Helabima

නව වසරේ නියත සෞභාග්‍යය උදා වෙන්න මේ ගුප්ත රහස් පිලිපදින්න

බිනරි ඇතුගල


 

නව වසරක් දොර ලගටම ඇවිත් තියන මේ මොහොතේ ඉදිරිය ගැන අවිනිශ්චිත යුගයක ජිවත්වන අපි අපේ සෞභාගය ලගා කරගන්න කල යුතු ගුප්ත රහස් රැසක්ම අද ඔබට ගෙන එනවා. අභාග්‍ය දුක ශෝකය අවාසනාව ගේන අහිතකර ශක්තින් පලවා හැරලා සුභ ශක්තින් ලගා කරගත්තොත් එළඹෙන වසරේ ඔබේ දියුණුව සතුට සෞභාගය ඒකාන්තයෙන්ම ලැබෙනවා. ඔබේ නිවසට ඔබේ කාර්යාලයට සුභ ශක්තිය කැදවා ගන්න නම් මුලින්ම අසුභ ශක්තින් ඉවත් කල යුතුයි . එහෙනම් මුලින්ම බලමු නව වසරට පෙර අපි අනිවාරෙන් ඉවත් කල යුතු අසුභ ශක්තින් ට උල්පත් වූ දේවල් මොනාද කියලා

ඔබේ නිවසේ තියන කැඩුණු බඩු බිදුණු විදුරු ඉරුණු ඇදුම් කැඩුණු ආගමික සංකේත අනිවාර්යෙන් අවුරුද්ද ලැබීමට පෙර ඉවත් කරන්න . එසේම භාවිතයට නොගන්නා ඕනෑම දෙයක් අනවශ්‍ය දෙයක් තිබේ නම් ඒවා නිවසෙන් ඉවත් කරන්න . බල්බ පිච්චි අදුරේ ඇති ස්ථාන නව වසරට පෙර අලුත් බල්බ යොදා ආලෝකමත් කරන්න . නැවත ප්‍රතිසංස්කරණය කල හැකි දේවල් නව වසරට පෙර ප්‍රතිසංස්කරණය කර නිවාස අලුත් වනසේ අස්පස් කර නව වසරට සුභ ශක්තින් සමග ගමන් කරන්න

ඔබ අනිවාර්යෙන් ඔබේ කැඩුණු හෝ නතර වුනු ඔරලෝසු නැවත පිළිසකර කිරීම හෝ ඉවත් කිරීම සිදු කල යුතුමය . කැඩුණු ඔරලෝසු අවාසනාවේ සංකේතයකි . එමෙන්ම ඔබේ කාන්දු වන ජල නල පිළිසකර නොකර නව වසර පිළිගන්න හිතන්නවත් එපා. ඔබේ ධනය සම්පුර්ණයෙන් ඉතුරුවක් රහිතව අකාලයේ වැය කරන කාන්දු ජල නල නිවසක ඇති ප්‍රධානම අසුභ මුලයකි .ඔබ නිවසේ නපුරු සතුන්ගේ රුප , අඩන වැලපෙන දුක්මුසු තනිකඩ රුප ඇත්නම් නව වසරට පෙර එයව අනිවාරෙන් ඉවත් කල යුතුමය

නව වසර උදා වෙද්දී පිරිසුදු කල නැවුම් නිවසක සිටීම ඔබට වාසනාව කැදවයි . නව වසර උදාවට පවර ඔබේ නිවසේ ආහාර ගබඩා හිස් නම් ඒවා හැකි පමණින් ආහාර වලින් පුරවන්න. අනිවාරෙන් පොල් ලුණු කැට කහ නිවසට ගෙනවිත් තබා ගන්න . ලුණු කැට පිරවූ විදුරු බදුනක්ල් ඔබේ නිවසේ උතුරු දිශාවේ හෝ නිදන කාමරයේ තබා සත් දිනකින් එය ගලා යන ජලයට විසි කරන්න . හැකි නම් නව පාපිස්සක් කොස්සක් අවුරුද්ද වෙනුවෙන් මිලදී ගන්න .

