Helabima

මේ ශාප ලත් පින්තූර ඔබේ නිවසේත් තියෙනවා නම් අදම ඉවත් කරන්න

මෙවන් රිටිගල


සතුට සෞභාග්‍යය ලබාගන සැප පහසු දිවියක් ගෙවන්න බලාපොරොත්තු වෙලා ඉන්න අපේ ජීවත උඩු යටිකුරු කරන්න ගෙදර එල්ලලා තියන පින්තූරෙකට පුලුවන් කියලා ඔබ මොහොතකට හරි හිතුවද. මේ මහා විශ්වයේ අසම සම ශක්තිය වන විශ්ව ශක්තිය අපේ සිතුවිලි එක්ක මුසු වෙලා අපේ ජීවත වලට යහපත අයහපත ගේනවා.ඔබ නිතරම ඉන්න නිවසේ කාර්‍යාලයේ ඔබට නිතැතින්ම ඇහැ ගැටෙන රූප සමග නොදැනුවත්වම ඉපදෙන සිතුවිලි නිසා ඔබ වටා යහපත් අයහපත් ශක්තීන් මැවනව. ඔබට නිතරම  අයහපත් සිතුවිලි ඇවිත් අයහපත් ශක්තීන් මැවෙද්දි ඔබට ආකර්ශනය වෙන්නෙ අයහපත නරක සහ නපුර . ඒ නිසා සොයා බලමු එසේ අයහපත ඔබට ගෙනෙන චායාරූප පිලිබදව .

ගිලෙන නැවු

ගිලෙන නැවක් විශාල අවාසනාවක් කැදවන චායාරූපයක් බව ලොව පුරා පිලි ගන්නා සත්‍යකි. නිසි ලෙස ස්ථාන ගත කල නැවක පිළිරුවක් හෝ රූපයක් වාසනාව ගෙන එන අතර ගිලෙන නැවකින් ලැබෙනුයේ අවාසනාවයි. එය අවසානය විනාශය හානිය වැලපීම පිළිඹිබු කරන සංකේතයකි. ඒ නිසා කිසිම නිවසක ගිලෙන නැවක පින්තූර ප්‍රදර්ශනය නොකළ යුතුය

යුද්ධ හෝ සටන්

බොහො නිවැස් වල යුද්ධ වල සටන් වල මෙන්ම ආයුධ වල චායාරූප ද ප්‍රදර්ශනය කරනු දැකිය හැක. යුද්ධය  යනු ඉතා දුශ්ට භයානක අවාසනාවන්ත දෙයකි. මිය යන අත් පා අහිමි වන දේපළ වැනසෙන වේදනාව කඳුළ විනාශය උරුම කරන යුද්ධයක චායාරූපය  තම නිවසේ තබාගත් අයට නිවැසියන් අතර නිරන්තර ගැටුම් බහින් බස් වීම් ශෝකාත්මක අවස්ථා බොහෝ ඇති වූ බව අත්දැකීම් තිබේ.. ආයුධ වලින්ද කෙරෙනුයේ අන් කෙනෙක් රිදවීම විනාශ කිරීම ලේ සෙලවීමයි එම නිසා ආයුධ වල රූප නිවසේ තබා ගැනීමෙන් වැලකිය යුතුය.

By arbortek Envato

ගලායන දිය ඇලි

වේගවත් ජල පහර කාන්දු වන ජලය නිරන්තරයෙන් පිළිඹිබු කරන්නෙ ධනය වැය වීම සහ මූල්‍යමය හානි සිදුවීම යි. නිවස තුල දිය ඇලි වල  චායාරූප තබා ගැනීමෙන් ඔබේ ධනයට එය අයහපත් සේ බලපායි. ඔබේ මුදල් නිස්කාරනේ වැයවීම .ආදායමට වඩා වියදම් ඉහල යාම හේතුවෙන් එය ඔබට ධන හානි කැඳවයි. ධන හානි සමග ඊලගට පැමිණෙන්නේ ණය වීමයි. දියඇලි වල චායාරූප තබා ගැනීමෙන් ඔබට ණය කරුවෙකු වීමට පවා සිදු වනු ඇත.  නිසල පිරිසිදු ජලයේ පින්තූර නිවසේ නිසි තැන්වල තැබීමෙන් නම් ඔබට වාසානාව උදා වනු ඇත.

