Helabima

මානසික,කායික හා සමාජීය වශයෙන් ඔබ, ඔබවම රැක බලාගැනීම පිළිබද දැනුවත්ද..?

තුශාරා බණ්ඩාර


 

ස්වයං රැකවරණය එසේ නොමැතිනම් Self-care යනු නිදහසේ පොතක් කියවීම හෝ ඉදහිට
ගීතයක් කියමින් නිදහසේ ස්නානය කිරීම පමණක් නොවේ..‍එය ඊට වඩා වැඩි දෙයකි..ස්වයං
රැකවරණය යනු මානසික,කායික සහ සමාජීය යන කුළුණු තුනෙන් සැදුම් ලද්දකි.යම්
හෙයකින් මේ එක් කුළුණක් හො සවිමත් නොවුනහොත් පුද්ගලයකු ලෙස ඔබගේ
සමබරතාවය බිදී යනවා නිසැකයි. එමනිසා සෑම පුද්ගලයකුම එම කරුණු තුන සහ ඒවා
නිසිපරීදි තම ජීවිතයට අදාල කොටගන්නේ කෙසේද යන්න සම්බන්ධයෙනුත් දැනුවත් වීම
වැදගත් වනවා.

වර්ථමානයේ බොහෝ දෙනා කතාවෙන me-time හෙවත් තමාට වෙන්වූ කාලය යන සංකල්පය
කෙරෙහි බොහෝ දෙනා නැඹුරු වෙමින් පවතින බැවින් ස්වයං රැකවරණය යන්න පිළිබදව
දැනුවත් වීමටත් ඒ වෙත යොමු වීම ඇරඹීමටත් එය ඉතා හොද රුකුළක් ලබාදෙනවා..තමා
පිළිබද සැලකිලිමත්වීම යනු ඔබගේ ඉතා කාර්‍යබහුල ජීවන රටාවෙන් එක් රාත්‍රියක පමණක්
විවේකය ලබාගැනිම නොවේ.කායික, මානසික සහ සමාජීය වශයෙන් ඔබවෙත අහිතකර
බලපෑම් එල්ල නොවන ලෙස ඒ සදහා නිසි සීමා මායිම් සකස් කර ගැනීමයි.

මේ සදහා අදහස් ඉදිරිපත් කරන ප්‍රවීණයන්ට අනුව පලමුවෙන්ම ස්වයං රැකවරණය යන
සංකල්පය අවබෝධ කර ගැනීමට සහ වැළඳ ගැනීමට නම් අපි එය එක හා සමාන පාද තුනකින්
සැදුම් ලත් ත්‍රිකෝණයක් ලෙස සළකා එසේ නොමැති නම් සරළවම ඔබේ ශරීරය, මනස සහ
සමාජ පරිසරය ගැන සිතා කටයුතු කල යුතුයි.ඒ සදහා ඔබට පහත පියවරයන් අනුගමනය
කළහැකියි.

ශාරිරික සෞඛ්‍යය ආරක්ශා කර ගැනීම

ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම
දවස පුරා ප්‍රබොධමත්ව සිටීමට සහ සිරැර සජලීයව තබාගැනීම සදහා ප්‍රමණවත් පරිදි
ජලය පානය කළ යුතුයි..එයට ඔබගේ දවස නිමා කිරීමට පෙර වතුර වීදුරු 2ක් බීම පමණක්
ප්‍රමාණවත් නොවන අතර දිනය පුරා විටින් විට ජලය පානය කළ යුතුයි.

දිනකට පැය 7ත් 9ත් අතර නින්දක් ලබාගැනීම
සුව නින්දක් ඔබගේ කායික සහ මානසික සෞඛ්‍යය කෙරෙහි එකසේ වැදගත්
වන්නක්..එමනිසා ප්‍රමාණවත් නින්දක් ලබගත යුතුයි

By nd3000 / Envato

නිතිපතා ව්‍යායාම් හි නිරත වීම
සුව නින්දක් මෙන්ම නිතිපතා ප්‍රමාණවත් පරිදි ව්‍යායාම් හි යෙදීමද කායික සහ මානසික
සෞඛ්‍යය කෙරෙහි එකසේ වැදගත් වනවා.උදෑසන විනාඩි 30ක ව්‍යායාම් කාලයක් මුලු දවස
පුරාවටම ඔබගේ ඵලදායිතාව ඉහළ නංවනවා..එමනිසා නිසි පරිදි ඔබ ඔබවම
රැකබලාගන්නවා නම සතියකට දින 5ක් පමණ විනාඩි 30 බැගින් වු ව්‍යායාම් කාලයක් ගත
කිරීම වැදගත් වනවා.
සමබර ආහාර වේලක් ගැනීම

