Helabima

ඔබේ දෛවය වෙනස් කරලා වාසනාව ගේන ලුණු

මෙවන් රිටිගල


ලුණු ඉපදෙන්නේ පෘතුවියේ මත වැඩිම ඉඩ ප්‍රමාණයක් වසා සිටින සාගර ජලයෙන්. මොන ආහාරය සැකසුවත් ලුණු කියන්නෙ නැතුව ම බැරි දෙයක්නෙ .ලුණු අනාදිමත් කාලෙක ඉදලා ලොව පුරාම ජනතාව පිරිසිදු කාරකයක් විදියට පාවිච්චි  කලා. ඇත්තෙන්ම ලුණු වලින් භාහිර භෞතික පිරිසිදු කිරීම් විතරක් නෙවෙයි අප වටා රැදිලා තියන අපිරිසුදු අසුබ ශක්තීන් පවා පිරිසිදු කරන්න පුලුවන් . අපේ ජීවිතේ කඩාවැටීම් ලෙඩ දුක් පරාජයන්ට හේතු වෙන මේ අසුභ ශක්තිය ලුණු භාවිත කරලා ඉවත් කරන හැටි අපි අද ඔබට කියා දෙනව .

අපේ ජීවත වලට යහපත් ශක්තීන් ඇතුල් වෙන්නෙ අයහපත් ශක්තීන් ඉවත් කරොත් විතරයි . අපේ නිවස අපේ ශරීරය පවා එසේ අභ්‍යන්තර පිරිසිදු වීමකට පත් වුනාම දියුනුව නොනැවතී ගලා එන්න පටං ගන්නවා . ඉතින් කොහොමද ඒ රින ශක්තීන් ඉවත් කරන්නෙ. මේකට පාවිච්චි කරන්නෙ මුහුදු ලුණු. අපි කන්න ගේන ලුනු කැට උනත් මේ වැඩේට ප්‍රමාණවත්. මතක තියාගන්න ලුණු කුඩු නම් කීයටවත් මේකට පාවිච්චි කරන්න එපා.

මේ වැඩේට කන්න ගේන ලුණු ප්‍රමාණවත් උනත් මුහුදෙන්ම ලබාගන්න මුහුදු ලුණු භාවිත කරන්න පුලුවන් නම් ඔයාට ලැබෙන ප්‍රතිපල විශ්මිත වෙයි.

Image by Bruno /Germany from Pixabay

මුලින්ම ලුණු ගැන පුදුම හිතෙන කරුණු ටිකක් ඔබට කියන්නම් මේවගේ ගුප්ත දේවල් කතා කරද්දි බොහෝ අය මේ දේවල් පෙරදිගට අයිති දේ කියලා වෙන් කලත් ගුප්ත කටයුතු සදහා වැඩියෙන්ම ලුණු භාවිත කලේ යුරෝපය. කෙනෙක් අතින් ලුණු බඳුනක් ඉහිරී යාම කෑම මේසෙදි ලුණු බෝතලය පෙරළී හැලී යාම අපිට වින කරන්න බලාගන ඉන්න දුශ්ට ආත්ම වලට අත වැනීමක් විදියට  යුරෝපෙදි හදුන්වනවා. හැලොවීන් දවසෙ  කෑම මේසෙදි ලුණු හැලුනොත් නම් ඒක අතිශය භයානක දෙයක් විදියට තමයි හදුන්වන්නෙ. කෑම මේසයකදි ලුණු බඳුන ඉහිරුනාම එතන අය අතර භේද බින්න ආරවුල් මරණය පවා ලගා කරන්න පුලුවන් කරුනක් විදියට තමයි සැලකුනේ. ලියනාඩෝ ඩාවින්සි ඇදපු ලාස්ට් සුපර් නැත්තං ජේසු තුමාගෙ  අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය චිත්‍රයෙ පවා ජුදාස් ඉදිරියේ ඇති ලුණු බඳුන පෙරළී ගිහින් කියලා   ඔබට නිරීක්ෂණය කරන්න පුලුවන් .එම භෝජන සංග්‍රහයෙන් පසු ජේසු තුමා කුරුසයේ තබා ඇන ගැසීමත් ජුදාස් සියදිවි නසා ගැනීමත් සිදු උනා. බලන්න ඒ ලුණු බදුනෙන් අවාසනාව පෙන්නුම් කල විදිය..දෙවන එලිසබත් මහරැජින පවා ලුණු බදුන් ඉහිරීම ගැන කනස්සල්ලට පත්වෙන බව සදහන් ..

