Helabima

ටයිටැනික් නැව කැළඹු ගුප්ත රහස් රැසක් හෙළි වේ

බිනරි ඇතුගල


1912 අප්‍රේල් මාසෙ නොගිලෙන නැව ලෙස ලෝක ප්‍රසිද්ධ වෙලා තිබියදීම තම මංගල ගමන අරඹා 5 වෙනි දිනම ජීවිත සිය ගාණක් සමග ගිලී ගිය ටයිටැනික් නැව මහා අභිරහස් ගොන්නක්ම සගවගන අත්ලාන්තික් සාගරයේ පතුලේ අදටත් පවතිනවා. නැව වටා ගෙතුනු අත්භූත රහස් ගණනාවක්ම මේ වෙද්දී හෙලිදරව් උනත් හෙළි නොවූ ප්‍රමානය අධික බවයි ටයිටැනික් නැවේ අතීතය අධ්‍යනය කරන විද්‍යාඥයන් පවසන්නේ. කාල තරණය , ඊජිප්තු පරාවෝ ශාප ගැන වගේම ටයිටැනික් අයත් නැවු සමාගමේ කූඨ උපක්‍රම ගැන ත් විවිධ මතිමතාන්තර පවතින අතර ලොව අන් කිසිම නැවක් නොලද ප්‍රසිද්ධියක් ටයිටැනික් නැවට ලැබීමට හේතු උනේ ඒ වටා ගෙතුනු චිත්‍රපටය පමණක්ම නෙවෙයි කියලා ලෝකෙම විශ්වාස කරනවා.

ටයිටැනික් ගැන වාර්තා වෙන අත්භූත ම සිදුවීම වෙන්නෙ නැව දියත් වෙන්න අවුරුදු 14 කට කලින්. ඒ The wreck of the titan  කියන පොත මෝගන් රොබට්සන් නැමත්තා අතින් ලියවීමත් සමග. ඔහු කාලතරනය කල අයෙකු යැයි හැගෙන තරමට විශ්මය ජනක සමානකමක් එම පොත සහ ටයිටැනික් නැවට තිබෙනවා . ටයිටන් නැමති අඩි 800 ක් දිග ටොන් 4500 බරැති නෞකාවක් අප්‍රේල් මාසයකදී අත්ලාන්තික් සාගරයේ ගමන් කරමින් තිබූ අවස්ථාවක නිව් ෆවුන්ඩ් සිට හැතැප්ම 400 ක් දුරින් ස්ථානගතව තිබූ අයිස් කන්දක ගැටී 1500 ක් පමන මරුමුවට පත් කරමින් මුහුදු බත් වු බව එම පොතෙහි එන කතාන්තරයේ කියැවේ. ලොවම පුදුමයට පත් කරමින් මේ තොරතුරු සියල්ල ටයිටැනික් නැව හා සම විය. නැවේ  දිග  බර මගීන් ගනන  දියත් කල මාසය දියත් කල ස්තානය යාමට බලාපොරොත්තු වූ ගමනාන්තය අනතුර සිදුවූ ස්ථානය  පවා සමාන වූයේ ලොවම විමතියට පත් කරවමිනි.

නැව ගමන් ඇරඹීමට පෙර සිදුවූ තනතුරු මාරුවක් නැවේ අනාගතය තීරණය කළාදැයි සිතන සිදුවීමක් ද වාර්තා වී ඇත.නැවේ දෙවන නිලධාරියා ලෙස ගමන් කිරීමට සූදානම් ව සිටි ඩේවිඩ් බ්ලෙයාර් නැමැත්තා ගමන පිටත් වීමට නැවට නැග සිටියදී දැනගැනීමට ලැබුණේ ඔහු තනතුරින් පහ කර වෙනත් අයෙක් දෙවැන නිලධාරියා ලෙස පත් කල බවයි. ඔහු ඒ අසා නැවෙන් බැස ඇති අතර නැවේ දුරේක්ෂ කාමරයේ යතුර ඔහුගේ සාක්කුවේ බව සොයා ගත්තේ නැව පිටත් වූ පසුයි. දුරේක්ෂ කාමරය අගුලු ලා නොතිබුණේ නම් බොහෝවිට නෞකාව අයිස් කන්දෙහි ගැටීමට පෙර එය දැකීමට ඉඩ තිබිණි.ඔහු යතුර හිතාමතාම රැගෙන ගියාදැයි අදටත් කිසිවෙක් නොදනී

