Helabima

ලෝකේ ජනප්‍රියම වීදි ආහාර ගැන ඇසෙන රස වෑහෙන කතා

බිනරි ඇතුගල


වීදි ආහාර එහෙම නැත්තං street foods කියන්නෙ ඕනිම රටක වීදි පුරා ජංගම වෙළඳුන් ජංගම අලවිසැල් අට්ටාල වගේ ඒතරම් ස්ථිර නැති ස්ථාන වල රැඳෙමින් එවෙලේම සකසා පිළි ගන්වන කෙටි කෑම වර්ග වලට . වීදි ආහාර පිළිබඳව කතා කරලා ඉවර කරන්න බැරි තරම් පරාසයක විහිදුණු විවිධ මාතෘකා පවතියි. රටෙන් රටට නගරෙන් නගරෙට වීදියෙන් වීදියට කිසිම නීතියකට යටත් නොවී අලුත් අත්හදාබැලීම් වලට භාජනය වෙමින් අලුත්වන වීදි ආහාර සංස්කෘතියක් ලෝකෙ පවතිනන අතර ඇතැම් වීදි ආහාර ඒ ඒ රටවල් ඒ ඒ නගර වල සංස්කෘතික සංකේතයක් වන තරමටම විහිදී තිබෙනව. සමහර වීදි ආහාර රස විදින්නම ඒ රටවලට එන සංචාරකයන් සිටින අතර වීදි ආහාර සහ සංචාරක ව්‍යාපාරය සමග පවතින්නේත් වෙන් කරන්න බැරි තද බැඳීමක්. පොම්පෙයි නුවර කැනීම් වලින් පවා වීදි ආහාර අලවි කරන අලවි සල් ගැන තොරතුරු හමුව ඇත. 14 වෙන ශතවර්ෂයේ කයිරෝ නුවර වීදි ආහාර අලවි කරන්නන් ගැන ලිඛිත වාර්තා ඇත. අතීතයේ දුප්පතුන් අඩු මිලට කුස පුරවා ගැනීමට ආහාරයට ගත් වීලෝකෙ දහස් ගණනක් වීදි ආහාර අතරින් අතිශය ජනප්‍රිය ලෙස නම් දරා සිටින වීදි ආහාර කිහිපයක් පිලිබදව මේ ලිපියෙන් සාකච්ඡා වේ..

By amazingmikael / Envato

තායිලන්ත පද්තායි

CNN සේවය මගින් ලොව රසවත්ම ආහාර 50 තේරූ අතර එහි 5 වන ස්ථානය ලබා ගත්තේ තායිලන්තයේ පද්තායි වේ.1930 දී දෙවන ලෝක යුධ සමයේ තායිලන්තයේ ඇතිවූ ස්භාවික ආපදා ද සහල් හිඟයක් සහ ආර්ථික අවපාතයක් ඇති විය. එවකට තායිලන්ත අගමැති plaoek Phibunsongkhram තායි ජනතාව අතර ජාතික වාදය ඇති කිරීමේ අරමුනින් සහ සහල් හිඟයට පිළියමක් ලෙස පද්තායි හදුන්වා දෙන ලදී . ටෝෆු බිත්තර වියලි ඉස්සන් සුදුලුනු සියඹලා ගම්මිරිස් සීනී සමගින් මිශ්‍ර කර වියලි සහල් නූඩ්ල්ස් සමගින් වොක් එකක් තුල වැඩි ගින්නේ මෙම ආහාරය නිර්මානය වේ . බදින ලද රටකජු සමගින් එය පිළි ගැන්වේ. තායිලන්තයේ ජනප්‍රිය චිත්‍රපටයක සුරූපී නිළියක දින 100 ක් එකදිගට පද්තායි කන තරුණයකු වේ නම් තමා ඔහු හා විවාහ වන බව පැවසීය. සහල් හිඟයට පිළියමක් ලෙස නිර්මානය වුවත් එය දැන් ලොව පුරා ප්‍රකට වීදි ආහාරයකි