ඔබට කැමති ආකාරයට ආහාරපාන තෝරාගත හැකි වුවත් ඔබ එසේ තෝරාගන්නා
ආහාරපාන මගින් ඔබගේ සිරැරට අවශ්‍ය පෝශණය ලැබෙනවදැයි සැළකිළිමත් විය
යුතුයි..විශේෂයෙන් පලතුරු, එළවළු, මස් මාළු සහ ඇට වර්ග අඩංගු සමබර ආහාර වේලක්
ලබාගැනීම මගින් ඔබට දෛනිකව අවශ්‍යවන ශක්තිය, විටමින් සහ ඛනිජ ලවණ නිසි පරිදි
ලැබෙන අතර රුධිරයේ සීනි මට්ටම ස්ථාවරව පවත්වා ගැනීමට හැකියි මෙන්ම ඔබගේ
දෛනික කටයුතු කෙරෙහි නිසි මානසික ඒකාග්‍රතාවයකින් කටයුතු කළ හැකි වනවා.

වෛද්‍ය හමුවීම
අවම ලෙස මාස 6කට පමණ වරක් ඔබගේ පවුලේ වෛද්‍යවරයා හමුවි ඔබගේ සෞඛ්‍යය
පිළිබද සැලකිලිමත්වීම යම් යම් අවධානම් සාධක ඇත්නම් කල්තබා හදුණාගැනීමට උපකාරි
වනවා.

මානසික රැකවරණය සදහා ඔබ කළ යුත්තේ කුමක්ද

ඔබ වෙනුවෙන් කාලය ලබාගන්න

සතියකට දෙවරක්වත් ඔබ සමගම කාලය ගත කිරීමට (Me time) වෙන්කර ගැනීමෙන් සිරැරට
මෙන්ම මනසටද විවේකයක් ලබාගත හැකියි.විශේෂයෙන් බබල් බාත්,සම්භාහනය වැනි දෑ
මගින් ඇවිදීම,පොත් කියවීම,ගෙතුම්, වැනි ඔබ ප්‍රියකරන විනෝදාංශයන් හි යෙදෙනවාට වඩා
මනසට සැහැල්ලුවක් ගෙන එනවා..ඇත්ත වශයෙන්ම Me time යනුවෙන් ලබාගන්නා කාලයේ
කිසිම ක්‍රියාකාරකම නොයෙදී සිටීම , නැතිනම් අසුන්ගෙන සිටීම හෝ ස්නානය කිරීම වැනි දෑ
මගින් ඔබට වඩාත් සැහැල්ලුවක් ලබාගත හැකිවනවා.

දිනකට අවම වශයෙන් විනාඩි 10 ක් හුස්ම ගැනීමේ අභ්‍යාසයක නියැළීම

නිවැරදි සිහිය මිනිස් ජීවිතයට ඉතාමත් අත්‍යවශ්‍ය වන අතර ඔබගේ මානසික රැකවරණය
සදහා දිනකට වරක් විනාඩි 10ක් පමණ ගැඹුරින් හුස්ම ඉහළ පහළ දැමීම හෝ භාවනාවක
නිරත වීම වැනි දෙයක් ඉතාමත් සුදුසු වනවා.

උපදේශනය ලබාගැනීම

ඔබගේ මනස ව්‍යාකූලනම් හෝ කෙළවරක් නොමැති සිතිවිලිවලින් ඔබ පීඩාවට පත්ව සිටිනවා
නම් හෝ මානසික අවපීඩන තත්ත්වයකින් පීඩා විදිනවා නම් ඔබගේ මානසික සෞඛ්‍යය
රැකගැනීම සදහා සුදුසුකම් ලත් වෘත්තිය උපදේශකයකුගේ සහය ලබාගැනීම වඩාත්
සුදුසුවනවා.

gratitude journal පවත්වාගැනිම
පසුගිය වසර කිහිපය මුළුල්ලේම ස්වයං රැකවරණය සම්බන්ධයෙන් වැදගත් කර්තව්‍යයක්
ජර්නල් කිරීම මගින් ඉටුව තිබෙනවා.සෑම දිනකම කෘතඥ වන දේ ලිවීම, දිනපොතක් තබා
ගැනීම හෝ බුලට් ජර්නල් කිරීමට උත්සාහ කිරීම ඉතාමත් රසවත් විය හැකියි.

