Helabima

පිරිමි බිලි ගන්න කොහිනූර් දියමන්තියේ සාපය

බිනරි ඇතුගල


හිමි වූ සෑම පිරිමියෙකුටම තමන්ටම තමන්ගේ ජීවිතේ එපා වන තරමටම අභාග්‍ය උරුම කරදුන් මහා රාජ්‍යන් පවා බිද හෙලූ ග්‍රෑම් 37.2 ක් බර කාබන් කුට්ටිය කොහිනූර් දියමන්තියයි. වසර 5000 ක් ලිඛිත ඉතිහාසයක් හිමි මෙම අද්විතීය පාශාණය මේ වෙද්දී පවුම් අටකෝටි දහසය ලක්ශයක් එනම් ලංකා මුදලින් කෝටි දෙදහසක් පමන වටිනා කමක් දරයි. කඳුකරයේ ආලෝකය නමින් විරුධාවලිය ලැබූ මේ දියමන්තිය 13 වන සියවසේ ඉන්දියාවේ ආන්ද්‍රාවේ කාකටියා රාජ පරපුරට අයත් පතලකින් සොයා ගනිද්දි කැරට් 700 ක බරින් යුක්ත වූ විස්තර කල නොහැකි තරම් සුන්දර වස්ථුවකි. එය අවර්ණය .වශී කරවන සුලු පෙනුමකින් යුක්තය. ගුප්තය. මේ සියල්ලටම වඩා භයානක වන්නේ එය වටා ක්‍රියාත්මක වන මහා ශාපයයි. මේ දියමන්තිය හිමි වන හෝ සොරකම් කරන අධිරාජ්‍යකු වුවත් එතැනින් පසු සිය ජීවිතය අපායක් කර ගනී. තමා ජීවත් වන්නේ ඇයිදැයි සිතෙන තරම් ශෝකජනක ඉරණමකින් පසු මරු වැළඳ ගනී.එහෙත් මේ අරුම පුදුම ශාපය ක්‍රියාත්මක වන්නේ දියමන්තිය හිමි කරගන්නා පිරිමින්‍ට පමණි. යම් ස්ත්‍රියක මෙය තමා සතු කර ගතහොත් ඇය ලොව ඉහළම වාසනාවට සහ භාග්‍යට සියලුම යහපතට හිමිකම් කියයි. ඊට හොඳ ම උදාහරණය මේ වෙද්දී එහි සාඩම්බර හිමිකාරිත්වය දරන දෙවන එලිසබත් මහ රැජිනයි.

කොහිනූර් දියමන්තියේ සාපය එය පොලවෙන් ගොඩ ගත් කාකටියා රාජ පරපුරටත් හිමි විය. අලවුදීන් කිල් ජී නැමති පාලකයකු කාකටියා රාජ පරපුර සමූලඝාතනය කර කොහිනූර් දියමන්තිය හිමි කර ගත්තේය. අලවුදීන් කිල් ජී දියමන්තිය හිමි කරගෙන සතුටෙන් සිටියේ ඉතා කෙටි කලකි. ඔහුගේ මිතුරන් කිහිප දෙනෙකුම ඔහු අතින් ඝාතනය විය. ඔහු උමතු ලක්ශන පෙන්වමින් මිනී මරමින් හැසිරෙද්දි ඔහුගේ සමීපතම ඥාතීන් එක්ව ඔහු මරා දැමීය. . ඉන්පසුව ශාපය හිමි වූයේ පර්සියාවේ නාදර්ශා බිසවටයි. දියමන්තිය දුටු වහාම පර්සියානු බසින් ආලෝක කන්දක් යන තේරුමෙන් කොහිනූර් යැයි නම් කළාය. ගැහැනියක අතට පත්වූ ශාපය යලි නිසල විය.

කලක් මේ දියමන්තිය සුප්‍රකට සා ජහාන් රජු සතු විය.ඔහුටද සාපය පල දිනි. ඔහුගේ ආදරනීයතම බිසව අකාලයේ මිය ගියාය. සාජහාන්ගේම පුත්‍රයා අවුර්න්ගෙසබ් කුමරු පිය රජු සිර ගත කර දියමන්තිය පැහැරගත්තේය. සාජහාන්ට සිය අද්විතීය නිර්මානය වූ ටාජ්මහල වත් දැක ගැනීමට අවස්ථාව අහිමව සිර කුටියකදීම අනන්ත දුක් විද මිය ගියේය .

