Helabima

දිනපතා බියර් වීදුරුවක් පානය කර ආයුශ වැඩි කරගන්නෙ මෙහෙමයි

බිනරි ඇතුගල



දවසේ වැඩ කටයුතු නිමා කරලා ලාවට අඳුර වැටීගෙන එද්දී හීනි සංගීතයක් එක්ක කූල් ම කූල් බියර් එකක් බිබී සිතුවිලි එක්ක තනි වෙන්න  කව්ද අකමැති . බීර මල් වල තිත්ත රසයට පැසවූ පලතුරු සුවඳ බාර්ලි වල සාරය මුසු කරලා හදන බියර් කියන්නෙ ලෝකෙ පැරණිතම ඇල්කොහොලික පානය. එහි මූලාරම්භය ක්‍රිස්තු පූර්ව 5000 සෙ මෙසපොටේමියානු ශිෂ්ඨාචාරය දක්වාම දිව යනව. මෙසපොටේමියානු ශිෂ්ඨාචාරයේදී ඊජිප්තුවේ බියර් භාවිත කලේ අති ගෞරවනීය වන්දනීය පූජා ද්‍රවයක් ලෙසයි. විශේෂයෙන් දෙලුම් ඇතුලු පලතුරු වලින් පෙරා ගත් බියර් ඊජිප්තුවේ දේව වන්දනයේදී පූජා කිරීම සිදු කලා. ගීසා හී පිරමිඩ සාදන යුගයේ පිරමීඩ ගොඩ නැංවූ සේවකයන් සදහා දිනකට බියර් ලීටර් 4 ක් ලබා දුන් බව සදහන්. බියර් යුරෝපය වෙත පැතිරීමත් සමග එහි වන්දනීය ස්භාවය වෙනුවට මත් වීම සදහා භාවිත කිරීම ඇරඹුනා. බියර් මල් වලින් බියර් රසවත් කිරීම ඇරඹෙන්නේ යුරෝපයේදීයි.මේ වන විට බියර ජලය හෝ තේ වලට පමනක් දෙවැනි වන පානයක් සේ ලොව පුරා ජනප්‍රිය වී තිබේ. වානිජ වශයෙන් බියර් නිශ්පාදනය කිරීමට මූලික වශයෙන් බාර්ලි භාවිත කරන අතර තිරිඟු හාල් බීර මල් සහ පලතුරු වර්ගත් මේ වනවිට බියර් නිශ්පාදනයේ අමුද්‍රව්‍ය බවට පත්ව තිබේ. චීනය ඇමරිකාව බ්‍රසීලය මහා පරිමානයෙන් බීර නිශ්පාදනය සිදු කරති. බියර් නිශ්පාදන අමුද්‍රව්‍ය සහා ක්‍රියාවලිය අනුව වර්ග ගණනාවකට වෙන්කරයි . එහි රසයන් සහ විඳීම් එකිනෙකට වෙනස් වේ. ස්ටවුට්, ලාගර්, එල් , තිරිඟු බියර් , පලතුරු බියර් , පෝටර්, වාශ්ප බියර් ලෙස මූලික වර්ග ගණනාවකි.
බියර් වල ඇල්කොහොල් මට්ටම 0.05-10% ත් අතර පැවතුනත් බෙල්ජියමේ නිශ්පාදනය වන බියර් 10% ට වඩා ඉහල ඇල්කොහොල් ප්‍රතිශතයක් දරයි. එම ඇල්කොහොල් ප්‍රතිශතය අනුවද බියර් වර්ග කෙරේ  . ඒ අනුව 3% ට වඩා අඩු ඇල්කොහොල් සහිත බියර් ටේබල් බියර් ලෙසත්  %3-5% අතර ඇල්කොහොල් ප්‍රතිශතයක් සහිත බියර් ලයිට් බියර් ලෙසත් 5% ට වඩා ඉහල ඇල්කොහොල් ප්‍රතිශතයක් තිබෙන බියර් ස්ට්‍රෝන්ග් බියර් ලෙසත් හැදින්වේ.

