Helabima

අද්භූත විදියට මරණය වැලදගත් මිනිස්සු 8 දෙනෙක්

මෙවන් රිටිගල


මෙලොව බිහි වූ සියලුම දෙනාට මරණය අත්වීම ලෝක දහමයි. වයස්ගත වීම අසනීප වීම අනතුරු ආදී හේතු නිසා බොහෝ අය මරනයට පත් වෙනවා. එහෙන් මේ ලිපියෙන් අපි ඔබට ගෙන එන්නේ කිසිම කෙනෙක් ට හිතාගන්න බැරි අරුම පුදුම හේතු නිසා මරණය වැළඳගත් අය ගැනයි. මේ සියලුම මරන වික්ටෝරියා යුගයේ සිදුවූ සිදුවීම් වීම විශේශයි

හිනාවෙලා පනගිය වෙස්ලි

ඇමරිකාවේ ඉන්ඩියානා ප්‍රාන්‍තෙ ජීවත් උන වෙස්ලි පාර්සන් කියන ගොවියට ක්‍රිස්තු වර්ශ 1893 යම් හේතුවක් නිසා හිනා ගියා . ඒක බොහොම සාමාන්‍ය දෙයක් උනත් ඔහුට පැයක් යනකංම මේ හිනාව නවත්ත ගන්න හැකියාව ලැබුන්නෑ.පැයක් එකදිගට හිනා උණ වෙස්ලි තව පැය දෙකකින් මරනයට පත් උනා . පැයක් දීර්ඝ හිනාව නිසා අභ්‍යන්තර ඉන්ද්‍රින් වෙහෙසට පත් වීමෙන් මේ මරණෙ උනා කියලා අවසානේ නිගමනය කරලා තිබුනා

මැරිලා නැගිටල ආයමත් මැරුණු මිනිසා

රුසියාවේ වාසය කල පුද්ගලයෙක් සාමාන්‍ය සේ මිය ගිය අතර ඥාතීන් ඔහුගේ අවසන් කටයුතු සදහා ඔහුව පෙට්ටියක බහා දේවස්ථානය ට අරං ගියා . දේව මෙහෙයට ගමේ සියලුම දෙනා රැස්වෙලා ඉද්දි මැරුණු මිනිසා පෙට්ටියෙන් නැගිටල වටපිට බලලා බයවෙලා දුවන්න පටං ගත්ත . මේක දැකල රැස්වෙලා හිටපු අයත් හොදටම බයවෙලා කලබල වෙලා මරනෙන් නැගිටපු මිනිසා පිල්ලියක් කියලා තීරණය කරලා ඒ මිනිසා පස්සෙ දුවන්න පටං ගත්ත . දේව මෙහෙය කරන්න හිටපු ඥානවන්ත දේවගැතිවරයාට මේ සිදු උණ දේ හොදින් අවබෝධ උනත් ඔහු ට ඉඩ නොතබා ගමේ මිනිස්සු මරනින් නැගිටපු මිනිසා නැවත මරා දමා තිබ්බ . ඔහු කෝමා තත්වයකට පත්වෙලා එකවර සුව වූ බව නොදත් ගැමියෝ ඉතා අවාසනාවන්ත තීරණයක් අරං තිබ්බෙ මේ පිල්ලියක් කියලා වටහාගන.

By CreativeNature_nl Envato

මීයෙක් අතින් මරනයට පත් වීරයා

1875 හේ දිනක ලන්ඩන් නගරයේ කර්මාන්ත ශාලාවක වැඩ කරමින් සිටි කාන්තාවන් පිරිසක් අසලට මීයෙක් දිව ආවා. සුපුරුදු පරිදි එම සේවිකාවන් එම මීයාට බියවී එම ස්ථානයේ විශාල කලබලයක් නිර්මානය කලා. එහි සිටි තරුණ සේවකයෙක් කලබලය මැදට පැන දෑතින් මීයා අල්ලා ගැනීමට සමත් වූවා. ඔහු එහිදී ඇතිවූ පුදුමය නිසා කට ඇරගෙන සිට ඇති අතර ඔහුගේ අතින් මිදුනු මීයා අත දිගේ ගොස් කමිස කොලරයෙන් මතුව විවර වී තිබූ කට තුලට ඇතුලු වී සිරුර තුළටම ගොස් ඇත. ස්වල්ප වේලාවකට පසු ඔහු මියගොස් තිබූ අතර ශරීර අභ්‍යන්තරය මීයාගේ සපාකෑම් නිසා හානි වී මරණය සිදුවූ බව පසුව වාර්තා විය

තමන්ගේ හිසට ගලක් අත් හැරගත් සෑම්

නිවුයෝක් නගරයේ ක්‍රි. ව 1880 වාසය කල සෑම් වෝර්ඩෙල් නැමැත්තාගේ රැකියාව වූයේ එම නගරයේ විදුලි පහන් දැල්වීම සහ නිවා දැමීමයි උදෑසන ඉර පායද්දි විදුලි පහන් නිවීමට අවදි විම අනිවාර්යයෙන් කල යුතු උවත් ඔහුට තම ඝටිකා ඔරලෝසුවේ නාදය නොඇසීම නිසා දිගටම නින්ද යෑම සිදු වූවා.ඔහු එයට පිළියමක් ලෙස අවශ්‍ය වේලාවෙදි විශාල ගලක් තැටියක් මතට වැට්ටවීමෙන් ලොකු හඩක් නැගෙන උපකරණයක් නිර්මානය කලා.

