Helabima

උතුරන්න සල්ලි හම්බවෙන්න කලින් පේන මේ සුභ සිහින ඔබට ත් පෙනුනද

මෙවන් රිටිගල


කවදහරි සල්ලි කාරයෙක් වෙනව කියලා දවල් හීන දකින්න අපි කවුරුත් කැමති උනත් රාත්‍රියේ ඔබ දකින සමහර සිහින ඔබ ළඟදිම ධනවත් වන බවට අනාවැකි ගේනව . සිහින විශ්ලේශනයෙදි හීනෙදි පේන අර්ථයම සිදු නොවී වෙනත් ප්‍රතිපලයක් ලැබෙන නිසා බොහෝ අය තමන් දුටු සිහිනේ හරිහැටි තේරුම් ගන්නෙ නෑ . ගුප්ත ශාස්ත්‍ර වලට ප්‍රසිද්ධ පෙරදිග උනත් සිහින විශ්ලේශනයට නම් බටහිර රටවල් වල පවා හොඳ වටිනාකමක් ලැබෙනව . ඔබ යම් කරුනක් ගැන නොසිතා සිටියදී අලුයම් කාලෙදි ඉබේම මෙවැනි සිහිනයක් දුටුවොත් එය කිසිම කෙනෙක් ට නොකියා හිතේ පමනක් තබාගන්න . කිසිසේත්ම වෙනත් අයට කීමෙන් වලකින්න

ඉතා ධනවත් පුද්ගලයින් තමා ධනවත් වීමට පෙර මේ සිහින දුටු බව පසුව පවසා තිබෙනව. මී මැස්සන් සහ මීවද දුටුවොත් ඔබට විශාල ධනයක් ලැබීම නියතයි. ඉදුණු කෙසල් ධනවත් භාවය ලැබෙන සිහිනයක්. ඔබේ ගෙමිදුලේ මොනරුන් නටනවා සිහිනෙන් දුටුවොත් සෞභාග්‍යය ඔබේ දොරකඩට ඇවිත් . එලදෙනෙකු දැකීම ඉතා විශාල ධනයක් ලැබෙන සිහිනයක්. එළදෙනට ආහාර දීම දුටුවොත් අතිවිශාල ධනයක්ද එළදෙනට ගිතෙල් කවනවා දුටුවොත් රජෙකුට සමාන ධනයක්ද ඔබට ලැබෙනු ඇත. ඔබ මුදවපු මීකිරි පැනි සමග අනුභව කරනු දුටුව හොත් කිරියෙන් පැණියෙන් ඉතිරෙන සමෘද්ධිමත් කාලයක් උදාව ඇති බව ඉන් හැගවේ. කිරි බඳුනක් සිහිනෙන් දුටුවහොත් ධනය සමග සැනසිල්ල ඔබ වෙත පැමිණ ඇත. ඔබ දොරක් අරින ආකාරය සිහිනෙන් දුටුව හොත් ඔබේ ජීවිතේට ධනය ලැබෙන අලුත් මාවතක් විවර වූ බව ඔබ දත යුතුයි

කහ සුදුළූණු ලුණු සහ දෙලුන් අදිය දැකීමත් ධනය ලැබෙන සලකුණු වේ. ඉතා පිරිසිදු දිය උල්පතක් දිය පහරක් ගඟක් දැකීම ජීවිතේ ජයග්‍රාහණය සමගින් ධනය ලැබීම පවසයි. ඔබ ඒ පිරිසිදු දිය දෝතක් පානය කලොත් ඔබ කෝටිපතියකු වීම ආසන්න බව පවසයි. ධාන්‍ය දැකීම ත් ජීවිතේ සශ්‍රීකත්වය අතළඟ බව පවසයි. පෙරදිග දී වී දැකීම ඉතා සුභ සිහිනයක් ලෙසත් බටහිර රටවලදී තිරිඟු බාර්ලි මිලට් දැකීම සෞභාග්‍යයේ සංකේත බව කියැවේ. බර්ගන්දි රත් පැහැය සිහිනෙන් දිටීමත් මුදල් සිහිනයකි.

ධනය සම්බන්ධයෙන් අංක 8 ට ලැබෙන්නෙ විශේෂ ස්ථානයකි. ද්විත්ව බින්දු දෙකකින් සැදි 8 සලකුණ ධනය සම්බන්ධ විශේෂ සලකුණක් සේ සැලකේ. විශ්ව ආකර්ශනය සම්බන්ධයෙන් කතා කිරීමේදිද 8 ට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඒ අනුව 8 සිහිනෙන් දැකීම ඔබ වටා ධන ආකර්ශනය ක්‍රියාත්මක වන බව හැගවන සලකුනකි.

තමන්ගේ දෝතින් දෙමාපියනට වතුර පොවනු දුටුවොත් දෙමාපිය ආශිර්වාද ඇතිව ධනවත් වීමේ වාසනාව ඔබට හිමි වේ. ලස්සන මල් දැකීම ත් ඔබගේ ජීවිතේට සමෘද්ධිය ලැබෙන බවට සලකුනකි. හොදින් පිසින ලද මස් කන ආකාරය සිහිනෙන් දැකීමෙන් ඔබට ඉතා යහපත් කාලයක් උදා වන බව හැගවේ.

By AnnaStills Evanto

ණය එතරම් යහපත් දෙයක් නොවුනද ඔබ යමෙකුට ණය දෙන බව දුටුවහොත් එහි අදහස ඔබට සමෘද්ධිය උදාවෙන බවයි. ඇසීමට අප්‍රසන්න උවත් අසූචි සිහිනයෙන් දැකීම ජීවිතේ ජයග්‍රාහනය ලබන සංකේතයක් වේ. බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත් වූ දින දුටු සිහින වලත් අසූචි පිලිබද සිහිනයක් ඇත. අසූචි ඇගේ ගෑවීම පෑගීම දුටු හොත් ඔබට විශාල ධනයක් ලැබෙන අතර සතෙකුගේ අසූචි එසේ දුටුවහොත් ඔබේ පවුල හෝ ඔබ සේවය කරන ආයතනය පවා දියුනුවට පත් වනු ඇත.

සිහින පලාපල විමසීම පිලිබදව බයිබලයේ පරන ගිවිසුමේද සදහන් වේ. බුද්ධ චරිතයේද සිහින වලට ස්ථානයක් ලැබී ඇත. අපි බුදු සිරිත ඉගනීම අරඹන්නේ මහමායා දේවිය දුටු සිහින වලිනි. එසේම බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වූ දින දුටු වටිනා සිහින පහ මෙන්ම කොසොල් රජු විසින් දැක බුදුරජාණන්වහන්සේ විසින් විශ්ලේෂණය කල සිහින 18 ද බුදු සිරිතේ සිහින ගැන සදහන් ස්ථාන වේ. මේ සුභ සිහින මෙන්ම අසුභ සිහින මරණීය සිහින පවා තිබේ. ඉදිරියේදී ඔබට ඒ ගැන පැවසීමට අපි බලාපොරොත්තු වෙමු.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us