Helabima

ගැබිනියක් බව දැනගත් වහාම අනිවාර්යෙන් කල යුතු මේ දේවල් ගැන ඔබ දැනුවත්ද

බිනරි ඇතුගල


ඉස්සර විකාශය වූ ටෙලි නාට්‍ය සිනමා පට වල විවාහ වෙලා ටික කාලයක් ගිය යුවලක් පිලිබදව විකාශය වෙනව නම් එකවර තරුණිය ගෙයි පිටුපසට දුවලා ඔක්කාර කරන දර්ශනයක් තියෙනවා . ඔලුවට අත තියාගෙන කොන්දට අත තියාගෙන හරි වෙහෙසකර පෙනුමෙන් ගහකට හරි බිත්තියකට හරි බර දීලා වමනෙ දාන්න වගේ රගපාලා ඔලුව උස්සල බලන්නෙ හරි සතුටෙන් . මේ විදියට තමයි අතීතයේ ගැබ්බර වීමක් ගැන පුවත ලැබෙන්නෙ.

දැන් ඊටවඩා සම්පූර්ණයෙන් වෙනස්. විවාහප්‍රාර්ථ යුවල් බහුතරයක් තමන් දරුවෙක් බලාපොරොත්තු වෙන කාලය ගැන සැලසුම් කරනව. ඊට පෙර සිටම සූදානම් වෙනව . ඒවගේම කිසිම ලක්ශනයක් පහල නොවීම පිලිසිදගෙන දවස් තුනකට පසු පවා ගර්භනීත්වය තහවුරු කරන්න දැන් සරල ක්‍රම තියෙනවා . ඔබේ මාසික ඔසප් වීම සතියක් පමන ප්‍රමාද වූ විට වෙනත් අපහසුතා නැති උනත් hcg පටියක් ආධාරයෙන් ඔබට ගර්භණී බව ගෙදර පරික්ශා කල හැකියි . එසේ නැති නම් සංසේවනයකින් දින තුනකට පසු රුධිර පරික්ශාවකින් එය තහවුරු කරගත හැකියි. ඉතින් මේ සාකච්ඡා කරන්නේ ඔබ ඔබේ ගර්භණීත්වය තහවුරු කරගත් විගසම කල යුතු කාර්‍යන් ගැනයි.

ප්‍රසව හා නාරි විසේසඥයකු හමුවන්න.

ඔබ ගර්භණී යැයි දැනගත් විගස කල් නොයවා ප්‍රසව හා නාරි විසේසඥ වෛද්‍ය වරයකු මුනගැසිය යුතුයි . ඔබ ප්‍රසූතිය රජයේ රෝහලක කිරීමට බලාපොරොත්තු වන්නේ නම් ඔබ තෝරා ගන්නා රෝහලේම සේවය කරන වෛද්‍ය වරයකු මේ සදහා තෝරා ගැනීම උචිතය්. ඔබ පුද්ගලික රෝහලක ප්‍රසූතිය කිරීමට බලාපොරොත්තු වේ නම් ඔබට ප්‍රසූතිය කිරීමට උදව් ලබා ගන්නා වෛද්‍ය වරයාම හමු වීම නුවණට හුරුයි. මෙහිදී එම වෛද්‍ය වරයා මින් පෙර ගර්භණී මවු වරු සදහා දක්වා ඇති සැලකිල්ල , පලපුරුද්ද ඕනෑම ගැටලුවක් කතා කර විසදා ගත හැකි බව, හදිසි අවස්ථාවල සම්බන්ධ කර ගැනීමට හැකිවීම මෙන්ම ඔබ ප්‍රසූතිය සදහා තෝරා ගන්නා ක්‍රමයට නැඹුරුවක් දක්වන අයෙක් දැයි බැලීමත් කල යුතුයි. උදාහරණයක් ලෙස ඔබ සාමාන්‍ය දරු උපතක් අපේක්ෂා කරයි නම් හදිසි අවස්ථා වල පමනක් සිසේරියන් සදහා යොමු වන වෛද්‍ය වරයෙක් තෝරා ගත යුතුයි .ගර්භණීත්වය වැඩිදුර තහවුරු කිරීම , නියමිත සේ ගර්භාශයේ පිලිසිදී ඇතිදැයි දැනගැනීම වෙනත් සංකූලතා ඇත්නම් ඒ ගැන සොයා බැලීම මෙහිදී සිදු වේ. එම වෛද්‍ය වරයා විසින් ඔබට අවශ්‍ය අමතර පෝශක හෝ ගැබ ශක්තිමත් කිරීමට අවශ්‍ය පියවර ගනු ඇත. ඔබට ස්භාවික ගබ්සා හෝ මළදරු උපත් ඉතිහාසයක් ඇතිනම් අනිවාර්යයෙන් එම වෛද්‍ය වරයා දැනුවත් කරන්න