එය ඉතා හොඳ විකල්පයක් සේ ඔහු කාලයක් ම භාවිත කලත් දිනක් රාත්‍රී සාදයකට සහභාගි වූ සෑම් දැඩිසේ බීමත්ව ගෙදර විත් නිදාගත්තා. අලුයම 5 ට එම උපකරණය ක්‍රියාත්මක වී ගල වැටුණත් ඔහු බීමතින් නිදාගන තිබුනේ එම ඇටවුම අසල බිමයි එම විශාල ගල හිසමත ඇදවැටී ඔහු නින්දෙන්ම මියගියා

හෙන්රිව බිලිගත් මිනී මරු මිනීපෙට්ටිය

කෙන්සල් ග්‍රීන් නම් ලන්ඩන් නගරයේ සුසාන භූමියේ මිනී පෙට්ටි ඔසවාගෙන යන කංඩායමේ සාමාජිකයෙක් ලෙස හෙන්රි ටේලර් සේවය කලා. දිනක් ඔහු සිය කන්ඩායම සමග මිනී පෙට්ටියක් අවසන් කටයුතු සදහා ඔසවාගෙන යද්දී පය ගලක පැටලී ඔහු ඇද වැටුණා. එහිදී ඇතිවූ අසමබරතාව නිසා කන්ඩායම අතින් ලිස්සා ගිය මිනී පෙට්ටිය වැටුනේ හෙන්රිගේ හිස මතටයි. ඔහු එතනදීම මරණය වැළඳ ගත්තා

කෙස් කා මියගිය ගැහැනියක්

1869 දී එංගලන්තයේ ලින්කන්ශල් හී වාසයකල අවුරුදු 30 ක් වයස කාන්තාවක් හදිසියේම මියගියා . වෛද්‍ය වරුන්ට ඇගේ රෝගය ඇය මියයනතුරු සොයාගැනීමට නොහැකි වූ නිසා දේහයට මරන පරීක්ෂණයක් සිදු කලා. එහිදී ඇගේ ආමාශයේ රාත්තල් දෙකක් පමන බර තාරාවකුගේ හැඩැති මිනිස් හිසකෙස් ගුලියක් සොයා ගැනීමට පරීක්ෂණ කන්ඩායම සමත් උනා. පසුව එම කාන්තාව ගේ ඥාතීන් පැවසුවේ ඇය වසර ගණනාවක් තමන්ගේ ම හිසකෙස් ආහාරයට ගැනීමට හුරුව සිටි බවයි.

By Nataljusja Envato

බේබදු වලහා තානායම් කරුගේ පවුලම මරා දමයි

රුසියාවේ විල්කා නගරයේ 1891 දී පමන වාසය කල අයෙක් අරුම පුදුම සුරතලෙක් ඇති කලා. ඉතා දැවැන්ත වලසෙක් සුරතලකු මෙන් ඇතිදැඩි වූ අතර එහි පුදුමය වන්නේ එම වලසා දැඩි සේ වොඩ්කා පානයට ඇබ්බැහි ව සිටීමයි. එහෙත් මෙම සත්වයා ඉතා හීලෑ ලෙස හැසිරී තිබුනා දවසක් එම වලහා එම නගරයේ තානායමේ පවත්වාගෙන ගිය තැබෑරුමට ඇතුල් වී බලහත්කාරයෙන් වොඩ්කා බී ඇති අතර ඉන් මත්ව එහි වූ අසිසාක් රාබනෝචි නම් තානායම් පල්ලා මරා දමා ඇත. එම ස්තානයට දිව ආ ඔහුගේ දියනිය සහ පුතුන් දෙදෙනා ත් වලසා අතින් මරනයට පත්ව තිබියදී නගර වාසීන් විසින් සොයාගෙන තිබේ  වොඩ්කා සහ ලේ ගංගාවක මියගොස් සිටි සිවුදෙනා දුටු පිරිස සිදුවීම තේරුම් ගෙන වලසා මරා දමා ඇත.

මරණයේ ඔට්ටුව

ශක්තිවන්තයා සෙවීමේ අරමුනින් සංවිධානය කල මාරාන්තික ඔට්ටුවක් නිසා මියගිය අයෙක් ගැන යි මේ විස්තරය. 1878 ටේ ස්පාඤ්ඤයේ නවාජේහි විසූ තරුණ සහ මැදිවියේ ප්‍රංශක්කාරයන් දෙදෙනෙකුට තමන් අතරින් ශක්තිමත් ම කෙනා තෝරා ගැනීමට අවශ්‍ය උනා. ඔවුන් දිනක් සම්පූර්ණයෙන් ආහාර නොගෙන මත්පැන් වීදුරු 17 ක් පානය කර සැතපුම් 6 ක් පා ගමනින් ගොස් තම ශක්තිය උරගා බැලීමට තීරණය කලා. දැඩි උශ්නත්වයක් තිබූ දිනක මේ ක්‍රියාව ආරම්භ කර ස්වල්ප වේලාවකින්ම මැදිවියේ පුද්ගලයා දිවි අහිමි කරගත්තා .තරුණයා බේරා ගැනීමට ත් විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුව ඇතැයි වාර්තා වුනා

                             

 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us