සැලසුම් කිරීම, ප්‍රාර්ථනා කිරීම සහ ඉලක්ක සදහා කාලය වෙන් කර ගැනීම

ඉදිරි වසර තුල ඔබගේ අපේක්ශා , අරමුණු සහ ප්‍රාර්ථනා සම්බන්ධයෙන් ඔබගේ සිතිවිලි
ගොණුකර ගැනීමටත් ඒ සදහා සැලසුම් තබාගැනීමටත් කාලය වෙන්කරගැනීම වැදගත්
වනවා.

By choreograph / Envato

ඔබටම කරුණාවන්ත වන්න

self-forgiveness හෙවත් තමාට කරුණාවන්ත වීම ස්වයං රැකවරණයේ වඩාත් වැදගත්ම
කාරණාවයි.දවසතුල ඉටුකරගත නොහැකි වූ කාරණා හෝ ජීවිතයේ ලගාකර ගැනීමට
නොහැකි වූ ඉළක්කයන් සම්බන්ධයෙන් තමාටම වැරදි පවරා ගනිමින් පසුතැවීමෙන් කාළය
ගතකරනවාට වඩා තමාට ඒ ඉලක්කයන් සපුරාගැනීමට නොහැකි වු කාරණා සම්බන්ධයෙන්
සොයා බලා තමා පිලිබදව කාරුණීක වීම ඔබ කල යුතුයි.

සමාජීය රැකවරණය ලබාගැනීම සදහා ඔබ කල යුතු දෑ

ධනාත්මක මිත්‍ර සබදතා පවත්වාගැනිම

ඔබට දෛනිකව මුණගැසෙන සියළු දෙනා ඔබට එකසේ වැදගත් නොවන අතර ඔබගේ
ජීවිතයේ සතුට රැකගැනීම සදහා ජිවිතයට ඍණාත්මක බලපෑම් එල්ල කරනු ලබන සබදතා
වලින් ඈත්ව ධනාත්මක සහ ප්‍රීතිමත් සිතිවිලිවලින් යුතු මිත්‍ර සබදතා පැවැත්වීම ‍යහපත්
සමාජ සබදතා පැවැත්වීමේදී ඉතාමත් වැදගත් වනවා.

ඍණාත්මක බලපෑම් එල්ල කරන පුද්ගලයන් සමග කටයුතු කල හැකි උපාය මාර්ග හදුනාගන්න.

ජීවිතයට සම්බන්ධ ඇතැම් සබදතා මගින් ඔබගේ ජීවිතයට සිදුවන්නේ අයහපතක් බව ඔබ
හදුණාගත්තද එක්වරම එවැනි සබදතාවලින් මගහැරීම කල නොහැකි නම් ඔබ එවැනි
පුද්ගලයන් සමග කටයුතුකල හැකි උපාය මාර්ග හදුණාගෙන ඒ අනුව ක්‍රියාකල
යුතුයි.මනෝවිද්‍යාව ඔබේ මානසික සෞඛ්‍යය ආරක්ෂා කර ගැනීමේ ක්‍රම මෙන්ම
උපක්‍රමශීලී අවස්ථාවන්හිදී ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න පිළිබදව ඔබට උදව්
ලබාගත හැකි දියුණු මාධ්‍යයකි.

සීමා මායිම් සකසන්න ; එපා කිවයුතු අවස්ථාව පිලිබදව දැනුවත්ව සිටීම

කාංසාවෙන් මගහැරීම සදහා සමාජ සම්බන්ධතා පැවැත්වීම ඉතාමත් වැදගත් වුවත් සීමාවන්
සැකසීම සහ ඔබට අවශ්‍ය විට එපා යැයි පැවසීමේ විශ්වාසය ඔබ තුල වර්ධනය කර ගැනීම
ඔබ පිළිබදව සැලකිලිමත් වීම සඳහා ඉතා වැදගත් වනවා.

සාර්ථක ජීවිතයක් සදහා ස්වයං රැකවරණයේ වැදගත්කම සහ එය සිදුකරනු ලබන්නේ
කෙසේද යන්න පිළිබදවත් මෙම ලිපිය මගින් ඔබට සරළ අවබෝධයෙක් ලැබෙන්නට
ඇති.ජීවිතයේ සිදුවන විවිධ වූ සිදුවීම් , නව ආරම්භයන්, සබදතා ආදි සියල්ල ඔබට දිනෙන් දින
නව අත්දැකීම් ලබාදෙන අතර ජීවිතය යනු එයයි. අහස උසට බලාපොරොත්තු තිබුණත් ඒවා
එකිනෙක තෝරාගනිමින් සරළව කටයුතු කිරීමත් සෑම ධනාත්මක පියවරක්ම සැමරීමත් මගින්
ඔබගේ ශාරිරික , මානසික සහ සමාජීය රැකවරණයේ සාර්ථක ඵල ඔබට නෙළාගත හැකියි.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us