පවුල් සෞඛ්‍ය නිලධාරිනිය හමුවීම

ඔබ විවාහ වූ අලුතම යොග්‍යතා පවුලක් ලෙස පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය හමුවේ ලියාපදිංචි විය යුතුයි. නමුත් එය මග හැරුණා නම් කලබල වන්න එපා . ගර්භණී වූ විට හෝ ඇයට ඒ බව දන්වා ලියාපදිංචි විය යුතුයි . ඔබ පදිංචි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වසම භාර පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය සම්බන්ධ කරගන්න ආකාරය ඔබේ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්‍යාලයෙන් ඒ කියන්නෙ moh එකෙන් ලබාගන්න පුලුවන් . ඔබේ ස්ථිර පදිංචිය කුමන ප්‍රදේශයේ වුවත් ඔබ ජීවත් වන ප්‍රදේශයේ දී ඔබ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනිය දැනුවත් කල යුතුයි .ඔබ පුද්ගලික රෝහලක ප්‍රසූතිය කලත් රජයේ රෝහලක ප්‍රසූතිය කලත් ඔබ අනිවාර්යයෙන් මෙසේ ලියාපදිංචි විය යුතුයි .එමෙන්ම ඔබ පුද්ගලික රෝහල් ප්‍රසූතියකට ගියත් ගමේ සායනයට සහභාගි වීමෙන් ඔබට ලැබෙන ප්‍රතිලාභ අති මහත් බව දත යුතුයි . මෙහිදී එම නිලධාරිනිය ඔබ කැඳවා ඔබේ පුද්ගලික තොරතුරු දත්ත ඇතුලත් ගර්භණී කාඩ් පත සකසා එහි b වාර්තාව ඔබ අතට ලබා දෙයි. ඔබගේ උස බර පෙර ගර්භණී භාව ආදිය පිළිබඳවත් එහි සදහන් . මෙහිදී ඇය ඔබට සායනය ගැන දැනුවත් කිරීම සහ මුල් ත්‍රයිමාසිකය තුල සිදු කර ගත යුතු පරීක්ෂණ ගැන පැහැදිලි කර දෙනු ඇත.

ෆෝලික් ඇසිඩ් ගැනීම

සාමාන්‍යයෙන් ගර්භණී වීමට අවමා මාස තුනකට පෙර සිට වත් ෆෝලික් ඇසිඩ් ගත යුතුයි . පවුල් සෞඛ්‍ය නිලධාරිනිය එය ඔබගෙන් විමසනු ඇත. ඔබ එය ලබාගන නොමැති නම් එය ලබා ගැනීම ආරම්භ කල යුතුයි. එය රජයෙන් නොමිලේම ලබා දේ

By Pasanheco Evanto

උදෑසන අපහසුතා

ගර්භණී සමයේ සිදුවන හෝමෝන වෙනස්වීම් නිසා බොහෝ ගැබිනියනට උදෑසන අපහසුතා ඇතිවේ. ඔක්කාර වීම. වමනය ඇති වීම කරකැවිල්ල ආදී ලක්ශන මෙන්ම පියයුරු ව්ල දැඩි වේදනාව අධික මහන්සිය ද දැකිය හැකියි . ඔබ හැකිතාක් විවේක ගත යුතුයි . එසේම දරා ගැනීමට නොහැකි තරම් බරපතළ ලෙස වමනය ඇති වේ නම් එයට වෛද්‍යවරු විසින් බෙහෙත් ලබා දෙනු ඇත.

ඔබේ ජීවන රටාව

ඔබ පෝශනීය සමබර ආහාර ලබා ගැනීම සහ හොදින් ජලය පානය කිරීම සිදු කල යුතුයි . ප්‍රමානවත් නින්දක් ලබා ගැනීම අනිවාර්යයෙන් කල යුතු අතර සැහැල්ලු මනසක් පවත්වාගත යුතුමයි. එමෙන්ම වෛද්‍ය වරයා නියම කරන ඖෂධ නිසි සේ භාවිත කල යුතුයි . ඔබට අසාත්මික නොවන ඕනෑම ආහාරයක් ලබාගත හැකි අතර මින් පෙර ආහාරයට නොගත් ආහාර අත් හදාබැලීමෙන් වැලකිය යුතුයි .එමෙන්ම ඔබ මින් පෙර භාවිත කල ශැම්පු කන්ඩිශනර් ලෝශන් ඇතුලු රූපලාවණ්‍ය ආලේපන දිගටම භාවිත කිරීමට හැකි අතර නව නිශ්පාදන භාවිත කිරීම හෝ කොණ්ඩා සැකසුම් රසායනිකයන් ගෙන් මිදී සිටිය යුතුයි . හැකිතාක්දුරට සුන්දරව පිරිසිදු ව පෙනී සිටීම ඔබට මානසික සහනය කැදවයි

දැනුවත් වීම.

