Helabima

ගුණ දැනගෙන කමු කොමඩු වැඩියෙන්..

සජිනි වික්‍රමසිංහ


කොමඩු යනු ඉතා ප්‍රණීත රසයකින් සහ පෝශ්‍ය පදාර්ථ රාශියකින් යුතු අඩු කැලරි දර්ශකයක් සහිත පළතුරක්..විශේශයෙන් ශරීරය වියළීමෙන් තොරව  තබා ගැනීමට විශ්මිත හැකියාවක් කොමඩු වලට තිබෙන අතර ශරීරයේ බර වැඩිවීම පිළිබද කණස්සල්ලෙන් පසුවන  අයට අඩු කැලරි දර්ශකයක් සහිත වීම නිසා එය වඩාත් සුදුසුයි.

කොමඩු ආහාරයට ගැනීමෙන් ඔබට අත්වන ප්‍රතිලාභ

ඇදුම රෝගයට එරෙහි ආරක්ශාව ලබාදීම

විටමින් C අතිරේකයන් ලබා ගැනීමෙන් ඇදුම  රෝගය සදහා අමතර ආරක්ශාවක් නොලැබුණත්  කොමඩු වල අඩංගු ඉහල විටමින් C අන්තර්ගතයන් මගින් ඇදුම රෝගය ඇතිවීම පාලනයට උපකාරි වන බව විශේෂඥයින් හෙළි කර තිබෙනවා..සාමාන්‍යයෙන් දිනකට කොමඩු කැබලි ග්‍රෑම් 154  ක පමණ කෝප්පයක් ආහරයට ගැනීමෙන් දෛනික විටමින් C අවශ්‍යතාවයෙන් 14% ත් 16%ත් අතර ප්‍රමාණයක් සපයනු ලබනවා.

By twenty20photos

රුධිර පීඩන තත්ත්වයන් පාලනය

2012 වසරේදි කරන ලද අධ්‍යනයකින් කොමඩු සාරය මගින් තරබාරුව සහ රුධිර පීඩනය පාලනයට බලපෑම් එල්ලවන බව සොයාගෙන ඇත.කොමඩු වල ඇති ප්‍රති ඔක්සිකාරක දෙකක් වන L-citrulline සහ L-arginine මගින් ධමනිවල ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කරනු ලබන අතර කොමඩුවල අඩංගු ප්‍රති ඔක්සිකාරකයක් වන Lycopene   හෘද රෝග පාලනයට  උපකාරී වනවා.ඊට අමතරව කොමඩු ආහාරයට ගැනීමෙන්  low-density lipoprotein (LDL)  හෙවත් සිරැරේ අහිතකර කොලෙස්ට්‍රෝල් පාලනය වීම සිදුවන අතර එමගින් අධි රුධිර පීඩනය සහ රුධිරවාහිනී ආශ්‍රිත රෝගයන් පාලනය කර ගැනීමට හැකියාව සැලසෙනවා.

පිළිකා මර්ධනය

කොමඩු වල ඇති විටමින් සී අඩංගු ප්‍රති ඔක්සිකාරක පිළිකා ඇතිකරනා ධාතූන් සමග සටන් කර පිළිකා සෛල වර්ධනය පාලනය කරන බව පර්‍යේශකයින් විසින් සොයාගෙන තිබෙනවා.

ආහාර ජීරණ පද්ධතියේ ක්‍රියාකාරිත්වය වැඩිදියුණු කිරීම

කොමඩු කෙදි සහිත දියරමය ස්වභාවයකින් යුතු පළතුරක් වන අතර මලබද්ධය වළකා මලපහ පිටවීම ක්‍රමවත් කිරීමට උපකාරි වනවා.විශේෂයෙන් ආහාර ජීර්ණ පද්ධතිය ආශ්‍රිත ගැටළු ඇති පුද්ගලයින් සදහා වඩාත් හිතකර පලතුරක් ලෙස කොමඩු හැදින්විය හැකියි.

සිරැර සජලීව පවත්වා ගැනීම

කොමඩුවල 90%ක් ඇත්තේ ජලය වන අතර ඊට අමතරව පොටෑසියම් අඩංගු වනවා.විශේෂයෙන් රස්නෙ කාලවලදී සිරැර විජලනය වීමෙන් වළක්වා ගැනීමට කදිම විසදුමකි.

