Helabima

විවාහයෙන් පසු මහ ගෙදර පදිංචි උනොත් මේ දේවල් හීනයක් විතරයි

මේඝනා මන්දෝදරී


හදින් හදට මැවුණු පෙම් සිහින මල්පල ගැන්විලා මංගල සීනු මැදින් විවාහප්‍රාර්ථ වන නව යුවලක් මුලින්ම මුහුණ දෙන අභියෝගය තමයි පදිංචි වෙන්නෙ කොහෙද කියන එක . ලංකාවේ අති බහුතරයක් තවමත් විවාහ වෙලා පදිංචි වෙන්නේ සැමියගෙ මහගෙදර . තව පිරිසක් බිරිදගෙ මහගෙදර පදිංචි උනත් බොහෝම සුලු පිරිසක් තමයි අලුත්ම නවාතැනක කූඩු වෙලා ලස්සනට ජීවිතේ පටං ගන්නෙ.

ඇත්තෙන්ම එහෙම තනි නිවසක අලුතින් ජීවිතේ අරබන යුවලකට කවදාවත් අමතක නොවෙන අති සුන්දර අත්දැකීම් ගොන්නක් ම ලැබෙනව . එකිනෙකාට එකිනෙකා විතරයි කියලා දැනෙද්දි ඒ දෙන්නගෙ බැදීම ගොඩාක් ශක්තිමත් වෙනව වගේම මුල ඉදලා ම ස්වාධීන වෙලා ජීවිතේට හොඳ ස්ථිර අඩිතාලමක් වැටෙනව .

කෙනෙක් ගෙ මහගෙදර පදිංචි වෙද්දී අනෙකා නුපුරුදු නිවසක ආගන්තුකයෙක් වගේ ලොකු කැළඹීමකට පත් වෙනව ..ඉතින් ඒවගේ යුවලකට ඒක කොයිතරම් අවාසිද කියලා හොයා බලමු

Photo by Vlada Karpovich from Pexels

බැඳපු අලුත සහකාරයා සහකාරිය එක්ක පුලුවන් හැම මොහොතෙම ළඟින් ඉන්න පුංචි තට්ටුවක් හාදුවක් හදිසියේ කරන වැලදගැනීමක් ජීවිතේ සතුටින් පුරවාලනවා. මහගෙවල්වල පදිංචි යුවල් වලට නම් ඒවගේ දේවල් වලට ගොඩාක් පරිස්සං වෙන්න වෙනව . මොකක්ද බහුතරයක් වැඩිහිටියන් හැමෝම ඉස්සරහ ගහ බැන ගන්න එක මිස ආදරෙන් ඉන්න එක අනුමත ක්රන්නෙ නැති නිසා .

 

Picture Credit - Envato

අලුත් ජෝඩුවක් වැරදි වැරදී කුස්සියට වැදිලා දෙන්න එක්ක උයන්න ගිහින් ඒ සතුට හරියට වින්දොත් මහලු වෙනකම්ම ඒ දෙන්න කුස්සියෙ එකට උයන්න පුරුදු වෙනව . බොහෝවිට අලුත් මනාලියන් ඉවීමට නුපුහුණු නිසා සුන්දර රසවත් අත්දැකීම් රාශියක් ජීවිතේට එකතු කරගන්න පුලුවන් . නමුත් ලංකාවේ බොහෝ වැඩිහිටියන් පිරිමි කෙනා කුස්සියේ ඉවීම බිරිඳට සහයෝගය දැක්වීම ඒතරම් අනුමත නොකරන නිසා ත් කුස්සියේදි වෙන්න පුලුවන් රෝමාන්තික සිදුවීම් වලට ඇති ප්‍රතිරෝධය නිසාත් බිරිඳ තනිව උයනවා මිස දෙන්නට එක්ව ඉවීමක් මහගෙවල් වල ඉන්න අයට කරන්න වෙන්නෙ නෑ . ඉවීම සුන්දර වෙනව වෙනුවට තනියම උයන්න යි අඩුපාඩු වලට හිත් නොහොඳ වීම් ඇති කරගන්න යි නිසා මනමාලි ට ඉවීම එපාම වෙන්නත් පුලුවන්

රෑ වෙනකං ඇහැරිල දෙන්න එක්ක චිත්‍රපට බලන්න කතා කරකර සමහර වෙලාවට සිහින් මධු විතකින් සප්පායම් වෙමින් සුන්දර හෝරාවල් ගෙවන්න අලුත බැදපු ජෝඩු ගොඩාක් ආසයි ඒවගේම ටිකක් දවල් වෙනකම් දෙන්න එක්ක නිදා ගන්න එකත් ඒ වගකීම් රහිත කාලෙදි ලොකු සතුටක් ගේනව . ඒත් මහගෙවල්වල ඉන්න අයට හිතූ වෙලාවට රෑ තිස්සෙ ඇහැරන් ඉන්න හෝ දවල් වෙනකම් නිදාගන්න ලැබෙන අවස්ථා ගොඩාක් අඩුයි.

