Helabima

ජිවිතේ ප්‍රශ්න අවසන් කරලා සිතු පැතු සම්පත් දෙන රහසක්

බිනරි ඇතුගල


ජීවිතේ ප්‍රශ්න කරදර වලින් මිදිල සෞභාග්‍යය ලගා කරගන්න අපි හැමෝම කැමති . බොහොම සුලු දේවල් වලින් සෞභාග්‍යය අපි ලගට ලගා කරගන්න තියෙනවා නම් ඒක අපේ රටේ ක්‍රමයක් ම වෙන්න ඕනි නෑ නේද . අන්න ඒනිසා නිදාගන ඉන්න යෝධයා කියලා හඳුන්වන චීනෙ උපන් සාස්ත්‍රයක් ගැන තමයි අපි දැන් මේ කියන්න යන්නෙ. චීන වාස්තු සාස්ත්‍රය එහෙම නැත්තං ෆෙන්ග්ශුයි ගැන ඔයාලා හැමෝම අහල තියෙනවා නේ. ඉතින්  අපි හිතුවා ඔයාලගෙ ජීවිතේට සෞභාග්‍යය ගේන බොහොම සරල ෆෙන්ග්ශුයි රහස් තොගයක් ම ඔයාලා එක්ක බෙදා ගන්න ..

By djoronimo/Envato

ෆෙන්ග්ශුයි වල මූලිකම තැන ලැබෙන්නෙ පිරිසිදු කමට. ඔයාගෙ ගෙදර පරන ලට්ට පට්ට පිරිලා දූවිලි පිරිලා දවල් කාලෙත් අදුරෙ තියන ගෙයක් නම්, ගෙට ඇතුල් වෙද්දී ම තියන්නෙ දැක්කම හිතට සතුට දෙන දෙවල් නෙවෙයි නම් ඒවගේම ගේ පුරා බඩු මුට්ටු වලින් ඉඩ ඇහිරිලා නම් ඔයාට වාසනාව උදා වෙන්නෙ බොහොම අඩුවෙන්. බලන්න ඔයාගෙ ගෙදර පරන රෙදි පරන පත්තර ඉරුණු ඇදුම් පිච්චුන බල්බ් ඉවර උණ බැටරි නතර උණ ඔරලෝසු වගේ කාටවත් ප්‍රයෝජනයක් නැති කුණු කසල ගොඩ ගැහිලා ද කියලා , ඒවගේම කැඩුණු බඩු කැඩුණු වීදුරු එහෙම ගෙදර අහුමුලු වල තියෙනවා ද කියලා . එහෙනම් ඔබ අදම ගේ පිරිසිදු කරන්න. අනවශ්‍ය පරන දේවල් සම්පූර්ණයෙන් විසි කරලා විශේෂයෙන් ඇදන් යට පිරිසිදු කරන්න . ඊටපස්සෙ දුන් අල්ලන කබලකට පොල්කටු අගුරු දාලා සියුම්ව කුඩු කරපු කුරුදු කුඩු ඒ අගුරු වලට දාලා මුලු ගේම කුරුදු වලින් සුවද කරන්න . කුරුදු කියන්නෙ ධනය ආකර්ශනය කරන මූලික ම දෙයක් ..

ඔයාගෙ ප්‍රදාන දොරෙන් ගෙට එද්දී ම කණ්ණාඩියක් හරි පරාවර්තනය වෙන වීදුරුවක් තියන ෆොටෝ එකක් හරි තියෙනවා නම් අදම ඒක අයින් කරන්න . අන්න ඒ කණ්ණාඩිය ඔයාගෙ ගෙදරට එන යහපත් කිරන ආයමත් හරවා යවනව..ඒක සෞභාග්‍යය ලබාගන්න ලොකූ බාධාවක්

ඔයාගෙ ගෙදර තියන හැම ඔරලෝසුවක්ම හොදින් වැඩ කරන මට්ටමේ තියන එක ත් සෞභාග්‍යය කැදවන රහසක්. ගෙදර ලොකූ ම ඔරලෝසුව අනිවාර්යයෙන් හොදින් ක්‍රියාත්මක වෙන්න ඕනි.ඒකෙ බට්ටෙක් පැද්දෙනව නම් ඒ බට්ටාත් හොදින් ක්‍රියාත්මක වෙන්න ඕනි. කැඩුණු බැටරි බැස්ස ඔරලෝසු ඔබට අවාසනාව ගේනව . මෙන්න තව රහසක්. ඔයාගෙ සල්ලි දාන ලාච්චුවේ හරි සල්ලි දාන පර්ස් එකේ හරි වැඩ කරන අත් ඔරලෝසුවක් තිබ්බොත් ඔයාට මුදල් ලැබීමෙ සැබෑ වෙනසක් අත් දකින්න පුලුවන් . ඒවගේම පර්ස් එක ට කුරුදු කෑල්ලක් දාන්න ත් අමතක කරන්න එපා .