නිහඩ වසර ගණනාවකින් පසු දියමන්තිය හිමි වූයේ ඇෆ්ගනිස්තාන වැසියකු වූ ජනරාල් අහමඩ් ශා නැමැත්තාටය. කලක් අප්‍රාණික වූ ශාපට යලි සප්‍රානික විය අහමඩ් ශා ගේ රාජ්‍ය පැහැර ගැනීමේ සටනකින් ඔහුට රාජ්‍ය අහිමි විය .නමුත් මෙතැනදී ඉන්දීය සීක් රාජ පරපුරේ රන්ජිත් සිං නම් දුරානි මහ රජු අහමඩ් ශා ට යලි සිය රාජ්‍ය ලබා ගැනීමට උපකාර කලේය. එහි හිලව්වට අහමඩ් ශා කොහිනූර් දියමන්තිය රන්ජිත් සිං ට තෑගි කලේය. දියමන්තියේ විශාලතම පෙරලිය සිදු වූයේ ඉන් පසුවයි. පෙර කී සාපය රංජිත් සිං ට පල දුන්නේය .

ඒ 18 වෙනි සියවසේ 1850 වන වර්ශයයි.පෙරදිග ඉන්දීය වෙළඳ සමාගම ඉන්දියාව ආක්‍රමණය කලේ මේ සමයේයි. ඔවුන් පන්ජාබය යටත් කරවාගෙන එහි රජ කල රන්ජිත් සිං අත්තඩංගුවට ගත්ග. රන්ජිත් සිං ට රාජ්‍ය මෙන්ම තම දරුවා නොහොත් පන්ජාබයේ ඔටුන්න හිමි කුමරුද අහිමි විය. රංජිත් සිංගේ 15 හැවිරිදි පුත්‍රයා වූ දුලිප් සිං රවටා ගත් එංගලන්ත ජාතිකයෝ කොහිනූර් දියමන්තිය සමග දුලිප් සිංව එංගලන්තයට රැගෙන ගියහ.

දුලිප් සිං සහ සාපලත් දියමන්තිය සහිතව එංගලන්තය බලා ගිය නෞකාවට නැගීමට බොහෝ නාවිකයන් අකමැති වූ නිසා එයට බලෙන් වහලුන් පටවාගෙන යාත්‍රා කෙරිනි. බොහෝ වගලුන් නෞකාවේදී හදුනා නොගත් රෝග වලට ගොදුරුව මරනයට පත් වූහ.

කෙසේ හෝ එංගලන්තයට ඇතුල් වූ දුලිප් සිං ස්කොට්ලන්ත ජාතික ප්‍රභූ පවුලක ඇතිදැඩි විය. එහිදී බ්‍රිතාන්‍යයො දියමන්තිය එවකට හිරු නොබසින අධිරාජ්‍යය කරවූ වික්ටෝරියා රැජිනට තෑගි කරන්න යැයි බල කිරීම හේතුවෙන් දියමන්‍තියේ අගය නොදත් දුලිප් සිං එය වික්ටෝරියා රැජින ට ප්‍රධානය කලේය.

එලෙස උපායෙන් එංගලන්ත සතු කර ගත් කොහිනූර් දියමන්තිය කැරට් 100 දක්වා අඩු වන සේ ඔප දැමිණි. මේ වෙද්දී දෙවන එලිසබත් මහරාජිනිය පළඳින කිරීටයේ ඇති ප්‍රධානතම දියමන්තිය මෙය වේ. ලන්ඩන් ටවර් හී රාජාභරණ ගබඩාවේ පැය 24 පුරා විශේෂ ආරක්ශාවක් මැද මේ දියමන්තිය සහිත කිරුල ආරක්ෂා කෙරේ. කෙසේ වෙතත් රාජකීය නීතිය අනුව එලිසබත් මහ රැජිනගේ මරණයෙන් පසුව රජ වන කුමාරයාට කොහිනූර් මැණික සහිත කිරුල පැළඳීමට වරම් හිමි නොවන්නේ මේ සාපය රැජිණ දැඩි සේ විශ්වාස කරන බැවිනි. කිසිදු රජෙකු කොහිනූර් දියමන්තිය නොදැරිය යුතු අතර එය රැජිනකට පමනක් හිමිවේ..

 

By -Deccanchronicle /unknown

වසර 200 ක් තිස්සේ එංගලන්තයේ රජ පවුල සතු කොහිනූර් වෙනුවෙන් හිමි කරුවෙකු ඉදිරිපත් ව නීති මාර්ගයෙන් දියමන්තිය ලබා ගැනීමට උත්සාහ කල සිදුවීමක්ද වාර්තා වේ. පන්ජාබයෙන් උපායෙන් පැහැරගත් දියමන්තිය තම උරුමයක් බව පවසමින් රංජිත් සිං ගේ මී මුනුබුරෙකු ඉදිරිපත් වී නඩුවක් ගොනු කලත් එය එතරම් කල් පැවතී නැති අතර බීනාත් සිං නම් එම පුද්ගලයා මේ වෙද්දී ව්‍යාපාරිකයකු ලෙස ජීවත් වේ..

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us