Helabima

හැමදාම සතුටින් ඉන්නනම් ඔබගේ සිරැරේ අනිවාර්‍යෙන්ම තිබිය යුතු සතුටු හෝමෝනයේ කතාව..

සජිනි වික්‍රමසිංහ


සතුටින් සිටීම සෑම පුද්ගලයකුගේම අපේක්ශාවයි..සතුට විවිධාකාරයෙන් නිර්වචනය කල හැකි වුවත් පොදුවේ ගත් කල සෑමවිටම  යහපත් මනෝභාවයක් පැවතීම සතුටින් සිටිම යනුවෙන් සරළව හැදින්විය හැකියි..අපගේ මනෝභාවයන් පාලනය සදහා ශරීරයේ හෝමෝන වැදගත් කාර්‍යභාරයක් ඉටුකරන අතර ඉනුත් අපට සතුටින් සිටීමට උපකාරි වන හෝමෝනය වන්නේ එන්ඩ්‍රොෆින්  (Endorphins) නමැති හෝමෝනයයි..මෙය සතුටු හෝමෝනය ලෙසටත් හදුන්වනු ලබනවා..

අපගේ සිතෙහි නිරතුරුව හොද හැගීම් ජනනය කිරීමත් මානසික අවපීඩනය, කලකිරීම, දුක වැනි මනෝභාවයන් පාලනය කිරීමත් එන්ඩොර්ෆින් හෝමෝනය මගින් සිදුකරනු ලබනවා..එසේනම් මෙම සතුටු හෝමෝනය වර්ධනය කරගන්නේ කෙසේද කියා ඔබත් සිතනවා ඇති..ඇත්ත වශයෙන්ම  එන්ඩොර්ෆින්  යනු අප සිරැර තුළ ස්වභාවිකව නිපදවන හෝමෝනයක් වන අතර එදිනෙදා ජීවීතයේ  විව්ධ සරළ ක්‍රියාකාරකම් මගින් ස්වභාවිකවම ශරීරයේ එන්ඩොර්ෆින් හෝමෝන මට්ටම ඉහළ නංවා ගැනීමට ඔබට හැකියාව තිබෙනවා..

සතුටු හෝමෝනය වර්ධනය කිරිමට ඔබට අනුගමනය කළහැකි සරළ   පියවරයන්..

සිනහවන්න

සිනහව ඕනෑම රෝගයකට ඇති හොදම බෙහෙත වන අතර සිනහවීමේන් ඔබගේ සිරැරේ එන්ඩ්‍රොෆින් හෝමෝන ශ්‍රාවය වේගවත් කර වැඩි ඔක්සිජන් ප්‍රමාණයක් පෙණහලු තුලට ලබාදීම සිදුවනවා.එමගින් හෘද සහ මාංශ පේශීන් ක්‍රියාකාරීත්වය වේගවත් කර  ඔබගේ ගතට සහ සිතට නැවුම් බවක්  ලබාදීමට උපකාරි වනවා.

සංගීතයට සවන්දෙන්න

සංගීතය ඔබගේ චිත්තවේගී වේදනා සමනය කර  ප්‍රීතිමත් සිතිවිලි ගොඩනගනු ලබන අතර එයට හේතුවන්නේ සංගීතයට සවන් දෙනවිට ඔබගේ ශරීරයේ එන්ඩොර්ෆින් ශ්‍රාවය වේගවත් වීමයි.දුකින් විඩාවෙන් සිටින මොහොතක ඔබ දැඩිව ප්‍රියකරන සංගීත ඛණ්ඩයකට සවන් දීමේන් ක්ෂණික උත්තේජනයක් ලබාගැනීමට හැකියි.

