Helabima

සුද්දන් ට පිලිකුල් වූ එකගෙයි කෑම

බිනරි ඇතුගල


එකල සාමාන්‍ය ගැමි ගැහැනියක " මං ඒ දෙන්නටම බත් උයා දෙනවා"යැයි පැවසුවොත් එයින් කියන්නේ ඔවුන් එක ගෙයි කන බවයි. එනම් එක් කුස උපන් සොහොයුටන් 7 ක් හෝ ඊට අඩු ගණනකට ඇය බිරිද බවයි. පෙර දිග විවාහ බින්න විවාහ ලෙස විවාහ ක්‍රම දෙකක් මුලික වශයෙන් පවතී අතර දිඉග යනු මනාලිය මනාලයාගේ නිවසට රැගෙන යාමයි.බින්න යනු මනාලයා මනාලියගේ නිවසේ පදිංචි වීමයි. ඒ අනුව එකගෙයි කෑම දිග විවාහයේ දිගුවකි

එය එකල වාසනාවන්ත කාන්තාවකගේ භාග්‍යක් සේ සැලකිනි. සැමියන් සියලුම දෙනා සතු කුඹුරු ඉඩකකම් වල අයිතිය ,එයින් ලැබෙන අස්වැන්න නිසා ඇය ආර්ථික අතින් සවිමත් ය. ඇය කිසිදා වැන්දඹු නොවන්නීය. සියලුම සැමියන් ඇගේ සිත් දිනා ගැනීමට අවැසි බැවින් ඇයට ලෙංගතු ය. ඇයට කායික සැපතින්ද අඩුවක් නොමැත. ඇගේ දරුවන්ට පියවරු රැසකි .පිතෘත්වය නොදන්නා හෙයින් සැමියෝ සියලුම දෙනා දරුවන්ට එකසේ ආදරය කරති එකසේ රකිති. දරුවෝද සියලුම පියවරුන්ට අප්පච්චි කුඩප්පච්චි යැයි අමතති. ඉදින් එකල් හී එකගෙයි බහු ස්වාමින් සේවණය කරන කතුන් ඉතා භාග්‍යවන්තියෝ යැයි සැලකිනි.

මෙය ශ්‍රීලංකා ඉතිහාසය පුරා පැවති සම්ප්‍රදායක් වුවත් නිසි ලෙස නිවැරැදි සාක්ශි සහිතව ඔප්පු වන්නේ මහනුවර යුගයේ විදෙස් ලේඛකයින් ලංකාව පිලිබදව ලියූ සටහන් වලිනි. ජෝ ආඕ නම් පෘතුගීසි ජාතිකයා 16 වෙනි සියවසේදිත් ,එළිමහන් සිරකරුවෙකුව වසර ගණනාවක් ලංකාවේ ගතකොට එවකට ලාංකේය ජන ජීවිතය ගැන ගැඹුරු අධ්‍යනයක් කල රොබට් නොක්ස්ගේ එදාහෙලදිව ග්‍රන්ථයේත් , 1852 දී ජෝන් කැපර් නම් ඉංග්‍රීසි ලේඛකයා ලියූ old ceylon ග්‍රන්ථයේත් , 19 වන සියවසේ ලංකාවේ සේවය කල බ්‍රිතාන්‍යය ආණ්ඩුකාර රොබට් බ්‍රවුන්රිග් ගේ වෛද්‍ය වරයා වූ ජෝන් ඩේවු ලියූ ඩේව් දුටු ලංකාව ග්‍රන්ථයේත් එකගෙයි කෑම පිලිබදව කරුණු දක්වා ඇත. ඒ වෙද්දී නීත්‍යානුකූල ලියවිලි තුලින් බැදී එක පිරිමියකු එක ගැහැනියක හා දිවි ගෙවූ සංස්කෘතියක් සහිත එම විදේශිකයන් ඉතා ජුගුප්සාජනක ආකාරයෙන් මේ සිරිත ගැන සදහන් කර තිබිණි.

By Rawpixel / Envato

මෙය ඔවුන් ඉතා පිලිකුල් සහගත ලෙස දුටුවත් සොයුරන් 7 කට එක බිරිඳක් කැදවාගෙන ඒමෙ දැඩි අර්ථයක් සිංහලයන්ට තිබිණි. එකල ලාංකිකයෝ ගොවිතැන ජීවිකාව කර ගත්හ .ගොවි තැනට බිම් සහ ශක්තිමත් පිරිමින්ගේ ශ්‍රමය අවශ්‍ය වේ. පවුලක සියලුම දරුවන් වෙනම පවුල් වුව හොත් ඉඩකඩම් බෙදී යයි. කුඩා ඉඩක තනිව වගා කිරීමේදී අස්වැන්න අනිවාර්යයෙන් අඩු වේ. එවිට එම පවුල් සංස්ථාවේ ශක්තිය අවම වී යයි. ඔවුන්ගේ දරුවන් වැඩිහිටියන් වෙද්දී තවත් ඉඩකඩම් කුඩා වේ. ඉදින් සොයුරන් 7 කට එක බිරිඳක් ගෙන්වූ විට සියලුම ඉඩකඩම් එම පවුල සතුවී සියලුම දෙනාගේ ශ්‍රමයෙන් යුතුව ශක්තිමත්ව නැගී සිටීමට එම පවුලට හැකි වේ. සාමය සමගිය රැකවරණය ඒ පවුල තුල ඉතා ඉහල විය. එමෙන්ම එම පිරිමින් අතර ලිංගික ඊර්ශ්‍යාව ශුන්‍ය විය.

