Helabima

ඕට්ස් කන්නෙ ලොකු කමටද ?

රුවන්තිකා මධුශානි


මීට අවුරුදු 10 කට පමන පෙර ලංකාවේ ඕට්ස් ගැන අහල වත් තිබ්බෙ පිටරටක ගිහින් ආව කෙනෙක් හෝ පිට රටකින් ඕට්ස් ලැබෙන කෙනෙක් විතරයි . නමුත් දැන් වෙද්දී ඕට්ස් කියන්නෙ ලංකාවේ හරි සුලභ බොහෝ කඩවල් වලින් පහසුවෙන්ම මිලදී ගන්න පුලුවන් ආහාරයක්. මේක පිට රටකින් මෑතදී ලංකාවට හුරු වූ ආහාරයක් නිසාම දේශීය දේවල් ගැන විතරක් අගය කරන ඇතැම් අය  සහ සමහර වැඩිහිටියන් න මේක ලොකු කමට කන කෑමක් විදියට අවතක්සේරුවට ලක් කිරීම සිදු කරනවා.

නමුත් බර අඩු කරගැනීමට සහ සෞඛ්‍යමත් ආහාර රටාවකට අනුගත උනු ඕට්ස් වල අගය දන්නා පිරිස මේ වනවිට ඕට්ස් අත්‍යවශ්‍ය ආහාරයක් බවට පත් කරගෙන අවසන් .ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ලොව ඇති සමබර ම සහ පෝශ්‍යදායීම ආහාර අතරට ඕට්ස් ඇතුලත් කර ඇත.

By Lana_M/ Envato

කැනඩාව රුසියාව ඇමරිකාව ඔස්ට්‍රේලියාවේ ආදී රටවල වැවෙන ඇවෙනා සැටිවා ( avena sativa )  ශාකයේ  බීජය ඕට්ස් ධාන්‍ය ලෙස හඳුන්වන අතර දැඩි ගුණයෙන් යුත් එම බීජය විවිධ සැකසීම් ක්‍රම වලට බදුන් කිරීමෙන් අනතුරුව මිනිස් පරිභෝජනය සදහා යොදා ගැනේ. ඕට්ස් වල ඉතිහාසය රෝමය දක්වා දිව ගියත් එය ඒ කාලයේ අශ්වයන්ට දෙන ආහාරක් මිස මිනිස් පරිභෝජනයට සුදුසු ආහාරයක් ලෙස සැලකුනේ නෑ . කෙසේ වෙතත් බ්‍රිතාන්‍යය ජාතිකයන් ඕට්ස් පරිභෝජනයට ගැනීමට හුරු වීමත් සමග ඉතා ජනප්‍රිය උදෑසන ආහාරයක් ලෙස ඕට්ස් ලොවපුරා පැතිර ගියා.

ඕට්ස් සැකසුම් කරන ආකාරය  අනුව ඉතා ජනප්‍රිය වන්නේ ස්ටීල් කට් ඕට්ස් , ඉන්ස්ටන් ඕට්ස්  හා රෝල්ඩ් ඕට්ස්  යන වර්ගයි.

ස්ටීල් කට් ඕට්ස්

මේ වර්ගය අයිරිශ් ඕට්ස් මෙන්ම ස්කොටිශ් ඕට්ස් ලෙසත් හඳුන්වන අතර සුන් සහල් වල හැඩයෙන් යුක්ත වේ. ඕට්ස් ඇටය තියුණු උපකරණ මගින් කුඩා කැබලි ලෙස කැපීමෙන් මෙය නිපදවන අතර මිලෙන් අධික වර්ගයක් වේ. අවම සැකසුම් ක්‍රියාවලියකට බදුන් වන හෙයින් කුඩා දරුවන් සදහා නිර්දේශ කරන්නේ මෙම වර්ගයයි

