Helabima

මත් වෙන්න පෙර ලෝකයේ මිල අදිකම මත් පැන ගැන දැන ගන්න

තිළිණි ජයලත්


මද්‍යසාර කියන්නේ ලෝකයේ බොහෝ දෙනා ප්‍රිය කරන දෙයක්. ඒ අතර ලෝකයේ මිල අධිකම මත්පැන් කියන්නෙ හැමෝම නැවත නැවත පානය කරන්න කැමති දෙයක් වන බව නොඅනුමානයි. නමුත් සමහර මත්පැන් වර්ග වල විස්තර දැන ගත්තොත්  ඔබ ඒවා පානය කරන්න පෙර දෙපාරක් හිතාවි. ඒ වගේම ඒවා අලෙවි කල මුදලට සමහර ආයතනය විසින් කල දේ ගැනත් ඔබ පුදුම වේවී.

1. Billionaire vodka හෙවත් කෝටිපතියන්ගේ වොඩ්කා 

Image Credit  - billionairevodka.com

ලෝකෙ දැනට මිල අධිකම අධිකම මත්පැන් වර්ගය වන මෙම වොඩ්කා වර්ගය මිල ඩොලර් මිලියන තුනයි දශම හතක් වේ. රුසියානු නිෂ්පාදනයක් වන මෙහි අතිශය රහසිගත වට්ටෝරුවකට අනුව නිමවා ඇත. පාරිභෝගික ඉල්ලුම මත මිනිස් ශ්‍රමයෙන් පමණක් මෙම වොඩ්කා නිෂ්පාදනය කරයි. මෙම සන්නාමයේ ආදර්ශ ආදර්ශ පාඨය වන්නේ " its good to be the king" (රජ වීම හොඳයි ). මෙතරම් සුවිශේෂිත මේ කෝටිපතියන්ගේ වොඩ්කා ගබඩා කරන්නේ එසේ මෙසේ බෝතල් වල නොවේ. ඒ සඳහාම විශේෂයෙන් නිර්මාණය කරන ලද ලීටර් පහේ බෝතල් ඇත. ඒවා දියමන්ති සහ ක්‍රිස්ටල් තුන්දහසකින් පමණ හැඩ ගන්වා ඇත.

2. Tequila Ley .925

Image Credit  - tequilaunlimited.com

ලොව දෙවනියට මිල අධිකම මත්පැන් වර්ගය වන මෙම ටකීලා වර්ගය වටිනාකමින් ඩොලර් මිලියන තුනයි දශම පහක් වේ. නමුත් කිසිවකුත් මෙය තවමත් මිලදී ගෙන නොමැත. අනාගතයේදී අඩු මිලට විකිනෙතැයි පුරෝකථනය කරන මේ ටකිලා වර්ගය විශේෂයෙන්ම නිමවූ බෝතලයක ගබඩා කර ඇත. නිර්මාණ ශිල්පීන්ට අනුව දියමන්තිවල හය දහස් හාරසීයක් ඔබා නිමවා ඇති බෝතලය මගින් ටකීලා වල රසය වැඩි දියුණු කරනු ලබයි. 

3. Henri IV Dudognon Heritage Cognac Grande Champagne

ඉතා පැරණි මේ ශැම්පේන් වර්ගය ඩොලර් මිලියන 2 කට මිල නියම කර ඇත. වසර සීයක් වන ශැම්පේන් බෝතලය අලංකාර කලා කෘතියකි. කැරට් 24 ස්වර්ණාලේපිතය . එය platinum ආවරණයක් තුළ බහා දියමන්ති කැබැලි 6500 කින් සරසා  ඇත. මධ්‍යකාලීන යුගයේ රජ කෙනකුට කෙනෙකුට යටත් වීමකදී හෝ කොල්ලකෑම කදී ලබා දෙන සංකේතයක් ලෙස පෙනේ. මෙහි සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් අටක් ලෙස සඳහන් වේ.

4. Russo - Baltique Vodka
ලැයිස්තුවෙ හතරවන ස්තානය ගන්නා මේ වොඩ්කා වර්ගය මුදලින් ඩොලර් මිලියන එකයි දශම තුනයි පහක් වෙයි. වොඩ්කා සම්බන්ධයෙන් එහි ගුණාත්මක භාවය ගැන රුසියානුවන් ඉතා ප්‍රසිද්ධය. මේ වොඩ්කා වර්ගයක් එලෙස රුසියාවේ නිෂ්පාදනය කරන ලද වර්ගයකි. රුසියාවේ මෝටර් රථ නිෂ්පාදකයකු වන රූසෝ බෝල්ට් විසින් නිර්මාණය කරන ලද මේ වර්ගය සුවිශේෂත්වය වන්නේ බෝතලේ හැඩය vintage යුගයේ වාහන වල හැඩයට සමාන වීමයි. බෝතල් වල උඩ කොටස 100% ක් පිරිසිදු රත්තරන් වලින් නිමවා ඇති අතර එහි දියමන්ති ඔබ්බවා අලංකාර කර ඇත. මෙහි නිෂ්පාදකයන් විවිධ මාධ්‍යයන් ඔස්සේ ඔවුන්ගේ පාරිභෝගිකයන් හඹා යමින් රුසියානු රාජකීයත්වය සහ ධනවත් බව කියාපාමින් එහි වෙළෙඳ ප්‍රවර්ධන කටයුතු සිදු කරයි .
 