එක ගෙයි කෑමේ දී පිළිපැදිය යුතු නීති චාරිත්‍ර රැසකි. මෙහිදී බිරිද චාරිත්‍රානුකූලව මංගල්‍යක් පවත්වා කැන්දාගෙන එන්නේ පවුලේ වැඩිමහල් සොයුරාය. මංගල රාත්‍රිය ඔහු බිරිද හා ගත කරයි. දෙවන දිනයේ එම අවස්ථාව දෙවැනි සොයුරාට හිමිවේ. තෙවන දිනය තෙවැනි සොයුරාටය. මෙසේ රාත්‍රින් ඇය හා මාරුවට ගත කිරීමට සොයුරන්ට අවස්ථාව හිමිවේ. දිවා කාලයට එසේ නැත කැමති කෙනෙක් ට ඇගේ කුටියට පිවිසිය හැක. ඇගේ කුටියේ සොහොයුරෙක් සිටින බව හැගවීමට ඇගේ කුටියේ දොරකඩ සවි කර ඇති මුව අං තට්ටුව උපකාර වේ. කාමරය තුලට යන සොයුරා තම අමුඩ ලේන්සුව එහි එල්ලයි. ඉදින් එම කාමරය අනික් සොයුරන්ට තහංචි වේ. ඇතැම් ප්‍රදේශ වල කාමර දොරකඩෙහි කුල්ලන් මුනින් නවා හේත්තු කරයි.

එසේම බිරිදට ඔසප්වීම ආරම්භව ඇති බව සැමියන්ට දැන්වීමටද අපුරු උපක්‍රමයක් තිබේ. ඇය අගේ දිය රෙද්ද පැගිරි ගසක වනා ඇත නම් බිරිද ඔසප් වන බවත් ඇයගේ කුටියට පිවිසීම සියලුම සැමියන්ට තහංචි බවත් ඔවුන් දැන ගනිති .ඒ අනුව මෙය ඉතා සංයමයෙන් ඉවසීමෙන් කල සාමුහික ක්‍රියාවකි. සොයුරන් 7කට වඩා සිටිනා පවුල්වල 8 වෙනි සොයුරාට නව බිරිදක් සරණ පවා ගැනීමේ වරය හිමිය . නවවෙනි සොයුරාටද එම බිරිද හිමි වේ . එහෙත් මුල් සොයුරන් 7ට එම බිරිද හිමි නොවේ . මෙහිදී භාග්‍යමත් යයි සලකන එම බිරිද ද සියලුම සැමියන්ට සමානව සැලකිය යුතුය . ඇයට කිසිදු සැමියෙක් ප්‍රතික්ෂේප කල නොහැක .

මෙම සිරිත වටා ගෙතුණු නිර්මාණ ද ලංකාවේ පවතී . ප්‍රසිද්ධ ටෙලි නිර්මාණයක් වන බැද්දේ ගෙදර එකගෙයි සැමියන් දෙදෙනෙකු සමග වෙසෙන බිරිදකවටා ගෙතී ඇත . ජැක්සන් ඇන්තනි මහත්මා අධ්‍යක්ෂණය කල එකගෙයි සොකරි චිත්‍රපටයෙන්ද එක ගෙයි කෑමේ යෙදෙන සොකරි නටන පවුලක් ගැන කියවේ

කෙසේ වුවත් මහනුවර යුගයේ අපරට පාලනය කල ඉංග්‍රීසින් මෙය ඉතා පිළිකුල් කටයුත්තක් සේ සලකා බැහැර කළහ . 1815 වේ ලක්දිව බලය අල්ලා ගත් අවස්ථාවේ එක ගැහැනියක එක පුරුෂයකු හා සමග පමණක් සරණ යා යුතු බවත් සියලු විවාහ නිත්‍යානුකුලව ලියාපදිංචි කසල යුතු බවටත් නීති පනවන ලදී . එහෙත් ගම දනවූ වලට එමසිරිත් බල නොපෑ අතර මෑතක් වනතුරුත් එක ගෙයි කෑ මහලු යුවල් ගම් වල වාසය කළහ .



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us