Helabima

පිරිමින්ට නොතේරෙන ගැහැනු හොයන ජීවිතේ

මෙවන් රිටිගල


ඔබ ගැහැනියකට ආදරේ නම් ඇයට උපරිමයෙන් ආදරේ පෙන්වන්න . කවදාවත් ඇය තේරුම් ගන්න උත්සාහ කරන්න එපා යැයි කියමනක් තිබේ.. ගැහැනිය තේරුම් ගැනීමට උත්සාහ කිරීම එතරම් අපහසු කටයුත්තක් සේ මවා පෑවත් ඇය වෙනුවෙන් ඔබට තේරුම් ගැනීමට ඇත්තේ ඉතා සුලු කරුණු කිහිපයකි. එය තේරුම් ගත් මිනිසා ගැහැනියගේ හද දිනයි. ඇගේ අත දිනීමට අපහසු නැත . ඇත්තෙන්ම අපහසු වන්නේ හද දිනීමයි. එය අපහසු වී ඇත්තේ පිරිමින්ගේ ගැහැනු පිලිබද දැනුම මදි නිසයි.. බොහෝ ගැහැනු තම සිත දිනීමට සමත් පිරිමියෙකු නැති නිසා අත පමනක් දී සිත සිර කරගෙන සිය සදු ගුන අමතක කර ජීවිතේ වෙනත් අරමුණු වලට යොමු වෙයි. සිත සිර වත්ම නැගෙන වේදනාව නිවා ගැනීමට ඇය ඉහත කී අරමුනෙහිම ගැලී වෙලෙයි. පිරිමියාට එවෙලෙහි පෙනෙන්නේ මුදල් පස්සේ අධ්‍යාපනය පස්සේ රැකියාව මිල මුදල් ඇදුම් පැළඳුම් නිවාස පස්සේ දුවන ගැහැනියක මිස ඇගේ සිරවූ හද නොවෙයි. ඉදින් ඇය සෑහීමකට පත් නොවන ලෞකික දේ පසුපස පස දුවන්නියක් ලෙස පිරිමියාම ලේබල් ගසයි.

සවන්දීම

ගැහැනු ඉතා තදින් සවන්දීම බලාපොරොත්තු වෙති. ඇයට අවශ්‍ය විසඳුම් නොවේ අසා සිටීමට අයෙකි. ඔබ ඇයට හොදින් සවන් දෙන බව දැනීම ඇයට ඉතා සතුටක් වේ. එහෙත් අවාසනාවට පිරිමි අකමැති ම දෙයක් ලෙස ගැහැනියට සවන් දීම දැක්විය හැක. ඇය ඇගේ දුක කී විට ඔහු එයට පිලියම් යොදා ඉක්මනින් ඇය නිහඩ කිරීමට උත්සාහ දරයි. ඒත් ඇයට අවශ්‍ය පිලියම් නොව ඇගේ දුක ඇසීමයි.

දුකේදි සැපේදි ඇය හා එය බෙදා ගැනීම

ගැහැනියකට ජීවිතේ දී එල්ල වන පීඩා පිරිමියෙකුට වඩා ඉහල වේ. කායික මානසික සමාජීය පීඩා වලදී ඇය දුක් වන්නීය . එබදු විටකදී ඇය සමග එක්ව දුක බෙදා ගැනීමට සමත් පිරිමියාට ඇයේ ප්‍රණාමය හිමිවෙ. දුක අහන අයියලා යැයි සමාජයේ කියමනක් නිර්මානය වී ඇත්තේ අවශේෂ පිරිමින් විසින් එබදු ගැහැනුන්ගේ ශෝක ජනක අවස්ථා වල ඇයට කන් දෙන පිරිමින්ට අපහාස කිරීමට ය. ඇගේ දුකේදි මෙන්ම සතුටේදීද ඇය හා ඒ හැගීම බෙදා ගැනීමෙන් ඇය ඔබ දෙදෙනා අතර පුද්ගලික බැදීම් තර කර ගනී. ඇය රිදවූවෙකු ගැන කියද්දි එය "ගනන් ගන්න එපා " ලෙසින් පිලියම් නොයොදා ඔබද ඇය හා එක්ව එන පුද්ගලයාට බැන වදීනම් ඇය බලාපොරොත්තු වන්නේ එයයි.

 By Rawpixel / Envato

මූලස්ථානය

සුලෝචනා අප දෙදෙනාට ම එක රජ දහනක රජ කරන්න බෑ කියන්නෙ මෙයයි. එමෙන්ම අනාදිමත් කලක පටන් ලොව සෑම ජන කොටසකම පවතින නැන්දම්මා ලේලි ගැටුමට හේතුව මෙයයි ගැහැනු ස්භාවයෙන්ම තම පිරිමියාගේ දිවියේ මූලික ස්ථානය බලාපොරොත්තු වේ. මුලින්ම සැමියාගෙන් එය බලාපොරොත්තු වන කාන්තාව පසුව එම මූලිකස්තානය වැඩී ගිය පිරිමි දරුවන්ගෙන්ද බලාපොරොත්තු වීම නිසා නැන්දම්මා ලේලි ගැටුම නිර්මානය වේ. ගැහැනු තම පිරිමියාගේ මිතුරන්ට වෛර කරන්නේද ඔවුන් හා රැදෙද්දී ඔහුට තාවකාලිකව ඇය අමතක වන බැවිනි. කුමන කරුනෙහි යෙදුනත් ඇයට ඔහුගේ ජීවිතේ මුල් තැන අවශ්‍ය ය. එක වැඩකට සිත යොමද්දී අනික් වැඩ ගැන සිතීමට හැකියාවක් නැති පිරිමි මේ නිසා අසරණ වේව්. කොයිතරම් කාර්‍යබහුල වේලාවක උවත් ඇය වෙනුවෙන් මිනිත්තු කීපයක් වෙන් කරන පිරිමියා දිනන්නේ එබැවිනි