5. Diva වොඩ්කා

සාමාන්‍ය මධ්‍යසාර වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් රසයක් හොයන ඔබටමයි මේ මද්‍යසාර  වර්ගය ගැලපෙන්නේ. මෙහි වටිනාකම ඩොලර් මිලියනයක් වෙනවා. මෙහි  සුවිශේෂිත්වය වන්නේ මෙය සාමාන්‍ය ක්‍රමයට පෙරීමෙන් පසු ලොකේ වටිනාම මැණික් ගල් හරහා පෙරීමයි. ලොව එසේ පෙරන එකම වොඩ්කා වර්ග diva වොක්ඩා පමණි. බෝතලය තුල ඇති සිලින්ඩරාකාර වීදුරු බටය තුල ස්වරෝස්කි ක්‍රිස්ටල් (swaroski crystal) පුරවා ඇත.

6. මෙන්ඩිස් කොකනට් බ්‍රැන්ඩි

මෙන්ඩිස් කීවාම ලංකාවේ අපිට පුරුදු නමක් උනාට මේ කතා කරන්නේ බ්‍රැන්ඩි ගැන.  සම්පූරණයෙන් පොල් වලින් නිපදවන මේ බ්‍රැන්ඩි වල මිල ඩොලර් මිලියනයක් වෙනවා. පොල් මලෙන් ගන්නා සාරය තමයි බ්‍රැන්ඩි බවට හරවන්නේ. හොඳ රසයක් ගැනීමට අවම වශයෙන් හැමිලා නම්වූ විශේෂ දැවයෙන් කල බැරල් වල වසර දෙකක් පරණ කරයි. පොල් ගෙඩියේ රස සමඟ වෙල්වට් වලට ආවේණික මිහිරි රසය අත්විදින්න පුලුවන්. මෙහි සුවිශේෂීත්වය වන්නේ සෑම බෝතලයක්ම අංකනය කර අත්සන් කරනු ලබන්නේ මෙන්ඩිස් බ්‍රැන්ඩි නිර්මාතෲ ඩබ්ලිව්. එම්. මෙන්ඩිස් විසිනි.

7. Macallan 64 year old in Laliqu

ඩොලර් හය ලක්ශ විසිපන්දාහක් වන මේ මත්පැන් වර්ගය ලෝකයේ මිල අදිකම විස්කි වර්ගයයි. ඉතා ප්‍රසිද්ධ මේ විස්කි වර්ග නිපදවා ඇත්තේ ගුණාත්මකභාවයෙන් ඉතා අධික මෝල්ට් වලිනි. 2010 වසරේ ඇමරිකාවේ නිව්‍ යෝර්ක් නගරයේ පැවති වෙන්දේසියකදී අලෙවි කරන ලද මේ විස්කි වලින් උපයන ලද ආදායම පුණ්‍ය ආයතනයක් වෙත පිරිනමා ඇත. අද දක්වා මෙම වර්ගයෙන් නිපදවා ඇත්තේ බෝතල් හතරක් පමණක් වීම විශේෂත්වයකි. විස්කි ගබඩාකර ඇත්තේ විශේෂයෙන් ම පිළියෙල කරන ලද බෝතල් වලය. මද්‍යසාර නොමැතිව බරින් රාත්තල් විසි පහක් වන බෝතල් අතින් කපන ලද පිරිසුදු ක්‍රිස්ටල් වලින් නිමවා ඇත. 

