Helabima

ගැහැනියට නොතේරෙන පිරිමි හොයන ජීවිතේ

මෙවන් රිටිගල


ඇය පැමිණියේ සිකුරු ලොවෙනුත් ඔහු පැමිනියේ අඟහරු ලොවෙනුත් බවට ගැහැනු පිරිමි මනෝභාව ගැන කතා කිරීමේදී අමතක කල නොහැකි කියමනක් ඇත. ඈ මෘදු ය ඔහු රලුය. ගතිගුණ සමාන ගැහැනු පිරිමි ලොව නැත . ඔහුව ඇය තේරුම් ගැනීමත් ඇයව තේරුම් ගැනීමට උත්සාහ නොකර අසීමාන්තික ආදරය ලබා දීමෙනුත් දෙදෙනෙකුට දිග ගමනක් යෑමේ වාසනාව උදාවේ. දෙදෙනා දෙදෙනාගේ ගතිගුණ හදුනාගෙන ගරු කිරීම ජීවිතය සාර්ථක කරවයි.

ගැහැනුන්ගේ පිරිමි අකමැති ම ගතිගුනය නොනවත්වා කරන අපහැදිලි කතාවයි. ව්‍යංගයෙන් විවිධ දෑ කියමින් මාතෘකාවෙන් මාතෘකාවට පනිමින් කරන කතාබහ ඔහුට නොතේරේ. නමුදු ඇගේ හිත රිදවීමට අකමැති ඔහු ඇගේ කතාවට සවන් දෙන්නාක් මෙන් රගපායි. ඔහු සවන් නොදෙන බව දැනුනු විට ඈ කෝප වන්නීය හඩන්නීය නවීන බිරියන් රහස් පැවසීට හොදම කෙනා සැමියා බවත් ඔහු කිසි විටකත් සවන් නොදෙන නිසා රහස එලි වීම ඔහු අතින් සිදු නොවන බවත් පවසා සමාජ මාධ්‍ය තුල පෝස්ට් ශෙයා කරන්නීය .

ඔබට අලුතින් ඇඳුමක් අවශ්‍ය නම් ඔබේ ඇදුම් පරන බව ,අහවල් සාප්පුවේ අලුත් ඇදුම් ඇති බව ඔබේ මිතුරිය අලුත් ඇදුම් ගත් බව ඔහුට පවසා කිසිදු තේරුමක් නැත. එයින් පවසන්නේ ඔබට ඇදුම් අවැසි බව ඔහුට කිසිසේත්ම නොතේරේ. ඒ වෙනුවට ඉතා සරලව මට ඇදුම් ගන්න ඕනි යන්න පැවසීම සෑහේ. ඔහු ඊට පිලියම් යොදනු ඇත.ඔහුට යමක් කීමට නම් කෙටියෙන් පැහැදිලි ව කීම පමනක් සෑහෙන බව දන්න ගැහැනු අල්පය. ඒ අල්පයටත් කොයිතරම් දැනුවත් උවත් ස්භාවික ගැහැනු ගති ඉස්මතුව ඔවුන්ට එක අමතක වේ

Image Credit - Envato

ගැහැනිය තමාට ඇති ගැටලුවක් ඔහුට ඉදිරිපත් කරද්දි ඔහු ආදරේ ප්‍රකාශ කරන්නේ ඇගේ ගැටලුවට ක්ශනිකව පිලිතුරු සොයා දීමට ක්‍රියාත්මක වෙමිනි. අවාසනාවට ගැහැනියට එය නොතේරේ. ඇයට අවශ්‍ය වන්නේ ඇගේ ගැටලු එකින් එකට ඇය සමග දුක් වන්න කෙනෙක් මිස විසඳන්න කෙනෙක් නොවේ. ඇයට ආදරේ දැනෙන්නේ ඈ හා දුක් වද්දීය. බොහෝවිට ඇයට ඇගේ ගැටලුව තනිව විසදාගැන්මට ශක්තිය ඉහලින්ම ඇත. නමුත් දුක නැමති හැගීම බෙදා ගැනීමට උදව් නම් අවශ්‍යමය. එසේ දුක බෙදා නොගෙන පිරිමියා ගැටලුව විසඳන්න උත්සාහ කිරීමේදී ඇයට දැනෙන්නේ ඔහු ආදරේ නැති ලෙසයි..

පිරිමියා ට ගැටලුවක් ආ විට මෙය හාත්පසින්ම වෙනස් වේ. එක වරකට එක දෙයක් පමනක් සිතීමේ හැකියාව ඇති පිරිමියා අන්ධව බිහිරිව ලවක් දෙවක් නැතුව තම ගැටලුවට පිලිතුරු සොයයි. ඇයට එම ගැටලුව පටවා ඈ පීඩාවට පත් කිරීම හෝ ඇය වෙහෙසවා පිලිතුරු සෙවීමට ඔහුට කිසිදු අවශ්‍යතාවක් නැත. නමුත් ඔහු කල්පනා කරනු දකින ඇය ඔහුට ගැටලු විසදීමට උදව් කිරීමට සිතා ඔහුගේ සිතුවිලි පරම්පරා බිදෙන සේ නොනවත්වා කතා කරයි. නැත හොත් ඔහු දුකෙන් යැයි සිතා දුක බෙදා ගැනීමේ වැලපිලි කතා සැනසිලි බස් කියමින් ඔහු සැනසීමට උත්සාහ කරයි. ඔහුගේ සිතුවිලි බිදී ඔහු කෝප වීමත් තමා සමග දුක බෙදා නොගැනීම නිසා ඇය දුකට පත් වීමත් එහිදී සිදුවේ.තම ගැටලුව ඇයට දී ඇය පීඩාවට පත් නොකර සිටීමට උත්සාහ ගත් පිරිමියා අවසානයේ අකාරුණික යැයි ඇය විසින් හංවඩු ගසයි.

