Helabima

ගැහැණියක් වෙලා ලංකාවේ ඉපදුනොත් මේවට බැනුම් අහන්න වෙනවමයි

මෙවන් රිටිගල


දකුණු ආසියානු සංස්කෘතිය එක්ක තවමත් අපේ රටේ ගැහැනු අයට යම් යම් රාමු වලට කොටු වෙන්න වෙලා තියන අත්දැකීම ඔබට ත් ඇති. තරුණ පිරිස් මේ රාමු බිදගන නිදහස සොයන්න උත්සාහ කලත් ඇතැයි වැඩිහිටියන් වගේම ඒ නිදහස අහිමි ඇතැම් තරුණ අය තවදුරටත් අනික් අයවත් ඒ සීමා වල කොටු කරන්න උත්සාහ ගන්නවා . ගැහැනු පිරිමි භේද අමතක කරලා එකම ජීවන සටනකට උරදීල ඉද්දි ඇතැම් අයගේ මේ රාමුගත සංස්කෘතිය නිසා නිදහස විදින්න කැමති පිරිස් පීඩාවට පත් වෙනව .ඒත් සමහර සමාජ මට්ටම් වලදි නම් මේ දේවල් අතිශය සාමාන්‍ය උනත් බොහො සමාජයන්හී කාන්තාවන් මෙන්න මේ දේවල් කලොත් ඇයට දෝස් මුරයක් එල්ල වෙනව . ඒවගේ තැන්වල ඒ සීමා කඩාගෙන ඉදිරියට යන කාන්තාවන් නිසා ඇගේ පසුපසින් එන අනික් කාන්තාවන්ට විශාල පන්නරයක් ලැබුණත් මුල් කෙනාට නම් බොහෝ ගැහැට අත් වෙනව .

ඇදුම් විලාසිතා සහ මේකප්

කාන්තාවන් සමග ඇදුම් සහ රූපලාවණ්‍ය ද්‍රව්‍ය දැඩිසේ බැදී පැවතුනත් අදටත් මෙරට බහුතරයක් පුද්ගලයින් රූපලාවණ්‍ය ආලේපන ගල්වා ආයිත්තම් ව සිටින කාන්තාවන්ට වාග් ප්‍රහාර එල්ල කිරීම නිතැතින්ම සිදුවනවා. වෙයන් මෙහෙම ගැහැනියක් යැයි කතුන්ට උපදෙස් දෙන කවි ගී යාදිනි බහුතරයක මේකප් භාවිත නොකිරීමට කතුන් පෙලබ්වීම සිදුවනවා. ජනමාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන ටෙලි නාට්‍ය මගින්ද නව විලාසිතා වලට අනුව ඇද මේකප් තවරා සිටින්නියන් කලු චරිත සේ හැඳින්වීම සිදු කිරීම නිතැතින්ම දැකිය හැකියි. ඒ කෙසේ උවත් තම සුන්දරත්වය ඔප් නංවා ගැනීමට කැමති පෞර්ශවත් ළඳුන් සුදුසු විලාසිතා රූපලාවණ්‍ය ද්‍රව්‍ය භාවිතයට එම වාග් ප්‍රහාරය ගැටලුවක් කර නොගැනීම සතුටට කරුණක්.

වයස විසි ගනන් පසුවන තුරු අවිවාහක වීම

ඉස්සර කාලෙ තරුණියන් වැඩිවිය පැමිනි අලුතම විවාහ කරදීම සිරිත වුවත් ලෝකය පරිනත වෙද්දී කාන්තාවන් අධ්‍යාපනය ට යොමුවීම රැකියාවල නිරත වීම ගැලපෙන සහකරු සොයමින් කල් ගතකිරීම ආදී හේතු නිසා විවාහය ප්‍රමාද කරනවා . විසිපස් වන විය ඉක්මවා විවාහ නොවී සිටින විට එය සියල්ලන්ගේ අවධානයට යොමු වීමත් තිස් වන විය වද්දී ත් අවිවාහක නම් දැඩි සමාජීය පීඩාවකට පත් වීමත් සිදුවනවා. එසේම යම් තරුණියක අවිවාහක ව සිටීමට තීරණය කලහොත් එය ඇය වටා සිටින සියලුම දෙනාගෙ කතාබහට ලක්වන කරුණක් වීම අනිවාර්යයෙන් සිදුවනු දක්නට ලැබේ. නමුදු මෙසේ අන් අයගේ දින නිර්නයන්ට තමන්ගේ සැලසුම් වෙනස් නොකර ඔබට සුදුසු දිනක ඔබට සුදුස්සෙක් ලැබුනු දිනක විවාහ වීම ඔබට වාසියක් මිස අවාසියක් නොවේ

 

By Rawpixel Envato

 

