Helabima

පොහොර, තෙල්, බඩුමිල ගුරු ප්‍රශ්නේ කැටුව එන පළාත් සභා ජන්දය

සිරි මෙවන්


රටේ සෞභාග්‍යමත් දැක්ම 

2019 නොවැම්බර් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මෙරට ජනාධිපති වන්නේ යහපාලකයින් වසර 5කට ආසන්න කාලයක් ආපස්සට ගෙනගිය  රට යලි නිසි මාවතට ගැනීමට සහ සමාජීය මෙන්ම ආර්ථික අහේනියට පමණක් නොව ත්රස්තවාදී අන්තවාදය ඔඩු දුවා තිබු රට යතා තත්වයට පත්කොට ජනතාවට සහ රටට සෞභාග්‍යමත් අනාගතයකට මඟ විවර කිරීමටය.

ඒ අවශ්යතාවය මනාව පෙන්නුම් කරමින් මෙරට ඉතිහාසයේ වැඩිම ජන්ද ප්‍රමාණයක් ලබාදෙමින් 69 ලක්ෂයක් ජනතාව ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පුටුවේ හිඳුවා රට ගොඩ නගන වගකීම බාරදී මාස කිහිපයක් ගියතැන ලෝක වියාප්ත වසංගතයකින් සමස්ත ලෝකයම බැට කන්නට පටන් ගත් අතර එහි දරුණු ප්‍රථිපල මෙරටටද අත් විඳීමට සිදුවිය. එහි ප්‍රතිපලයක් ලෙස යහපාලකයින් විසින් ආගාධයට ඇද දමා තිබු මෙරට ආර්ථිකය ඉතිහාසයේ කිසිම දිනක නැති තරමට කඩා වැටීමට කොවිඩ් වසංගතය හේතු වුයේ මෙරටට අදායම් ලැබෙන ප්‍රධාන මාර්ග වන සංචාරක කර්මාන්තය, අපනයන වෙළෙඳපොල, විදේශ ගත ශ්‍රමිකයන්ගේ පරෙක්ෂණ  හා සෘජු ආයෝජන යන සියලු මාර්ග අවහිර වීමත් සමඟිනි. 

අභියෝග වලට කොහොමත් බය නැතිව මුහුනදෙන රාජපක්ෂලා රටේ වාසනාවකට බලයට පැමිණීම නිසා රට සහ ජනතාව මේ තත්වයෙන් හෝ ආරක්ෂා වූ බව එදා ජනාධිපති වන්නට සිටි සමහරු දැන් කරන විහිලු සහගත ජවනිකා දකින විට අපට සිතේ. ගෝඨාභය ජනාධිපති මහින්ද අගමැති ඇතුළු රජය කඩිනම් හා සෘජු තීන්දු තීරණ ගෙන වසංගතය මේ වනවිට යම්තාක් දුරට පාලනය කොට ඇති අතර මෙරට කොවිඩ් මර්ධන වැඩසටහන් වලට පිටින් කටයුතු කල සහ අපේද සමහරක් හිස මුදුනේ තබාගෙන සිටි ඔස්ට්‍රේලියාව නවසීලන්තයද අවසානයේ වසංගතය මර්ධනයට  අප යන මඟ යන්නට තීන්දු කොට හමාරය. ඉන් විද්යාමාන වන්නේ අපේ රටේ නායකයාගේ දුර දක්නා නුවන බව කුහකත්වය හෝ දේශපාලන පක්ෂ පාට වලින් ඔලුව පුරුවා නොගත් ඕනෑම කෙනෙකුට නොතේරිය නොහැකිය.

කෙසේ නමුත් ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ තත්වය සහ තමාගේ අනාගත ඉලක්ක මෙන්ම මෙතෙක් රජය හා රජයට සම්බන්ධ පාර්ශව කල කී දෑ සම්බන්ධව දීර්ඝ දේශනයක් පවත්වා ඇති බව විශ්වාස කටයුතු ආරංචිමාර්ග වලින් වාර්තා වන අතර එහිදී ජනාධිපතිවරයා වසර දෙකක් තිස්සේ රජයේ පාර්ශවය සිදුකල හා සිදුවූ අඩුපාඩු මෙන්ම අතපසුවීම් පිළිබඳව ඉතා සංවේදී කතාවක් සිදුකොට ඇත.

