Helabima

මේ දේවල් වලින් එකකට වත් බය නැත්තං ඔයා සුපිරි ම චරිතයක්

මෙවන් රිටිගල


මේලෝකෙ ජීවිත් වන හැම පුද්ගලයකුම කොයිතරම් නිර්භීත උනත් යම් යම් දේට බයක් දක්වනවා. සමහර වෙලාවට කිසිසේත්ම බය විය යුතු නැති අනතුරු දායක නොවන එදිනෙදා දකින දේකට පවා බය වෙන පිරිස් ඉන්නවා . බොහෝවිට ඒ තත්වය ඇතැම් අයට විහිලුවක් වෙන්න පුලුවන් .පහුගිය කාල වල එන්නත්කරනය අවස්ථාවල එන්නත් කටුවට බියවී කෑ ගසන වැඩිහිටියන් එවැනි බියවල් ඇති අය පිළිබඳ උදාහරණ වේ. මේ විවිධ දෙයට දක්වන අප්‍රමාණ බිය ෆෝබියා ලෙස හඳුන්වයි. මේ ෆෝබියා තත්ව වලදි සුලු බියවීම් , සාමාන්‍ය ජීවිතේට බාධා වන බියවීම් මෙන්ම හෘදයාබාධයකින් කෙලවර වන තරම් භයානක බියවීම් දක්වා මේ ෆෝබියා පැතිර යයි. අපි මෙහිදී සාමාන්‍යයෙන් බහුලව දක්නට ලැබෙන ෆෝබියා 15ක් ඔබට හදුන්වා දෙන අතර මේ එකක් හෝ ඔබට බිය නොකැදවයි නම් ඔබ ඇත්තෙන්ම සුපිරි පුද්ගලයකු වේ..

Linonophobia හෙවත් තන්තු බිය.

නූල් ලනු ආදියට බියක් දැක්වීම මේ නමින් හැදින්වේ. මේ භිතිකාව සහිත පුද්ගලයන් නූල් ලනු ආදිය දුටු විට එය තම ගෙලෙහි පැටලී හුස්ම හිරවී යතැයි බියට පත් වේ. ඔවුන් එල්ලෙන පාලම් ඔන්චිල්ලා ආදියට භාවිත කිරීමට ද අකමැති වෙති. මෙහි බරපතළ තත්වයට මුහුණ දෙන අය මකුළු දැල් වලට පවා බියපත් වෙති

By twenty20photos Envato

Chorophobia හෙවත් නෘත්‍ය භීතිකාව

නැටුම් වලට ඇති බිය මේ නමින් හැදින්වේ. අන් අය නර්තනයේ යෙදීම දැකීමට බිය වීම මෙන්ම තමන් නර්තනයේ යෙදීමට ද මොවුන් දැඩි බියක් දක්වයි. සියලුම පුද්ගලයින් නටමින් විනෝද වද්දී එය්ට සහභාගි නොවී වෙන්ව සිටින අයට නැටීමට සහභාගි වන සේ බල කිරීම නොකළ යුතුයි . බොහෝවිට මෙබදු අය නැටුම් ඉදිරිපත් කෙරෙන උත්සව අවස්ථාද මග හරිති

Claustrophobia සංවෘත භීතිය

මෙය ඉතා බහුල තත්වයකි. මෙම භීතිකාව සහිත පුද්ගලයින් බයක් දක්වන්නේ වැසුණු ස්ථාන වලටයි. සම්පූර්ණයෙන් වැසුණු ස්තානයන්හී ඔවුන්ට හුස්ම හිරවීමේ ගතියක් දැනෙන බව ඔවුන් පැමිණිලි කරති. විදුලි සෝපානය තිබියදී එය භාවිත නොකර පයින් පියගැට නගින බොහෝ දෙනෙකු මෙහි ගොදුරු වෙති. මේ තත්වය උත්සන්න වන අයට වැසුණු මෝටර් රථ මෙන්ම MRI ස්කෑන් පරීක්ෂණ වලට පෙනී සිටීම ද සිදු කල නොහැක.

Ablutophodia ස්නාන භීතිය

මේක නම් ගොඩාක් දුර්ලභ ෆෝබියා එකක් . මේකෙදි මේ ෆෝබියාව සහිත කෙනා නාන්න හෝ තමන්ගේ සිරුරේ වතුර ගෑවෙනවට අසීමිත බියක් දක්වයි. ගංගා ඇළදොළ වල දී නාන්න බය බොහෝ අය සිටියත් මෙබදු අය නාන කාමරයෙන් ආරක්ශිතව නෑමට පවා බියක් දක්වති. සිරුරේ වතුර ගෑවුණත් එය ඉක්මනින් පිස දමා ගැනීමට පෙළඹෙන මොවුන් සින්ක් එකකින් එන වතුරට පවා බියක් දක්වති. ෆෝබියාවකින් බය වන පුද්ගලයන්ගේ බියෙහි තරම සහ දරා ගැනීම අපිට තීරණය කල නොහැකි බැවින් යම් අයෙක් ජලයට බිය බව පෙනේ නම් ඔහුව ජලයට තල්ලු කිරීමෙන් වලකින්න