ඇගේ ස්වාධීනත්වයට බාධා නොකිරීම

මේ වනවිට ගැහැනු පිරිමි භේදයකින් තොරව එකසේ තම අරමුණු කරා යාමට සමාජය ක්‍රියා කරයි. ගැහැනුන්ටද සිහින අරමුණු තීරණ සහ අදහස් ඇත. ඇගේ එම ස්වාධීනත්වය බාධා කරන ඇයව පහත් කරන ඇයට තීරණ ගැනීමට හැකියාව නැතැයි සිතන පිරිමි ගැන ගැහැනු කලකිරෙති. ඇයටද ලද මිනිස් දිවියෙහි පල ප්‍රයොජන සහිතව තම සිහින දිවිය අත්පත් කරගැනීමට හැකියාව නැති තැන ඇගේ අදහස් වලට පිළි ගැනීමක් නැති තැන ඈ රැදෙන්න කැමති නොවේ.

අගය කිරීම

අපි සියලුම දෙනා අගය කිරීමට ලක් වීමට කැමති උවත් ගැහැනු එය දැඩිව බලාපොරොත්තු වෙයි.ඇය උයන කෑම ඇගේ රූපය ඇගේ හැකියාවන් මෙකී නොකී ඕනෑම දෙයකින් ලැබෙන සුලු වර්නනාවක් උවද ගැහැනියට මහමෙරකි. ඇය අගය කරන්නෙකු වෙත ගැහැනියක් බැඳීමට ඇති ඉඩ ඉතා විශාලය. " මේක හොඳ දැයි " විමසීමට පෙර අගය කිරීම සිදු වේ නම් එම කාන්තාව තමා වාසනාවන්ත යැයි සිතයි

පුදුම කිරීම්

ගැහැනු පුදුම වීමට ඉතා කැමති ය. ඒ නිසා බොහෝ පිරිමින්ට සප්‍රයිස් ලැබේ. ඇය තමා කැමති දේ ඔහු වෙනුවෙන් කරයි.නමුත් බොහෝ පිරිමි මෙහි අති දුර්වල ය. ඉතා හොඳ මතක ශක්තිය සහිත පිරිමි පවා උපන්දින සංවත්සර මතක තබා ගැනීමෙහි දුර්වල වෙති. එය සැමරීම එතරම් අත්‍යාවශ්‍ය සේ නොසලකයි.එහිදී ඇය සැබවින්ම සිතන්නේ ඔහු තමාගේ ගැන සැලකිල්ලක් නොදක්වන බවයි. එම නිසා උපන්දින විශේෂ දින මතක තබා ගැනීමේ යාන්ත්‍රික ක්‍රමයක් හෝ භාවිත කිරීම සබදතාවකදි ඉතා වැදගත් වෙයි

ඇයට සහය විම

කාන්තාවන් තමා ශක්තිමත් බව පැවසීමට ඉතා කැමති ය . එහෙත් වෙහෙසට පත් වීමේදී උදව් බලාපොරොත්තු වේ. ව්‍යංගයෙන් මිස කෙලින් යමක් කීමට අකමැති කාන්තාව උදව් ඉල්ලන්නේ විටක බැන වැදීමෙන් විය හැක. නැති නම් බඩු මහ හඩින් හැඩවීමෙන් විය හැක. නැති නම් කදුලින් විය හැක. එය තේරුම් ගෙන ඇයට සහය වන පිරිමියාට ඇය ඉතා කැමති වේ.

By nd3000 / EVANTO

ආදරනීය බව

ඇය ස්භාවෙන්ම ආදරනීය වදන් වලට නතු වේ. නොසිතූ වෙලාවල ලැබෙන පුංචි හාදු තුරුල් කර ගැනීම් ගැහැනියකගේ සිතුවිලි සම්පූර්ණයෙන් වෙනස් කරයි. කෝප වී කෑ ගසන ගැහැනියක් වුවත් සන්සුන් කිරීමට මෙම ක්‍රමය භාවිත කල හැක. යහනේද ඇයට ඇත්තෙන්ම අවශ්‍ය සුරතල් වීමකි. සුරතල් වීම කෙලවර පෙරලා ඔබට සිතා ගැනීමට නොහැකි රසයක් දීමට ඇය සමත් වේ. එය නොදන්නා පිරිමි හදිසි වී ඇයට කෙසල් කොටය මල මිනිය යැයි උපමා පට බැද අතෘප්තිකර මනසකින් නින්දට වැටෙති. කලබලයෙන් තොරව වෙලාව වැය කිරීමට කැමති පුද්ගලයා ඉන් ජය ලබයි. ගැහැනියට රාගය උපදින්නේ ආදරය තුලිනි. ඇගේ ආදරනීය බව මතු කර ගත යුත්තේ ඉතා සෙමිනි. ඇය හොට් ප්ලේට් එකක් ඔහු මයික්‍රොවේව් අවන් එකක් යැයි පවසන්නේ මෙබැවිනි .



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us