ඉතින් ඔබ අතින් ලුණු බඳුනක් හැලුනොත් ඉක්මනින් ඒ ලුණු ටිකක් අරං කතා නොකර පස්ස නොබලා වම් උරහිසට එපිටින් විසි කරන්න එවිට ඔබට එන්න තියන කිසිදු අසුභයක් ක්‍රියාත්මක වෙන්නෑ.

දැන් බලමු ඔබේ නිවසේ අසුබ ශක්තීන් ඉවත් කරන්න ලුණු පාවිච්චි කරන්නෙ කොහොමද කියලා . මං කලින් කිව වගේ මෙයට කැට ලුණු පාවිච්චි කරන්න . අනිවාර්යයෙන් ම  ගෙදර ලුණු බෝතලෙන් නොගෙන වෙනම පැකට්ටුවකින් මේ සදහා ලුණු ගන්න .

මෙතන දි ඔබට මතක් කරන්න ඕනි විශේශම දේ තමයි නිවසේ අසුභ රින ශක්තිය උරාගත් ලුණු බඳුනක් ගේ ඇතුළෙ හැලීයාම , ආහාරයට ගැනීම,  මිදුලට විසි කිරීම ඉතාමත් භයානකයි ඒ නිසා අපි මේ දැන් කියන්න යන ලුණු බදුන් කාටවත් කකුල නොගැහෙන කොස්ස වැදිල හරි සුරතල් සතෙක් අතින් හරි පෙරලෙන්නෙ නැති විදියට තියා ගන්න එක අනිවාර්යයෙන් කරන්න ඕනි.

ඔබට පුංචි දරුවො ඉන්නවා නම් ඒ අය මේ ලුණු අතපතගෑමෙන් කටේ දමා ගැනීමෙන් වලක්වන එකත් අනිවාර්යයෙන් කරන්න ..

දැන් හැරෙමු ලුණු වලින් කරන්න යන මේ භාරධුර වැඩේ දිහාවට . මේක සාමාන්‍යයෙන් සෙනසුරාදා හවස හය හත අතරෙ කරන්න පුලුවන් නම් ඉතා වටිනව . මුලින්ම ගන්න වීදුරු බඳුනක්. සරලව ම ජෑම් බෝතලයක් හොදටම ඇති. අර කලින් කිව්ව මුහුදු ලුණු හරි කඩෙන් අලුතින් ගෙනා කැට ලුණු හරි දාලා  මේ බෝතලේ බාගයක් පුරවන්න දැන් ඔබේ ලුණු බඳුන සූදානම් .

ඔබට ආර්ථික ගැටලු රැකියා ගැටලු තියෙනවා නම් ගෙදර වාස්තු දෝෂ තියෙනවා නම් මේ බඳුන සාලෙ මුල්ලකින් තියන්න.  ගෙදර දිගටම අසනීප වෙන නිතරම අසනීප වෙන කෙනෙක් ඉන්නවා නම් ඒ බදුන අසනීප කෙනා ඉන්න කාමරෙන් තියන්න. ඔයාගෙ ගෙදර රංඩු මත ගැටුම් වලින් ඔබ හෙම්බත් වෙලා නම් මේ බෝතලේ තියන්නෙ නාන කාමරේ . ඔබේ දරුවා ඉගනගන්න දුර්වල නම් ඈලි මෑලිව පාඩම් අතපසු කරනව නම් ඔහු පාඩම් කරන තැන බිමින් මේ ලුණු බදුන තියන්න .

Image by Philipp Kleindienst from Pixabay

ඔබේ වයාපාරයේ දියුණුව බලාපොරොත්තු වෙනව නම් ව්‍යාපාරය තියන තැන උනත් මේක තියන්න පුලුවන් .

ඉන්පස්සෙ හරියටම සතියකට පස්සෙ ඒ කියන්නෙ නැවත එන සෙනසුරාදා මේ හැම  ලුණු බඳුනකම තියන ලුනු ගලා යන වතුරට විසි කරන්න . කොමඩ් එකට දාලා ප්ලශ් කරන්න ත් පුලුවන් .

