ඉතා පහසුවෙන් රැක බලා ගත හැකියි. දීප්තිමත් ආලෝකය සහිතව හෝ නිවසේ අඳුරු කොනක වුවද ඔබට පහසුවෙන් වර්ධනය කරගත හැකිය. ගෘහස්ථ ආලෝක තත්ව යටතේ සෙමින් වර්ධනය වන මෙම ශාකයට පැය කිහිපයක් උදෑසන කාලයේ හිරු එළිය ලැබෙන්නට සැලසීමෙන්  ඉක්මනින් වර්ධනය වේ. වගා කිරීමට නවකයන්ට වගාවන් ආරම්භ කිරීමට උචිත ශාකයකි. ඉතා පහසුවෙන් බිම, විශාල පෝච්චිවල හෝ මේසය මත තැබිය හැකි කුඩා පෝච්චිවල වගා කළ හැකිය. පෝච්චි තෝරා ගනිද්දී ඉතා ශක්තිමත් පෝච්චි තෝරා ගන්න අමතක කරන්න එපා.  වැඩිපුර ජලය යෙදීම මුල් කුණු විය හැකිය. හොඳින් ජලය බැස යන වැලි මිශ්‍ර මාධ්‍යයක වගා කිරීම සුදුසුයි. Snake plant වල විවිධ විශේෂ ඇති අතර එවාගේ උස සහ පත්‍ර වල පළල විවිධාකාර වේ. එයටම ආවේණික හැඩතල සහිත මෙම ශාකය ඔබේ නිවසේ අභ්‍යන්තරය තවත් හැඩ කරාවි.

6. Prayer Plant (Maranta)

Prayer Plant - Envato

මෙම වර්ගයේ ශාක විශේෂ  ඉතා වර්ණවත් පත්‍ර වලින් යුක්තයි. වර්ධනය වන තත්ත්ව ගැන එතරම් කරදර වීමටද අවශ්‍ය නොවෙයි. පහසුවෙන් ලබා දිය හැකි තත්තවයන් වන; උණුසුම්, තෙතමනය සහිත, මෘදු වාතය සහ හොඳ පොහොර සහිත පසක හොඳින් ව්‍යාප්ත වෙයි. අධික සීතල හෝ වියළි බව කියන තත්ව යටතේ පත්‍ර වල දිලීර ආසාදනය වීමට ඉඩ ඇත. එම හානිය ශාකය මිය යාම දක්වාම උග්‍ර විය හැක. එසේම අධික ලෙස හිරු එළියට නිරාවරණය වීමෙන් පත්‍ර මත දුඹුරු  පැල්ලම් ඇති විය හැක. ශාක වර්ධනය වන සමයේ දී හොඳින් වතුර යෙදීම අත්‍යවශ්‍ය වේ. කිසිම විටෙකත් පස සම්පූර්ණයෙන් වියැළී යාමට ඉඩ නොදෙන්න. පසට නිතර නිතර ජලය යෙදීම මගින් එහි මතුපිට තට්ටුව වියළිමෙන් ආරක්ශා කර ගන්න  පුළුවන්.

