Helabima

KFC චිකන් කන්න කලින් දැන ගත යුතු රහසක්

මේඝනා මන්දෝදරී


KFC  එහෙම නැත්තං Kantucky Fried Chicken   අවන් හල මේ වෙද්දී මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලයට පමනක් දෙවනි වන ලොව දෙවන විශාලතම ඇමරිකානු ක්ශනික ආහාර අවන්හල වේ. මෙම අවන්හල් ජාලයේ නිර්මාතෘ කර්නල් හාලන්ඩ් සැන්ඩ්ල්ස්  මුලින්ම ඉතා දුගී දිවියක් ගෙවූවෙක් වන අතර උත්සහය නිසාම දියුනුවට පත් චරිතයකි.

මේ වනවිට ලොවපුරා රටවල් 145 ක විසිරී ඇති කේ එෆ් සී සතු අවන්හල් ගනන 24000 ඉක්මවයි. එය මේ වෙද්දී yum සමාගමේ හිමිකාරිත්වය යටතේ පවතී. මෙරට ඉහල පෙලේ අවන් හල් ලේබලයට අයත් වන කේ එෆ් සී අවන්හලක් ලංකාවේ මුලින්ම අරඹන ලද්දේ මැජෙක්ටික් සිටි වෙළඳ සංකීර්නයේ ය. ඒ 1995 හේ දී වේ.

 

 

1890 උපන් කර්නල් හාලන්ඩ් පියා නොමැති මව විසින් රකින  පවුලක වැඩිමහල් දරුවා ලෙස දැඩි දුක්ඛදායී දිවියක් ගෙවීය. හේ  ලමා කලදීම මවගෙන් ඉහුම් පිහුම් ඉගන ගත්තේ බාල සහෝදරයන්ගේ කුසගින්න නිවනු පිණිසය. වයස 13 වෙද්දී නිවසින් පිටමංව  විවිධ රැකියා කල හාලන්ඩ් තමාට අවුරුදු 40  වෙද්දී කෙන්ටාකි ප්‍රදේශයේ වාහන සර්විස් කරන ස්ථානයක් අසල තම මුල්ම අවන් හල ඇරඹීය. මවගෙන් උගත්  ඉතා රසවත් කුකුළු මස් බැදීමේ වට්ටෝරුවක් එම අවන්හලේදී නිමවා අලවි කිරීම හේතුවෙන් අවන්හල දැඩි සේ ජනප්‍රිය වී තිබේ. එම ඉතා ප්‍රනීත  කුකුල් මස් වට්ටෝරුව කෙතරම් උසස් රසයෙන් වීද යත් එම පලාත් භාර ආන්ඩුකාරවරයා විසින් හාලන්ඩ් ට කෙන්ටාකි හි කර්නල් නම් නාමයෙන් පුදනු ලැබීය.ඒ වද්දී  තම අවන්හල බොහෝ දියුණු කරගෙන සිටි හාලන්ඩ් 1937 දී ආසන 142 ක් සහිත විශාල අවන් හලක් Sanders court and cafe  නමින් අරඹන ලදී . නමුත් පුදුමයට කාරණාවක් වන්නේ මේ වද්දීත් හාලන්ඩ් අද භාවිත වන කේ එෆ් සී චිකන් වට්ටෝරුව සොයාගන නොතිබීමයි. සත්‍ය වශයෙන්ම ඔහු මුල්ම ජනප්‍රිය තාව ලබා ගත්තේ ඔහුගේ මව ඔහුට කියා දුන් වට්ටෝරුවකට අනුව කල පිලියල කිරීම් වලින් බව බොහෝ දෙනා නොදන්නා රහසක් විය.

ඔහු දැන් භාවිත වන වට්ටෝරුව නිපදවන්නේ 1940  දීය. එය කුළුබඩු වර්ග 11 ක් යොදාගන කල අගනා නිර්මාණයකි. අදද එම වට්ටෝරුව පවතින්නේ ව්‍යාපාරික රහසක් ලෙසය.

By AtlasComposer Envato

1955 දී   ඔහු තම ජීවිතයේ සිතාගත නොහැකි තීරණයක් ගනිමින්  අවන්හල විකුණා දමා කුළුබඩු වට්ටෝරුව වෙනම නිපදවා අලවි කිරීම අරඹනවා. එහෙත් මෙම කුළුබඩු මිශ්‍රණය එතරම් ජනප්‍රිය වෙළඳ භාන්ඩයක් වන්නේ නෑ . එනමුත් Keeth Harmon නම් අයෙක් එම වට්ටෝරුව මිලට ගෙන අප මේ වන විට දන්නා Kentucky fried chicken එනම් KFC  සන්නාමය යටතේ සහා  its Finger licking good    නම් පාඨය යටතේ අවන්හල් ජාලය ආරම්භ කර ඇත.  එසේම හාලන්ඩ් තවදුරටත් එම ව්‍යාපාරයේ රැඳෙමින් එහි තත්ව පරීක්ශක ධූරය දරමින් මාසික වැටුපක් ද ලබා තිබේ.1964 වනවිට ලොව පුරා අරඹා තිබූ කේ එෆ් සී අවන්හල් ගනන 600 ඉක්මවූ අතර 1989 දී 90 හැවිරිදි හාලන්ඩ් මිය යද්දී එය ලොව රටවල් 48 ක පැතිර ගිය දැවැන්ත ව්‍යාපාරයක් විය. 

මේ වෙද්දී කේ එෆ් සී තුලට එම කුකුළු මස් බැදුම් වට්ටෝරුවට අමතරව තවත් බොහෝ ආහාර වර්ග පිවිස ඇත. ඒ ඒ රට වල කේ එෆ් සී අවන්හල් වල ඒ රටවල ආහාර සංස්කෘතිය අනුව නම්‍යශීලී වී ආහාර වර්ග පිරි නමන අතර එනමුදු අද ද කේ එෆ් සී හී මූලික වට්ටෝරුව වන්නේ හාලන්ඩ් ගේ කුකුළු මස් බැදුමයි. එය කුකුල් කකුලේ උඩු කොටස අදාල කුළුබඩු මිශ්‍රනයෙන් පදම් කර ක්‍රිස්පි දැවටුමකින් රස කර ඔබට ලබා දේ. මේ වෙද්දී ලොව සියලුම කේ එෆ් සී අවන්හල් වලට ලැබෙනුයේ හාලන්ඩ් ගේ ඉහත සුවිශේෂී කුළුබඩු මිශ්‍රණයයි. මෙය බොහෝ රටවල මිලෙන් අඩු ක්ශනික ආහාර අලවි කරන අවන්හලක් ලෙස ප්‍රකට වූවත් ලංකාවේ එය ඉහල මිලක් දරන යම් පැලැන්තියකට සිමා වූ අවන් හලක් වී තිබේ..



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us