යාළුවෙලා ඉන්න කාලේ හොරෙන් ගිය ගමන් බිමන් බැන්දට පස්සෙ එලිපිට යන්න ආසාවෙන් හිටියත් දෙන්න එක්ක තනිවම එහෙමෙහෙ යාම ගොඩාක් වැඩිහිටියන් ට රුස්සන්නෙ නෑ . ෆිල්ම් එකක් බලන්න හෝ රාත්‍රි ආහාරයකට හෝ ට්‍රිප් එකක් හෝ ගෙදර අයට නොකියා හොරෙන් හොරෙන් ලෑස්ති වෙලා යන්න ගොඩාක් අය පෙලබෙන්නෙ පවුලේ අය නැතුව ජෝඩුව ගමන් යන්න ගෙයින් පිට වෙන එක පවුලේ අයගෙ හිත් නරක් කරන දෙයක් නිසා ..හිතූ වෙලාවට එලියට යන්න හිතූ වෙලාවට ගෙදර එන්න බැදලා ත් අවස්ථාව නොලැබෙනව වගේම ගමන කොහොම හරි යනව නම් පවුලේම අයට ඒගැන පැහැදිලි කරන්න ත් ගිහින් ආවම පස්සෙ වෙන ගැටලු වලට මුහුණ දෙන්නත් අනිවාර්යයෙන් සිදු වෙනව

දෙන්න කැමති කෑම බීම හදාගන්න හෝ පිටින් ගෙන එන්න සිදුවීමේදී තමයි ඊලග ගැටලුව . සමහර ගෙවල්වල ආගමික සංස්කෘතික ගැටලු සමහර වැඩිහිටියන් ගෙ අසනීප සමහර මතිමතාන්තර නිසා දෙන්න කැමති දෙයක් කන්න බොහෝවිට තහංචි පැනවෙනව. නිවසට පිටින් ආ කෙනා මෙහිදී ගොඩාක් අපහසුතාවට පත් වෙනවා.හිටපු කෙනා නම් ඒ ආහාර රටාව හුරු නිසා එයාට නම් මේක ගැටලුවක් වෙන්නෙ නෑ

හැම ගෙදරම කාමර වලට එක ගානේ රූපවාහිනී නැති නිසා ගෙදර පොදු රූපවාහිනීයම ගෙදර අය බලන්න කැමති ඒවම බලන්න අලුත් යුවලට සිදුවෙනව. දෙන්න එක්ක තුරුල් වෙලා ලං වෙලා ෆිල්ම් එකක් බලන්න නම් තමන්ගේ කාමරේට ටීවි එකක් ගන්න ම වෙනව .

Photo by Vlada Karpovich from Pexels

දෙන්න එක්ක එක්ව නාන කාමරේ ආදරනීය ස්නානයක් ලබාගන්න එක විවාහක යුවලක් සතුටෙන් පුරවන අවස්ථාවක්. ලිදක වැවක නාන අයට නම් ටිකක් හරි ළඟින් ඉදලා මේ අත්දැකීම විදින්න පුලුවන් උනත් මහගෙදර පොදු නානකාමර භාවිත කරන අයට නම් මේ අවස්ථාව ලැබෙන්නෙම නෑ

Picture Credit - Envato

සාමාන්‍ය ලංකාවේ ක්‍රමේට හදපු ගෙයක පදිංචි යුවලක් නම් ඊලග ලොකුම ගැටලුව එන්නෙ ලිංගික ජීවිතේ දි. දවාලක නම් ජනේලෙ වැහුව ගමං ගෙදර ම මිනිස්සු දැන ගන්නවා .ඇදේ සද්දෙ නො ඇසෙන්න හුස්ම උඩට අල්ලන් අතෙන් කට වහගෙන සද්දෙට රේඩියෝ ඔන් කරගෙන ගොඩාක් අමාරුවෙන් ඒ මොහොත ගෙවා දමන්න මහගෙවල්වල පදිංචි යුවලවල් වලට සිද්ද වෙන හරි ම දුක හිතෙන දෙයක් . ඒවගේම කාමරේ ම නැතුව නිවසේ විවිධ තැන්වල ලිංගික ව එක්ව සුන්දර මොහොතක් ගත කරන්න තියන අවස්ථාවත් කවදාවත් නොලැබෙන නිසා හැමදාම ඒකාකාරී ජීවිතයක් තමයි ඔවුන්ට ලැබෙන්නෙ. නිසි ලෙස හැගීම් පිට කරගන්න බැරිව ආරක්ෂාව ගැන වද වෙවී ඒ සොදුරු මොහොත අදුරු වීම ගොඩාක් ගෘහ ගැටලු වලට හේතුවක් .