දිනපතා ව්‍යායාමයේ යෙදෙන්න

දිවීම, ඇවිදීම හෝ රිද්මයානූකූල නර්ථනය වැනි වේගවත් ව්‍යායාමයක නිරත වන විට ඔබගේ ශරීරය අභ්‍යන්තරයේ ඔබ නොසිතන ආකාරයේ වෙනස්වීම් සිදුවනවා.හොදින් හුස්ම ගැනීම හෘද සඵන්දනය වේගවත් වී මොළයේ ක්‍රියාකාරිත්වයට අවශ්‍ය රුධිර සැපයුම වේගවත් වීමත් මගින්  සතුටු හෝමෝන ශ්‍රාවය වේගවත් වනවා..එමගින් ඔබගේ ආතතිය අඩුවන අතර වඩා හොද හැගීමක් ඇතිකරගැනීමට හැකිවනවා..විශේෂයෙන් ඔබ මානසික අවපීඩන තත්ත්වයකින් පීඩා විදිනවා නම් දිනකට විනාඩි 20 - 30ත් අතර කාලයක් ව්‍යායාමයේ නිරත වීම ඔබගේ රෝගයෙන් ඉක්මන් සුවය ලගාකර ගැනීමට උපකාරි වනවා.

ක්‍රියාකාරි ලිංගික ජිවිතයක් පවත්වාගන්න

සක්‍රීය ලෙස ලිංගික ජීවිතයක් ගත කිරීම එන්ඩොර්ෆින් හෝමෝන මට්ටම ඉහළ යාමට හේතුවන අතර  මානසික ආතතිය අඩු කිරීමටත් වේදනා සමනය වීමටත් මෙන්ම ආත්ම අභිමානය වර්ධනය වීමටත් හේතුවනවා.

හිරු එළියේ කාලය ගත කරන්න

හිරු එළියෙන් සමට අත්‍යවශ්‍ය පෝෂකයක් වන විටමින් D ලබාදීම සිදුවන අතර සතියකට විනාඩි 15ක් පමණ උදෑසන හිරු එළියට නිරාවරණය වීමෙන් ඔබේ  ශරීරයේ එන්ඩ්‍රොෆින් හෝමෝන මට්ටම ඉහළ නංවා ගතහැකියි..එමඟින් ඔබේ මනෝභාවය වැඩි දියුණු කිරීමත් සුව නින්දක් ලබාදීමත්  සිදුවනවා.

ඉහත ප්‍රධාන ක්‍රියාකාරකම් වලට අමතරව යහපත් මිතුරු ඇසුරක් පවත්වා ගැනීම, ලැවෙන්ඩර් සුවද ආඝ්‍රාණය, දිනකට වරක් ඩාර්ක් චොකලට් කැබැල්ලක් රසවිදීම ,ඔබ ප්‍රියකරන ආහාරපාන ගැනීම, සම්භාහනයට යොමුවීම ,නර්ථනය වැනි ක්‍රියාකාරකම් මගින්ද ඔබට ස්වභාවිකව එන්ඩ්‍රොෆින් හෝමෝන ශ්‍රාවය වේගවත් කරගැනීමට හැකියාව තිබෙනවා.

වඩා වැදගත් කරුණ වන්නේ මෙම සතුටු හෝමෝන ඌනතාවයක් ඔබගේ ශරීරයේ තිබේනම් මානසික අවපීඩනය, කාංසිය, සුව නින්දක් ලැබීමට නොහැකි වීම, නිතර ඇතිවන කැක්කුම්/ වේදනා සහ නිරන්තරව ආවේගශීලි ලෙස හැසිරීම වැනි සංකූලතාවයන් ඇතිවීමේ අවධානමයි.

එමනිසා හැකි සෑමවිටම ඉහත සරළ පියවරයන් අනුගමනය ක‍ර එන්ඩ්‍රොෆින් හෝමෝනය ශ්‍රාවය වේගවත් කරගැනීමෙන් හැමදාම සතුටින් සිටීමට සහ යහපත් මනෝභාවයක් සහිතව කල්ගත කිරීමට ඔබටත් හැකියාව ලැබෙනවා..

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us