ඉන්ස්ටන් ඕට්ස්

මෙය වෙළඳපොළේ ඉතා සුලභ සහ මිලෙන් අඩුම ඕට්ස් වර්ගයයි. එසේම බහුතරයක් මෙම වර්ගයට ඉතා කැමැත්තක් දක්වන්නේ පිලියල කරගැනීමේ ඇති පහසුව මෙන්ම විවිධ පලතුරු වර්ග වල රසින් රසවත් කර ඇති බැවිනි .ඕට්ස් අතර පෝශගුනයෙන් අඩුම වර්ගය මෙයයි. තම්බා ගත් ඕට්ස් ඇට ඉතාමත් තුනියට තලා වියලා ගැනීමෙන් මේ වර්ගය නිපදවනු ලැබේ. වරක් පිස ඇති නිසා පිලියල කිරීමේදී ඉතා අඩු කාලයක් වැයවීම මේ වර්ගය ප්‍රචලිත වීමට හේතුවක් .

රෝල්ඩ් ඕට්ස්

වාශ්පයෙන්  තම්බා ගත් ඕට්ස් මදක් තුනී කර වියලා ගැනීමෙන් මේ වර්ගය නිපදවනු ලබයි. එහෙත් ඉන්ස්ටන් ඕට්ස් තරම් තුනී කිරීමක් මෙහිදී සිදු නොවෙ ඒ නිසා සැකසීමට මද වේලාවක් වැඩිපුර ගත වේ. ඕල්ඩ් ෆැශන්ඩ් ඕට්ස් ලෙස හදුන්වන්නේත් මේ වර්ගයමයි.

මීට අමතරව ඕට්ස් ඇට කුඩු කර සහ සකසා ගත් ඉහත වර්ග තුන කුඩු කරද භාවිතයට ගැනේ.

ඕට්ස් වල අන්තර්ගත ගුනදායී පෝශක කොටස් රාශියක් දැනට හදුනාගෙන තිබෙන බව පෝශන විද්‍යාඥයෝ පවසති. ඒ අතර ඔමේගා 3 fatty acid  වලට ඉහළම ස්ථානයක් හිමි

 වේ..පොටෑසියම් මැග්නීසියම් අයන් හෙවත් යකඩ කැල්සියම් නිකොටීන් ඇසිඩ් වලින් පොහොසත් ඕට්ස් තන්තු බහුල ආහාරයක් උනත් ඉතා අඩු කැලරි ප්‍රමාණයකින් යුක්ත බව සොයාගෙන ඇත.

ඕට්ස් නිරන්තර පරිභෝජනය නිසා එහි අඩංගු බීටා ග්ලුටන් මගින් අහිතකර කොලෙස්ටරෝල් හෙවත් LDL රුධිරය ට එක් කිරීම වළක්වයි. ඕට්ස් වලබහුල ලෙස අඩංගු ෆයිබර් සහ ප්‍රති ඔක්සිකාරක නිසා රුධිර සංසරනය ක්‍රමවත් වී කොලෙස්ටරෝල් අඩු වී හදවත නිරෝගී කිරීමට ක්‍රියා කරයි

රුධිර ගත සීනි ප්‍රමානය පහල දැමීමට ඕට්ස් සමත් නිසා දියවැඩියා රෝගීන්ට එය ඉතා හොඳ ආහාරයකි

By Racool-Studio/ Envato

කැල්සියම් හිමොග්ලොබින් සහ යකඩ නිසා වැඩෙන දරුවන්ට හොඳ අස්ථි පද්ධතියක් සහ දත් දෙපලක් ලබාදෙන අතර හිමොග්ලොබින් අන්තර්ගතය නිසා ප්‍රතිශක්තිය වඩවයි

මෙහි ඇති අඩු කැලරි සහ වැඩි තන්තු  හෙතුවෙන් බඩ පිරී ඇති හැගීමක් නිරන්තරයෙන් ලබා දේ. එය සිරුරේ බර පාලනය කරන අයට මහත් උපකාරයක් වනු ඇත

ඕට්ස් වල අඩංගු ඇමයිනෝ අම්ල අක්මාව නිරෝගී කර පරිවෘත්තිය ක්‍රියා නිසි ලෙස කරවීමට මග සලසා දේ

