Helabima

බොලිවුඩයත් හොලිවුඩයත් දික්විජය කල අපේ කාලයේ සුරූපිනිය..ප්‍රියංකා චොප්රා

තුශාරා බණ්ඩාර


ඉතා ආකර්ශනීය සිනහවකින් ප්‍රේක්ශකයන් වසගයට පත් කරගත් බොලිවුඩ් සුරූපිනියක් ලෙස ප්‍රියංකා චොප්රා ප්‍රේක්ශක හදවත් හි ඉතා ඉහළ ස්ථානයක රැදෙනවා..රංගනයෙන් පමණක් නොව ගායනයෙන්, ව්‍යාපාර අංශයෙන් මෙන්ම සමාජ සේවිකාවක ලෙස ද ඇය ඉතා සාර්ථක කාන්තාවක්..ඉතින් සුරූපි ප්‍රියංකා පිලිබදව බොහෝ දෙනා  නොදන්නා රසවත් කරුණු කිහිපයක් පිළිබදව හෙළබිම අපි ඔබට ගෙන එනවා..

ලෝක රූ රැජින - 2000

1982 දී  උපත ලබන ප්‍රියංකා චොප්රාගේ දෙමවුපියන් වෛද්‍යවරුන් වන අතර මවගේ ඉල්ලීමට මිස් ඉන්දියා තරගයට ඉදිරිපත් වී ජයග්‍රහනය කරන ඇය 2000 වර්ෂයේදි ලෝක රූ රැජිණ කිරුළ දිනාගනු ලබනවා..

 ඉහළම අයකිරීමක් සහිත රංගන ශිල්පිණියක්

 ලෝක රූ රැජිණ කිරුළ දිනාගැනීමත් සමග සිනමාවට පා තබන මෙම සුරූපිණියගේ  පළමු චිත්‍රපටය වන්නේ දෙමළ චිත්‍රපටයක්  Thamizhan  වන අතර එය 2002 වසරේදි තිරගත විය.ඉන්පසු ක්‍රමයෙන් බොලිවුඩ් සිනමාවට පිවිසෙන ඇය රඟ පෑ Andaaz සහ Mujhse Shaadi Karogi වැනි චිත්‍රපට බොක්ස් ඔෆිස් වාර්ථා තබමින් ප්‍රදර්ශනය විය.ඇය  රඟපෑ චිත්‍රපට අතර Dil Dhadakne Do, Bajirao Mastani ආදි චිත්‍රපට ඉතා ඉහළ ප්‍රේක්ෂක ප්‍රථිචාර ලබාගත් අතර මේවන ප්‍රියංකා විට ජාතික චිත්‍රපට සම්මාන දෙකක් සහ ෆිල්ම්ෆෙයාර් සම්මාන පහක් ඇතුළුව සම්මාන රාශියක් ලබා තිබෙනවා.

By PRIYANKA CHOPRA INSTERGRAM

 පද්ම ශ්‍රී සම්මානය

2016 දී ඉන්දීය රජය සහ ජනාධිපති ප්‍රනාබ් මුකර්ජි ඇයට ගෞරවයක් ලෙසට පද්ම ශ්‍රී සම්මානයෙන් ප්‍රධානය කරන අතර එම සම්මානය ඉන්දියාවේ ඉහළම සිවිල් සම්මානවලින් එකකි.

 ලොව බලගතුම පුද්ගලයකු

Time සඟරාව මගින් ලෝකයේ වඩාත්ම බලගතු පුද්ගලයන් 100 දෙනාගෙන් කෙනෙකු ලෙසට ප්‍රියංකා චොප්රා හදුන්වනු ලබන අතරම Forbes සඟරාව ඇයව ලොව බලවත්ම කාන්තාවන් 100 දෙනා අතරට ඇතුළත් කරනු ලැබූවා.

 හොලිවුඩ් සිනමාවට පිය නැගීම

 බොලිවුඩ් නිළියක ලෙස සාර්ථක වූ ප්‍රියංකා 2015 සිට 2018 දක්වා ත්‍රාසජනක කතා මාලාවක් වන Quantico හි Alex Parrish ලෙස රඟපෑමට අවතීර්ණ විය.ඊට අමතරව The White Tiger සහ The Matrix Resurrections වැනි තවත් හොලිවුඩ් නිර්මාණ රාශියකට එක්ව තිබෙනවා. 2016 දි සහ 2017 වසරේදි ඇයට Quantico හි ඇලෙක්ස් පැරිෂ්ගේ චරිතය වෙනුවෙන් ජනප්‍රියම සම්මානය හිමිවූවා.

 ප්‍රියංකා චොප්රා පිළිබදව බොහෝ දෙනා නොදන්නා කාරණා

 ඉන්දියාවේ සිටින වැඩිම ඉන්ස්ට්‍රග්‍රෑම් අනුගාමිකයන් සිටින ජනප්‍රිය චරිතය ඇයයි.එය මිලියන 29.2 ඉක්මවූවක්.