8. 1945 Romanee -  Conti Wine

මෙහි මිල ඩොලර් පන් ලක්ශ පනස් අට දහසකි. 1945 වැනි කාලයේදී ලොව මිල අදිකම වයින් වර්ගය ලෙස මේ වයින් වර්ගය සැලකීය. එම වසරේදී ඔවුන් නිෂ්පාදනය කරන ලද්දේ වයින් බෝතල් හයසීයක් පමණයි. මේ වයින් වර්ග සඳහා මිදි ලබා ගන්නා මිදි වතුවල; මිදි ඉතා උසස් තත්වයේ මිදි ලෙස සැලකේ. මේ මිදි පුදුම සහගත සංකීර්ණ සුවඳක් , පොළොවෙන් සහ කුළු බඩු වලින් එන සංකීර්ණ රසක් සහ  සිල්ක් ස්වාභාවයක් ඇති බව තතු දත්තෝ කියති. මේ මිලට අලෙවි වූ වයින් බෝතලය ඇමරිකාවේ නිව්‍ යෝර්ක්  හි පැවති වෙන්දේසියකදී අලෙවි වී ඇත. එම වයින් බෝතලයේ පරිමාව මිලි ලීටර් 750ක් වේ.

9. Armand de Brignac Midas

ලෝකෙ අධිකම මිලට අලෙවි වූ ෂැම්පේන් වර්ගය වන මේ ෂැම්පේන් වර්ගයේ මිල ඩොලර් දෙලක්ෂ හැටි පන්දහසකි.  රත්තරන් පාටින් සාදන ලද බෝතල් සහ ඇසුරුම එහි ජනප්‍රියතාවයෙන් සහ මිල අධික බව වැඩි කරයි. අවුරුදු තිහක් පමණ වයස වන මේ වයින් බෝතලයක ඇති රසය  ලබා ගැනීමට හොඳම මිදි වර්ග භාවිතා කරයි. එහි අන්තර්ගත මිදි වල සියුම් සුවිශේෂී රස සංයුතියට අමතරව ජනප්‍රිය රැප් ගායකයන්ගේ සහ ක්‍රීඩා තාරකා වල බලපෑමෙන් මේ ජනප්‍රියතාව ඉහළ ගොස් ඇතැයි කියැවේ.

10. Dalmore 62
ඩොලර් දෙලක්ෂ පහලොස් දහසකට අලෙවි වූ මේ scotch විස්කි වර්ගය පළමු වරට  බෝතල් ගත කර වෙළඳපලට ඉදිරිපත් කර ඇත්තේ 2012 වසරේදීය. මේවා වසර හැට දෙකක් බැරල්වල කල් තබා; බෝතල් 12 ක් පමණක් නිෂ්පාදනය කර එහි දුර්ලබ බව ආරක්ෂා කර ඇත. Dalmore 62 විස්කි වර්ගය වටා අපූරු කතා කිහිපයක් ඇත. මේ විස්කි වර්ගයේ නම ලැබුණු හැටි අදටත් අභිරහසකි. ප්‍රසිද්ධියේ හමු වූ අවසන් බෝතලය මිලදී ගෙන ඇත්තේ සිංගප්පූරුවේ ගුවන්තොටුපළේ දී ය. එය එතනට ගියේ කෙලෙසද යන්න කිසිවකුත් නොදනී. 

12. The Sapphire Revelation by Bombay

 

Image Credit - Instagram/tlltheluxurylifestyle

ඩොලර් දෙලක්ෂයකට අලෙවි වන මේ ජින් වර්ගය නිපදවන්නේ ලන්ඩනයේ සුප්‍රසිද්ධ කම්පැනියක් වන Bombay නැමැති නිශ්පාදනය ආයතනය මගිනි.
ඔවුන්ගේ සීමිත නිශ්පාදන (limited edition) මාලාවක් වන මෙය sapphire revelation නමින් හැඳින්වේ. ක්‍රිස්ටල් වලින් දැවැන්ත මැණිකක හැඩයට අතින් සාදා නිම කරනු ලබන බෝතලය මගින් එහි අන්තර්ගත ජින් වල රසය වැඩි දියුනු කරන බව විශ්වාස කරයි. බෝතලය අලංකාර කළ ඇත්තේ දියමන්ති සහ නිල් මැණික් වලනි. මේ සීමිත නිෂ්පාදන මාලාව එලි දැක්වූයේ ලෝකේ ප්‍රධාන අන්තර්ජාතික ගුවන් ගුවන් තොටුපළ වලය. ඒවා නමින්; ලන්ඩනයේ හීත්රෝ , ඇමරිකාවේ නිව්යෝර්ක් , ඩුබායි, සිංගප්පූරුවේ changi ඔස්ට්‍රේලියාවේ සිඩ්නි වේ. දුප්පත් රටවල ළමුන්ගේ සැත්කම් සඳහා ආධාර සපයන පුණ්‍යායතන ගිනුමකට මෙහි මුදල් බැර වී ඇත. මේ අලංකාර බෝතලය එහි අඩංගු මද්‍යසාරය අවසන් වූ පසු නිවසේ අලංකාරයට හෝ නැවත විකිණීමට හැකිය.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us