Helabima

ඕනිම ඇදුමකට හිතාගන්න බැරි ස්මාට් පෙනුමක් දෙන කෙල්ලන්ටම විශේෂ පුංචි රහසක්.

මේඝනා මන්දෝදරී


                            උස් මිටි මහත කෙට්ටු වෛවර්ණ සමේ පාට විවිධ වයස ආදී ඕනිම කාන්තාවකට තමන්ගේ පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කිරීමට සමත් විලාසිතාවක් පිලිබදව මේ ලිපිය හරහා ඔබට ගෙන එමි. අනාදිමත් කාලයක පටන් ලොව බොහෝ සංස්කෘතින් වල කාන්තාවන් සේම ඇතැම් විට පිරිමින්ද මෙය භාවිත කලා. සමහර අයට තවමත් යම් ආගම කාන්තාවන් පමනක් මේ විලාසිතාව අනුගමනය කරන බව ඒත්තු ගැන්වූවත් පෙර කී පරිදි ඕනෑම රූපයක් හිමි කාන්තාවකට සර්වකාලීන විලාසිතාවක් ලෙස මෙය භාවිත කරන්න පුලුවන්

ඒ තමයි ස්කාෆ් .. මෙය කෙටි වචනයක් වුවත් විවිධාකාරී ඉසව් ගණනාවක් පුරා දිව යන විශාල පරාසයක් සහිත මාතෘකාවක් ලෙස හඳුන්වන්න පුලුවන් . එයට හේතුව තමයි ස්කාෆ් වලට නියමිත නීතියක් හෝ රීතියක් නැති එක . සරලවම් කිව්වොත් ස්කාෆ් එකක් කියන්නෙ බෙල්ල වටා හෝ හිසවටා රැදෙන රෙදි කඩක්. ඉදින් මේ රෙදි කඩට නියමිත හැඩයක් දිගක් පලලක් නෑ . ඒවගේම පැළඳීම මේ ආකාරයෙන් විය යුතු යැයි නියමයකුත් නෑ . ඒ නිසා කැමති රෙදි කඩක් කැමති ඕනෑම ලෙසකට පලදින්න හැකියි

ස්කාෆ් එක පළදින ආකාරත් ගිනිය නොහැකිතරම් තිබෙනවා. ස්කාෆ් වලට දමන ගැට වර්ග ඔතන වට ගණන පොට  නිදහස්ව එල්ලන ආකාරයට දමන ක්‍රම පෙරවිමක් සේ දෙවුර වටා පළදින ක්‍රම හිසේ පටන් වසන සේ පළදින ක්‍රම ආදී ක්‍රම දස දහස් ගණනක් ක්‍රම ඔස්සේ ස්කාෆ් පළදින්න පුළුවන්. මේ අසීමිත නිදහස  නිසා එය ඕනෑම රුපයක් සහිත ඕනෑම ආකාර කාන්තාවකට තමන්ට   සුදුසු වන  භාවිත කරන්න පුළුවන් ස්කාෆ් සදහා බොහෝවිට සිනිදු සිල්ක් රෙදි භාවිත කරනව. ‍රෙදිකඩ දිගු වීමේදී එය සුළඟ සමග පොර බැදීමේදී තරුණියකට කාව්‍යාත්මක සුන්දරත්වයක් ලැබෙනව . ඒවගේම තමන් තෝරාගෙන ස්කාෆ් එකේ රෙද්ද මෝස්තරය වර්ණය හැඩය මත වැදගත් වෘත්තිමය පෙනුමක්, දගකාර සැහැල්ලු පෙනුමක්, සුන්දර රෝමාන්තික පෙනුමක් , ආදී විවිධ පරාස වලට අයත් පෙනුමක් ලබාගන්න පුලුවන් .

එමෙන්ම මෙම කිසිදා පරන නොවන විලාසිතාව ඔබේ කාර්‍යාලීය ඇදුම් සමග, සාමාන්‍ය භාවිතයට ඇති ඇදුම් සමග විනෝද ගමන් වලදී අදින ඇදුම් සමග සාරි සමග මෙන්ම උත්සව ඇදුම් සමගත් ගලපන්න පුලුවන් වීම අස්චර්‍යක්. ඒ අනුව ස්කාෆ් එකක් කියන්නෙ සර්ව සම්පූර්ණ විලාසිතා අයිතමයක් ලෙස හඳුන්වන්න පුලුවන් .

ඔබ අදින්නේ තනිපාට ඇඳුමක් නම් ඒ ඇඳුමේ පාටට සම්පූර්ණයෙන් වෙනස් පාට ස්කාෆ් එකක් මගින් ඔබේ පෙනුම මුලුමනින්ම වෙනස් කරන්න ස්කාෆ් එකකට පුලුවන් . ඇඳුමක පාලු ස්භාවය මකා දනන්න ඇති පහසුම උපක්‍රමයක් විදියට ස්කාෆ් එක හඳුන්වන්න පුලුවන් . ඒවගේම විවිධ මෝස්තර මුද්‍රිත ඇඳුමක් ඇදීමේදී චාම් තනිපාට ස්කාෆ් එකක් භාවිත කරලා ඇදුමෙන් ලැබෙන කලබල කාරී ගතිය ඉවත් කරන්න පුලුවන් .එසේම තනිපාට ඇඳුමක පාලු ස්භාවය ඉවත් කරන්න මුද්‍රිත රෙද්දකින් කල ස්කාෆ් එකකට හැකියි

 

By twenty20photos Evanto

කාර්‍යාලීය ඇදුම් වලදී කොලර් එක වටා දිවෙන ස්කාෆ් එකකින් ටයි එකක පෙනුම සහිතව වෘත්තීයමය පෙනුමක් ඔබට ලබාදෙන ස්කාෆ් එක සමග තොප්පියක් පැලදීමෙන් ඉතා සුන්දර දගකාර පෙනුමක් ලැබෙනව .