කොවිඩ් වසංගතය හේතුවෙන් ජනතාව බලාපොරොත්තු වූ දේවල් ඉටු කිරීමට නොහැකිවූ බවත් අතපසුවීම් මෙන්ම අඩුපාඩු සියලුදෙනා අතින් සිදුව ඇති බවත් ඒවා නිදහසට කරුණු බවට පත් කරගැනීම වෙනුවට සියලුදෙනා එක්ව අඩුපාඩු හදාගෙන සම්මුතියෙන් හා සාමදානයෙන් ජනතා බලාපොරොත්තු ඉටු කරමින් රට ඉහලට ඔසවා තැබීමට කටයුතු කලයුතු බව පැහැදිලි කොට ඇත. එහිදී රජය නියෝජනය කරන සියලු පක්ෂ හා කණ්ඩායම් සිය පෞද්ගලික න්යායපත්ර ඉදිරි වසර තුන සඳහා අමතක කොට රට සහ ජනතාව වෙනුවෙන් නව ජවයකින් පෙරට යාමට එක් විය යුතු බව දන්වා ඇත.

වීඩියෝ තාක්ෂණයෙන් පවතී කැබිනට් හමුවේදී අගමැති මහින්ද රාජපක්ෂ මහතා මෙන්ම මුදල් අමාත්ය බැසිල් රාජපක්ෂ මහතාද සිය අදහස් දක්වා ඇති අතර බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත්තේ රජයේ ප්‍රධාන පක්ෂය වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු පාර්ශවයෙන්ද හවුල්කාර පක්ෂ සඳහා විවිධ අඩුපාඩු සිදුවී ඇති බවත් ඉදිරියට එසේ සිදු නොවීමට පියවර ගන්නා අතර සියලු පක්ෂ සාකච්චාවෙන් හා සම්මුතියෙන් එකට එක්ව රජයට චන්දය දුන් ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම පිණිස නව ජවයකින් ඉදිරියට යාමට සුදානම් බවයි.

මෙහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පෙරමුණු නායක විමල් වීරවංශ මහතා පවසා ඇත්තේ රජයේ සියලු පක්ෂ විවෘත සංවාදයකට පැමිණ සාකචාවෙන් හා සම්මුතියෙන් ගැටළු විසඳා ගැනීමට ගන්නා ලද තීන්දුව අගය කරන බවයි. ඉදිරියට රජය ලෙස සාමුහික වගකීමක් දරමින් රට ගොඩ නැගීමට එකට එක්ව ගමනක් යාමට සහ ඉදිරි වසර තුන ජනතා අභිලාෂයන් ඉටු කරමින් රට ගොඩ නැගීමට සියලුදෙනා කපවියුතු ස්ථාවරයක සිට අදහස් දක්වා ඇත.

මේ අනුව ඉදිරි වසර තුනක කාලයතුල මඟහැරුණු වසර දෙකේ අඩුපාඩුද ආවරණය කරගනිමින් රටේ ආර්ථිකය ගොඩනගමින් හා සෞභාගයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රක්ෂයේ සඳහන් පරිදි ශ්‍රී  ලංකාව සෞභාග්‍යමත්  දේශයක් බවට පත්කිරීම සඳහා සියලුදෙනා එක්ව නව ජවයකින් ඉදිරියට යාම සියලුදෙනාගේ ඒකායන අරමුණ බවට පත්වනවානම් රටේ ජනතාවද සියලු වාදබේධ පසෙකලා ඒ ගමන යාමට අත්වැල් බැඳගනු ඇත. 

පසුගිය සතියේ දැවැන්තම කතාබහට ලක්වූයේ අතවශ්‍ය භාණ්ඩ වල මිල ඉහල යෑම, පොහොර ගැටලුව සමඟ ගුරු විදුහල්පති ගැටළුවය. කෘෂිකර්ම ඇමතිගේ පොටෑසියම් පොහොර කාබනික වීම ගැනත් කතා බහට ලක් විය.  ගොවීන් පොහොර ඉල්ලා පාරට බැස්සේය. 