නමුත් ඔහුගේ ගැටලුවකදී ඔහුට රිසිසේ කල්පනා කිරීමට සලසා තනි නොකර නමුත් නිහඩව ළඟින් ගැවසෙන ගැහැනිය ලද පිරිමියා තමා වාසනාවන්ත බව සිතයි.

එහෙත් ඕනෑම ගැටලුකාරි අවස්ථාවකදී ඒ ගැටලුව සම්පූර්ණයෙන් අමතක කර ලිංගික පිබිදීමක් ඇති කර ගැනීමට පිරිමියා දක්ශයෙකි. ඔහුගේ මනස විවිධ කාර්‍යන් සදහා වෙන් වෙන්ව හැඩ ගැසී ඇති නිසා ලිංගික සතුට කියන කොටස තෝරාගෙන අන් සියල්ල අමතක කර ලිංගිකව හැසිරීම ඔහුට සුලු දෙයකි. ගැහැනියට පිරිමියාගේ මේ හැසිරීම සිතාගැනීමටවත් නොහැකි අරුමයකි. මනස නිරවුල් නැතිනම් දරුවා අසනීපෙන් නම් බිල් ගෙවීමට නොහැකිව සිරව ඇත් නම් සම්පූර්ණ කලයුතු වැඩ ගොඩගැසී නම් ඇයට ලිංගිකව පිබිදීමක් ගැන සිතීමට වත් නොහැක. පිරිමි මනසේ එක් එක් කාර්‍යන් වෙන් වෙන්ව සටහන් උනත් ඇගේ මනසේ සියල්ලම එකට බැදී පැටලී ඇත. ඒ නිසා කුටුම්බයෙහි ගැටලුකාරී අවස්ථාවක ලිංගික ආරාධනා කර පිරිමියා අසහනකාරයා ලෙස බැනුම් ඇසීමත් ගැහැනිය හැගීම් නැත්තියක සේ බැනුම් ඇසීමත් නිතැතින්ම සිදුවේ..

Image Credit - Envato

ඇයට ආදරේ නම් ඈ විවාහ කරගෙන ඇය සමග ජීවත් වනවා මිස ඇයට දිනපතා උදේ හවා ආදරේ කීම පිරිමියාට ගෝචර නොවේ.ඔහු මහත් වෙහෙසක් දරා ඈ දිනා ගන්නේ ආදරේ නිසාය. ඔහු දීර්ඝකාලීන ව එක වරක් සිදු කර සාර්ථක යැයි සිතයි. ඇයට අවශ්‍ය එක නිතරම ඇසීමයි. ඇය සිය වතාවක් වුවත් ආදරේ යැයි ඇසීමට ප්‍රිය වන අතර ඔහු එසේ නොකියද්දී ඇය නිතරම ආදරේ දැයි විමසයි. එහිදී ඔහු කෝප වේ.

ලිංගික ජීවිතේදී පිරිමියා තමා වැඩි වේලාවක් ලිංගික කාර්‍යයෙහි යෙදෙමින් ඇය සතුටු කලා යැයි සිතද්දී ඇයට එය කොයිතරම් වෙලා කළාදැයි සිතීමට කිසිදු උවමනාවක් නැත. ඇයට කෙටි වේලාවකින් හෝ ලැබෙන සූරතාන්ත කිහිපයක් මිස දිගු වේලාවක් කරන දෙයකින් කිසිදු ප්‍රයෝජනයක් නැත. දීර්ඝ ලිංගික එක්වීමකින් පසු පිරිමියා සතුටෙන් ඉපිලී සියල්ල සම්පූර්ණ යැයි සිතද්දී ඇය කෝපයෙන් අනෙක් පසට හැරෙන්නේ මෙබැවිනි.

ගැහැනු හා පිරිමි යනු අන්‍ත දෙකකි ඇය සදු ගුණයෙන් ද ඔහු හිරු ගුනයෙන්ද යුක්තය. ඇය නොනවත්වා කතා කරද්දී ඔහු දිගින් දිගටම සිතයි. ඇය ආදරය බෙදයි ඔහු ආරක්ෂාව ස්තාවර භාවය ගැන වද වෙයි. කොයිතරම් වෙනස් ගතිගුනෙන් නොගැලපීමෙන් යුතු වූවත් ගැහැනිය හා පිරිමියා තරම් එක් වූ විට සුන්දර බැඳීමක් ලොව නැත. එය මිනිස්සුන්ට පමනක් නොව සතුන්ට ද පොදුය.පිරිමියාගේ ජානගත මේ ස්භාවය තේරුම් ගත් ගැහැනියට ඔහු හා ආරවුලකින් තොරව ජීවත් විය හැකි වෙයි. පිරිමියාද ඇය ඉදිරියේදි නම්‍යශීලී උවහොත් ජීවිතේ සුන්දර වේ.

මෙහිදී පිරිමියාට අවැසි ලෙස ගැහැනිය සම්පූර්ණයෙන් වෙනස් වී තමන් ගේ ස්ත්‍රී භාවය අමතක කල යුතු යැයි කීම ලෝක දහමටකරන නිගාවකි. ඒ නිසා තේරුම් ජීවත් වීම යහපත් බව කිව හැකිය..



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us