Popperfoto, via Getty Images

ටයිටැනික් නෞකාවේ හිමිකාරිත්වය දරන වයිට් ස්ටාර් නෞකා සමාගම අති විශාල රක්ශන වන්දියක් ලබා ගැනීමේ අභිප්‍රායන් නෞකාව හිතාමතාම ගිලෙන්නට සැලැස්වූ බවට ජනතාව අතර මතයක් පවතී. එය ඔප්පු වෙන ආකාරයේ කරුණු රාශියක්ම වාර්තා වී තිබේ. එම සමාගම සතු Rms ඔලිම්පස් නම් නෞකාවක් වූ අතර එම නෞකාව එහි කපිතාන් ගේ වරදින් සිදුවූ අනතුරකින් දැඩි හානියට පත් විය. වරද කපිතාන්ගේ වීම නිසා කිසිදු රක්ශන වන්දියක් එයට හිමි නොවූ අතර ටයිටැනික් නැව නිමවීමට ඔලිම්පස් නෞකාවෙන් ගලවා ගත් බොහෝ කොටස් භාවිත කරන ලදී. එම නිසා ටයිටැනික් නෞකාව නිපදවීමට වැය වූවායැයි ප්‍රසිද්ධ කල තරම් පිරි වැයක් එම සමාගම දරා නැත. මෙහි විශ්මයජනක කරුණ වන්නේ තම ඔලිම්පස් නෞකාව මෙහෙයවා අනතුරක් සිදු කල එඩ්වඩ් ස්මිත් නම් නෞකාපතියා භාරයටම ඔවුන් ටයිටැනික් නෞකාවත් භාර කිරීමයි. ටයිටැනික් නැවට ඉදිරියේ ඇති විශාල අයිස් පරය ගැන අනතුරු ඇඟවීම් 6 ක් ලැබීත් නැව නොට් 25 ක අධික වේගයෙන් මග වෙනස් නොකර ධාවනය කිරීමට ඉහත අදක්ශ කපිතාන්වරයා තීරණය කර තිබේ.  මේ ප්‍රයන්තය සාර්ථක කරමින් ටයිටැනික් නෞකාව වෙනුවෙන් අති විශාල  රක්ශන වන්දියක් හිමි විය. ධනවතින් මරණයට පත් කිරීමේ සැලැස්මක් මෙහි ක්‍රියාත්මක වූ බවත් ඇතමුන් පවසයි. සත්‍ය වශෙන්ම එකල යුරෝපයේ ධනවතුන් විශාල සංඛ්‍යාවක් මේ නැවේ ගමන් කල අතර බේරා ගැනීමේදීද කාන්තාවන් සහ දරුවන් මුලින්ම බේරාගත් නිසා ධනවත් ව්‍යාපාරිකයින් රාශියක් ගිලී මිය ගියහ.

මෙය සනාථ කරන තවත් කරුණක් වන්නේ සාමාන්‍යයෙන් නැවක් ගමනාරම්භයට පෙර මගීන්ට හදිසියකදී ජීවිතාරක්ෂක බෝට්ටු භාවිත කරන අන්දම ගැන පුහුණුවක් ලබා දීම අනිවාර්යයෙන් සිදු කලත් ටයිටැනික් ගමන අරඹා දින 5 ක් ගත වන තුරුත් එම පුහුණුව ලබා දී නොතිබිනි. පස් වන දිනයේදී මෙම නැව නොගිලෙන නැව සේ විරුදාවලී ලබා ඇති බැවින් එම පුහුණුව අනවශ්‍ය යැයි  නැවු බලධාරීන් තීරණය  කල අතර එදින රාත්‍රියේ ම නැව ගිලී ගියේය. එම පුහුණුව ලබා දුන්නා නම් මගීන් ඉබාගාතේ දුවනු වෙනුවට නියමිත පරිදි හැසිරෙන නිසා මීටවඩා ජීවත බේරා ගැනීමට ඉඩ තිබිනි

ටයිටැනික් හා බැදුනු තවත් අභිරහසක් වන්නේ ඊජිප්තු මමියක් සම්බන්ධ පුවතයි. ඊජිප්තුවේ නයිල් ගං නිම්නයෙන් සොයාගනු ලබා හිමි කාරිත්වයට පත් පුද්ගලයින් විශාල ප්‍රමාණයකට මරු කැඳවූ ප්‍රවාහනය කල වාහන අනතුරු වලට ලක් කල ආමෙන්‍ රා කුමරියගේ මමිය ටයිටැනික් නැවේ ගබඩාවේ තිබූ බවට තොරතුරු ලැබී ඇත. තම සුව නින්ද අහිමි කල සියල්ලන්ගෙන් කුරිරු ලෙස පලි ගත් ආමෙන් රා භූතාත්මය ටයිටැනික් නැවද විනාශයට යොමු කල බව බොහෝ අය පිළි ගන්නා රහසකි

