Helabima

ඔබත් කේන්තියෙන් පිපිරෙන්නට ආසන්නද..? එසේනම් ඉක්මණින් අනුගමනය කළයුතු පියවරයන් කිහිපයක් මෙන්න..

තුශාරා බණ්ඩාර


එදිනෙදා ජීවිතයේ නොයෙකුත් කාර්‍යයන්, හැල හැප්පීම් සමග කටයුතු කරන විට කේන්ති ඇතිවීම ඉතා සාමාන්‍යයයි..එය ඕනෑම පුද්ගලයකු හට පොදු අවස්ථාවක්..එසේම එම කේන්තිය පිට නොකිරීමෙන් ඔබ ආතතියට පත්වනවා මෙන්ම සන්සුන් වීමටත් ඔබට අපහසු වනවා. ක්ෂණික කෝපය නිසා ඔබ හැසිරිණු ආකාරය හෝ වචන භාවිතය කල ආකාරය පිළිබදව ඊළග දින කිහිපයේම පසුතැවිලි වීමටත් ඇතැම් විට ඔබට සිදුවෙන්න පුළුවන්.එමනිසා වඩාත් සුදුසු වන්නේ කේන්තිය ඇතුවුණ අවස්ථාවේම පුපුරා නොගොස් කේන්තිය පාලනය කරගැනීමයි. එසේනම් මෙන්න කේන්තියෙන් පුපුරා යෑමට ආසන්න අවස්තාවකදී පවා ඉක්මණින් සන්සුන් වීමටත් වඩා හොද හැගීමකින් එයට මුහුණ දීමටත් ඔබට උපකාරි වන පහසු පියවර කිහිපයක්..

ගැඹුරින් හුස්මක් ලබාගන්න.

ඔබට ඇතිවන කේන්තියේ හැටියට හුස්ම ගැනීමෙන් කුමක් කරන්නද කියා ඔබටත් සිතෙන්න පුළුවන් ..නමුත් ගැඹුරු හුස්මක් මගින් ඇත්ත වශයෙන්ම ඔබට පහසුවෙන් සන්සුන් වෙන්න පුළුවන්. ඒ වගේම එය වඩාත් ප්‍රථිඵලදායක ක්‍රමයක් බවටයි බොහෝ ප්‍රවීණයන් සදහන් කරන්නෙ..සාමාන්‍යයෙන් ඔබට කේන්ති ආපසු ඔබගේ හුස්ම ගැනීම වඩාත් කෙටි සහ වේගවත් වනවා..නමුත් කිහිප වාරයක් ගැඹුරින් හුස්ම ගැනීම සහ ඒ සදහා අවධානය යොමු කිරීම මගින් ඉක්මනින් සන්සුන් වීමට ඔබට හැකිවනවා.

ගණන් කරන්න
කේන්ති ගිය විගස ගණන් කරන ලෙසට සැවොම උපදෙස් දෙනවා..නමුත් ඔබ කිසිදාක එය සිදුකලේ නැහැ නේද.එසේනම් ඊළග වාරයේ ඔබ කෝපයෙන් වියරු වැටුණ විට අංක 1 සිට 10 දක්වා හෝ 10 සිට 1 දක්වා පසුපසට ගණන් කිරීම සිදුකර බලන්න..එය මගින් ඔබේ අවධානය වෙනත් දෙයකට යොමු කරවනවා මෙන්ම ඔබේ ගණන් කිරීම අවසන් වන විට කෝපය පහ වෙලා තිබෙන බවත් ඔබට තේරුම් යාවි.ඒ වගේම වඩාත් සැහැල්ලුවකුත් ඔබට දැනේවි.ඒ වගේම ඔබේ කේන්තිය ඉතාමත් විශාල නම් අංක 1 සිට 100 දක්වා හෝ අංක 100 සිට ආපස්සට ගණන් කිරීමටත් උත්සාහ කරන්න පුලුවන්.