By twenty20photos / Envato

කැනඩාවෙ පුටීන්

1950 දී කැනඩාවේ කියුබෙක් හීදී පූටීන් මුලින්ම එලි දැක්විණි. අර්තාපල් කූරු ගැඹුරු තෙලේ රන්වන් පාටවනතුරු බැද ඒ මතට රස ගැන්වූ උකු දියරයක් සහ චීස් සමගින් උනුවෙන් පිලිගැන්වීම පුටින් හි සම්ප්‍රදායික ක්‍රමය විය. එහෙත් මේ වනවිට බදින අල කූරු සමග මස් පිරවූ ඩම්ප්ලින් හෝ සැන්ඩ්විච් පිළිගැන්වීමෙන් එය පුලුල් කර තිබේ. පුටින් ක්විබෙක් හී සංස්කෘතික අයිතමයක් ලෙස හැදින්විය හැක. CNN පුවත් සේවය මගින් ලොව ජනප්‍රිය බවින් දෙවන ස්ථානයේ ඇති වීදි ආහාරය ලෙස පූටින් හදුන්වා දී තිබේ. කැනඩාවට එය කෙතරම් සුවිශේෂී ද යත් සෑම වසරකම අප්‍රෙල් 11 පුටින් දිනය නමින් වෙන් කර සැමරේ..

By composter-box / Envato

ජර්මනියේ කරිවර්ස්ට්

ජර්මනියේ බර්ලින් නගරයේ 1949 දී වාසය කල හර්ටා හර්ගියු නම් කුඩා අවන්හල් හිමිකාරිනිය අතින් කරිවර්ස්ට් බිහිවී තිබේ. ඇය එවකට ජර්මනියේ සිටි බ්‍රිතාන්‍යය සෙබලුන් ගෙන් මිලට ගත් තුනපහ සහ තක්කාලි කෙචප් එකට මුසු කොට මෙම විශේෂ මිශ්‍රණය තනා ඇත. එය පෙති කැපූ ඌරු සොසේජස් , බදින ලද අල කූරු හෝ මස් පෙති එයට බහා මිල අඩු ආහාරයක් ලෙස අලවි කළාය. මිලෙන් අඩු නිසා ම ජර්මානු කම්කරුවන් අතර ජනප්‍රිය වූ මේ ආහාරය පසුව ජර්මනිය පුරාත් ලොව පුරාත් පැතිර ගියේය. ඇය ඇගේ මේ නිශ්පාදනය කෙතරම් ජනප්‍රිය වීද යත් 1951 දී එම සෝස් සහ තුනපහ මුසුව වෙනුවෙන් පේටන්ට් බලපත්‍රය ලබා ගත්තාය. මේ වෙද්දී එම සෝස් මිශ්‍රනය පැකට් වශයෙන්ද මිලදී ගැනීමට හැක. 2013 ජූනි 30 ඇගේ උපන්දිනය වෙනුවෙන් ගූගල් ආයතනය කරිවර්ස්ට් doodle එකක් මගින් ඇයට ගෞරවය දැක්වීය. 2019 යේදී බර්ලිනයේදී කරිවර්ස්ට් වෙනුවෙන්ම කෞතුකාගාරයක්ද ආරම්භ කල අතර එයට වසරකට 350000 ක පමන අමුත්තන් සංඛ්‍යාවක් පිවිසෙති.