ආණ්ඩුවේ පසුපෙළ පොහොර ගැටලුවට එකතු වෙයි 

පොහොර ප්‍රශ්නය එසේ උඩුදුවද්දී ආණ්ඩුවේ පසුපෙළ පොහොර ප්‍රශ්න වෙනුවෙන් කතා කරන්නට විය. ඒ අනුව ඔවුන් ජනාධිපතිට ලියන්නට සිතුවේය. "පොහොර ප්‍රශ්නෙට මැදිහත් වෙන්න ඕන, මේක මාර ප්‍රශ්නයක්. අපිට ගමට ගිහින් වැඩ කරන්න බැහැනේ. අපි මේක මහින්ද ලොක්කටයි ගෝටා ලොක්කටයි ලියමු" හෙමෝගෙම තීරණය එක කොලයකට එන්නේ ඊට පසුවය. ගොවීන්ට රාසයනික පොහොර ගෙනත් දෙන ඉල්ලමින් ලියුම ලියා එය ජනාධිපතිට යවන්නේ ඉන් පසුවය. කොහොම හරි ඊට පසුපෙළ 44කට ආසන්න සාමාජිකයන් පිරිසක් ද අත්සන් කළේය. "කාබනික හොදයි තමයි , ඒත් මේක එකපාර කරන්න බැහැනේ. අපි ඒ නිසා කාබනික පොහොරට හුරු වෙනකල් රසායනික පොහොර දෙන්න කියලා ඉල්ලමු". සාමාජිකයින්ගේ එම කැමැත්තට අනුව ලියවුන ලියමන එලෙස ලියා මහතැන් වලට යැවිණි

පොහොර ගැටලුව කබින්නටුවේදීද කතාවට ලක් වන්නේ ප්‍රශ්නය එතරම් දුරට වියාප්ත වූ නිසාය. ජනාධිපතිගේ ප්‍රධානත්වයෙන් පසුගිය සදුදා කට්ටිය එකට කබින්නටුවට රොක් වුයේ සූම් තාක්ෂනය ඔස්සේය. ගොවි ප්‍රශ්නය, ගුරු ප්‍රශ්නය, තෙල් මිල ප්‍රධන වශයෙන් මෙහිදී කතාවට ගැනුනි. මහින්ද අමරවීර, වාසුදේව නානායක්කාර, එස් එම් චන්ද්‍රසේන පොහොර ප්‍රශ්නය ගැන එක දිගටම කතා කළේය. " මේ ප්‍රශ්නය මෙහෙම ගියොත් ගොවින් විතරක් නෙමෙයි රටත් අමාරුවේ වැටෙනවා" චන්ද්‍රසේන කිවේය. මහා කන්නයේ වගාවට අවශ්‍ය පොහොර නැති වුනොත් ගොවින් ගොවිතැනින් ඉවත් වේවි, එහෙම වුනොත් මේක මාර ප්‍රශ්නයක්.. එස් එම් දිගටම කියාගෙන ගියේය. එය සනාථ කරමින් මහින්ද අමරවිරද වරින් වර උඩගෙඩි දැම්මේය. "කාබනික පොහොර වගාවට හුරුවෙනකල් රසායනික පොහොර දීලා ඊට පස්සේ මේක කරමු.. එසේ කියද්දී මහින්දානන්ද නැවත මැදින් පැන්නේය. "එහෙම කිවුවට කාබනික පොහොර දෙන වැඩේ සාර්ථකව වෙනවා. කවුරු මොනා කිවුවත් මේක හොදට වෙනවා, විපක්ෂේ කියන කතා අහන්න එපා. අනික පොහොර තොගයක් ලැබෙන නිසා ලබන සතිය ඉවර වෙනකොට ලංකාවටම අවශ්‍ය පොහොර ටික බෙදලා ඉවර කරන්න පුළුවන්. මේක මේ මාධ්‍යයෙන් පෙන්නන තරම් ප්‍රශ්නයක් වෙලා නැහැ".. හරි මම පොරොන්දු වෙනවා ගොවියාට අවශ්‍ය පොහොර ටික හරියට වෙලාවටම දෙනවා කියලා". මහින්දානන්ද කියාගෙන ගියේය. ඇමතිවරුන්ගේ කතා සියල්ල අසා සිටි ජනාධිපති, "අපි හොද තීන්දුවක් ගත්තේ, මේක පහසු දෙයක් නෙමෙයි. මේක අපිට කරන්න පුළුවන්. මටත් ජනප්‍රිය තීරණ අරගෙන රටින් පොහොර ගෙනත් ගෙවින්ට දෙන්න පුළුවන්. ඒත් අපි රසායනික පොහොර වලින් ඈත් වෙලා කබනිම පොහොර වලට යොමු වෙන්නම ඕන.." 