අඩන රූප

මේ අත්දැකීම ලංකාවේ බොහෝ දෙනෙකුට අනිවාර්යයෙන් ලැබුනු අත්දැකීමක් විමට ඉඩ තිබේ. කලක ලංකාවේ නිවැස් බොහොමයක දුකින් හඩන වයස අවුරුදු  හතරක පහක පිරිමි දරුවකුගේ රුවක් එල්ලා තැබීම මෝස්තරයක් විය. එම රුවෙහි මුල් සිතුවම සාප ලත් පින්තූරයක් ලෙස ලොව පුරාම පිළි ගැනීමට බදුන් වූ සිතුවමක් බව  ලාංකිකයන් දැනගන්නා විට ප්‍රමාද වැඩි ය. එම සිතුවම එල්ලූ බහුතරයක් නිවස් වලට කඳුළ උරුම කරවීමට ඒ පින්තූරය ඒ වෙද්දී සමත්ව තිබුනි.  එම රුව එල්ලූ නිවැස් නිනි ගැනීමට ලක් වූ බවත් ඇතැයි තැන් වල සදහන් විය.  එම නිසා ශෝකාකූලව කඳුළු සලන දුකින් ඉන්න පුද්ගලයින් සහිත පින්තූර නිවසින් ඉවත් කිරීමට වග බලා ගන්න

නිසරු ගස්

සරත් සමයට අසුව කහ තැඹිලි පැහැයෙන් යුතු පත්‍ර බිම විසිරවාගන සිටින ගස් හෝ සම්පූර්ණයෙන් කොල හැලුනු අතුපතර හිස්ව ගිය ගස් ඉතා වියලි උදාසීන නිසරු හැගීම් ඇති කරයි.දියුණුව අඩාල කරමින් සාරවත් භාවය ඔබ කෙරෙන් පලා යන සිතුවිලි මැවීමට එම රූප සමත් ය . සරු කොල පැහැයෙන් වැසුණු ගසකින් ලැබෙන පරිපූර්ණ හැගීමට හාත්පසින්ම වෙනස් හැඟීමක් දෙන නිසරු ගස් වල චායාරූප නිවසකට ඉතා අසුභ බව කිව යුතුම

 

  By Rawpixel ENVATO

තනිකඩ චායාරූප

තනි පුද්ගලයකු සිටින පාලු චායාරූප කිසිම විටක නිවසකට සුදුසු නැත. මෙලෝවැසි අප දෙදෙනෙක් මත ඇතිවන බැදීම මූලිකත්වයෙන් සලකන හෙයින් තනි අයෙක් පෙනී සිටින රූප මගින් ඇති වන තනි වූ පාලු  බැදීම් රහිත සිතුවිලි වලට  අප අවට සැරිසැරීමට ඉඩ නොදිය යුතුය. විශේෂයෙන් ඔබට බැදීම් පවත්වාගෙන යා නොහැකි නම් ,විවාහ ප්‍රමාද වේ නම් පෙම් සබදතා බිදී යයි නම් හැකි සෑම විටම යුගල වශයෙන් පෙනී සිටින රූප සහ ප්‍රතිමා වලින් නිවස සැරසිය යුතු වේ.

මාලු බාන චායාරූප

බොහෝ නිවැස් වල මාලු බාන චායාරූප දැල් දමන චායාරූප සහ ප්‍රතිමා දක්නට ලැබේ. පර පන නසන එබදු දුශ්ට ක්‍රියාවක නිරත වන චායාරූප නිරන්තරයෙන් පවිටු සිතුවිලි අපි නොදැනුවත්ව ම් බිහි කරයි. සුව නොවන අසනීප මානසික පීඩා ගෙන එන එම රූපද නිවසට ඉතා අහිතකර වේ. සාමාන්‍යයෙන් වෙනත් පාප ක්‍රියා සටහන් වූ සිතුවම් භාවිතයේ නැති අතර සොදුරු යැයි සිතා සිටින මාලු බාන දසුන් වල සැඟව ඇත්තේ අසුභ ය.

නපුරු සතුන්

කොටියන් සිංහයන් දිවියන් බදු ප්‍රචණ්ඩකාරී සතුන් භීතිය ගෙන දේ. මරන භය ඇති කරයි . එබදු සතුන් කුරුමානම් අල්ලන සිතුවම් හෝ එබදු සතෙකු සිටින සිතුවම් ඔබ වටා ඇත්නම් වහා ඉවත් කල යුතුය. එය ඔබට ගෙන එන්නේ අවිනිශ්චිත භාවය සහා මරන භය පිලිබදව අසුභ සිතුවිලි වෙ. එම නිසා කිසිදු නිවසක නපුරු සතුන් ගේ චායාරූප නොතැබිය යුතුය

 

 

 

 

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us