Helabima

ඉන්දීය රජ කුමරියක් වසග කරගත් ලක්දිව සෙනවියකුගේ අත්භූත පෙම් කතාව

බිනරි ඇතුගල


 

පොලොන්නරුවේ රජකල ලීලාවතී රැජිනගේ රාජ්‍ය සමයේ දඹදිව පාණ්ඩ්‍ය දේශයේ සිට ලක්දිව මන්නාරම් තොටට එන නැවු දොලහක් ගැන රහස් ඔත්තුවක් ලැබිණි. චර පුරුශයෝ යුහුසුළුව ඒ පිලිබදව තොරතුරු සෙවීමේදී පාණ්ඩ්‍ය රජුගේ දියනිය ජිනරාජි කුමරිය පන්සියයක් කාන්තාවන් සමග කතරගම දෙවොලේ පූජාවක් පැවැත්වීමට තවත් තුන් දහසක සේනාවක් සමග ලක්දිව ට පැමිනෙන බව තොරතුරු සනාථ විය. මන්නාරම් තොටට පැමිනි නැව් නැංගුරම් ලා ලක්දිවට ඇතුල් වීමට අවසර සංදේශයක් පොලොන්නරුවට එවීය. ලීලාවතී රැජින සිය බෑණා වූ නවරත්න සෙනවි ඇමතීය. නවරත්න සෙනවි වනාහි යොවුන් වියේ සිටි ආරෝහ පරිනාහ දේහදාරී කඩවසම් තරුණයකි. බුද්ධිමත් ය යුධ ශිල්පයේ අති දක්ශය.

" පුත නවරත්න . මේ අනගි මුතුහර සහ සංදේශය රැගෙන මන්නාරම් තොටමුණට යන්න . එහි නැංගුරම් ලා සිටින පාණ්ඩ්‍ය රජුගේ දියණිය හමුව ඇයට මේ ත්‍යාගය දී ඇය ඇතුලු ස්වල්ප දෙනෙක් පමනක් ලක්දිවට ගොඩ බස්වාගෙන මහියංගණ දක්වා රැගෙන ගොස් එහි රැදී තෙමසකින් ඇයගේ පූජාව අවසන් වූ පසු නැවත මන්නාරම් තොටට කැදවාගෙන යන්න ."

ලීලාවතී රැජිනගේ බස් අසා නවරත්න සෙනවි මන්නාරමේ නැව් නැංගුරම් ලූ තැනට ගොස් ජිනරාජි කුමරිය හමු වූයේය. අධික රූ සිරියෙන් යුක්තවූ කුමරිය මාන්නාධික විය. එහෙත් ආරෝහ පරිනාහ දේහදාරී සිංහල කුමරුවකු ඉදිරියේ ඈ මදක් ආසක්ත වූවාය. කුමරුට මුතුහරද ඔහුගේ සියතින්ම ගෙල පලදවන්නට ඉඩ දුන්නාය. එවෙලේහිම ඇතිවූ හදිසි රැල්ලකින් නැව පැද්දී කුමරිය මුහුදට විසි වන්නට යද්දී කුමරු ඇය අල්ලා ගත්තාය. මාන්නාධික කුමරිය ඉන් කිපී අනවසරයෙන් ඇගේ අත ඇල්ලීමට දඬුවමක් ලෙස කුමරුව මුහුදට විසි කිරීමට අණ කළාය. කිරි බඳුනක් ගෙන්වා අත සේදීමට තරම් ඇය මාන්නාධික විය. තමා නිවැරැදි වුවත් මෙය එය ඔප්පු කිරීමට අවස්ථාව නොවන බැවින් නවරත්න සෙනවි පිහිනා ගොඩ විත් කුමරිය ට මුහුණ නොදී ඇයට දඩුවම් කිරීමට තීරණය කලේය.

මේ කුමරිය දඹදිව පාණ්ඩ්‍ය දේශයේ රජුගේ දියණියයි. ඇයට ඇතිවී තිබෙන අපලයකින් මිදෙනු පිනිස සිංහල දීපයේ ස්කන්ධ කුමාර දෙවොලට කුමරිය සහ ඇයට සම ප්‍රතිමාවක් රැගෙන ගොස් පූජාවට කැප කරවා තෙමසක් පූජා පවත්වන්නැයි දෛවඥයන් පැවසූහ. එසේ නොකළ හොත් ඇයට විවාහ වීමේ වාසනාව අහිමි වන බව ඔවුහු සැල කලහ. මැටියෙන් කුමරියගේ රුව තනවා අතෙහි මානික්‍යක් රදවා අත මිට මොලවාගන සිටින සේ අඹා පූජාව අවසානයේ එම මානික්‍ය පිළිමයේ අත නොකඩා ගන්නා තැනැත්තාට කුමරිය හිමි බවද දෛවඥයන් පැවසූහ. පියරජු මෙයට එකහෙළාම විරුද්ධ වූයේ දියනිය සදා අවිවාහක වන උපායක් බව පවසමිනි. එහෙත් ස්කන්ධ කුමාර තෙද දන්නා දෛවඥයන් පැවසුවේ දේව ආස්චර්‍ය ක්‍රියාත්මක ව කුමරිය ඉතා කීර්තිමත් කුමරුවෙකු හා ආවාහ වන බවයි. මෙම පිළිමය අඩංගු මංජුසාව තවත් මංජුසා 7 ක බහා එහි යතුරු භාරව සෙන්පතිනියන් 7 ක් රදවා තිබිණි. මේ මංජුසාව සහ කුමරිය රැගත් පෙරහර සිංහල සෙබලුන්ගේ ආරක්ෂාව මධ්‍යයේ මහියංගණ බලා පිටත්ව එතැන් සිට ඔවුනට යන මං දක්වා සිංහල සේනාව මහියංගණ නවාතැන් ගත් හ.