Unknown/  Click Americana

ටයිටැනික් නැවේ ගමන් කල මගීන් ගේ නිවැරැදි නාම ලේඛනයක් නැති වීම තවත් අභිරහසකි. නෞකා ගමන සදහා ලියාපදිංචි වීමට පැමිනි 25% ක්ම තම සත්‍ය නම සගවා බොරු නම් වලින් ලියාපදිංචි වී ඇත. එම නිසා මියගිය අයගේ ප්‍රමානය නිවැරැදි ව අද වනතුරු ගණනය කර නැති අතර මියගිය අය නිවැරැදි ව හදුනාගෙන ද නැත. නෞකා අනතුරින් පසුව එකල පුවත්පත් මුලින්ම වාර්තා කලේ කිසිවෙකුගේ දිවි අහිමි නොවී සියල්ල බේරාගත් බව උවත් පසුව නිවැරැදි පුවත් ලද පසු පුවත් පත් එය නිවැරැදි කලහ.

ටයිටැනික් හා බැදුනු චිත්‍රපටය මෙම නෞකාව ලෝකප්‍රකට කිරීමට මනා දායකත්වයක් දැක්වූ අතර එහි සදහන් වරිදි ජැක් රෝස් නම් පෙම්වතුන් යුවලක් නැවේ සිට නැත. නමුත් දියත් වූ දින පහේදී නැවේ දී උපන් පෙම් කතාවක් තිබේ. කේට් ෆ්ලොරන්ස් නම් 19 වියැති තරුනිය සහ හෙන්රි මොලී නම් 40 වියැති ධනවත් ව්‍යාපාරිකයා නැවේදී පෙමින් වෙලී ඇත. නෞකාව සමග බොහෝ ධනවත් පිරිමින් සේ ඔහු මිය ගිය අතර කේට් නෞකාවේදී ගර්භණී වූ බව දැනගන ඇත්තේ දිවි ගලවා ගත් පසුය.  එම නැවේදී පිලිසිදුනු බිලිදිය එලන් නම් වූ අතර ඇය සිය මවගෙන් මෙම කතාව අසා සිය පියාගේ චායාරූපක් සොයා මැන්චෙස්ටර් පුවත්පත් අයතනයට පැමිනි අතර එහිදී මෙම කතාව පුවත්පත විසින් ප්‍රසිද්ධ කරන ලදී. චිත්‍රපටය නිමැවුනේ ඒ ඇසුරිනි.

පුදුමාකාර හෙදියක පිළිබඳව ටයිටැනික් නැවෙන් වාර්තා වේ. වයලට් ජේසබ් නැමති මෙම හෙදිය පෙර කී ඔලිම්පික් නැවේ සේවය කරද්දි එම නැව ගිලී ගිය අතර ඇය ඉන් බේරී පසුව ටයිටැනික් හී සේවයට බැදුනාය.. එයද ගිලී ගිය අතර ඉන් දිවි ගලවාගන බ්‍රිටැනියා නැවේ හෙදියක් ලෙස  සේවය කරද්දි දෙවන ලෝක යුද්ධයේදී එම නැවත් ප්‍රහාරයකට බඳුන්ව ගිලී ගොස් ඇත. නොගිලෙන ජේසබ් යැයි ප්‍රකට වූ ඇය එයිනුත් දිවි ගලවා ගත්තාය.

නෞකා අනතුරකින් මුලින්ම කාන්තාවන් සහ ළමුන් ගලවාගන පසුව පිරිමි මුදවා ගනු ලැබේ. එහෙත් බොහෝ පිරිමි අයථා ක්‍රම වලින් ජීවිතාරක්ශක බෝට්ටු වලට රිංගා දිවි ගලවා ගත් හ. නැවේ උන් එකම ජපන් ජාතිකයා ද එසේ දිවි ගලවාගන මවු රටට ගියත් ඔහුට අත් වුයේ මරනයට අන්ත ඉරණමකි. මාසභූ මිහාසොබෝ නම් එවකට 41 වියැති මොහු කාන්තාවන් දරුවන් අනතුරින් මිය යද්දී  දිවි බේරා ගැනීම ජපානයට කල අවමානයක් ලෙස එරට වැසියෝ සැලකුහ . තම රටේ ගෞරවය හෑල්ලුවට දැමූ ඔහුව රැකියාවෙන් ඉවත් කෙරිනි ඔහු මියයන තුරුම සමස්ත ජපානයේම අපහාසටට මුහුණ දීමට සිදු විය. ජපනුන් විනය රැකීමේදී ජීවිතය දෙවන ස්ථානයේ තැබිය යුතු බව ඔවුන් සිතති.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us