By Artem_ka/ Envato

දැන් කියන්න යන්නෙ ඔයාගෙ කෑම මේසෙ රස කෑම වලින් පුරවන්න ඔයාට කරන්න පුලුවන් ෆෙන්ග්ශුයි රහස් ගැන .. චීන ජාතිකයො තමන්ගේ කෑම කාමරේ දොඩම් ගෙඩි වල හරි දෙලුන් ගෙඩි වල හරි ෆොටෝ එල්ලනව. කෑම මේසෙ උඩ ඒ අය ලස්සන කූඩෙක දොඩම් පුරවල තියෙනවා . ඔයාට ඇත්‍ත දොඩම් තියාගන්න බැරි නම් ප්ලාස්ටික් හරි කෘතිම වෙන දේකින් හරි හදපු ඇත්ත වගේ පේන දොඩම් උනත් මේකට පාවිච්චි කරන්න පුලුවන් . ඒවගේම තමන්ගේ කෑම මේසෙ කෑම තිබ්බම කෑම දෙගුණ වෙලා පේන කන්නාඩියක් එල්ලුවොත් ඔයාට කවදාවත් රසවත් ආහාර පාන වලින් අඩුවක් වෙන එකක් නෑ .. ඒ ක්‍රමේ ඔයාගෙ සල්ලි දාන ලාච්චුවට උනත් පාවිච්චි කරන්න පුලුවන් . සල්ලි දාන ලාච්චුවෙ කන්නාඩියක් සවි කරාම ඔයාට සල්ලි ලැබීමේ වාසනාව අනිවාර්යයෙන් වැඩි වෙනව .

ඔයා විවාහයක් කරගන්න හීන දකින කෙනෙක් නම් ඔන්න මේ රහස් ඔයාට . ඔයා ආදර බැඳීමක් බලාපොරොත්තු වෙලා ඉන්නවා නම් එහෙම නැත්තං තියන ආදරේ ශක්තිමත් කරගන්න ආසාවෙන් ඉන්නවා නම් විවාහ ජීවිතේ ආදරේ මදි කියලා හිතනව නම් ඔයාගෙ ගෙදර හෝ කාමරේ කිසිම තැනක තනි සතෙක් ඉන්න රූප ප්‍රතිමා තියන්න එපා . තනි මිනිස් ප්‍රතිමා තියන්නත් එපා . ආදරනීය යුවලවල් සතුටෙන් ඉන්න ෆොටෝ ආදරනීය සතුන් යුවලවල් ඉන්න ෆොටෝ යුවලක් ඉන්න ප්‍රතිමා සත්තු ජෝඩු වගේ දේවල් ඔයාගෙ කාමරෙයි ගෙදරයි තියා ගත්ත ම ඔයාට ඉබේම ආදර වාසනාව උදා වෙනව . ඔයා නිදාගන්න කාමරේ ෆියෝනි මලක ෆොටෝ එකක් හරි මැන්ඩරින් තාරා යුවලකගේ පිළිම දෙකක් හරි තියා ගත්තොත් ඔයාට මේ වාසනාව ඉක්මනින් ම ලබාගන්න පුලුවන් . ඔන්න අමතර දෙයක් . ඔයාගෙ නිදන කාමරේ ඇද යට හිස්ව ද බලන්න . ඇදවල් යට බඩු මුට්ටු පරන දේවල් ගොඩ ගහල තියෙනවා නම් අනිවාර්යයෙන් ඔයා හොයාගෙන අසනීප එනව .ඇදට උඩින් බාල්කයක් තියෙනවා නම් ඒත් එහෙමයි. ඔයා විවාහ වෙලා නම් ඉන්නෙ ඔය දෙන්න ඇදේ නිදාගන ඉද්දි ඔය දෙන්න වෙන් වෙන්න බාල්කයක් වහල උඩ තියෙනවා නම් ඒ තැනින් ඇද පුලුවන් ඉක්මනින් ඉවත් කිරීම තමයි කල යුත්තේBy twenty20photos/ Envato

අපි ඊලගට බලමු කුස්සිය ගැන . ඔයාගෙ කුස්සිය තමයි ගෙදර වාසනාවෙ මූලස්ථානය . කුස්සිය අපිරිසුදු නම් කුණු කන්දල් පිරිලා අපිරිසුදු වෙලා නම් ඔයා හොයාගෙන අනිවාර්යයෙන් අවාසනාව එනව . කුස්සිය නිතරම පිරිසිදු ව පිලිවලට වියලිව තියාගන්න . කුස්සියෙ නාන කාමරේ වතුර බට වලින් වතුර කරාම වලින් වතුර වෑස්සිලා අපතෙ යනව නම් ඔයාට කවදාවත් මුදල් ඉතුරු කරන්න ලැබෙන්නෑ. අනිවාර්යයෙන් ඒ නල පද්ධති හරි ගස්සන්න. වතුර අපතේ යවන අය සල්ලි නාස්ති කරනව කියලා තමයි චීන ෆෙන්ග්ශුයි වල තියන්නෙ .