By OxanaDenezhkina  / Envato

ඉතාලි අරන්චිනි අල් රගු

අරන්චිනි යනු ඉතාලි බසින් කුඩා දොඩම් යන්නයි. එහෙත් මේ ආහාරයට දොඩම් කිසිම ආකාරයකින් භාවිත නොවේ. ඉතාලියේ සිසිලි ආශ්‍රිතව 10 වෙනි සියවසේදී අරන්චිනි නිර්මානය විනි. එය ක්‍රමයෙන් ගිණිය නොහැකි තරම් වෙනස් කම් වලට භාජනය වෙමින් විවිධ ස්වරූප වලින් ඉතාලිය පුරා හා ලොව පුරා පැතිර ගියේය. කුඩුබඩු සමග තක්කාලි සෝස් වල පිසූ මස් බෝංචි ඇට මොසරැල්ලා චීස් වයිට් සෝස් හෙවත් බෙශ්මල් සෝස් සමග මුසු කර කුඩා රවුම් හෝ කේතු ආකාර ගුලි තනා එහි බිස්කට් කුඩු තවරා බැඳීමෙන් අල් රගු සාදනු ලබයි. සිසිලියේදී මුලින්ම මෙය කේතු ආකාරයට නිමැවුනේ එඩ්නා ගිනි කන්ද සංකේතවත් කිරීමට යැයි පැවසේ. ඉතාලි ආහාර සංස්කෘතියේ ඉහළම වටිනාකමක් දිනා ගන්නා අරන්චිනි අල් රගු CNN නාලිකාවේ ජනප්‍රිය ම වීදි ආහාර ලැයිස්තුවේ ප්‍රථම ස්ථානය දිනාගෙන ඇත.

By olegbreslavtsev /Envato

ඩෝනර් කෙබාබ්.

පදම් කරන ලද මස් සිරස් අතට සිටවූ කූරක් තුලින් යවා රෝස්ට් කර එය භ්‍රමණය කරමින් සියුම් පිහියකින් රහින්මින් මස් කොටස් ලබා ගැනීම මෙලෙස හැදින්වේ. හරක් මස් බැටළු මස් කුකුළු මස් මේ සදහා භාවිත වන අතර අති විශාල මස් කොටස්ද මේ සදහා භාවිත කෙරේ. එය බොහෝවිට තුනී රොටියක ඔතා ලබා දේ. ගල්ෆ් රටවල ජනප්‍රිය වීදි ආහාරයක් වන ශවර්මාද මීට සමාන වුවත් මස් පදම් කිරීමේ ක්‍රම වෙනස් වේ. 19 සියවසේ ඔටෝමන් අධිරාජ්‍යය තුලින් මෙය ජනප්‍රිය වීම ඇරඹිණි. මේ වනවිට ඩෝනර් කෙබාබ් යුරෝපය පුරා ජනප්‍රිය ව ඇත්තේ CNN නාලිකාව කල වීදි ආහාර සමීක්ෂණයේ 6 වන ස්ථානය දිනා ගනිමිනි.

By stockimagefactory  / Envato

ඉන්දියාවෙ මසාල තෝසේ

ඉන්දියාව වීදි ආහාර වලට නම් දැරූ රටකි. ඉන්දියාව පුරා සිය ගණනක් වඩේ වර්ග සමෝසා වර්ග රස කැවිලි පූරි වර්ග පවතින අතර CNN මගින් කල සමීක්ශනයෙන් ලෝකයෙන්ම 4 වෙනි ස්ථානය දිනාගෙන ඉන්දීය වීදි ආහාර අතර ප්‍රථමස්ථානය ලබා ගත්තේ මසාල තෝසෙ ය. දකුණු ඉන්දියාවේ කර්නාටක ප්‍රාන්තය මුල් බිම කරගත් මසාල තෝසේ සහල් ලූනු කරපිංචා අල මිරිස් පරිප්පු රුලං ලූනු ගම්මිරිස් චීස් ආදියෙන් පිසගත් ව්‍යංජනයකින් පුරවනු ලබයි. ප්‍රදේශය අනුව මසාල තෝසේ වට්ටෝරු වෙනස් වන අතර එය චට්නි හෝ සාම්බාරු සමග පිලිගැන්වේ. ලංකාවේද මෙය ඉතා ජනප්‍රිය ආහාරයකි.නිව්යෝක් නුවර දීද ඉන්දීය මසාල තෝසේ වීදි ආහාරය සේ දැකිය හැකි අතර