සමෙහි ආරක්ශාව

සම සදහා අවශ්‍ය කොලජන් නිපදවීමට අත්‍යවශ්‍ය ප්‍රභවයක් ලෙසට විටමින් සී ක්‍රියාත්මක කරන අතර කොමඩු විටමින් සී වලින් පරිපූර්ණ පළතුරක් වනවා.සම වියපත් වීම වළකා තෙතමනය ආරක්ශා කිරීමේ ගුණාංග කොමඩු සතුවන බැවින් සමගැන උනන්දුවන කාන්තා පිරිමි දෙපාර්ශවයටම කදිම විසදුමක් වනවා.

පරිවෘත්තීය සින්ඩ්‍රෝමයන් පාලනය

 දිනපතා කොමඩු ආහාරයට ගන්නා පුද්ගලයන් තුල තරබාරුව ඇතිවීමේ අවධානම පාලනයට සහ පරිවෘත්තීය සින්ඩ්‍රෝමයන් ඇතිවීම පාලනය කලහැකි ප්‍රති ඔක්සිකාරක අඩංගු වන බව නූතන පරීක්ශණයන්ගෙන් හෙළිව තිබෙනවා.විශේෂයෙන් මලබද්ධය රෝගයෙන් පීඩා විදිනවා නම් දෛනික ආහාරවේලට කොමඩු අනිවා‍ර්‍යෙන් එක්කර ගැනීම වැදගත් වනවා.

මොළයේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වය

කොමඩුවල අඩංගු ප්‍රති ඔක්සිකාරකයක් වන කොලින් (Choline) මගින් මොළයේ සහ ස්නායු පද්ධතියේ ක්‍රියාකාරිත්වයට අදාලව මාංශ පේශි චලනය,ඉගෙනීමට සහ මතකය රදවා ගැනීමට සහය වීම සහ  සෛල පටලයන්හි ව්‍යූහාත්මක පැවැත්ම සදහා විශාල මෙහෙයක් ඉටුකරනු ලබනවා.

By furmanphoto

මුත්‍රාමාර්ගය ආශ්‍රිත ගැටළු සදහා

ඇතැම් අධි රුධිර පීඩනය සහිත පුද්ගලයන් සහ වකුගඩු රෝගයන්ගෙන් පීඩාවිදින පුද්ගලයන් දිගුකාලිනව diuretic අඩංගු ඖෂධ දිගුකාලිනව ගැනීමට පෙළඹ සිටිනවා..නමුත් පර්‍යේශකයින් කොමඩුවල ස්වභාවිකවම මෙම diuretic ඖෂධයන්ගේ ක්‍රියාකාරිත්වයට සමාන ගුණාංග පවතින බවට තහවුරු කර තිබෙනවා.

ප්‍රෝටීන් ප්‍රභවයක්

කොමඩු බීජ ඉතා හොද ප්‍රෝටින් ප්‍රභවයක් වන අතර ඒවා  විදුලි උදුනක විනාඩි 15 ත් 20ත් අතර කාලයක් රෝස්ට් කර ආහාරයට ගැනීමට හැකියි.

කොමඩු ආහාරයට එක්කරගත හැකි විවිධ ආකාර

  • පළතුරක් ලෙස කැබලි කපා ආහාරයට ගත හැකියි.
  • හොදින් බ්ලෙන්ඩර් කර පළතුරු යුෂ පානයක් ලෙසද ඉතා රසවත්.
  • තැඹිලි හෝ ජලය එක්කර ස්මූති එකක් ලෙස සකසා ගත හැකියි.
  • විවිධ අතුරුපස සදහා එක්කර හැකියි.

කොමඩු ආහාරයට ගැනීම නිසා ඔබට කිසිදු අහිතකර තත්ත්වයන් ඇතිනොවන අතර  සීනි අඩංගු කෙදි සහිත පළතුරක් බැවින්  දියවැඩියාව රෝගයෙන් පීඩා විදිනවා නම් කොමඩු යුෂ පානය කරනවා වෙනුවට කොමඩු ආහාරයට ගැනීම වඩාත් සුදුසු වනවා.එවිට පහසුවෙන් සීනි අවශෝෂනය කිරීම සිදුවනවා. නමුත් ඇතැම් පුද්ගලයන්ට කොමඩු පරිභෝජනය හේතුවෙන් සමේ රෝග , ඉදිමුම් සහ හුස්ම ගැනීමේ අපහසුතා වැනි තත්ත්ව ඇතිවනවා නම් ආහාරයට ගැනීමෙන් වැළකි සිටීම වඩාත් සුදුසු අතර එවැනි අවස්ථාවල වෛද්‍ය ප්‍රතිකාර සදහා යොමුවීමත් වැදගත් වනවා.

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us