පරදේශක්කාරියක කල මහා අවමානයෙන් පීඩිත වූ නවරත්න කුමරුද ස්කන්ධ දේව වරම් විශ්වාස කරන්නෙකි. ඔහු මහවැලි ගං තෙර සියතින්ම දේවාලයක් තනවා කුමරිය මෙන්ම ස්කන්ධ දේව වරමට කැපව තමාට කල අකටයුතුකමට යුක්තිය ඉල්ලීය. පුරා තෙමසක් මෙසේ දෙදෙනාම පූජාවට කැප විය . තෙමස අවසන පූජාව අවසාන දින උදාවිය . නවරත්න සෙනවි පූජාව අවසන් කර සැදෑ කාලයේ මහවැලි ගං ඉවුරේ හිදියදී මහලු පුද්ග්ලයකු එහි විත් ඔහුට අගනා මැණිකක් දුන්නේය .එය ඉතා ප්‍රයෝජනවත් බවත් අනාගතයේ එය අවැසි වන බවත් නිතරම ලගම තබාගෙන රැක ගත යුතු බවත් පවසමින් නවරත්න සෙනවිව කැලේ තුලට රැගෙන ගියේය . සුදු වැලි අතුල කුඩා ඉඩක තැනූ පුංචි නිවසක් එහි විය. නවරත්න සෙනවිට එම නිවසට යනලෙස දන්වා මහලු මිනිසා අතුරුදන් විය. සෙනවි ගෙතුළට ගියේය. එහි සුවපහසු සිරි යහන් ගබඩාවකි. පසක රසමසවුළු පිරි මේසයකි. ඉර අවරට ගොස් තිබිණි සෙනවි තෙමේ බඩපුරා ආහාර ගෙන යහනේ වැතිරුනි. ඔහුට සුවසේ නින්ද ගියේය

මේ වනවිට ජිනරාජි කුමරියගේ ද තෙමස් පූජාව අවසන් කර තිබිණි. පාණ්ඩ්‍ය පිරිස කුමරිය සහ මංජුසාව රැගෙන සිංහල සේනාව හමුවීමට මහවැලි ගඟ දෙසට ගමන් කරමින් සිටියහ. එකෙනෙහිම පිරිස් මැදට පිනූ කොටියෙකු නිසා පිරිස කැළඹී හිස් ලූ ලූ අත දිව ගියහ. කුමරිය පවා බියපත්ව හිස හැරුනු අත දිව්වාය. මහ වනය තුල කුමරිය අතුරුදන් බව දුටු පිරිස භිතියට පත්ව කුමරිය සෙවීම ඇරඹූහ

මේ වෙද්දී නවරත්න සෙනවි සුවපහසු සයනේ සුව නින්දේය. කොටියාට බියවූ කුමරිය හිස හැරුනු අත දුවද්දී දුටු නිවසක් තුලට වැදී දොර වසා ගත්තාය .භීතිය නිසාම ගෙතුළට දිව ගොස් යහනේ නින්දේ සිටි තැනැත්තාට තුරුලු විය. නවරත්න සෙනවි පුදුමයෙන් දෑස් හැර බලා තම තුරුලේ හිදින්නේ ජිනරාජි කුමරිය බව දැන තරයේ ඈ තුරුල් කර ගත්තේය. සලු පිළි විසිරී ගියේය . ස්කන්ධ දෙවු අනුහසින් කුමරියට කීර්තිමත් ශක්තිමත් කුමරුවෙකු ස්වාමියා ලෙස ලැබිණි . කුමරුගේ සිතෙහි තිබූ නෝක්කඩුව අවසන් විය. නව යුවතිපතීන් එම යහනේ රැය පහන් කලහ.