තෙල් වැඩි කරන්නේ ජනපති එක දැඩි තීරණේක 

මීළඟ කතාව ගුරු වැටුප් ප්‍රශ්නය ගැනය.ගුරු විදුහල්පති ප්‍රශ්නේ අදියර 4කින් විසදන්න රජය මුලදී තීරණය කළේය. එහෙත් එය අඩියට තුනකින් ඉවත් කිරීමේ පිළිවෙලක් මෙවර අයවැයෙන් ඉදිරිපත් කිරීමට මුදල් ඇමති බැසිල් මෙහිදී පැවසුවේය. ඒ අනුව ගුරු විදුහල්පති වැටුප් විෂමතා අදියර තුනෙන් විසදීමට කටයුතු යොදා ඇත.ඊළඟ ප්‍රශ්නය තෙල් මිල ගැනය. උදය ගම්මන්පිල "ලෝක තෙල් මිල වැඩි වෙනවා. මගේ ආයතනය දැවැන්ත පාඩුවක් ලබනවා. සංස්ථාව දැවැන්ත මුල්‍ය අර්බුදයක ඉන්නේ.පසුගිය මාස කිඉපයේ සංස්ථාව බිලියන 7ක පාඩුවක් ලබලා.. " උදය කියාගෙන ගියේය.. එහෙමයි කියලා මේ වෙලේ තෙල් වැඩි කරන්න බැහැ"අගමැති රාජපක්ෂ ඊට පෙරලා පිළිතුරක් දුන්නේය. උදය, ගණන් හිලව් දක්වමින් එක දිගටම තමන්ගේ පාඩුව විශ්ලේෂණය කරන්නට විය. "එහෙනම් මහාභාණ්ඩාගාරයෙන් සහනයක් දෙන්න.. 

ජනපති හඬ අවදි කළේය. ගෑස් කිරිපිටිත් වැඩි වුනා, කොහොම වුනත් ඉන්ධන වැඩි කරන්න බැහැ, අගමැතිතුමාගේ  තීරණයේ මමත් ඉන්නවා..

පළමුවරට නතපතිවරුන් එකවර 

ජීඑල් නතපතිවරුන් හමු වීමද සිදුවිය. ඔහු ඇමතිධුරය ලබා ගැනීමෙන් පසු ලංකාවේ සිටින විදේශීය රටවල සියලුම තානාපතිවරුන් සියලු දෙනා එකවර හමු වූ පළමු අවස්ථා මෙය වේ. එහිදී ප්‍රධාන කාරණා දෙකක් සඳහන් කළේය. පළමුවැන්න කොරෝනා පාලනය සාර්ථක වී ඇති බැවින් එම රටවල සංචාරකයින් මෙරටට එවීමට උනන්දු කරවන ලෙස ජිඑල් තානාපතිවරුන්ට දැන්වීය. අනෙක් කරුණ ශ්‍රී ලංකාවේ ආයෝජන සඳහා ඉඩ ප්‍රස්ථා ඇතිව තිබෙන බැවින්, එම රටවල ආයෝජකයන් ශ්‍රී ලංකාවේ යෝජනා සඳහා යොමුකරවන්නැයි ද ජීඑල් ඉල්ලීමක් ද කළේය.

