Helabima

රුව රකින ඔලිව් තෙල්

තුශාරා බණ්ඩාර


ඔලිව් තෙල් (Olive oil) යනු මධ්‍යධරනි කලාපයේ රටවල වැවෙන ඔලිව් නමැති භෝගය නිස්සාරණයෙන් සකස් කරගනු ලබන මේද දියරයකි. එමෙන්ම එහි ඉතාමත් ඉහල ගුණාංග රාශියක් අඩංගු වන අතර විවිධ රසවත් ආහාරපාන සැකසීමේදි මෙන්ම රූපලාවන්‍ය කටයුතුවලදීත් ඔලිව් තෙල් යනු නිතරම කියවෙන නාමයක. රුව හැඩකරනවාට අමතරව ඔලිව් තෙල් සතුව සුවිශේෂි එයටම ආවේණික ඖෂධීය ගුණ රැසකුත් එහි අන්තර්ගත වනවා.

ඖෂධීය ගුණ

රුධිරගත කොලෙස්ට්‍රෝල් මට්ටම පාලනය කිරීමට හැකි අද්විතීය ඖෂධ ගුණයක් ඔලිව් තෙල් සතුව පවතිනවා. විශේෂයෙන් රුධිර මේදයේ උෂ්ණත්ව මට්ටම පාලනය කර රුධිරගත උෂ්ණත්වය අඩුකර, රුධිර සංසරණ ක්‍රියාවලිය උත්තේජනය කරනු ලබන අතර ඔබ දිනකට ඔලිව් තෙල් මේස හැදි 2ක් ආහාරයට ගැනීමෙන් ධමනිවල නම්‍යශීලිත්වය වැඩි වීමටත් හදවත් ආශ්‍රිත රෝග අවධානම පාලනයටත් උපකාරි වනවා. එමෙන්ම දෛනිකව ඔලිව් තෙල් පරිභෝජනයෙන් අස්ථිවලට කැල්සියම් අවශෝෂනය වේගවත් කරන අතර ඉන්ඔස්ටියෝපොරෝසිස් රෝගය වැළැදීමේ අවධානම අඩුකර ගැනීමටත් හැකියි.විශෙෂයෙන් ශරීරයට හිතකරඅසංත්ෘප්ත මේදය අඩංගු වන බැවින් රුධිරගත මේද මට්ටම පාලනයට උපකාරි වනවා.

රුව රැකීමට ඔලිව් තෙල් යොදාගත හැකි ආකාර

1.සමට පෝශණය ලබාදීමට ඔලිව් තෙල් 

ඔබ ස්නානය කරන ජල බදුණට ඔලිව් තෙල් ස්වල්පයක් එක්කර ස්නානය මගින් එහි අඩංගු සමට හිතකර ඔක්සිකාරක මගින් සමට මනා පෝශණයක් ලබාදෙනවා.

2. ඉරිතැලුණු සමට

වියළි සමක් ඔබට හිමිනම් එහි ඉරි තැළුණු ස්වභාවය ගැන ඔබ කණස්සල්ලෙන් නම් ස්නානයෙන් පසු සමේ ඔලිව් තෙල් ආලේප කරන්න..විශේෂයෙන් යටිපතුල් ඉරි තැලෙනවා නම් එයටද ඔබට ඔලිව් තෙල් මගින් ඉක්මන් සුවය ලබාගැනීමට හැකියි.

By insidecreativehouse / Envato

3. පැහැපත් සමකට

ඔලිව් තෙල් මුහුණේ ආලේප කිරීමෙන් මුහුණේ ඇතිවන කුරුලෑ , ඇක්නි,බ්ලැක් හෙඩ්ස් ,වයිට් හෙඩ්ස් ඉවත් කරගත හැකියි..එසේම සමේ තෙතමනය රැකදෙන ඔලිව් තෙල් සිරැරේ ආලේප කිරීමෙන් සමට තෙතමනය,සහ නීරෝගි පැහැපත් බවක් ලබාදෙනවා.

4.සම වියපත් වීම පාලනය

ඔලිව් තෙල්වල විටමින් C අඩංගුවන බැවින් සමේ කොලජන් නිපදවීම වේගවත් කර වියපත් වීම පාලනය කරනුලබනවා..එමෙන්ම සම මෘදු කිරීම සහ හිරු කිරණයන්ගෙන් සමට ආරක්ශාව ද ලබාදෙනවා.