මද වේලාවක් ඇවිදින්න

ඔබ කෝපයෙන් පිරී ඉතිරෙනවාද.එසේනම් ඉක්මනින් ඔබ සිටින ස්ථානයෙන් ඉවත් වී මද වේලාවක් එළිමහනට ගොස් ඇවිදින්න.ඔබ දන්නවාද එවැනි ශාරිරික ක්‍රියාකාරකමක යෙදී සිටිනවිට ඔබගේ ස්නායු සන්සුන් වී කෝපය වැනි ඔබ පීඩාවට පත්කරන හැගීම් වලින් මිදීමටඑය උපකාරි වන බව. ඒ වගේම එම කාලය ඔබට කේන්ති පැමිණි හේතුව පිළිබදව තවදුරටත් ගැඹුරින් සිතීමටත් කාලය ලබාදෙනවා..ඒ වගේම ඇතැම් විට ඔබට කේන්ති පැමිණි කාරණාව ඉතා සුලු දෙයක් ලෙස පෙනීමටත් ඇතැම් විට ඉඩ තිබෙනවා.

එකම දෙයක් එක් දිගට මන්තරයක් සේ කියන්න
මන්ත්‍රයක් මෙන් එක දිගට එකම දෙයක් කීමෙන් ඔබට ඉක්මනින් සන්සුන් විය හැකියි..උදාහරන ලෙස ‘සන්සුන් වෙන්න ; වගේ එකම වචනයන් සන්සුන් වෙන්න; සන්සුන් වෙන්න ආදී ලෙස කිහිප වතාවක් එක දිගට කීමේන් ඔබේ කේන්තිය අමතක වී අවධානයවෙනතකට යොමු වන අතර ඔබට වඩාත් පහසු සහ සන්සුන් බවක් දැනෙනවා නොඅනුමානයි.

එම අවස්ථාව මගහරින්න
ඔබට කේන්ති පැමිණෙනව දැනෙන වහාම එම කතාව නවතා එම ස්ථානයෙන් ඉවත් වීමට උත්සාහ කරන්න..මන්ද අධික කෝපය නිසා ඔබට වඩාත් සුදුසුම පියවර අමතක වීමත් වචන භාවිතයේ පාලනය ගිලිහී යාමත් පමණයි සිදුවන්නේ..එමනිසා කේන්ති පැමිණි විගස එම අවස්ථාව මගහැරීමට උත්සාහ කරන්න.

By microgen / Envato 

මනසට විවේකයක් ගෙන දෙන ස්ථානයකට යන්න

කෝපයේන් පීඩාවට පත්වී සිටිනවා නම් ඔබගේ මනස සන්සුන් කිරීමට සහය වන ස්ථානයකට යාමට උත්සාහ කරන්න. මුහුදු වෙරළක් හෝ ආගමික ස්තානයක් එසේ නැතිනම් ක්‍රීඩා තරගයක් නැරඹීම වැනි ඔබගේ මනස සන්සුන් වන ස්ථානයකට යෑම මගින් ඔබගේ මනසට ඉක්මන් වෙනසක් ලබාගත හැකියි. .

ඔබ ප්‍රියකරන සංගීතයකට සවන් දෙන්න
සංගීතය යනු ව්‍යාකූල මනසට ඇති හොදම ඔසුවයි.ඔබ කෝපයෙන් සිටින අවස්ථාවක ඔබේ ප්‍රියතම ගීතය වාදනය කිරීමෙන් හෝ සවන්දීමෙන් ඉකමනින් මනසට සන්සුන් නිදහසක් ගෙන දෙන බව ඔබටම වැටහේවි.

නොසන්සිදෙන කෝපය ඔබට සහ ඔබගේ ප්‍රතිරූපයට ගෙන එන්නේ ඉතාමත් අහිතකර බලපෑමක්..එමනිසා ඔබ පෙළනු ලබන කෝපය පුපුරා යාමෙන් වැළකීමට ඔබත් ඉහත ක්‍රමයන් උත්සාහ කර බැලිය යුතුයි..ළග නොබලා දුර බලා කටයුතු කිරීම ඔබට ඉතාමත්වාසිදායක වනවා..ඉතින් කේන්ති එන ඊලග වතාවේ ඔබ මෙම පියවරයන් උත්සාහ කර බැලීම ඉතාමත් වැදගත් බවට මතක තබාගන්න.



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us