සමහර ගෙවල්වල ලිප් දෙකතුනක් තිබ්බට පාවිච්චි කරන්නෙ එක ලිපයි. ඔයාගෙ ගෙදර ත් එහෙම නම් වහාම අද ඉදලා ලිප් ඔක්කොම උයන්න පාවිච්චි කරන්න හැමදාම නැතත් නිතරම හරි . ඔයාට දැනෙයි නව ආදායම් මාර්ග හැදිල ඔයාට ධනය ලැබීම වැඩි වෙනව කියලා

කටු තියන ගස් වලට පතොක් ගස් වලට නම් ෆෙන්ග්ශුයි සාස්ත්‍රයේ ඉඩ නෑ .. ඒත් දෙහි දොඩම් වගේ පැඟිරි කුලයෙ ගස් නම් චීන ජනතාව හදුන්වන්නෙ රත්තරන් ගේන ගස් කියලා . ඇත්තෙන්ම චීනේ ගෙවල් ඉස්සරහ අනිවාර්යයෙන් දොඩම් ගස් තියෙනවා . දොඩම් ගහක් හිටවන්න ඉඩ නැති අයට චීන කඩවල කෘතිම දොඩම් ගස් ඕනිතරම් තියෙනවා . චීන ජාතිකයො ඒ කෘතිම දොඩම් ගස් තමන්ගේ ගෙවල් ඉස්සරහ ලස්සනට තියනව. චීනේ ලොකු වටිනාකමක් ලැබෙන ගස් විශේශයක් තමයි උණ ගස් කියන්නෙ .ලංකාවේ ත් උණ වර්ග ගොඩාක් තියෙනවා නෙ. ඔයාගෙ ගේ ඉස්සරහ උණ ගහක් හිටවා ගත්තොත් දීර්ඝායුෂ විදීමේ වාසනාව ඔයාට උදා වෙනව . දැන් මං කියන්නෙ ඔන්න විශේෂ රහසක්. ඔයා අලුතින් ගෙයක් හදාගන්න බලන් ඉන්න කෙනෙක් ද . එහෙම නැත්තං ගෙදර හදන එක බාගෙට ඇනහිටලද. කරන්න ඕනි පොඩි දෙයයි. ඉක්මනින් ම දෙළුම් පැල කිහිපයක් ගෙනල්ලා ඔයාගෙ වත්තෙ හිටවල සාත්තු කරන්න .හිතාගන්න බැරි විදියට ගේ හදන වැඩ ඉක්මනින් වෙනව .

By vvoennyy/ Envato

ඔයාට වාසනාව ගේන ෆෙන්ග්ශුයි සංකේත ගැනත් මං කියන්නම්. ලෝකෙ වැඩියෙන්ම පාවිච්චි වෙන ෆෙන්ග්ශුයි සංකේතෙ තමයි රතු රිබන් එකකින් ගැටගහපු චීන කාසි තුන.

මේ චීන කාසි ලෝකෙ හැම රටකම මිනිස්සු එක එක විදියට පාවිච්චි කරනව. ගොඩාක් අය තමන්ගේ සල්ලි දාන පර්ස් එකේ සල්ලි ලාච්චුවේ චීන කාසි තුනක් තියන් ඉන්නවා . ෆෝන් එකෙන් කම්පියුටර් එකෙන් සල්ලි හොයන අය ඒ කාසි තමන්ගේ ඒ උපාංග වල අලවනවා. තව සමහර අය ප්‍රදාන දොරේ හැන්ඩ්ල් එකේ ඇතුල් පැත්තෙ චීන කාසි තුන එල්ලද්දි සමහර අය ගෙදර මුල් ගල තියද්දී හරි ගෙදර බිත්ති බදිද්දි උනත් චීන කාසි දාලා ගේ හදනව. ප්‍රබල ධන ආකර්ශනයක් තියන චීන කාසි තියන ගේකට ධනය හිග වෙන්නෑ.

අපි මුලින්ම කතා කලානේ ගෙදර ඉස්සරහ දොරෙන් ඇතුල් වෙද්දී ප්‍රසන්න දර්ශ්ගනයක් මැවෙන විදියට පිරිසිදු ව තියාගන්න කියලා . ඒවගේ ගෙදර ප්‍රදාන දොරෙන් ඇතුලට එද්දී ජනේලෙකින් හරි දොරකින් හරි එක එල්ලේම එළිය පේනව නම් ඒක ඔයාගෙ වාසනාවට ඒතරම් හොඳ නෑ . ඒ නිසා එහෙම පේනව නම් ඒ දොර හරි ජනේලෙ හරි වහල තියන්න. අඩුගානේ ගනකම් කර්ට්න් එකක් හරි දාන්න .ඔයාට ගෙදර ඇතුලට එද්දී ම ලාෆින් ගෝඩ් ඒ කියන්නෙ සිනාසෙන දෙවියන් ගෙ ප්‍රතිමාවක් තියන්න පුලුවන් නම් ඔයාට ඒකෙනුත් සෞභාග්‍යය ධන වාසනාව ලැබෙනව කියලා තමයි චීන ෆෙන්ග්ශුයි වල තියන්නෙ.



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us