 ප්‍රියංකාගේ පියා වන අශෝක් චොප්රා 2013 දී අභාවප්‍රාප්ත වූ අතර එය ඇයගේ ජීවිතයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙනවා.ඇය පවසන ආකාරයට ඇගේ පියා ඇයට සිටි හොදම සහයකයා සහ අගය කරන්නායි.ඇගේ දකුණු අතේ පියාගේ අත් අකුරින් පච්චයක් "Daddy's lil girl"  ලෙස කොටා තිබෙන අතර එහි තේරුම තාත්තාගේ පුංචි කෙල්ල යන්නයි.

 2012 වසරේදි ප්‍රියංකා "In My City" ගීතය ගායනා කරමින් සංගීත ක්ශේත්‍රයට පියවර තබනවා.

 ඇය ලේඛිකාවක් ලෙස 2009 වසරේ සිට හින්දුස්ථාන් ටයිම්ස් පුවත් පත සදහා ලිපි සපයන අතර Unfinished නමින් 2021 වසරේදි  ඇයගේ චරිතාපදානය නිකුත් කරනු ලැබුවා.

 ප්‍රියංකාගේ පවුලෙන් බොලිවුඩ් සිනමාව කරා ප්‍රවිශ්ඨ  වූ තවත් තාරකාවන් වන්නේ පරිනීති චොප්රා, මීරා චොප්රා සහ මන්නාරා චොප්රාය.. ඔවුන් ප්‍රියංකාගේ සමීප ඥාති සොයුරිය

 2010 දී ගෝලීය යුනිසෙෆ් සුහද තානාපතිවරියක් පත්වුණ ප්‍රියංකා යුනිසෙෆ් ඉන්දියානු තානාපතිනිය ලෙස කටයුතු කරමින් ළමයින්ගේ අධ්‍යාපනය සහ සෞඛ්‍යය නගා සිටුවීමට කටයුතු කරන ලදි.

 2018 මැයි මාසයේදී මේගන් සහ හැරී කුමරුගේ රාජකීය විවාහ මංගල්‍යය උත්සවය සදහාද ප්‍රියංකා චොප්රා ආරාධනා ලැබ සිටි අතර එහිදි Vivienne Westwood ඇඳුමකින් සහ Philip Treacy fascinator හිස් පළදනාවකින් සැරසුණු ඇය හොදම ඇදුම් ඇදගෙන සිටින ලද ආරාධිතයන්ගෙන් කෙනෙකු ලෙස කැපී පෙණුනා.

By Reuters

  එක්සත් රාජධානියේ Spin Master Toys සමාගම විසින් ප්‍රියංකා චොප්රාගේ හැඩරුවින් යුතු බෝණික්කකු නිර්මාණය කර තිබෙනවා..ඇයට අමතරව එම අවස්ථාව හිමිව ඇත්තේ රිතික් රෝෂන්, ෂාරුක් ඛාන් සහ කාජල් හටය.

 ප්‍රියංකා දැඩි ආහාර ලෝලියෙකු වන අතර විශේෂයෙන් ඇයගේ ප්‍රියතම ආහාරය ලෙස Khichchdi with achaar" නමැති ඉන්දියානු ආහාරයත් ඇමරිකාවේදි චීස් බර්ගර් බවත් ඇය පවසනවා.

 2013 දී ප්‍රියංකා ඩිස්නි චරිතයක් බවට පත් වූවා.එය ඩිස්නි ඇනිමේෂන් ස්ටූඩියෝස් හි ප්ලේන්ස් චිත්‍රපටයේ ඉෂානිගේ චරිතයයි.

 2016 වසරේ 88 වැනි A සම්මාන උළෙල ඉදිරිපත් කිරීමේ අවස්ථාව ප්‍රියංකාට හිමිවිය.

 2017 වසරේදි ප්‍රියාංකා ජාත්‍යන්තර වශයෙන් ප්‍රචලිත වීම වෙනුවෙන් Dadasheb Phalke ඇකඩමි සම්මානයෙ පුදනු ලැබීය.

   2018 වසරේ දෙසැම්බර් 01 වන දින සුරූපි ප්‍රියංකා, නික් ජොනාස් සමග විවාහ වූ අතර ඇයගේ ගිවිස ගැනීමේ මුදුව පමණක් ඩොලර් 2,00,000ක් පමණ වටිනාකමකින් යුතු විය.ඔවුන්ගේ විවාහය දින කිහිපයක් මුළුල්ලේ ඉන්දියාවේදි පැවැත්විය.

 



Copyright © 2014-2022 Helabima. All rights Reserved.

Copyrights protected: All the content on this website is copyright protected and can be reproduced only by giving due courtesy to 'helabima'

Contact us | Privacy Policy | About us