ගැබිනි සමයේ මුල සිටම ගැබිනි සමයේ අවසන් කාලය සහා නව දරුවා පිලිබදව අධ්‍යනය කරන්න . මේ වනවිට ඔබට වැඩි වෙහෙසකින් තොරව දැනුවත් වීමේ මාර්ග රාශියක් විවර වී ඇති නිසා නිවසේ සිටම අධ්‍යනය කිරීමේ හැකියාව ලැබේ. එමෙන්ම සමාජ මාධ්‍ය හරහා ගැබිනි මව් වරුන් අලුත උපන් දරුවන් සිටින මවු වරුන් රැස් වන ස්තාන වලිනුත් නිවැරැදි දැනුම උකහා ගන්න ඔබට පුලුවන් . කිරි පෙවීම ගුඩුස් යැවීම නිදි කිරීම දරුවා එතීම පිරිසිදු කිරීම ආදී දහසකුත් එකක් එදිනෙදා කටයුතු ගැන වීඩියෝ නරඹමින්ම ඔබට දැනුවත් වන්න හැකියි. එමෙන්ම කිරි දෙවීම කෝප්පයකින් දොවා ගත් කිරි පෙවීම මසාජ් කිරීම කෝලික් තත්ව හදිසියකදී මුහුණ පෑමට වන තත්ව ඇතුලු දරුවන් සදහා ඇති විවිධ ගැටලු ගැන දැනුවත් වීමෙන් අනාගතයේ ඔබ දරුවා සමග කාර්‍යබහුල වෙද්දී ඔබට මහත් උපකාරයක් වනු ඇත. එමෙන්ම දරුවන් සහ ගැබිනි මව් වරුන් සම්බන්ධයෙන් ඇති දහසකුත් එකක් මිත්‍යා මත වලින් බැහැරව තහවුරු වූ දැනුමෙන් සන්නද්ධ වීම ඉතා වැදගත් වේ

By erika8213 Evanto

සූදානම් වීම

අතීතයේ දරුවෙක් බිහි වන මවට මාස 7 ක් ගතවන තුරු වත් දරුවාට අවශ්‍ය දෑ සම්පාදනය කිරීමට ඉඩ නොලැබේ . හදිසියේ හෝ අවාසනාවන්ත සිදුවීමකට මුහුණ පෑමට සිදු උවහොත් මවට ඇති වෙන සිත් වේදනාව අවම කිරීමේ අරමුනින් මෙලෙස මතයක් නිර්මානය උවත් හැකි තරම් කලින් දරුවාට අවශ්‍ය දෑ සූදානම් කිරීම මේ වනවිට ප්‍රචලිතව ව ඇත. අවසන් කාලය වද්දී සාප්පු සවාරියේ යෙදීමට මවට ඇතිවන අපහසුතා ,හදිසි රෝහල් ගතවීම් රටේ ඇති අවිනිශ්චිත තත්වය මත මේ වෙද්දී හැකි ඉක්මනින් දරුවාට අවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය කිරීම සිදු කරයි. කෙසේ උනත් හැකි ඕනෑම විටක සූදානමින් සිටීම වැඩි වාසි ගෙනදේ.

මුල් මාස තුල රුධිර වහනය

ගර්භණී බව දැනගත් ආසන්න දිනවලම යෝනි මාර්ගය තුලින් කුමන ප්‍රමාණයේ හෝ රුධිර වහනයක් සිදුවීම එවෙලේම රෝහල් ගත විය යුතු තත්වයකි . දරු පිලිසිදගැනීම් වලින් යම් ප්‍රමාණයක් මුල් තෙමස තුල ස්භාවික ව ගබ්සා වන අතර එසේ නොවන හේතු නිසාද රුධිර වහ්නය වේ ඒ නිසා රුධිර වහනයක් දුටු සැනින් රෝහල් ගතවීම අනිවාර්යයෙන් සිදු කරන්න

                                          

 

 

 

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us