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ටිරාන්ගේ නිවසට 

ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ ආණ්ඩුවේ හවුල්කාරපක්ෂ10ක නායකයෝ ගිය බදාදා මන්ත්‍රී ටිරාන්ගේ නිවසට එකතු විය. වාසුදේව, විමල්, උදය ගම්මන්පිල, ගෙවිදු, මචාර්ය තිස්ස, වි.වෛද්‍ය  ජී වීරසිංහ, වීරසුමන වීරසිංහ, රතන හිමි ද ඒ අතර විය.සාකච්චාවේදී වැඩි අවධානයක් යොමු වූයේ කෙලවරපිටිය ගැනය. කොටස් ඇමරිකානු සමාගමකට පැවරීමට ආණ්ඩුව ගෙන ඇති තීරණය ගැන මෙහිදී කතා විය. අදාල ඇමරිකානු සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා ඊට කලින් දින රාත්‍රී පුද්ගලික ගුවන් යානයකින් මෙරටට පැමිණි බවට ද ඔවුන්ගේ සාකච්චාවට ලක් විය. ගිවිසුම බරපතල එකක් බැවින් ගිවිසුමේ පිටපතක් ආණ්ඩුවෙන් ඉල්ලා ගැනීමට මෙහිදී තීරණය වී ඇත.

ඒ අනුව පහුවදාම මුදල් ඇමති මුදල් අමාත්‍යංශයට ගොස් තොරතුරු එන ගැනීමේ පැනත යටතේ මෙම ගිවිසුමේ පිටපතක් ලබා දෙන්නැයි කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් වි. වෛද්‍ය වීරසිංහ මහතාට පැවරිය. 

ගිවිසුමේ පිටපතක් දෙන්නැයි කැබිනට් මණ්ඩලයෙන් ඉල්ලිමන් කරන බව වාසුදේව විමල් සහ උදය කිවේය. එමෙන්ම විදුලිබල, වරාය, ඛනිජ තෙල් වෘත්තීය සමිති නැවත හමුවී සාකච්චා කිරීමට ද තීරණය කළේය. බඩුමිල ඉහල යාම හමුවේ ජනතාව දැඩි අපහසුතාවයට පත්ව සිටින බැවින් අඩු අදායම්ලාභී පවුල් සඳහා යම් වැඩපිළිවෙලක් වෙනුවෙන් පෙනී සිටින්න ද පක්ෂ නායකයෝ තීරණය කළහ. පොහොර හිඟය ද නැවත සමාලෝචනය කළේය. විදුලි බලාගාර සඳහා ගල්අගුරු පාවිච්චිය නතර කිරීම සම්බන්දයෙන් ද ආණ්ඩුව තුල කතා බහක් ලක් වී තිබෙන බව පක්ෂ නායකයෝ මෙහිදී පෙන්වා දී ඇත. එහෙත් විදුලිය නිෂ්පාදනය සඳහා විකල්ප මාර්ග ඇති නොකරගෙන ගල් අගුරු පාවිච්චිය වහා නතර කිරීමට පියවර ගතහොත් පොහොර අර්බුදය මෙන් අර්බුදයක් විදුලි බල ශේෂ්ත්‍රයේද ඇති විය හැකි බවට මෙහිදී  දීර්ඝ ලෙස කතා බහට ලක් විය.

එජාපයත් පොහොර සහ බඩුමිල ගැන කතාවක 

එජාපයේ සතිපතා පැවැත්වෙන පක්ෂයේ කළමනාකරණ කමිටුව පසුගියදා රැස්විය. ඒ සිරිකොත පක්ෂ මුලස්ථානයේදී ය. එහිදී මෙවර කලින් ගන්නා තීන්දු තීරණ සමාලෝචනය කෙරිණි. එමෙන්ම පක්ෂයේ ඉදිරි වැඩපිළිවෙල ගැන ද සාකච්චා විය. පක්ෂයේ සාමාජික කාඩ්පත් නිකිත් කිරීම සම්බන්දයෙන් ද පවසති සාකච්චාවේදී රුවන් විජේවර්ධන" රටේ ජනතාවගේ ආර්ථික පිඩාව බරපතලයි. 2015 අගමැති ලෙස බදු මිල අඩු කළා. දැන් සේරම වැඩි වෙලා" යනුවෙන් පැවසුවේය. ඒවගේම කාබනික පොහොර ප්‍රශ්නේ ඉදිරි කන්නේ ප්‍රශ්නයක් වෙලා. යනුවෙන් කියද්දී සූම් සිටි සෙසු සාමාජිකයන් ද ඊට ප්‍රතිචාර දක්වමින් විවිධ දේ කියන්නට වූහ. 