By Givaga /envato

බියර් පැසවීමේ ක්‍රියාවලිය ඉතා දීර්ඝ වේ . බාර්ලි ඇට දින 2-3 ක් පොගවා ප්‍රරෝහණය වීම පිණිස තබා එහි ඇතිවන ඇමයිලේස් එන්සයිමය මගින් පිශ්ටය මෝල්ටෝස් සීනි බවට පරිවර්තණය කරවයි. ඒ වෙද්දී බාර්ලි බීජ අර්ධ ප්‍රරෝහණය වී එනම් යන්තමින් පැලවීම ආරම්භ කර ඇති අතර  එම බීජ  සෙල්සියස් අංශක 80  ක උශ්නත්වය මගින් වියලා ගනී. එසේ වියලූ බාර්ලි මෝල්ට් ලෙස හඳුන්වන අතර ඒවා උණු වතුර සමගින් මිශ්‍ර කර ඇඹරීම සිදු කරයි. එයින් ලැබෙන දෙය වර්ට් නමින් හඳුන්වයි. එම වර්ට් සමග  Humulas lapas හෙවත් බීර මල් සමගින් මුසු කෙරේ. Hops නම් ඒ මල් මගින්  බියර් වලට තිත්ත රසය සහ ලාක්ශනික සුවඳ ලබා දේ.මේ බීර මල්සහ වර්ට් අධික උශ්නත්වයේ නැටවීම සිදු කර එය සිසිල් කරවයි. ඉන්පසුව එය ඊස්ට් සමග එක් කර  දින 2-3 ක් පැසවීම  සිදු කරයි. දැන් බියර් සූදානම් වේ.අනතුරුව  එය පැස්ටරීකරනය ලක් කර ඇසිරීම සිදු කරයි. මෙය මූලික බියර් සැකසීමේ පිලිවත වුවත් බියර් වර්ග අනුව මෙම ක්‍රියාවලිය සහ එක් කරන ද්‍රවය වෙනස් වේ.විවිධ කුළුබඩු පලතුරු ඖෂධ පැලෑටි වර්ග යොදාගෙන බියර් රසවත් කෙරේ. ලොව පුරා බියර් ලෝලීන් මේ එකිනෙකට වෙනස් රසයන් අත් හදාබැලීම සිදු කිරීමට රුචියක් දක්වයි.
පරීක්ෂණ වලට අනුව අනෙකුත් මත් ද්‍රව්‍ය වලට සාපේක්ෂව බැලූ කල මධ්‍යස්ථ බියර් පරිභෝජනය ඔබේ සෞඛ්‍යට ඉතා යහපත් ප්‍රතිලාභ ලැබේ. මෙහිදී මධ්‍යස්ථ මට්ටමක් ප්‍රකාශයට පත් කර තිබේ. දිනකට වැඩුනු අයෙක් 4% ක් ඇල්කොහොල් සහිත බියර් මිලි ලීටර්  660 ක් පානය කිරීම මධ්‍යස්ථ අගයයි. එය ඉක්මවීමෙන් එම ප්‍රථිලාභ හිමි නොවේ. කලකට පෙර එම මධ්‍යස්ථ අගය ගැහැනු පිරිමි දෙපාර්ශවයට වෙන් වෙන්ව දැක්වුවත් මේ වෙද්දී එය සියලුම දෙනාට එකම අගයක් බව ප්‍රකාශ කර තිබේ.
මද්‍යස්ථ බියර් පරිභෝජනය කරන්නන් බියර් නොබොන්නන්ට වඩා ආයුශ වැඩි කර ගනිති. බියර් හදවතට ඉතා ගුනදායක වේ. LDL අහිතකර කොලොස්ටරෝල් අවම කර හිතකර කොලෙස්ටරෝල් ඉහල දමන බියර් මගින් හෘදයාබාධ සහ ආඝාත  අවධානම අඩුවේ. බියර් සතු ඉහල විටමින් b ප්‍රතිශතයද හෘදයාබාධ අවධානම අඩු කරන බව තහවුරු වී තිබේ. බියර් පානය නොකරන්නෙකුට සාපේක්ෂව මධ්‍යස්ථ පරිමාවක්  බියර් පානය කරන්නෙකුට වකුගඩු ගල් ඇතිවීමේ අවධානම 40% කින් අවම වන බව හෙල්න්ස්කි මහජන සෞඛ්‍ය පරීක්ශන ආයතනය මගින් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් කල පරික්ශනයකින් තහවුරු වී තිබේ.බියර් මුත්‍රකාරක ගුණයෙන් යුතු වේ. එහි ඇල්කොහොල් හා ජලය් මගින් මුත්‍රා පිට කිරීමේ අවශ්‍යතාව ඇති කරයි.එමගින් වකුගඩු ගල් ඇතිවීම වලකා ශරීරයේ විශ ඉවත් කිරීම සිදුවේ.එය ශරීර අභ්‍යන්තර ඉන්ද්‍රින්‍ටද වඩා  වාසිදායක වනු ඇත.  ටෆ්ට්ස් හී ජින් මේයර් මානව පෝශක පරීක්ෂණ ආයතනය එලි දැක්වූ වාර්තා අනුව   බියර් වල අඩංගු ඉහල සිලිකන් පරිමාව අස්ථි පද්ධතිය ශක්තිමත් කරයි ඔස්ටියෝපොරෝසිස් අවධානම විශාල ප්‍රමානයකින් පහල දැමීමට බියර් සමත් වෙ.
බොහෝ අය තම නිදහස් කාලය වෙරළ තීරයක හෝ එබදු නිදහස් ස්ථානයකට වී නිසොල්මනේ බීර වීදුරුවක් රස බැලීමට කැමති වෙති. එහි ඇති ආතතිය හා පීඩනය සමනය කරන  ඩොෆමයි රසායනික සංයෝගය ඉහල දැමීමේ හැකියාව  එයට හේතු විය හැක. බීර පානය මනසට ඉතාමත් හිතකර වන අතර කාංසාවට සහා වැඩ කිරීමෙන් ඇතිවන පීඩනයට එය පිලිතුරක් වනු ඇත.  එම සංයෝගය මගින් මතකයට බාධා පමුණුවන ඇල්සයිමර් සහ ඩිමෙන්ශියා රෝග අවධානම ද පහල දමන බව චිකාගෝ ලොයලා විශ්ව විද්‍යාලය සිදුකල පරික්ෂණ වලින් 143 වතාවක් ඔප්පු වී තිබේ. 