By Svetography Envato

රැයපුරා කුමරිය සොයමින් වනය පීරූ පිරිසට තැලී පොඩිවී ගිය සලු පිළි වලින් යුතුව කුමරිය කොටි කලබලය සිදුවූ ස්තානයේදිම හමු විය. සෙනවි ලියන් පරිවාර ලියන් ආරක්ෂක නිලධාරීන් සියලුම දෙනා සිදු වූ දේ විමසුවත් කුමරිය මුනිවත රැක්කාය. හැකි ඉක්මනින් සිය රටට යාමට අවශ්‍ය බව පැවසුවාය. නවරත්න සෙනවි ද පිරිසට නොදැනී ඔවුන් හා මන්නාරම් තොටමුනට ගියේය . ඉමහත් ශෝකයෙන් ඈ නැව් නැගීමට පෙර දේව අනුහසින් තමාට ලැබුනු සැමියා කොයිදැයි බැලුවාය . වල් බෙලි ගසක් අසලට වී තමා දෙස ඉමහත් ප්‍රේමයෙන් බලා සිටින නවරත්න කුමරුගෙන් තම රටට යා යුතු ම නිසා අවසර ගත්තාය. . කුමරියව සාර්ථක ලෙස මවු රටට පිටත් කල බව සදහන් සංදේශය සමග නවරත්න සෙනවි ලීලාවතී රැජින වෙත වාර්තා කලේය .

නැව් නැගුනු කුමරිය නැවේ දී අසනීප වූවාය සුදුමැලි ව ගිලන් වූ ඇය රෝගීවම පාණ්ඩ්‍ය දේශයට ගොඩ බැස්සාය . පාණ්ඩ්‍ය රජු ඈ පිළි ගැනීමට උත්සව සංවිධානය කර තිබුනද කුමරිය රෝගී ලක්ශන දිගින් දිගටම පෙන්වමින් වැතිර සිටියාය . රාජකීය වෛද්‍ය වරු කැඳවිණි. රජ මැදුර ගිනි වැදිනි. සිංහල දේශයේ සිදු වූ සියල්ල හෙළි කිරීම හැර කුමරිය ට විසඳුමක් නොවිනි. ගැබ මේරීමට පෙර වහාම විවාහය සිදු කල යුතු බව රජුගේ නියමය විය. කලුමැදිරිය මංජුසාව විවෘත කෙරිනි. අදෝමය. ඉබි යතුරු සතකින් සහ වෙනම නිලධාරීන් යොදවා රැකි පිළිමයේ අත දිග හැරී ඇත. මැණික නැත. රජු දැඩි කෝපයට පත් විය.නැවතත් රජ පිරිස රජු මවු රැජින ගැබිනි කුමරිය සමග ලක්දිව මන්නාරම් තොටට සේන්දු විය.

රාජකීය පිරිස ලීලාවතී රැජින හමු විය. ඇය පාණ්ඩ්‍ය රජුගේ කෝපය සංසිදුවීමට උත්සාහ කළාය. නවරත්න සෙනවිගේ සමත් කම් දැනුම මෙන්ම රජ පවුලේ සමීපම නෑයෙක් බවත් කීර්තිමත් දක්ශ සෙනවියකු බවත් පවසා කුමරු සහ ඔහුගේ දෙමාපියන් කැඳවිණි. පිරිස මංගල්‍ය කතරගම දෙවියන් අභියස සිදුවිය යුතු යැයි තීරණය කර යලිත් පෙරහරින් කතරගම බලා පිටත් විය.

කතරගම දේවාලය දෙවු විමනක් සේ සැරසිනි. මංගල්‍ය ඇරඹිනි නොසිතූ දෙයක් සිදුවිය . කුමරිය හා විවාහ විය හැක්කේ මැටි රුවේ අත නොකඩා මැණික ගත්තෙකුට පමණි යන වාක්‍ය සිහි කල පාණ්ඩ්‍ය රජු කෝපයෙන් ගුගුලේය. මැණික කොහිදැයි විමසීය. කුමරුට එසැනින් මහලු මිනිසාගේ උපදෙස සිහි විය. තමා ලගම සගවාගෙන සිටි මැණික ගෙන දැක්වීය. සියල්ලෝම සාධුකාර දුන්හ. තමාට මැණික ලැබුනු ආකාරය කුමරු පවසද්දී කතරගම දෙවියන් ගේ තෙද අවිස්වාස කලා යැයි භීතියට පත් රජු වැද වැටී සමාව ඉල්ලීය.. සියල්ලම යහපත් ව විසදිනි. කුමරිය පැතූ ලෙසම කීර්තිමත් ස්වාමියෙකු ලැබිණි . ලක්දිව සිංහල සෙනවියකුගේ සුන්දර ආදර අන්දරය වෙනුවෙන් පොලොන්නරුව ලීලාවතී රැජින ගේ මන්දිරයේද උත්සවයක් පැවැත්වූ බව කියැවේ..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us