උත්සව අවස්ථාවකට ඔබ සහභාගි වෙනව නම් ආභරණ වෙනුවට ස්කාෆ් එක ම පලදින්න ඔබට හැකියාව ලැබෙනව . ඒ සදහා විශේෂයෙන් සැකසූ ස්කාෆ් ක්ලිප් ඔබට තෝරාගන්න පුලුවන් . දිලිසෙන කෘතිම ගල් ක්‍රිස්ටල් පබලු ආදී විවිධාකාර ස්කාෆ් ක්ලිප් ඔබේ ගෙල වටා රැදෙන ස්කාෆ් එක සමග සම්බන්ධ කළාම විසිතුරු පෙනුමක් නිතැතින්ම ලැබෙනව . ඒවගේම ස්කාෆ් එකටම සම්බන්ධ කල පබලු වැල් සහිතව රන්පැහැ දම්වැල් සහිතව එන ස්කාෆ් නෙක්ලස් නම් නවතම විලාසිතාව ආභරණයක් ලෙස ඔබට භාවිත කරන්න පුලුවන් .

ඇතැම් සංස්කෘතින් වල කාන්තාවන් රෙදිකඩකින් හිස් ආවරණය කිරීම සිය චාරිත්‍රයක් සේ සැලකුවත් අනෙක් කාන්තාවන් ද ස්කාෆ් එක විවිධ ක්‍රම වලට හිසේ දැවටීම සිදු කරති . එහිදී ඉතා නවතම විලාසිතාව ලෙස hair scarf හැදින්විය හැකියි . එය මේ වෙද්දී ලංකාවේ ඉතා ජනප්‍රිය වී ඇත. පෝනි ටේල වලට දෙපසින් එල්ලෙන සේ සැකසූ රෙදි කඩක් ලෙසත් හිස වසා යොදන රෙදි කඩම් ලෙසත් මෙය පැළඳීම සිදු කරයි. ඉන් නිතැතින්ම හොඳ සුන්දර කෙළිලොල් පෙනුමක් ලැබේ.

ස්කාෆ් නිර්මානය ගැන සොයා බැලුවොත් එය ඉතා නිර්මාන ශීලී විනෝදාංශයක් ලෙස හඳුන්වන්න පුලුවන් . සිල්ක් රෙදි වලින් නිමැවූ ස්කාෆ් බහුල වූවත් ලෝම රෙදි අත් යන්ත්‍ර රෙදි අමු රෙදි ආදී රෙදි මෙන්ම ගොතන ලද ස්කාෆ් ද භාවිත වෙනව .මේ ස්කාෆ් නිර්මාණයේදී එහි කොන් සැරසීමටත් නානාප්‍රකාර අයිතම භාවිත වෙනව ඇතැම් ස්කාෆ් විශේෂයෙන් අමුරෙදි අත් යන්ත්‍ර රෙදි වලින් නිර්මානය කල ස්කාෆ් වල අගිස්ස නූල් ඉවත් කර ඒ නූල් එල්ලෙන සේ පාවිච්චි කිරීම ඒ නූල් වලට පබලු සවි කිරීම නිතරම දක්නට ලැබෙනව . විවිධ පබලු වැල් සිප්පි කටු ගල් වර්ග රන්පාට කෙදි ආදිය පවා ස්කාෆ් කොන් සැකසීමට පාවිච්චි වෙනව .ඔබ සතු ඇද අවසන් කල ඇදුම් සාරි ආදියෙන් පවා ස්කාෆ් නිර්මානය කරන්න පුලුවන් . මෙහිදී ඔබේ නිර්මානශීලීත්වය සහ දැක්මේ සුන්දරත්වය ඔබේ පෙනුම අනර්ඝ කරවීමට සමත් වේවි. විවිධ ප්‍රමාන වලට අයත් වූල් භාවිතයෙන්ද ස්කාෆ් ගෙතීම සිදු කරන අතර එම වූල් ස්කාෆ් සඳහාත් කුඩා සැරසිලි ද්‍රව්‍ය පාවිච්චි කරන්න පුලුවන්

By leikapro Evanto

කෙසේ වෙතත් ස්කාෆ් ලොවපුරා මෙතරම් ජනප්‍රිය වන්නෙ මං මුලින් කී ලෙස එයට ඇති ඇඳුමක පෙනුම සම්පූර්ණයෙන් වෙනස් කිරීමේ හැකියාව නිසා . ඒවගේම සීමා නැති අසීමිත විලාසිතාවක් වීමත් මෙහි ජනප්‍රියත්වයට හේතුවක්.. .ලොව විලාසිතා මවන කේට් මිඩ්ල්ටන් ස්කාෆ් පැළඳීමට දැඩි රුචියක් දක්වන්නියක් ලෙස හදුන්වන්න පුලුවන් .ඒවගේම හොලිවුඩ් නිළියන් බොහෝ අය නිතැතින්ම ස්කාෆ් පළඳිනු දැකිය හැකියි. ඒ අතරින් කරීනා කපූර් ස්කාෆ් සහිතව නිතරම දැකිය හැකි චරිතයකි. ඉදින් මේ සුන්දර විලාසිතාව ඔබත් භාවිත කරන්න . සුලු පරිශ්‍රමයකින් විශාල වෙනසක් අත් විදින්න ඔබටත් හැකි වෙවි

 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us