පෙම් සබදතා කිහිපයකට සමුදීම

බොහෝවිට පෙම් සබදතාවක් ඇති කර ගැනීමට පෙර අනිකාගේ තත්වය තේරුම් ගැනීමට ඇති හැකියාව අවමයි. හොදින් දන්නා කෙනෙක් උනත් රැකියා ස්තානයේ සමාජයේ කොතරම් යහපත් අයෙක් උනත් පෙම්වතකු විදියට ඔහු හැසිරෙද්දි යහපත් පෙම්වතකු නො වීමේ හැකියාවක් තියෙනවා . ඉතින් තරුනියක් පෙම් සබදතාවක් පටන් ගන එය යම් හේතුවක් මත අත් හැරීමට තීරණය කරලා තවත් සබදතාවක් පටන් ගෙන එයත් අත් හැරීම සිදු කලොත් මේව්ගේ කිහිප වරක් සිදු කලොත් එතනදී ඇය කොයිතරම් සාධාරණ උවත් ඇයට අපවාද එල්ල වෙනව . නමුත් බුද්ධිමත් තරුණියක් නම් තමන්ගේ ජීවිතේට ගැලපෙන ම කෙනා මුන ගැහෙන තුරු අනවශ්‍ය පුද්ගලයින් ඈත් කිරීම සිදු කරනව.. තමන්ගේ ජීවිතේට ගන්න නොගන්නා අය තීරණය කරන්න අයිතිය තියන්නෙ තමන්ට කියලා තේරුම් ගැනීමයි වැදගත්

විවාහ වී දරුවන් සෑදීම ප්‍රමාද කිරීම

කාන්තාවක් විවාහ විවාහ වෙනකම්ම ඒ ගැන ප්‍රශ්න කරන සමාජෙ බැදපු දා ඉදලා සැලකිලිමත් වෙන්නෙ ඒ යුවල දරුවො හදන දවස ගැන . බොහෝ යුවල් දැන් වෙද්දී විවාහ වෙලා දෙදෙනා තේරුම් ගන්න ආර්තිකය හදාගන්න තමන්ගේ ඉලක්ක සම්පූර්ණ කරගන්න ජීවිතේ විදින්න වගේ කරුණු නිසා දරුවො හැදීම ප්‍රමාද කරනව. මේකත් බොහෝ විට එම කාන්තාවට සමාජෙන් අපවාද අහන්න වෙන හේතුවක් . ඇත්තෙන්ම දරුවො හදාගන්න ගැටලු තියන අය නම් මෙතනදි ගොඩාක් මානසික පීඩාවට ලක් වෙනව . ඒවගේම යුවලක් දරුවො නොහදා ඉන්න තීරණය කරත් එම කාන්තාව ට සමාජෙන් එල්ල වෙන්නෙ දැඩි පීඩාවක්. කොහොම උනත් අකමැත්තෙන් සමාජෙට බයේ දරුවො හදලා අන්තිමට ඒ දරුවොත් දුකට පත් වෙලා තමනුත් දුකේ වැටෙන සිදුවීම් ගොඩාක් මේ නිසා නිර්මානය වෙනව .

සිසේරියන් සැත්කම

මේ යුගයේ කාන්‍තාවක් තමන්ගේ කුසට දරුවෙක් ආවා කියලා දැනගත්ත මොහොතෙ ඉදලා දරුවට ආදරේ කලත් ඉස්සර එහෙම වෙලා නෑ . ඔවුන් දරුවට ආදරේ කරලා තියන්නෙ දරුව බිහි වෙන්නෙ කොහොමද ඒ ක්‍රමේ වේදනාකාරී ද වගේ කරුණු සලකලා. අන්න ඒ නිසා තවමත් සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහිකළ මව් වරුන්ට වාග් ප්‍රහාර එල්ල වෙනව . නමුත් තමන්ගේ කුසට ආ දරුවා කොයි ක්‍රමෙන් බිහි උනත් ආදරේ එලෙසමයි කියලා නූතන මවු වරු හොඳින්ම දන්නවා

දරුවන්ට ඩයපර් ඇන්දවීම

දරුවෙක් බිහි කල මවක් මව් ගුණය නම් මේක අරක කියලා පීඩාවට පත් කරන්න බොහෝ අය කැමති . කොයිතරම් සමාජෙ අලුත් දේවල් වැළඳ ගත්තත් කාන්තාවක් අලුත් යමක් වැළඳ ගැනීම බහුතරයක් කෝපයට පත් කරනව. ලොවපුරා අලුත උපන් බිළිඳුන් ඩයපර් පාවිච්චි කරද්දි ලංකාවේ අම්මෙක් ඩයපර් අන්දවදි ඇය නරක අම්මෙක් කියලා ලේබල් ගැහෙනව. ඒත් දුර හිතන මව් වරු ඒ අපවාද නොසලකා දරුවට සුව නින්දක් ලැබෙන මවට සහනයක් ලැබෙන ඒ විකල්පය තෝරා ගන්නවා .ඩයපර් පමනක් නෙවෙයි දරුවන්ට ෆෝමියුලා ලබාදීම තනිව නිදාගැනීම හුරු කිරීම වගේ දේවල් සිදු කරන මව් වරුන්ටත් ලැබෙන්නෙ අයහපත් ප්‍රතිචාර . ඒ හුදෙක්ම අලුත් මවක් පීඩාවට පත් කිරීමේ ඇතමුන්ට ඇති ආසාව කියලා තේරුම් අරං බැහැර කල යුතුය