SJB පළාත් මැතිවරණෙට අයදුම්පත් කැදවයි 

සියල්ල එසේවෙද්දී ජනාධිපතිවරයාත්, කෘෂිකර්ම අමාත්‍යවරයාත් ගොවීන්ට දණ ගසා වැඳ සමාව ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පැවසුවේය. රජයේ කාබනික පොහොර ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අසාර්ථක බවත් මෙම තත්ත්වය යටතේ සාගතයක් ඒම වැළැක්විය නොහැකි බවත්, වහාම ප්‍රමිතියකින් යුතු පොහොර ජනතාවට ලබා දිය යුතුයි පාඨලී පැවසුවේය.

එමෙන්ම මේ වන විට ගොවි ජනතාව පාරට බැස රසායන පොහොර ඉල්ලා උදඝෝෂණය කරන තැනට වැටී එය සම්පූර්ණයෙන්ම අසාරථක වී ඇති බවත් 

අඩුම තරමින් හැකි නම් සම්පූර්ණයෙන් ම නොව 1%ක්වත් කාබනික ගොවිතැන කර ‌පෙන්වන ලෙස තමන් ජනාධිපතිවරයාටත්, කෘෂිකර්ම අමාත්‍යවරයාටත් අභියෝග කරන බවත් එසේ කළහොත් තම සහයෝගය අදාළ ව්‍යාපෘතියයට ලැබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

අපි දැන් පළාත් සභාවට ලෑස්ති විය යුතුයි. සමඟියේ පිරිස කියන්නට වූහ. "පළත් සභා මැතිවරණයට ආණ්ඩුව සුදානම් වෙනවා කියලා දැන් කියනවා. අපි කොහොමත් කලින් ඉදලා මේකට ලෑස්ති වුනා. පක්ෂයේ මහා ලේකම් රන්ජිත් මද්දුමබණ්ඩාර පැවසුවේය. පළාත් සභා මැතිවරණයට ඉදිරිපත්වීමට අපේක්ෂා කරන අයට පක්‍ෂයට අයදුම්පත් යොමුකරන ලෙසට දැන්වීමක් ද පල කර තිබිණි. ඊට ප්‍රතිචාර ලෙස විශාල අයදුම්පත් තොගයක් ලැබුනේය. "වෙනම තැනක මේ ඇප්ලිකේෂන් ගොඩ ගහලා හැමෙකක්ම එකින් එක බලන්න" රන්ජිත් පැවසුවේය. මේසය මත ගොඩගසා පෙට්ටිමත ගොඩගසා තිබු අයදුම්පත් තොගයේ ජයරුපයක් තිබී එය ගෙන සජිත්ට පෙන්වූ රන්ජිත් " මෙන්න අපේක්ෂකත්වය ඉල්ලන්න තියෙන තරඟය.. යනුවෙන් කිවේය. "දක්ෂතා කුසලතා හැකියාව ඇති අයට ඉඩ දෙන්න" සජිත් කිවේය.  ඒ අනුව මැතිරණය ගැන සාකච්චා දින කිහිපයක්ම පත්විය. සූම් ඔස්සේද සාකච්චාව පැවැත්විණි. " අපි දක්ෂයින් ට තැනක් දෙන්න ඕන . ඒවගේම බිම් මට්ටමේ ඉන්න ජනප්‍රිය නායකයින් ඉස්සරහට අරගෙන ඒ යට තැනක් දෙන්න ඕන" සජිත් මෙහිදී ද නැවත පක්ෂයේ පිරිස්ට අවධාරණය කළේය. "අපි එක එක කමිටු හදලා ඒ අයට ඒ අයට වගකීම් ලබා දෙමු" සජිත් නැවත කිවේය. සියල්ලෝම සජිත්ගේ ඒ යෝජනාවට කැමති විය. "මේ සතියෙම වැඩ පටන් ගන්න.. සජිත් නැවත කියද්දී සියල්ලෝම එය අනුමත කළේය. "ඔව් බිම් මට්ටමේ ජනප්‍රිය නායකයින් අරන් ඔවුන්ට තැනක් දෙමු" රන්ජිත් ද ඊට එකඟ වෙමින් පැවසුවේය.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us