Anemophodia වායු භීතිය

සුළඟට බිය පුද්ගලයින් මෙලොව වෙසෙන බව ඔබ විශ්වාස කරනවාද. මද සුළඟට පවා බිය පුද්ගලයින් සිටිති. ඔවුන් කිසිසේත්ම මුහුදු ආදී සුලං සහිත ස්ථාන විදුලි පංකා යට පමනක් නොව ඇර ඇති ජනෙල් අසල වත් නොසිටීමට ප්‍රවේසම් වෙති. හිසකෙස් වියලන උපකරණ භාවිතයද මේ අයට දැඩි පීඩාවක් ගෙන එන කටයුත්තකි. වාහන වල ගමන් කරද්දි කවුළු වසාගෙන සුළඟ වැලැක්වීමට මොවුන් ක්‍රියා කරති.

 

By Janne_Amunet Envato

Spectrophobia පිළිඹිබු භීතිකාව

මේ තත්වයට ගොදුරු වීමේ දී එය ආකාර දෙකකින් සිදුවේ. මෙවැනි අය කිසිම විටක කන්නාඩියකින් මුහුණ බැලීම සිදු නොකරයි . පරාවර්තනය වන පෘශ්ටයකින් තමන්ගේ රුව දැකීම ඔවුන් බියපත් වේ. කන්නාඩි නොවන ප්‍රතිබිම්බ පේන දෙය මග හැරීමටත් මොවුන් කටයුතු කරයි. එක එක් ආකාරයකි. මෙහි අනෙක් ආකාරය නම් කන්නාඩියකින් වෙනත් අයෙක් දැකීමත් මොවුන් බියපත් කරයි. කෙලින් බලාසිටින සිතුවම් වලටද මේ අය බිය වෙති එසේම සෙල්ෆී චායාරූප ගැනීම වර්ජනය කරන බොහෝ දෙනෙක් මේ භීතියෙන් පෙලෙති

Arithmophobia ගණිත භීතිකාව

මෙය ඉතා සුලභව දැකිය හැකි භීතිකාවකි. ඇතැයි අය ගනිත ගුරුවරයාට ඇති භීතිය නිසා මෙම තත්වයට ගොදුරු වෙන අතර ඇතමුන් ගනිතයට අදක්ශ නිසා මේ තත්වයට පත් වෙති. තමාට ලැබෙන ගනිත ගැටලු වල පිලිතුරු වැරදේ යැයි සිතීම නිසා ඔවුහු ගනිතයට බිය වෙති. ගනිතය හුදෙක්ම පාසල් විශයක් පමනක් නොව එදිනෙදා ජීවිතේට අත්‍යවශ්‍ය නිපුනතාවක් නිසා මෙබදු අය සාමාන්‍ය ජීවිතේ දී දැඩි ගැටලු වලට පත් වේ බිල් ගෙවීම් ගනුදෙනු මුදල් හුවමාරු අවස්ථා වලදී ඔවුහු දැඩි පීඩාවට පත් වෙති වෙවුලුම් ස්භාවයක්ද පල කරති.

Omphalophobia නාභි භීතිකාව

ඇහුවම ටිකක් හිනා ගියත් නාභියට බය පුද්ගලයන් මේ ලෝකේ ජීවත් වෙනව . ඔවුන් සමහර අය අනුන්ගෙ නාභි දැකීමට මෙන්ම තමන්ගේ නාභිය අනුන්ට පෙනෙයි කියලා ත් සෑහෙන භයෙන් ජීවත් වෙනව . අන් අයගෙ නාභි ප්‍රදර්ශනය වෙන මුහුදු වෙරලවල් නාන තටාක විතරක් නෙවෙයි නැටුම් සංදර්ශන පවා ඒ අය වර්ජනය කරනවා. සමහර විට නාභිය නොදක්වා සලු ඇද බොලට දක්වා වගේ විකාර සහගත උපදෙස් එක්ක කවි ලියූ පුද්ගලයාත් ඒවගේ මානසික තත්වෙකින් පෙළුණා විය හැකි බව හැගී යනව .