ඉන්පසු ඒ භාජනය පිරිසිදු කරලා නැවත අලුත් ලුණු පුරවල තියන්නත් අමතක කරන්න එපා .

මතක නේ කීයටවත් මිදුලට විසි කරන්න ගේ තුල හලාගන්න කෑමට මිශ්‍ර වෙන්න දෙන්න නම් එපා .

දැන් සමහර අයට මේව්ගේ ගැටලු කීපයක් තියෙනවා නම් ඒ තියන තැන් කීපයෙම  ලුණු බදුන් තියන්න පුලුවන් ද කියලා හිතෙයි. ඔව් අනිවාර්යයෙන් පුලුවන් .ඔබට තියන ප්‍රශ්න අනුව අවශ්‍ය තැන් දෙකතුනක උනත්  එකවර ලුණු බදුන්   තියාගන්න පුලුවන් .

එවගේම ගෙදර ලොකූ ගැටලුවක් නැති උනත් අහිතකර පුංචි දෙයක් හෝ තියෙනවා නම් ඒ නපුර අයින් කරලා සදාකල් සතුට ලබාගන්න කැමති කෙනෙකුට  ගෙදර ප්‍රදාන මුලු හතරේ මේව්ගේ ලුණු බදුන් හතරක් තියන්න පුලුවන් . සත් දිනකින් ඒවා බැහැර කරලා අලුත් කරන්න ත් අමතක කරන්න එපා .

ඔයාට තියන්නෙ පරන ගෙයක් නම් ගෙදර මොප් කරද්දි ඒ වතුරට ලුණු එක් කරන්න .එවිට  කාලයක් තිස්සෙ ගේ ඇතුළෙ පල් උණ නරක ශක්තින්ට ඒ නිවස හැර යන්න ම වෙනව

ඔබේ පුද්ගලික ජීවිතේට ගැටලු කරදර එකපිට එන කාල වලදි ලොකූ බාජනේකට වතුර පුරවල ලුණු ටිකක් දිය කරලා ඒකෙන් ස්නානය කරන්න . සතියකට පාරක් වත් මුහුදු වතුරින් ස්නානය කිරීමත් හොඳ පිලියමක්.

නිතරම ලුණු මිශ වතුර බඳුනක කකුල් දෙක දාගෙන ඉන්නවා නම් ඔබට අසුභ කිරන ආකර්ශනය වීම විශාල ලෙස අඩු වෙනව

පුංචි පොලිතින් බෑග් එකකට ලුණු ටිකක් දාලා ඒක ඔබේ මුදල් පසුම්බියට දාලා තියාගෙන බලන්න ඔබ ඒ ප්‍රතිපලයට අනිවාර්යයෙන් පුදුම වේවි.

ඒවගේම ඉස්සර ඉදලා පෙරදිග මිනිස්සු විරුද්ධව ලිංගිකයෙක් ගෙ අතින් තමන්ගේ අතට ලුණු ගත්තෙ නෑ එහෙම ලුණු හුවමාරු උනොත් ඒ දෙන්න අතර ලොකු බැඳීමක් හට ගන්නවා කියලා විශ්වාස කරා. ඉතින් බැඳීමක් ඇති කරගන්න කැමති කෙනෙක් එක්ක ලුණු හුවමාරු කරන්න පුලුවන් නම් බැදීම ශක්තිමත් කරගන්න ඔයාට අවස්ථාව ලැබෙයි.

ඇතැම් රටවල මංගල උත්සව වලදි අමුත්තන් යුවලට ලුණු ඉහිනව. ඒ ඒදෙදෙනාට බැල්ම හෙලන අදුරු ආත්ම පලවා හැරලා ජීවිතේට සතුට ලගා කරන්න .

ඉතින් පෙරදිග අපරදිග මුලු ලෝකෙම ජනතාව තමන්ගේ ජීවිතේට සතුට කැඳවන්න ලුණු ප්‍රයෝජනයට ගන්න හැටි දැන් ඔබ දන්නවා .

එහෙනම් මේ එළඹිලා තියන්නෙ ඔයාගෙ ජීවිතේට සතුට ගෙන අවස්ථාව  .



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us