7. Lucky Bamboo (Dracaeana sandersl)

Lucky Bamboo -Envato

ලෝකය පුරාම නාගරික උද්‍යාන වල ඉතා බහුලව වගා කරන ශාකයකි. ආකර්ෂණීය කඩු වැනි කොළ පැහැති පත්‍ර වල අග රතු පැහැයට හුරුය. වර්ධනය වේගය අඩුය. ගෘහස්ත ශාකයක් ලෙස ඉතා පහසුවෙන්  රැක බලා ගන්න පුළුවන්. මෙහි විශේෂත්වය වන්නේ කඳ කොටස හොඳින් නැමීමට හෝ සර්පිල ලෙස පැවතීමට පුහුණු කළ හැකි වීමයි. කුඩා සුදු පැහැති මලක් දැකිය හැකි අතර ඒ ගෘහස්ථ තත්වය යටතේ ඉතා සුලබ තත්වයකි.දීප්තිමත් ආලෝකය යටතේ හොඳින් වර්ධනය වන අතර වරක් ජලය යෙදූ පසු නැවත ජලය යෙදිය යුත්තේ හොඳින් පස වියලී ගිය පසුවයි. මෙම ශාකය ජලයේ ද වගා කරන නමුත් සැලකිය යුතු මට්ටමේ මුල පද්ධතියක් වර්ධනය වූ පසු  පසෙහි රෝපණය කිරීමෙන් හොඳින් වර්ධනය වේ. උණුසුම් එළිමහන් තත්ත්වයක් යටතේ අඩි විස්සක් පමණ උසට වැඩෙනු ඇත නමුත් බදුන්ගත පැලෑටියක් අඩි හයක් හෝ ඊට අඩු උසක් යටතේ කප්පාදු කර තැබිය හැක. ගෘහස්ථ අවකාශය අලංකාර කරනවා හැර එමගින් වාතය පිරිසිදු කිරීමක් ද සිදු කරයි. පොහොර අවශ්‍යතාවය සාපේක්ෂව ඉතා අඩු නමුත් වර්ධනය ඉහළ නැංවීම සඳහා පොහොර යොදා ගන්න පුලුවන්. අතිශය සුන්දර මෙම ශාකය ද ඔබේ හුරතලුන්ට අහිතකර විය හැකි නිසා ඔවුන්ට ලඟාවිය නොහැකි ලෙස ශාකය තබා ගැනීම වඩා වැදගත් වනු ඇත.   

8. Spider Plant (Chlorophytum homo sum)

Spider Plant/Chlorophytum comosum - Envato

නිතර වගාවට වතුර දැමීමට අමතක වෙන කෙනෙකුට වුනත් පහසුවෙන් වගා කරන්න පුළුවන් ශාකයක් ලෙස  spider plant හඳුන්වා දිය ඇක. බොහෝවිට එල්ලෙන පෝච්චිවල වගා කරන මෙම ශාකයට වර්ග අඩි හතරක පමන ප්‍රමාණයක් දක්වා විශාල වීමට හැකියාව ඇත. ඉක්මනින් වර්ධනය වන මුල් සහිත නිසා බඳුන්ගත වගාවන් වලදී නිතර පෝච්චි මාරු කිරීමට අවශ්‍ය වනු ඇත. මෙම ශාකයේ එල්ලෙන කොටස් වලින් කපා වෙන්කර ගත් කුඩා පැළ ඔබට තවත් පැල ලබාගැනීමට භාවිතා කරන්න පුළුවන්. වගාවට ප්‍රිය කරන ඔබට නිතරම අලුත් පැළ ලබාදීමට මෙම spider plant එක අමතක කරන්නේ නැහැ. ගෘහ අභ්‍යන්තර තත්ත්ව යටතේ වීදුරුවක් හරහා එන සෘජු නොවන හිරු එළියට ශාකය ප්‍රිය කරනවා. තෙතමනය සහිත ජලයට ප්‍රිය කරත් අධික ලෙස ජලය යෙදීම මගින් ශාකයේ මිය යන්න පුළුවන්. ජලයේ ෆ්ලෝරයිඩ් හා ෆ්ලෝරයිඩ් මිශ්‍ර නම් කොල වල අග දුඹුරු පාට විය හැක. එම නිසා ජලය යෙදීමේදී වඩාත් සැලකිලිමත් විය යුතුයි. බඳුන්ගත පැළෑටිවලට වැසි ජලය හෝ ආශෘත ජලය පාවිච්චි කළොත් එහි ආරක්ෂාව තහවුරු වේවි. සාමාන්‍ය ප්‍රමාණය පොහොර යෙදීම ප්‍රමාණවත් වන අතර වැඩිපුර පොහොර යෙදීම මගින් කොළවල අග දුඹුරු පැහැයට හැරේ. පොහොර යොදන විට ඔබේ පෝච්චියේ ප්‍රමාණයට අනුව උපදෙස් පරිදි පොහොර යොදන්න.

ඒ ඒ ශාක වලට අවශ්‍ය කරන තත්වයන් නිසිලෙස ලබා දීමේන් ගුණාත්මක ශාකයක් ඔබට ලබා ගන්න පුලුවන්. ගෘහස්ත ශාක පිලිබඳ මේ දැනුම සමඟ ඔබේ ගෙවත්ත තවත් හැඩ වැඩ වැඩ කරගන්න.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us