මහ ගෙවල්වල පදිංචි උනාම යුවලේ ගෙදර හිමි කෙනා බොහෝවිට තමන්ගේ රාජ්‍ය නිසා වගකීම් ගන්න පෙලබෙනව අඩු වෙනව ජීවිතේට අවශ්‍ය ස්වාධීන කම කෙලින් තීරණ ගන්න අරපිරිමැස්මෙන් හොඳ කළමනාකරණයකින් ගෘහ ජීවිතයක් ගෙවන්න මේව්ගේ අයට ටිකක් අපහසු වෙනවා. මහගෙවල්වල ඉන්න අය තමන්ගේ දියුණුව සලසා ගන්න තනිව ඉන්න යුවල් වලට වඩා ලොකූ පසුබෑමක් දක්වනව. ගෙදරක් හරියට කලමනාකරනය කරගන්න දෙන්නටම අවස්තාව නොලැබීම නිසා දෙමාපියන් යටතේ දෙවන පන්තියෙ පදිංචිකරුවන් ලෙස ඉන්න සිදු වෙනව . තම ආධිපත්‍යක් තමන්ගේ යුග ජීවිතේ පතුරවන්න මේ අයට තියන අවස්ථාව හරි ම අඩුයි.

Photo by RODNAE Productions from Pexels

කොයි තරම් ආදරණිය යුවලක් වුනත් පුංචි මත ගැටුම් ආරවුල් ඇති වීම ස්භාවිකයි. එහෙම රන්ඩුවකින් පස්සේ  යාලු උනාම උදා වෙන මොහොතත් හරි සුන්දරයි. දෙන්න දෙමහල්ලන්ගේ ආරවුල් බත ඉදෙනකම් විතරයි කියලත් කියන්නේ ඒ නිසා. මහා ගෙවල් වල ඉද්දි පුංචි ගැටළුවක් අවත අනික් ය ඊට මැදිහත් වෙනවා . බොහෝවිට ගෙදර අය තමන්ගේ එකාගේ හෝ ඒකිගේ පැත්ත අරගන්න නිසා අනිකා දැඩි සේ පිඩාවට පත් වෙනවා . දෙන්න ඉන්නේ තනිව නම් දෙන්නට දෙන්න විතරක් නිසා ආරවුල ඉක්මනින්  අවසන් කලත්  පවුලේ අය ඉන්න කෙනා අනිකාව පහත කිරීමට හෝ ගණන් නොගෙන සිටීමට උත්සහ දරනවා .  පුපුරු මහා ගින්නක් වෙන්න මේවගේ වෙලාවට අඩිතාලම වැටෙනවා. ඒ නිසා මහා ගෙදර ඉන්න අයට තම ගැටළු තනිව විසදගන්න නොලැබීමත් ලොකු අවාසියක්

මහගෙදර පදිංචි යුවලකගෙ පිටින් ඇවිල්ල පදිංචි උණ කෙනා අලුත්ම ගේකට අලුත් සාමාජිකයන්ට අලුත් රටාවකට ඇතැම් විට අලුත් දේශගුනයකට හුරු වෙද්දී ඔහුගේ හෝ ඇයගේ සැහැල්ලු ගති පැවතුම් සම්පූර්ණයෙන් යටපත් වෙලා අලුත් තැනට හුරුවීම කියන මනෝභාවය විසින් ඒ කෙනාව වෙලා ගන්නවා . ඉතින් පෙර පෙම්කර සිහින මැවූ සොදුරු මොහොතවල් රාශියක් අහිමි වෙනව . නැන්දම්මා මාමන්ඩි ආදී ගැටලුවක් පැන නැගුනොත් මේ තත්වෙ තවත් බරපතළ වෙනව . ඒ නිසා බලාපොරොත්තු වූ සුන්දරත්වය විවාහයේ නෑ කියලා දෙදෙනාම ලොකූ කලකිරීමක් ඇති කර ගන්නවා .

ඉතින් දරුවො මල්ලො ලැබිලා වගකීම් දරන්න පෙර ජීවිතේ පටං ගත් මුල්ම කාලේ පුලුවන් නම් අවුරුද්දක් දෙකක් වත් වෙනම කුලී කාමරේක හරි ඇනෙක්ස් එකක හරි ජීවත් වෙන්න . ජන වහරේ කියන විදියට හාල් හුන්ඩුවක් උයන් කාලා ඉන්න ඒ ජීවිතේ හැමෝම විදින්න ඕනි රසවත්ම කාලයක් කියලා දැන් ඔබට ත් හිතෙනවා නේද

 

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us