ඇතුන් දෙදෙනෙකුගේ පිළිම හෝ පින්තුරයක් නිවසේ තබා ගැනීමෙන් ඔබට නව වසරේ සෞභාග්‍ය ලගා කර ගැනීමට තල්ලුවක් ලැබේ. එමෙන්ම දකුනු දිශාවේ රතු මල් පොකුරක් රතු බිත්ති සැරසිල්ලක් තැබීමෙන්ද ඔබට වාසනාව උදා වනු ඇත . ඉන් ඔබට පිළිගනිම ලැබේ . ඔබ නව වසරේ අත්පත්කර ගැනීමට සිහින මවන යමක් ඇත්නම් එහි රුවක් වයඹ දිශාවේ එල්ලීමෙන් ඔබට එම සිහිනය සැබෑ කර ගැනීමට අවශ්‍ය ගුප්තමය ශක්තිය ලැබෙනු ඇත . පියාබා ඉහලට යන රන් සමනල රුවක් නිවසේ තැබිමත් ඔබේ නව වසරේ වාසනාව වැඩි කරයි

ඔබ නව වසර සදහා කිරි උතුරවන ආකාරය ඔබේ මුළු වසරේම සෞභාග්‍ය තීරණය කරයි . නිරන්තරයෙන් කිරි ඉතිරවීම සම්බන්ධයෙන් සමාජයේ වාද විවාද පවතී. සුභ කටයුතු සදහා භාවිත කල යුත්තේ එලකිරිය. ඉන්දියාවේ දේව පිළිම ස්නානය කරවන්නේ ජිවය සෞභාගය පවතින්නේ එලකිරිවලය .පස්ගෝරස සාදන්නේ එළකිරි වලිනි . සුන්දරව සතුට දනවන සේ ඉතිරි යන්නේ එලකිරිය. එම නිසා ඉතිරවීමට එලකිරිම භාවිත කරන්න . මේ සදහා ඇලුමිනියම් මුට්ටියක් ගැනීම ඉතා වැරදි ක්‍රියාවකි.මැටි මුට්ටියම ඒ සදහා භාවිත කරන්න .ගෙයි මැද ලිප බැදිය යුත්තේ තුන් පැත්තකින් දර ඇතුල් කල් හැකි පරිදිය . ලිපට කිසිසේත්ම දැවුණු අගුරු හෝ පොල්කටු ඇතුල් කරන්න එපා. සදුන් අගිල් දේවදාර පැගිරි ආදී සුවද දරෙන් ලිප සැකසිය යුතුයි. කෙලින්ම ගිනි කුරකින් හෝ කඩදාසි වලින් ලිප දල්වන්න එපා. එයට කපුරු පෙත්තක් භාවිත කරන්න . ලිප දැල්වීමට පෙර තමන් අදහන ආගමක් සිහි කරන්න ලිප මත දෑතින්ම මුට්ටිය තබා ගිනි දල්වන්න .බෞද්ධ අයෙක් නම් ලිප දල්වෙනතුරු ජය පිරිත සජ්ජායනා කරන්න. අනෙක් ආගම් අදහන අය සුදුසු ආගමික ප්‍රකාශයක් කීම යහපත් වේ. පසුව තුන්පැත්තෙන්ම ගින්දර දමමින් කිරි උතුරවා ගන්න . කිරි උතුර ගිය මුට්ටියට ලුණු සහ දෙහි ස්වල්පයක් දමන්න . පැගිරි අත්තක් ගෙන එම කිරි නිවසෙත් ගෙමිදුලෙත් ඉසින්න . ඉතුරු කිරි අඩංගු මුට්ටියේ කට සුදු රෙද්දකින් ආවරණය කර මුට්ටිය යට ලියේ එල්ලන්න. ඔබට එළඹෙන වසර සෞභාග්‍ය සතුට සපිරි සුභ වසරක් වනු නියතය



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us