සමාජ ජාලා සහ තාක්ෂණික මෙවලම් පරිහරණය 

ස්මාර්ට් ෆෝන්  පාවිච්චි නොකරන  පැරණි අම්මල තමයි අහිංසකම කියල අදහසක් මේ වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ ශෙයා වෙනවා. ස්මාර්ට් මෙවලම් භාවිත කරන සමාජමාධ්‍ය පරිහරණය කරන කානතාවන්ට සමාජයේ එතරම් හොද තැනක් තවමත් හිමිව නැහැ. නමුත් නුතන මවකගේ ස්මාර්ට් දුරඛතනය පරික්ෂා කලොත් එය ළදරු ආහාර ළදරු සෞඛ්‍ය ළදරු වර්ධනය ආදී බොහෝ විට දරුවා සම්බන්ධ දෙයින්ම පිරි තිබෙනු දක්නට ඇත . ලාංකික සමාජ මාධ්‍ය අවකාශයන්ද දරුවන් සම්බන්ධ දැනුම සපයන වේදිකා වලින් පිරි ඇත .  ස්මාර්ට් ෆෝන් භාවිත නොකළ මව් වරුන්ට වඩා  නුතන තරුණ මවු වරු දරුවා පිළිබද සැලකිලිමත් බව මගේ දැනීමයි . කැමති තැනක කැමති අහල පහල නිවසක උදේ සිට සෙල්ලම් කිරීමට යවා උයන පිහන පෙර මවු වරුනට වඩා  නුතන මවු වරු දැනුවත් බැවින් දෑස්  මානයේ දරුවන් රදවාගන රකිති, ඉහලම පෝෂණය අන්තර්ජාලයෙන් සොයා සොයා කවති.  කුඩා මානසික වෙනසක් ගැන පවා වදවෙති දරුවෙක් බඩට ඒමට පෙර සිටම දරුවා ගැන දැනුවත් විම සුදානම් වීම අරඹති. නමුදු අවසානයේ "' ස්මාර්ට් ෆෝන් නැති අම්මල තමයි අහිංසක " වැනි බැනුම් ද අසති 

By Rawpixel Envato

සැමියා සමග නිවසේ වැඩ බෙදා ගැනීම

මේ වෙද්දී සැමියා බිරිද යන දෙන්නම ජීවන සටනේ එකිනෙකා සමව කටයුතු කරන්න පෙලඹිලා ඉන්නවා . ඉතින් පැරණි කාලෙ වගේ බිරිදට විතරක් නිවසේ සියලුම කටයුතු තනිව කරන්න බෑ . බොහෝ සැමියන් නිවසේ වැඩ වලදි දෙදෙනාම එක්ව වැඩ කලත් වැඩිහිටි ප්‍රජාවෙන් නම් එබදු නිවැස් වල කාන්තාවන් ට ලැබෙන්නෙ අයහපත් ප්‍රතිචාර . අතීතයේ ගැහැනු පිරිමි භූමිකා බෙදාගෙන තිබුණත් නවීන ලෝකයේ එසේ කල නොහැකි බව ඔවුන්ට ඒත්තු ගැන්වීම අපහසුයි

දික්කසාද වීම

නොගැලපෙන පෙම් සබදතා වලින් ඉවත් වෙන තරුණියන්ට මෙන්ම පීඩාකාරි විවාහ වලින් ඉවත් වෙන කාන්තාවන්ටත් එල්ල වෙන්නෙ හොඳ ප්‍රතිචාර නෙවෙයි .සමගිය ආදරය බැදීම නැති උනත් නීත්‍යානුකූල බැදීම දිගටම පවත්වාගෙන යන එක තමයි බොහෝ අය සාර්ථක විවාහයක් ලෙස දකින්නේ. ඒ නිසා දික්කසාදය ඔවුන්ට වරදක් . නමුත් තමන් පවත්වාගෙන යන සබදතාව ගැන තීරණයක් ගන්න ත් ඕනිම කෙනෙක් ට නිදහස තිබිය යුතුයි කියලා ඒ පුද්ගලය්න් අමතක කරලා තිබීම හරි ශෝක ජනක කරුනක්

 

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us