By Rawpixel/ envato

බියර් ඉහල ප්‍රතිඔක්සිකාරකයකි. එබැවින් පිලිකා අවධානම අඩු කිරීමේ හැකියාව සහා සමෙහි තරුණ පෙනුම රැකදීමේ හැකියාව බියර් සතු වේ. ඇතැම් බියර් වර්ග නිශ්පාදනයේදී යොදා ගන්නා xanthohumol නම් ඖෂධ පැල වර්ගයට පිලිකා  සෛල නැසීමේ ගුණය ඇත.   කුරුලෑ ඇතිවීමේ අවධානම ද බියර් පානය කිරීමෙන් අවම වේ. 2 න මට්ටමේ දියවැඩියාව ටද බියර් යහපත් වන බව ඇමරිකානු ජාතික දියවැඩියා ආයතනයේ පරීක්ෂණ වලින් සනාථ වී තිබේ.
බියර් වල ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා තරුණ බව සුරැකීම සම සුරැකීම හිසකෙස් සුරැකීම නිසා මේ වන විය බියර් මුසු කල රූපලාවණ්‍ය ආලේපන  සබන් ශැම්පු වලට විශාල ඉල්ලුමක් ඇතිව තිබේ. බියර් බාත් එක බොහෝ රටවල ඉතා ජනප්‍රිය රූපලාවණ්‍ය සත්කාරයකි. බියර් ඉත අඩු කැලරි ප්‍රමාණයකින් සහ තන්තු වලින් යුක්තය. බොහෝ පුද්ගලයන් බියර් පානයෙන් උදරය විශාල වන බව අදහයි. "බියර් බඩ" යැයි වදනක්ද පාරිභාෂිත වචන මාලාවට එක්ව තිබේ. නමුත් කැලිෆෝනියාවේ ඩේවිස් ජාතික විශ්ව විද්‍යාලය කල පරික්ශනයකින් ඔප්පු වූයේ උදරය විශාල වීමට බියර් මගින් කිසිදු සහයෝගයක් නොලැබෙන බවත් , උදරය විශාල වීම තමා අහාරයට ගන්නා ආහාර වල කැලරි වලින් පමණක්ම සිදුවන බවත් ය.
බියර් පානය කලාවකි . එය ශීත කල පාන කාණ්ඩයට අයත් වේ. සාමාන්‍යයෙන් බියර් වීදුරුව හෝ මග් එක පවා ශීත කරණයේ තබා සිසිල් කර ගත යිතුයි. එය පෙන නගන කාබනීකෘත පානයකි  බියර් පෙන තට්ටුව මතු වන සේ ලයාන්විතව වීදුරුවට වත් කර ගෙන එහි රන්වන් පැහැයේ ආශ්වාදය විදිමින් මධ්‍යස්ථ පරිමානයෙන් බියර් වීදුරුවක් පානය කිරීමට තවත් බය වෙන්නෙ ඇයි ..



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us