Ephebiphobia යොවුන් භීතිය

මේක හැදෙන්නෙ නව යොවුන් විය පසු කරලා ටිකක් වයස උණ පුද්ගලයන්ට. ඒ කියන්නෙ අවුරුදු 26 -33 අතර වගේ ඇතැම් පුද්ගලයින් 10-19 අතර නව යොවුන් තාරුණ්‍යයේ ඉන්න අයට දැඩි බියක් දක්වනව. ඔවුන් සමග කතාබහ කිරීම ආස්‍රය කිරීම පවා ප්‍රතික්ෂේප කරන මේ පිරිස් බොහෝවිට තරුණ අයව විවේචනය කිරීමත් නිතැතින්ම සිදු කරයි

Genophobia ලිංගික භීතිකාව

බොහෝවිට මෙම තත්වයට පත් වන්නේ අසුන්දර අත්දැකීම් පිරුණු ලමා කාල ගත කල අයයි. ලිංගික කටයුතු වලට දක්වන බිය මේ නමින් හඳුන්වයි.. මෙබදු අය ලිංගික හැගීම් වලට පවා බියක් දක්වයි. මෙය වැජිනිස්මස් තත්වය සමග පටලවා නොගත යුතු බවත් වෛද්‍ය වරුන් පවසති.

Heliophobia රිවි භීතිකාව

මෙය ඉතා දුර්ලභ තත්වයකි. මෙයින් පෙලෙන අය හිරු එලියට දැඩි බියක් දක්වති. බොහෝවිට මෙවැනි අයගේ නිවැස් ඝන තිර රෙදි වලින් ආවරණය කර හිරු එළිය ඇතුලට නොපැමිණෙන සේ සකසා ඇත. වැසුණු කාමර වල සිටීමට මොවුන් දැඩි සේ ප්‍රිය කරයි. එමෙන්ම මෙ අය දිවා කාලයේ නිවසින් පිට වීමට දැඩි අකමැත්තක් දක්වන අතර රාත්‍රී සේවා මුර සහිත රැකියා වල යෙදීමට නිතැතින්ම ඉදිරිපත් වේ

Deiphophobia

බොහෝ අයට මෙය ඉතා පුදුම කරුණක් වනු ඇත. මෙලොව ඇතැයි පුද්ගලයින් අනෙක් අය සමග ආහාර ගැනීමට බිය වෙති. තමා ආහාර ගන්නා ආකාරය කවරෙකු හෝ දැකීම මොවුනට දැඩි අපහසුතාවක් ඇති කරයි. එම නිසා අවන්හල් ආදියේදී ආහාර ගැනීම මොවුන් ප්‍රතික්ෂේප කරයි. සාමාන්‍යයෙන් එක්ව ආහාර ගැනීම සුභද බව සංකේතවත් කරන හැසිරීමක් නිසා තනිව ආහාර ගන්න පෙළඹෙන අයට යම් විරෝධතාවක් එල්ල කිරීමට බොහෝ අය ක්‍රියා කරයි. සමූහ වශයෙන් ආහාර ගැනීමට නොපැමිණෙන කෙනෙක් දුටු විට එය ආඩම්බර කමක් ලෙස ඔබ සිතුවත් එම පුද්ගලයා මෙබදු තත්වයකින් පීඩා විදින්නෙක් විය හැකියි

Deiphophobia කේශ භීතිකාව

කපා දැමූ කෙස් කොට බලු පූස් ලොම් ආදියට බිය වීම මේ නමින් හැදින්වේ. තමන්ගේ කෙස් වලට මෙන්ම න් අයගේ කෙස් වලට ද ඔවුන් මෙසේ බියක් දක්වයි. ලොම් සහිත ඇදුම් පොරෝනාවන් සපත්තු පවා මේ අය ප්‍රතික්ෂේප කරයි. සතුන්ට දැඩි අකමැත්තක් දක්වන බොහෝ අය මේ භීතිකාවෙන් පෙළෙති. එමෙන්ම කෙස් දක්නට ඇති භීතිකාව හේතුවෙන් ඔවුහු සැලොන් වලට යාම පවා වර්ජනය කරති

rypophobia සිදුරු භීතිකාව

මේ පිලිබදව අන්තර්ජාලයේ නිතරම දක්නට ලැබේ. එක ළඟින් පිහිටි සිදුරු වලට ඇති බිය මේ නමින් හැදින්වේ නෙලුම් මලේ මැද කොටසේ ඇති සිදුරු මීවද ආදියට මේ පුද්ගලයන් භීතිය දක්වන අතර I phone 11 හී පිටුපස එකලග පිහිටි කැමරා මේ ගැටලුව සහිත පුද්ගලයින් බියපත් කර ඇත.

මෙලොව බොහෝ පුද්ගලයින් මේ භීතිකාවන් පහළවෙන් එකක් හෝ කීපයක් නිසා පීඩා විඳිති. මෙ තත්ව එතරම්ම සුලභ වන අතර මෙයින් එකක් වත් ඔබට ගැටලුවක් ඇති කරයි නම් ඔබ සුපිරි පුද්ගලයෙකු බව පැවසිය හැකි වේ

                   

 

 



Copyright © 2014-2021 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us