මෙහි අඩංගු මැග්නීසියම් ආඝාතය හෘදයාබාධ මස්පිඩු පෙරලීම් වලට සහනය ඇති කරවයි

ඕට්ස් සමේ සුන්දරත්වය සදහා ඉතා හොඳ මෙහෙයක් ඉටු කරයි. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා තරුණ පෙනුම රැකදෙන අතර මෙහි ඇති සින්ක් සහ ඉහල PH අගය සම නිරන්තරයෙන් පිරිසිදු කරමින් අලුත් කරයි. මේකප් ආලේපන වලින් තොර පිරිසිදු සමක් ඕට්ස් ආහාරයට ගැනීමෙන් හිමි වේ

එමෙන්ම කිරිදෙන මවු වරුන් සදහා ඕට්ස් නිර්දේශ කරන්නේ කිරි එරීමේ හැකියාව ඉහල දැමීමට ඕට්ස් සමත් නිසය.

දැන් බලමු ඕට්ස් සකසා ගන්න පුලුවන් ක්‍රම ගැන .

උදෑසන ආහාරයක් වශයෙන් කිරි සමග එක් කර මදක් උයා වියලි හෝ නැවුම් පලතුරු මිශ්‍ර කිරීම ලොව පුරා ඕට්ස් සැකසීමේ ජනප්‍රිය ම ක්‍රමයයි. ඒ සදහා එලකිරි ආමන්ඩ් කිරි සෝයා කිරි පොල්කිරි භාවිත වේ.

වියලි මිදි රට ඉදි ආමන්ඩ් ඇට රටකජු සූරියකාන්ත ඇට  වෝල්නට්  කුඩු වියලි පොල්  ස්ට්‍රොව්බරි ,බ්ලැක් බෙරි කිවි කෙසල් අඹ  චෙරි ඇපල්  මීපැණි කුරුදු වැනිලා කුඩු චොකලට්  පීනට් බටර් රාස් බෙරි චියා සීඩ්ස් යෝගට් ආදී තම රස අනුව ඕට්ස් සමග මිශ්‍ර කිරීමේ හැකියාව නිසාත් මේ ක්‍රමය ඉතා ජනප්‍රිය වී ඇත. ස්ටීල් කට් ඕට්ස් පවා පොගවා මෙලෙස සකසා ඉහත දෑ සමග මිශ්‍ර කර දරුවන්ට දීමට හැකි වේ. එවිට පිසීමට ගතවන කාලය ඉහල යයි

මෙම කිරි යෙදීම වැඩි කර ඕට්ස් කැද සාදා ගැනීමත් සිදු වෙනව

ඉහත දේවල් සමග ඕට්ස් මිශ්‍ර කර කිරි සමග බ්ලෙන්ඩර් කර  මිල්ක්ශේක් හදාගන්න පුලුවන්..

ඕට්ස් පිටි කර හෝ නොකර රොටී පිට්ටු තෝසේ උප්පුමා  කොත්තු ඕට්ස් වැලිතලප පෑන් කේක් වැනි ලාංකික රසට ගැලපෙන ආහාර හදාගන්න ත් අපේ ගෘහනියො මේ වෙද්දී සමත් වෙලා තියෙනවා

ඒවගේම ඕට්ස් වලින් සාදන කුකීස් කේක් බිස්කට් වර්ග මෆීන්ස් වලටත් ඉහළම ඉල්ලුමක් තියෙනවා .

පැහැදිලි සුප් වර්ග සෑදීමේදි එලව්ලු සමග ඕට්ස් තැම්බීමත් , සුප් ස්ටු උකු කිරීමට කෝර්න් පිටි වෙනුවට  ඕට්ස් පව්ඩර් භාවිතයත්  බැටර් දැවටුම් සෑදීමට ඕට්ස් පාවිච්චි කිරීමත් දැන් ලොව පුරාම ජනප්‍රිය වෙලා තියෙනවා .

 

ඒ අනුව බලද්දි ආහාර ක්ශේත්‍රයේ හැම තැනක්ම ආවරණ කරන්න හැකියාව තියන ආහාරයක් ලෙස ගුනාත්මක ඕට්ස් සමත් වීම ආහාර වල පෝශනය ගැන උනන්දු වෙන අයට ඉතා සුභ ආරංචියක් වනු නො අනුමානයි.

By maxsol7/ Envato

ඇවෙනා සැටිවා ( avena sativa )  ශාකය



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us