5.හිස් හොරි ප්‍රතිකාරයක් ලෙස

හිසේ සම වියළීමෙන් ඇතිවන හිස් හොරි සදහාත් ඔලිව් තෙල් ප්‍රථිකාරයක් ලෙස භාවිතා කල හැකියි..ස්නානය කිරීමට පෙර ඔලිව් තෙල් හිස ගල්වා ඇඟිලිවලින් වලින් මෘදුව සම්භාහනය කිරීමෙන් හිස් හොරි ඉවත් කරගැනීමටත් හිසකෙස් සදහා දිදුලන නීරෝගිබවක් ලබා ගැනීමටත් හැකියි.සතියකට වරක් ස්නානය කිරීමට විනාඩි 30කට පෙර මෙම සත්කාරය සිදුකිරීමෙන් වඩාත් හොද ප්‍රතිපල ලබාගත හැකි‍යි.

6.ලස්සන තොල් පෙති සදහා

සතියකට වතාවක් ඔබගේ තොල්පෙති මත ඔලිව් තෙල් ආලේප කර සම්භාහනය කර සෝදා හැරීමෙන් දෙතොල්වල වියළි බව මගහැර ගැනීමට හැකියි.

7.නිරෝගී කෙස් කළඹක් සදහා

සතියකට දෙවතාවක් ඔලිව් තෙල් හිසෙහි ආලේප කර සම්භාහනය කිරීමෙන් කෙස් අගපැළිම,හිසකෙස් ගැළවී යාම,කැඩීයාම, අකලට හිසකෙස් සුදුවීම වැනි තත්ත්වයන් මගහැරෙන අතරම දිගු නීරොගි කෙස් කළඹක් ලබාගැනීමටද හැකියි..නමුත් ඔබ ඔලිව් තෙල් හිස් ගල්වා අව්වේ යෑමෙන් සහ ඔලිව් තෙල්වල අඩංගු ගුණයන් ව්නාශ වන බැවින් ඔලිව් තෙල් රත්කර හිස ගැල්වීමෙන් ද වැළකිය යුතු වනවා.

8.නීරෝගි නිය පෙළකට

නියපොතුවල කියුටිකලය ආරක්ශා කර ගැනීමෙන් නියපොතු පැළීම, ඉරි තැලීම වළක්වාගත හැකියි..විශේෂයෙන් එවැනි හානි නිසා නියපොතු බැක්ටීරියා, දිලීරවැනි ආසාදන වලට ගොදුරු වනවා..නියපොතුවල ඔලිව් තෙල් ආලේප කිරීමෙන් එහි අඩංගු විටමින් E පෝශක මගින් නියපොතු ශක්තිමත් කිරීමත් වර්ධනය කිරීමත් සිදු කරනවා.ඔබ කළයුත්තේ සතියකට වරක් විනාඩි 20 ක් පමණ ඔබගේ නියපොතු මත ඔලිව් තෙල් ආලේප කිරීම හෝ ඔබේ නියපොතු ඔලිව් තෙල් මගින් පෙගවීමයි

By Feirlight / Envato

9. අනවශ්‍ය රෝම ඉවත් කිරීමෙන් පසු

සිරැරේ අලංකාරය සදහා අනවශ්‍ය රෝම ඉවත් කිරීමට බොහෝ දෙනා හුරු වී සිටිනවා..නමුත් එසේ කිරීමෙන් ඔබේ සම වියළි වන බැවින් එය වළකා ගැනීමට ඔබට ඔලිව් තෙල් භාවිතා කල හැකියි..

10. සමේ ඇතිවන තුවාල කැළැල්, කුෂ්ඨ වැනි තත්ත්ව සදහා

ඖෂධීය ගුණැති ඔලිව් තෙල් තුවාල සහ සීරීම් මත ආලේපයෙන් ඉක්මන් සුවය ලැබෙන අතර සමේ ඇතිවන විවිධ එක්සිමා, කුෂ්ඨ වැනි දිලීර ආසාදන සදහා දිනකට දෙවරක් ඔලිව් තෙල් ආලේප‍යෙන් එහි ඇති රෝගකාරක ව්ෂබීජ විනාශ කල හැකියි. මේ ඔලිව් තෙල් මගින් ඔබට ලැබෙන ප්‍රතිලාභ අතරින් කිහිපයක් පමණක් වන අතර ඔබට දෛනික ආහාර වේලටත්

පහසුවෙන් ඔලිව් තෙල් එක්කරගත හැකියි..නමුත් වෙළදපොලේ බොහෝ විට ඔලිව් තෙල් කියා විවිධ දෑ කළවම් කරන ලද තෙල් වර්ග ඇතිනිසා සෑම විටම ස්වභාවික නියම තත්ත්වයේ ඔලිව් තෙල් තෝරාගත යුතුයි.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us