By PeteerS / Envato

ෆලාෆිල්

මෙය අති විශේෂ වීදි ආහාරයක් වන්නේ මෙතුවක් සාකච්ඡා කල සියල්ල අතරේ එකම නිර්මාංශ ආහාරය බැවිනි. මැදපෙරදිග මෙය එදිනෙදා උදෑසන ආහාරයකි.ඊජිප්තු පරාවෝ සොහොන් වලින් පවා ෆලාෆිල් ගැන තොරතුරු ලැබී ඇති අතර මැක්ඩොනල්ඩ්ස් අවන්හල් ජාලය සිය ඊජිප්තු ශාකාවල උදෑසන මනුපතේ මැක්ෆලාෆිල් වශයෙන් ෆලාෆිල් පිරිනමනු ලබයි. කඩල සිහින්ව අඹරා ලූනු විවිධ කොල වර්ග කුළුබඩු සමග මුසු කර ගැඹුරු තෙලේ බැඳීමෙන් ෆ්ලාෆිල් සැකසේ. විවිධ හැඩ වලට ෆ්ලාෆිල් නිර්මානය වේ.

By Timolina / Envato

රුසියානු පිරෝස්කි

රුසියානු නිවැස් වල මෙය සතුටු අවස්ථා වල පිසිනු අතර රුසියානු මාර්ග වල නිරන්තරයෙන් පිසින CNN වාර්ථා අනුව ලොව 8 වන ස්ථානය දිනා ගන්නා වීදි ආහාරය සේ පිරෝස්කි හැදින්වේ. මෙය පැනි රස සහා කරි රසැති ලෙස මූලික වර්ග 2 කි.

ඊස්ට් මගින් පැසවූ පිටි ගුලි තුලට පිරවූ ඇඹරු මස් අර්තාපල් හතු බිත්තර ගෝවා පුරවා කරි රසැති පිරොස්කිද එවැනි පිටිගුලි තුලට පැනි ඇපල් ඇප්‍රිකට් ලෙමන් ජෑම් ආදිය පුරවා පැනි රසැති පිරොස්කිද සාදයි. පසුව එම පිටිගුලි මත බිත්තර සාරු තවරා පුලුස්සා ගත යුතුය. රුසියානු කලාපයේ රටවල් විවිධ හැඩ වලින් පිරෝස්කි සාදයි සයිබීරියාවේ දි පිරොස්කි සිලින්ඩරාකාර ද බෝල්ටික් කලාපයේදි එය ක්‍රෙසන්ට් හැඩයද ගනී. නමුත් වීදි ආහාරයක් වන පිරොස්කි වඩාත්ම ජනප්‍රිය ගෝලාකාර ලෙසය.

By bhofack2 / Envato

පේරු ස්වීචි

වසර 2000 ක පමන ඉතිහාසයක් සහිත ස්වීචි යනු සිට්‍රික් අම්ලය මගින් මුහුදු ආහාර වල ප්‍රෝටීන බිද දමා ආහාරයට ගැනීමයි. එය සරලව දෙහි දොඩම් ඉස්ම සමග ලුණු ගම්මිරිස් මගින් පැය තුනක් පමන පමන ඉස්සන් බූවල්ලන් තලපත් ආදී සුදු මසුන් කැබලි පදම් කර එය සමග අමු ලූනු තක්කාලි කඩල ආදිය සමග සලාද ආකාරයට පිළි ගැන්වේ. අමු මුහුදු මාලු භාවිත වන හෙයින් නැවුම් බවින් පිලිගැන්වේ. මෙය ශීත කල ආහාරයකි. පේරු හී ස්වීචි යනු සංස්කෘතික අංගයක්ද වේ. එරටදී සෑම මසකම ජූනි 26 ජාතික ස්වීචි දිනය සේ නම් කර තිබේ.

 

 

 

 

 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us